යාල ජාතික වනෝද්‍යානයේ (vi) වන කලාපයේ දීර්ඝ කාලයක් සැරිසරමින් සිටි දළකොටා ඇතා ඉකුත් (21) වෙනිදා මියගොස් ඇත.
දකුණු ආසියාවේ විශාලතම වානිජ හා සැපයුම් මධ්‍යස්ථානය වරාය තුළ ඉදිකිරීම තුළින් ශ්‍රී ලංකාවේ ආර්ථික ප්රගමනයට විශාල ශක්තියක් ලැබෙන බව වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.
Read Moreමාස කිපයක විවාහය ඒපා වී නැවත හලාවත මුනුවන්ගම ප්‍රදේශයෙ මවිපියන්ගේ නිවසේ රැදි සිටි තරුණ කාන්තාවක් විවාහක සැමියා ඇතුළු පිරිසක් කඩා වැදි බලහත්කාරයෙන් වෑන් රථයකින් පැහැර ගෙන ගොස් ඇති බව හලාවත මූලස්ථාන පොලිසිය කියයි.
Read Moreජපානයෙන් ගෙනවිත් ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාල භූමියේ රෝපනය කරන ලද සකුරා මල් ගසේ මේ දිනවල ඉතාමත් අලංකාර සකුරා මල් පිපී ඇතැයි ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ උපකුලපති මහචාර්ය ජයන්ත ලාල් රත්නසේකර මහතා පවසයි.
Read Moreඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් ‘KRI Bima Suci’ පුහුණු නෞකාව සුහද සංචාරයක් සඳහා අද දින (2023 අප්‍රේල් 20) උදෑසන කොළඹ වරායට සේන්දු වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි.
Read Moreකොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට මගී ගුවන් පාලම කඩිනමින් නඩත්තු කිරීමට වගකිවයුතු බලධාරීන් කටයුතු නොකළොත් විශාල ජීවිත අනතුරක් වැලැක්විය නොහැකි වනු ඇතැයි අවට වෙළඳුන් පවසයි.
Read Moreපේරාදෙණිය ශික්ෂණ රෝහලේ දී සිව් නිවුන් දරු උපතක් සිදුව තිබේ. කුරුණෑගල තෝරයාය අටමුනේ ප්‍රදේශයේ පදිංචි තිස් හැවිරිදි මවක් එසේ සිව්නිවුන් දරු ප්‍රසූතියක් සිදු කොට තිබෙන අතර පිරිමි දරුවන් තිදෙනෙකු සහ ගැහැණු දරුවෙකු එසේ ඇය විසින් බිහි කොට තිබේ.
Read Moreකොත්මලා ඔයේ ප්‍රධානතම අතු ගංගාව වන අග්‍රා ඔයේ මාළුන් විශාල ප්‍රමාණයක් හිටිහැටියේම මියගොස් ඇති බවත්, එම මාළුන් ආහාරයට ගැනීම අහිතකර විය හැකි බැවින් ආහාරයට ගැනීම හෝ අලෙවි කිරීම සිදු නොකරන ලෙස ප්‍රදේශයේ ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් තලවකැලේ, ලිඳුල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිණී රිෂිනි දුරෙයිරාජ් මහත්මිය පැවැසුවාය .
Read Moreබෙයිජිං නුවර ගොඩනැගී ඇත්තේ දිස්ත්‍රික්ක 16ක එකතුවෙනි. මා වෙසෙන්නේ චායොයක් දිස්ත්‍රික්කයේ ය. චායොයං දිස්ත්‍රික්කය තුළ නැරඹීමට ඇති දෑ බොහෝය. විශේෂයෙන්ම මෙම දිස්ත්‍රික්කය පරිපාලනමය වශයෙන් වැදගත් ස්ථාන රැසක් පිහිටා ඇති ප්රදේශයකි. විශේෂයෙන්ම රටවල් රැසක තානාපති කාර්යාල පිහිටා ඇත්තේ මෙම දිස්ත්‍රික්කයේ ය. ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ද චායොයං දිස්ත්‍රික්කයේ ජියංගුවාමෙන්වායි හි පිහිටා ඇත.
Read Moreපුත්තලම කලපුවට පැමිණි දැවැන්ත හම්බැක් වර්ගයෙ ඩෝල්ෆීන් මත්ස්‍යයකු අද (9දා) දහවල් වනජීවි නිළධාරින් විසින් දැඩි පරිශ්‍රමයක් දරා ආරක්ෂීතව දියඹට මුදා හැරිමට කටයුතු කෙරුණි.
Read Moreශ්‍රී ලංකාව සහ ඉන්දීයාව අතර පැවැත්වෙන ද්විපාර්ශ්වික නාවික අභ්‍යාසය - 2023 (SLINEX -23) අද දින (2023 අප්‍රේල් 03) සිට අප්‍රේල් මස 08 වන දින දක්වා පැවැත්වීමට නියමිතව ඇති අතර, මෙම අභ්‍යාසය සඳහා සහභාගීවන ඉන්දීය නාවික හමුදාවට අයත් INS Kiltan සහ INS Savitri යන යුද නෞකාවන් ඊයේ (03) උදෑසන කොළඹ වරායට සේන්දු විය.
Read Moreපුත්තලම දිස්ත්‍රික්ක පුරා මෙවර ප්‍රදේශ රැසක කහ වගාව සාර්ථක කර සරු අස්වැන්නක් නෙළමින් පැවතියද සාධාරණ මීලක් නොමැති විමේන් කහ වගාකරුවන් අසරණ වී ඇති බව ඔවුන් පවසති.
Read Moreසිංහල හා දෙමළ අලුත් අවුරුදු නැකැත් සීට්ටුව සාම්ප්‍රදායික, චාරිත්‍රානුකූලව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගැන්වීම අද (03) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.
Read Moreමෙරට විශ්වවිද්‍යාල අතරින් විශාලතම ඉතා මනස්කාන්ත භූමි භාගයකට උරුමකම් කියන පේරාදෙණිය විශ්වවිද්‍යාලයට මාර්තු සහ මැයි මාසවලදී මෙම කහ මල් වසන්තය උදාවේ.
Read Moreජය ශ්‍රී මහා බෝ සමිදු ලක්දිවට වැඩ මවීමත් සමග ඇරඹූණ බවට සැලකෙන අලුත් සහල් මංගල්‍යයයේ 56 වැනි ජාතික උත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (02) පෙරවරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිදුන් අභියසදී පැවැත්විණි.
Read More2023 වර්ෂයේ ඉදිරි යල සහ මහ කන්න අස්වනු සරු කර ගැනීම සඳහා ජය ශ්‍රී මහා බෝ සමිදුන් අභියස පවත්වන සාම්ප්‍රදායනුකූල අලුත් සහල් මංගල්‍යය හෙට දින (02දා) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට මේ වනවිට සියලු කටයුතු සංවිධානය කර තිබේ.
Read Moreවසර 40 කට අධික සේවා කාළයක් සම්පූර්ණ කළ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ජ්‍යෙෂ්ඨතම ගුවන් නියමුවෙකු වන උත්පල කුමාරසිංහ මහතා සිය අවසන් පියාසැරිය කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණෙමින් සිය සේවයෙන් සමු ගැනීමට අද (31දා) දින දහවල් පියවර ගෙන තිබුණි .
Read Moreඅභියෝග භාර ගැනීමට සූදානම් අනාගත සිසු පරපුරක් බිහි කිරීමේ ගුරු භූමිකාව සතු වත්මන් කාර්යභාරය ඉටු කිරීම සඳහා සන්ධාන භාෂාව වශයෙන් අත්‍යවශ්‍ය වන්නා වූ ඉංග්‍රීසි භාෂාව පළමු ශ්‍රේණියේ සියලු දරුවන්ට භාවිතයෙන් ඇරඹීම අදින් ඇරඹෙන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.
Read Moreශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ හිටපු කථානායකවරයෙකු සහ කැබිනට් අමාත්‍යවරයෙකු වූ අභාවප්‍රාප්ත ජෝශප් මයිකල් පෙරේරා මහතාගේ දේහයට කථානායක මහින්ද යාපා අබේවර්ධන සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ යන මහත්වරු අද (30) පාර්ලිමේන්තු සංකීර්ණයේදී අවසන් ගෞරව දැක්වූහ.
Read Moreඛනිජ තෙල් සංස්ථාවේ වෘත්තීය සමිති ආරම්භ කළ වැඩ වර්ජනය සමගම ඉන්ධන හිඟ වේ යැයි බියෙන් ඉන්ධනහල් අසල පාරිභෝගිකයන්ගේ දිගු පෝලිම් පෙරවරුවේ දක්නට ලැබිණි
Read Moreලෝකයේ නවතම මගී ගුවන් යානයක් පළමු වතාවට අද (27දා) අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය. සිංගප්පූරු ගුවන් සේවයට අයත් බෝයිං 787 - 10 වර්ගයේ මෙම ගුවන් යානය සිංගප්පූරු ගුවන් සේවයට මෙන්ම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි පළමු අවස්ථාව මෙය බව සිංගප්පූරු ගුවන් සේවයේ ශ්‍රී ලංකා නියෝජිත එයිට්කන් ස්පෙන්ස් සමාගමේ කළමනාකරණ අධ්යක්ෂ වසන්ත කුඩාලියනගේ මහතා පැවසීය .
Read Moreමඩකලපුව, කොකුවිල් පොලිස් වසමේ ත්‍රායිමඩු ස්විස් ගම්මානය ප්‍රදේශයේදී ඊයේ සවස දුම්රිය මාර්ගයේ ගමන් කිරම අවහිර කිරීමට විරෝධය පළ කරමින් මහජනතාව කොළඹ සිට මඩකලපුව බලා ධාවනය වූ දුම්රිය නතර කරමින් පැය 3ක කාලයක් උද්ඝෝෂණයේ යෙදුනි.
Read Moreවැල්ලවාය අලිකොටේආර ජලාශයේ ජලපෝෂිත ප්‍රදේශ වන පූනාගල කඳුවැටියට මේ දිනවල ඇද හැලෙන අධික වර්ෂාව නිසා ජලාශය ජලයෙන් පිරී පවතී.
Read Moreලෝකයේ කාන්තාවන් පමණක් සහභාගී වන ත්‍රාසජනක , අභියෝගාත්මක ’’රේඩ් ඇමසෝන් ’’ (Raid Amazones ) ක්‍රීඩා තරගාවලිය සදහා සහභාගී වීමට ප්‍රංශයේ සිට එරට තරුණ ක්‍රීඩිකාවන් 250 දෙනෙකුගෙන් යුතු පළමු කණ්ඩායම 03/20 දින අලුයම පැරිස් නුවර සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.
Read Moreමෙම ජලාශයට එක් රෝක්වන ජලය මේ වන විට ජල විදුලිය නිපදවන ජල විදුලි බලාගාර සදහා අඛණ්ඩව බේදා හැරිමට පියවර ගෙන ඇති බවද එම නිලධාරියා වැඩි දුරටත් පැවසිය.
Read Moreඅශ්වයන් හා බැදි නුවරඑළිය නගරයේ සංචාරක ආකර්ශණය වර්ධනය කිරිමේ අරමුණ මත නුවරඑළිය කාර්මික විද්‍යාලය මගින් එම විද්‍යාලය ඉදිරිපිට ඉදිකරන ලද යකඩ අශ්ව අනුරුව එළිදැක්විම නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කරන ලදි.
Read Moreබස් රථ වලින් (14) දින නුවරඑලියට පැමිණ එම සංචාරකයන් (15) දින නුවරඑලියේ පැරණි තැපැල් කාර්යාලය නරඹා පසුව නානුඔය දුම්රිය ස්ථානයේ සිට ඇල්ල දුම්රිය ස්ථානය දක්වා ගමන් කිරිමට සැලසුම් කර සිටියද වෘත්තිය සමිති වැඩ වර්ජනය හේතුවෙන් එම විදේශිය සංචාරකයන් පිරිසට සැලසුම් කල පරිදි එම සංචාරක ස්ථානය නැරඹිමට නොහැකි වු බවයි සංචාරකයන් සමග පැමිණි මග පෙන්වන්නන් කියා සිටියේ.
Read Moreශ්‍රී ලංකාවට ආවේණික නව භෞමික උඩවැඩියා ශාක විශේෂයක් සබරගමු පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයෙහි රත්නපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සීමාවේ වලංකන්ද ප්‍රදේශය තුලින් සොයා ගැනීමට පර්යේෂකයන් පිරිසක් සමත්වී තිබේ.
Read Moreඇමරිකානු නාවික හමුදාවට අයත් ‘USS CHARLESTON (LCS - 18)’ යුද නෞකාව, 2023 මාර්තු මස 11 වන දින උදෑසන ත්‍රිකුණාමලය වරායට සේන්දු වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි.
Read Moreනරක් වු බවට සැක කරන බිත්තර ගෙඩි ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් මහකුඹුක්කඩවල වල්පාළුවට ගෙනවිත් දමා තිබියදි හමුවු බව පාරිභෝගික අධිකාරියේ පුත්තලම දිස්ත්‍රික් කාර්යාලය පවසයි.
Read More