ශ්‍රී ලංකාවෙන් අද දිනයේදි කොවිඩ් ආසාදිතයන් 1287ක් වාර්තා වී තිබේ. මෙම ආසාදිතයන් අතර විදෙස්ගතව සිට පැමිණි කිසිවෙකුත් වාර්තා වී නොමැත.
මේ අතර කොව්ඩ් මරණ 28ක්ද වාර්තා වී තිබේ. මෙම මරණ ඊයේ (04දා) වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.
අවුරුදු 30ට අඩු මරණ 02ක්, අවුරුදු 30-59 අතර මරණ 05ක්, අවුරුදු 60ට වැඩි මරණ 21ක් ලෙස මෙම මරණ වාර්තා වී තිබේ.