saravita-anim2

2025 පෙබරවාරි මස 23 වන ඉරිදා

2025 පෙබරවාරි මස 23 වන ඉරිදා

latest_news - timelapse 1037 hours ago

LATEST

මේ වසරේ පැමිණි සංචාරකයන් ප්‍රමාණය මිලියනය ඉක්මවයි

calendar_today 2024 ජුනි 30 - 12:22 remove_red_eye - 248  

2024 වසරේ 01/01 දින සිට මේ දක්වා ශ්‍රී ලංකාවට පැමිණි විදේශීය සංචාරකයන් ප්‍රමාණය 06/29 දින දහවල් දශ ලක්ෂය ඉක්මවා ගියහ.

මෙරට යුද හමුදාවේ එකම ෆීල්ඩ් මාර්ෂල් තනතුර දරන්නේ සරත් ෆොන්සේකා මහතායි. එතුමා යුද අභියෝගය ජයග්‍රහණය කළා පමණක් නොවෙයි, යුද පිටියෙන් පිටත දේශපාලනය තුළත් අභියෝගවලට මුහුණ දුන් කෙනෙක්.

Read More

මධ්‍යම අප්‍රිකානු ජනරජයේ සාම සාධක රාජකාරී වල නිරත වී සිටින ශ්‍රී ලංකා ගුවන් හමුදාව සදහා , ඔවුන් සතු ’’ එම්.අයි. - 17 ’’ වර්ගයේ හෙලිකොප්ටර් යානයක් රැගෙන යාම සදහා ලොව විශාලතම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් වන ’’ ඇන්ටනෝව් - 124 ’’ ( Antonov - 124) ගුවන් යානයක් 06/28 දින පස්වරු 02.45 ට කටුනායක ගුවන් හමුදා කදවුර වෙත පැමිණියේය .

Read More

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (27) මහනුවරට පැමිණ ශ්‍රී දළදා සමිඳුන් වැඳ පුදා ගත්තේය .ජනාධිපතිවරයා මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ද බැහැ දුටු අතර ඉන් අනතුරුව සර්වාගමික වතාවත් වලද යෙදුණි .

Read More

මාන්කුලම් පොලිස් වසමේ යාපනය ,මහනුවර ඒ 9 ප්‍රධන මාර්ගයේ පනිච්චන්කුලම් ප්‍රදේශයේ දී ඊයේ (25) රාත්‍රියේ සිදුවු රිය අනතුරකින් පුද්ගලයින් තිදෙනෙක් ජීවිතක්ෂයට පත් වූ බවට පොලීසිය පැවසීය.

Read More

තමා රට භාරගත්තේ රටේ ආර්ථිකය අලුතින් ගොඩනැගීමට බව පැවසු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඒ සමඟම රටේ ගොවි ජනතාවගේ ජීවිත ද නව පරිවර්තනයකට ලක්වන බව සඳහන් කළේය.

Read More

විජය පුවත්පත් සමාගම 21වන වරටත් ඓතිහාසික තන්තිරිමලේ පුදබිමේ පවත්වනු ලැබූ ලංකාදීප පොසොන් ආලෝක පූජාවේ දෙවන දිනය අද (22දා) දිනට යෙදී තිබිණ.

Read More

විජය පුවත්පත් සමාගම සංවිධානය කරන ලංකාදීප පොසොන් ආලෝක පූජාව 21 වැනි වරටත් මෙවර , ඓතිහාසික තන්තිරිමලේ රාජමහා විහාරස්ථානයේදී පොසොන් පොහොය යෙදුන ඊයේ (21දා ) ආරම්භ කෙරිණි.

Read More

කොලඹ අගනගර ආශ්‍රිත ඝණ අපද්‍රව්‍ය කලමනාකරණ ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු සම්පූර්ණයෙන් අවසන් බවත් අගෝස්තු මාසය වන විට එහි මෙහෙයුම් කටයුතු ආරම්භ කරන බවත් කොළඹ අපද්‍රව්‍ය කලමනාකරණ ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ සරත් බණ්ඩාර මහතා පවසයි.

Read More

අඛණ්ඩව තුන්වන වරටත් ඉන්දියාවේ අග්‍රාමාත්‍ය ධූරයේ දිවුරුම් දුන් නරේන්ද්‍ර මෝදි මහතාට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය උණුසුම් සුබ පැතුම් පිරිනැමූ අතර ඉන්දු – ශ්‍රි ලංකා සබඳතා සවිමත්ව ඉදිරියට ගෙන යාමට යළිත් නායකයෝ ප්‍රතිඥා දුන්හ.

Read More

කොඳු ඇට පෙළ ඇදවීමේ අසාමාන්‍ය රෝගයකින් පෙළෙන සිසුවෙකු උසස් පෙළ විෂයන් හැදෑරීමට එක් දිනක් හෝ පාසල් නොගොස් නිවසේ සිට තනිව පාඩම් කටයුතු සිදු කරමින් උසස් පෙළ විභාගය සමත්වීමට සමත්වකම් දැක්වීමේ පුවතක් ගිනිගත්හේන ප්‍රදේශයෙන් වාර්තාවේ.

Read More

ඊයේ පටන් වරකාපොලට නොකඩවා ඇඳ හැලෙන වර්ෂාව හමුවේ වරකාපොල, මෙනේරිපිටිය නිවසක් මතට පස් කන්දක් නාය යාමෙන් එම නිවස සම්පූර්ණයෙන්ම විනාශ වී තිබේ.

Read More

අද පෙරවරුවේ පටන් ඇඳ හැලෙන අධික වර්ෂාව හේතුවෙන් වරකාපොළ නගරයෙන් කොළඹ - නුවර ප්‍රධාන මාර්ගය ජලයෙන් යටවී තිබේ. එසේම වරකාපොළ නගරයට ආසන්නව හැලගලදී කොළඹ - නුවර මාර්ගයට විශාල ගසක් කඩා වැටිම හේතුවෙන් වාහන ගමනාගමනය ඇණහිට තිබේ.

Read More

තවද මෙම නිලධාරි වරයාගේ ඝාතනය සිදුවූ අවස්ථාවේ වෙනත් බුද්ධි අංශ නිලධාරියෙකු විසින් මෙසේද පවසා ඇත. “මේජර් මුතාලිෆ් මහතා (2005) මැයි මාසයට ප්‍රථම මරා දමන බවට ද කොටි සංවිධානය විසින් ප්‍රකාශයට පත් කොට තිබුණු අවස්ථාවලදී පවා ඔහු බියට පත් නොවී තම රාජකාරිය අකුරටම ඉටු කළ නියම රණවිරුවෙකි.”

Read More

සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු මෙන්ම ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ ජාවාරම්කරුවෙකු වන 31 හැවිරිදි ජයසේකර විතානගේ රුවන් චාමර නොහොත් මිදිගම රුවන් නැමැත්තා , කොළඹ ත්‍රස්තවාදී විමර්ශන ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් ඩුබායි සිට අත් අඩංගුවට ගෙන 05/31 දින අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත් තිබුණි .

Read More

පොළොන්නරුව ජල ගැලීම් නිම්න ජාතික වනෝද්‍යානයේ හඳපාන්විල විල්ලුවේ, වන අලි හත්දෙනා මිය යෑමට හේතුව මඩේ එරි ජලය පෙවීමෙන් බවට 27 වෙනිදා සවස පැවැති පශ්චාත් මරණ පරීක්ෂණ වලින් තහවුරු වු බව ගිරිතලේ වනජීවී පශු වෛද්‍යවරුන් සඳහන් කළහ.

Read More

ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි මහතා විසින් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාට එවා තිබූ ත්‍යාගයක් විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් අමාත්‍යවරයාට ඊයේ (20දා) භාරදී ඇත.

Read More

මාතර. අකුරැස්ස, මාරඹ වැව මැදද තොරණක් ඉදිවෙමින් පවති. මෙම තොරණ ලබන 23 දා සිට ජුනි 01 දා තෙක් ප්‍රදර්ශනය කිරිමට නියමිතව තිබේ.තොරණින් කට්ඨහාරි ජාතකය පිළිඹිබු වෙයි.

Read More

නවීන තාක්ෂණය සමඟ නවීන කෘෂිකර්මාන්තයට සූදානම් පෞද්ගලික ව්‍යවසායකයින්ට රජයේ පූර්ණ සහාය ලබා දෙනවා කෘෂි නවීකරණ වැඩපිළිවෙළ මෙම වසරේ දී ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 100ක ක්‍රියාත්මක කරනවා. මූල්‍ය සහාය සහ පුහුණුව ලබා දීමට රජය සූදානම් – කෘත්‍රීම බුද්ධි තාක්ෂණය යොදා ගනිමින් ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ඉදිකර ඇති හරිතාගාරයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් ජනපති පවසයි.

Read More

උසින් අඩි 80කට වැඩි සහ පළලින් අඩි 80 ක් පමණවූ ශ්‍රී ලංකාවේ තොරණ් ඉතිහාසයේ විශාලතම සහ අලංකාරයෙන් වැඩිම තොරණ තොටළඟ නාගලගම් වීදිය පොදු වෙළෙඳ පොළ ඉදිරිපිට මේ දිනවල ඉදිවෙමින් පවතිනු අද 16දා පෙරවරුවේ කැමරා ඇසට මෙසේ හසුවිය.

Read More

විදුලි බුබුළු එක්ලක්ෂ දස දහසක් පුවක් ගස් හාරසියයක් පළල අඩි 86 යි උස අඩි 82

Read More

පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා පිටත්ව යන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ජනපතිගෙන් සුබපැතුම් ආසියාතික රග්බි ශූරතාවලිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමද ජනපති හමු වෙයි.

Read More

මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා වන කොටසෙහි දැනට ඉදිකිරීම් කටයුතු නවතා දමා ඇති බෙම්මුල්ල සහ මගලේගොඩ යන ප්‍රදේශ අතර කොන්ක්‍රීට් කනු මත යොදා ඇති විශාල කොන්ක්‍රීට් ආධාරක කොටසක් ( බීම්) කඩා වැටී ඇත.

Read More

තායිලන්තයේ පැවති ජාත්‍යන්තර රොබෝටික්ස් තරගාවලියක් වන International Creativity and Innovation Awards තරගාවලියට සිය නිර්මාණ ඉදිරිපත් කළ කොළඹ - 04 , බුර්හානි සෙරෙන්ඩිබ් විද්‍යාලයේ සිසුන් 06 දෙනෙකු ප්ලැටිනම් සහ රන් සම්මාන දිනා ගැනීමට සමත් වී තිබූ අතර ඔවුන් 04/29 දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ .

Read More

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු තොග මිල සීඝ්‍රයෙන් පහත වැටෙද්දී දෙහි සහ අමු ඉඟුරු කිලෝවක තොග මිල ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇතැයි ආර්ථික මධ්‍යස්ථාන වෙළඳ ව්‍යාපාරිකයෝ පෙන්වා දෙති.

Read More

වර්ෂ 2022 දී බලංගොඩ රජවක ප්‍රදේශයේ මැණික් පතලකින් හමුවූ බව කියන කිලෝග්‍රෑම් 802 ක් බරැති රුපියල් කෝටි ගණනක් වටිනා කොරන්ඩම් වර්ගයේ විශාල මැණික් ගලක් මේ වන විට ඇල්ල ප්‍රදේශයේ හෝටලයක අලෙවිය සඳහා තැන්පත් කර ඇත.

Read More

සංවිධානාත්මක අපරාධ කල්ලි සහ පාතාලය මර්ධනය කිරීමේ අරමුණින් විශේෂ කාර්ය බළකායේ විශේෂ පුහුණුවක් ලද පළමු පොලිස් සංග්‍රාමික ක්ෂණික විහිදුම් යතුරුපැදි කණ්ඩායම විසිරයාමේ පෙලපාලිය අද (25 ) කළුතර , කටුකුරුන්ද පිහිටි විශේෂ කාර්ය බළකා පුහුණු පාසලේදී මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කරන ලදී.

Read More

වැලිමඩ හා ඌව පරණගම ප්‍රදේශවල තක්කාලි කිලෝවක තොග මිල මේ වන විට රුපියල් 10 ත් 15 ත් අතර මිලක් දක්වා පහත වැටී ඇති බවත් එම මිලට අලෙවි කිරීමටත් මහත් පරිශ්‍රමයක් දැරීමට සිදුව ඇති බවත් තක්කාලි වගාවේ නියුතු ගොවින් පවසති.

Read More

විදුලි සැර වැදීමෙන් මියගිය හිටපු රාජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා ගේ දේහය ඊයේ (17) රාත්‍රි 10 ට පමණ මතුගම යටදොළවත්ත පිහිටි ඒ මහතාගේ නිවසට රැගෙන එන ලදී.

Read More

රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා ගමන් ගත් වහනය අද 16 අළුයම බණ්ඩාරවෙල හල්පේ ප්‍රදේශයේදී හදිසි ගිනි ගැනීමකට ලක්ව තිබේ. ගින්න හේතුවෙන් ඇමතිවරයාට හෝ එහි රියදුරට කිසිදු හානියක් සිදුවී නොමැති බවද ඇල්ල පොලිසිය කියයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.