දැනට කොරෝනා වෛරසය හේතුවෙන් රටතුල අතිවී ඇති අවධානම් තත්වය සඳහා දේශපාලන පක්ෂ භේදයකින් තොරව රටේ සියලු පාර්ශව පෙළගැස්වීම වෙනුවෙන් වහාම සර්වපාක්ෂික නායකයන්ගේ රැස්වීමක් කැඳවන්නැයි කොළඹ වාණිජ මණ්ඩලය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටී.
රටේ ආර්ථිකයත්, සාමන්යය ජන ජීවිතයත් අවදානම් හා ගැටලු සහගත තත්වයකට මුහුණදී ඇති මේ මොහොතේ සියලු පක්ෂ එක්ව රජයට සහාය දැක්වීම ඉතා වැදගත් බව කොළඹ මණ්ඩලය වෙනුවෙන් එහි සභාපති සාරoග විජයරත්න අවධාරණය කර සිටී.