එකතුකළ අගය මත බද්දෙන් (වැට්) ලබාගෙන ඇති රාජ්‍ය ආදායම ඉකුත් වර්ෂයේ මුල්මාස දහය තුලදි රුපියල් බිලියන 1,067.4 දක්වා සියයට 86.8කින් වැඩිවි ඇති බැව් අයවැය, ආර්ථික සහ මුල්‍ය තත්ත්වය පිළිබද වාර්තාවේ සදහන් වේ.
ප්‍රකාශයක් ලබා දීම සඳහා අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව හමුවට පැමිණි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඉන් පිටව ගොස් තිබේ.
Read Moreරුපියල් එක් කෝටි විසි ලක්ෂයක් වටිනා ’’ කුෂ් ’’ මත්ද්‍රව්‍ය තොගයක්, මෙරටට රැගෙන පැමිණි විදේශීය ගුවන් මගී කාන්තාවක් 02/26 දින අලුයම, කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී, රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreසෞඛ්‍ය අමාත්‍යංශයේ පිළිබඳ ජනතා විශ්වාසය බහුල වශයෙන්ම පළුදු වුයේ ඖෂධ සැපයීමේ දුර්වලතා හේතුවෙන් බවත් එම වරද යළි ඇති නොවීමට සියලුම පියවරයන් ගෙන ඇති බවත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසී ය.
Read Moreරුපියල් හතලිස් තුන් ලක්ෂ විසි දහසක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් , නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ශ්‍රී ලාංකික ගුවන් මගී කාන්තාවක් , 02/26 දින අලුයම පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
Read Moreදින දෙකක කාලයක් තිස්සේ පොළොන්නරුව ඇතුළු මහවැලි බි කලාපයට ඇදහෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් මෙවර මහ කන්නයේ වගා කරන ලද වී අස්වනු නෙළා ගැනීමට මහත් බාධා එල්ල වී ඇති අතර ඇතැම් ගොවීන් නෙලාගත් වී අස්වනු වර්ෂාවට හසුවීමෙන් වී කිලෝවක මිලද පහළ දැමීමට පොළොන්නරුව මහා පරිමාණ වී මෝල් ව්‍යාපාරිකයින් කටයුතු කර ඇති බව මහවැලි බි කලාපයේ ගොවි සංවිධාන නියෝජිතයින් සහ ගොවීන් පවසති.
Read Moreමිනුවන්ගොඩ පත්දඩුවන හංදිය ප්‍ර දේශයේදි අද පෙරවරුවේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් තුවාල ලබා රෝහල් ගත කර තිබේ. අවුරුදු 36ක පුද්ගලයෙක් මෙසේ තුවාල ලබා ඇති අතර යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙක් විසින් මෙම වෙඩි තැබීම සිදු කර තිබේ.
Read Moreවැලිකන්ද කන්දකාඩු පුනරුත්ථාපන කදවුරේන් පලාගොස් සැගවි සිටි රැදවියන් 4 දෙනා ඊයේ (25දා) සවස යුදහමුදා විසින් කරන ලද හදිසි මෙහෙයුමකදි අත්අඩංගුවට ගත් බව වැලිකන්ද පොලිසිය කියයි.
Read Moreශ්‍රී ලංකන් ගුවන් සේවය සතු ගුවන්යානා 22ක් තිබෙන බවත් එහෙත් ඉන් යානා 03ක් භාවිතයට නොගෙන තිබියදී මසකට ඩොලර් ලක්ෂ 09කට ආසන්න ප්‍රමාණයක් වාරික ගෙවා ඇති බවත් මුදල් සහ ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා සඳහන් කළේය.
Read Moreඉන්දුනීසියාවේ සුලවේසි දූපත ආසන්නයේදී අද පෙරවරුවේදී රික්ටර් මාපාංක 6.1ක ප්‍රභලත්වයෙන් යුතු භූ කම්පනයක් ඇතිව තිබේ.
Read Moreමේ වසරේ ගෙවීගිය කාලය තුළදී වෙඩි තැබීම් සිද්ධීන් දාහතක් වාර්තා වී තිබෙන අතර, මින් සිදුවීම් 11ක් සංවිධානාත්මක අපරාධකරුවන් විසින් සිදු කළ වෙඩි තැබීම් බව පොලීසිය සඳහන් කරයි.
Read Moreශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබේ.
Read Moreශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් ආණ්ඩුවේ මැදිහත් වීමෙන් හෝ ආණ්ඩුව දැනුවත්ව සිදුවෙනවාද යන ප්‍රශ්නය මේ වන විට මතුව ඇතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ප්‍රකාශක, නීතිඥ මනෝජ් ගමගේ මහතා ප්‍රකාශ කළේය.
Read Moreශිව දෙවියන් උදෙසා පුද පූජා පවත්වන හින්දු බැතිමතුන්ගේ ධාර්මික මංගල්‍ය වන මහා ශිව රාත්‍රී දිනය අදට(26දාට) යෙදී තිබේ.
Read Moreඩුබායිහි සැඟවී සිටින පාතාල කල්ලි සාමාජිකයන්ගේ මෙහෙයවීම මත දකුණු පළාතේ ව්‍යාපාරිකයන්ට මරණ තර්ජන එල්ල කොට කප්පම් මුදල් ලබා ගැනීමේ ජාවාරමක නිරත වූ පුද්ගලයන් අට දෙනෙකු සැක පිට ප්‍රශ්න කිරීම සඳහා මාතර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශය මගින් අත්අඩංගුවට ගනු ලැබීය.
Read Moreඅපරාධ කල්ලි නායක ගනේමුල්ලේ සංජීවට අධිකරණයේදී වෙඩි තැබීම සඳහා නීතීඥ වෙස්ගත් හිටපු කොමන්ඩෝ සෙබළාට නීතීඥවරියකගේ වෙස් ගෙන ආධාර අනුබල දුන් බව කියන සැකකාරියගේ මව සහ මල්ලී පැය 24ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය කොළඹ අපරාධ කොට්ඨාශයට අද (25) අවසර දුන්නාය.
Read Moreරුහුණු විශ්ව විද්‍යාලයේ උප කුලපතිවරයා සතු බලතල සහ කාර්යන් ක්‍රියාත්මක කිරීම සඳහා අද (25) සිට බලපැවැත්වෙන පරිදි නිසි බලධරයා ලෙස ජ්‍යේෂ්ඨ මහාචාර්ය ආර්.එම්.යූ.එස්.කේ.රත්නායක මහතා පත්කරමින් අග්‍රාමාත්‍ය හා අධ්‍යාපන ,උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය විසින් අති විශේෂ ගැසට් නි වේදනයක් නිකුත් කර ඇත.
Read Moreපසුගිය වසරේ මහ වැසිත් සමග නැවති ගිය පුත්තලම දිස්ත්‍රික්කයෙ ලුණු නිෂ්පාදනය යලිත් පවතින දැඩි වියළි කාලගුණයත් සමග ආරම්භ කිරිමට හැකිවු බව පුත්තලම පුද්ගලික ලුණු නිෂ්පාදකයින්ගේ සංගමයෙ සභාපති බදුර්දීන් රනිස් මහතා 25 දින පැවසිය.
Read Moreසංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන වැල්ලම්පිටියේ ධනුෂ්කගේ මත්ද්‍රව්‍ය ජාලය මෙරට මෙහෙයවන ප්‍රධාන ගෝලයෙකු ඇතුළු දෙදෙනෙකු අයිස් හා හෙරොයින් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් දහ හත් දහස් හයසිය දහ අටක් ,මත්ද්‍රව්‍ය අලෙවියෙන් උපයා ගත් රුපියල් හතලිස් හත් දහස් එකසිය පනහක් සමග අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය පවසයි.
Read Moreඅනුග්‍රාහකයෙකු සමඟ සංචාරක වීසා, රැකියා විසා බවට පරිවර්තනය කිරීමට අයකල ගාස්තුව ඩිනාර් 250 දක්වා ඉහළට
Read Moreඒ සමගම සිදු කළ මෙහෙයුමේදී එකී කාන්තාව කුඩා දරුවකු සමග කැලෑව තුළ සැඟවී සිටියදී අත්අඩංගුවට ගත් බවත් සිදුකළ විමර්ශනවලදී එකී කාන්තාව ඉෂාරා සෙව්වන්දි නොවන බවත් එනමුත් ඇයගේ රූපයට බොහෝ සෙයින් සමානකම් ඇති තැනැත්තියක් බව බැලූ බැල්මට පෙනෙන බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි
Read More2025 අය වැය දෙවැනිවර කියවීම වැඩි ඡන්ද 109කින් සම්මත වූ බව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (25දා) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.
Read Moreශ්‍රී ලංකාවේ වත්මන් ආරක්ෂක තත්ත්වය පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අද (25) පැවැත්විණි.
Read Moreකටුගස්තොට හල්ලොලුව ප්‍රදේශයේ පිහිටි රතිඤ්ඤා කර්මාන්ත ශාලාවක සිදු වූ පිපිරීමක් හේතුවෙන් එක් කාන්තාවක් තුවාල ලබා ඇති බව පොලිසිය කියයි.
Read Moreමතභේදයට තුඩු දී ඇති මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරුවෙක් වන හිටපු මහ බැංකු අධිපතිවරයෙක් වන අර්ජුන් මහේන්ද්‍රන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් නීතිමය ගැටලු මතුව ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවැසීය.
Read Moreඅභාවප්‍රාප්ත වන විට 85 හැවිරිදි වියේ පසු වූ ඒ මහතා ශ්‍රී දළදා පෙරහරේ විශිෂ්ටතම වෙස් නර්තන ශිල්පියා වශයෙන් වසර 35ක් ජනාධිපති සම්මානයට පාත්‍රවී තිබේ. උඩරට වෙස් නර්තනය ලොව පුරා ප්‍රචලිත කිරීමට රටවල් 80කට අධික ප්‍රමාණයකට සංචාරය කොට ඇති සූරසේන මහතා ලන්ඩන් හි ඓතිහාසික ඇල්බට් ශාලාවේ නර්තනයක් ඉදිරිපත් කළ එකම වෙස් නැටුම් ශිල්පියාද වේ.
Read More1977 මාර්තු 8 දිනය ජාත්‍යන්තර කාන්තා දිනය වශයෙන් එක්සත් ජාතින්ගේ සංවිධානය ප්‍රකාශයට පත්කර ඇති අතර එතැන් සිට මේ දක්වාම මාර්තු 8 දා ජාත්‍යන්තර කාන්තා දිනය ලෙස සමරනු ලබයි.මෙවර කාන්තා දින සැමරුම “සියලුම කාන්තාවන් හා ගැහැණු දරුවන් සඳහා අයිතිවාසිකම්, සමානාත්මතාවය, සවිමත් කිරීම” යන්න තේමාව කරගෙන ඇත.
Read Moreදකුණු කොරියාවේ E-8 වීසා කාණ්ඩයේ රැකියා අවස්ථා ලබාදීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවී ඇති අතර, එම රැකියා අවස්ථා ලබාදෙන්නේ ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් පමණක් බව එම කාර්යාංශයේ සභාපති කෝෂල වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි. වෙනත් කිසිඳු පුද්ගලයෙකුට හෝ විදේශ රැකියා නියෝජිතායතනයකට E-8 වීසා කාණ්ඩයේ රැකියා අවස්ථා ලබාදීමට අවසර ලබානොදෙන බැවින් ඔවුන්ට මුදල් ලබාදීමෙන් වලකින මෙන්ද සභාපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.
Read Moreවන අලින් දුම්රියේ ගැටීමෙන් සිදුවන හානි අවම කර ගැනීම සඳහා කෘතිම බුද්ධිය භාවිත කරමින් විශේෂ කැමරාවක් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨය විසින් නිපදවා තිබේ.
Read Moreඅය වැයට විරුද්ධව සමගි ජන බලවේගය ඇතුලු විපක්ෂයේ කණ්ඩායම ඡන්දය ලබා දීමට තීරණය කර ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසීය.
Read More