පවතින වැසි තත්ත්වයත් සමග වී අස්වනු නෙළන යන්ත්‍ර සඳහා අය කරන මුදල විශාල ලෙස ඉහළ ගොස් තිබෙන බවත්, වී කිලෝවක ගැනුම් මිල අඩු වී තිබෙන බවත් ජාතික ගොවිජන එකමුතුව සඳහන් කරයි.
නාම යෝජනා කැඳවා තිබෙන පළාත් පාලන ආයතන 336 සඳහා තැපෑලෙන් ඡන්දය දීමට අයදුම්පත් භාර ගැනීම මේ මස 12 වැනිදා මධ්‍යම රාත්‍රී 12.00දක්වා සිදුකරන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.
Read Moreගණේමුල්ල සංජීවට වෙඩි තබා ඝාතනය කිරීමේ චෝදනා එල්ල වී තිබෙන සැකකරු, කඳාන වීදී මාවත ප්‍රදේශයේ පිහිටි නිවසකට වෙඩි තැබීමේ සිද්ධියටත් සම්බන්ධ බව පොලීසිය සඳහන් කරයි.
Read Moreනැගෙනහිර පළාත කේන්ද්‍ර කර ගනිමින් යම් කණ්ඩායමක් පිළිබඳව තොරතුරු ලැබී තිබෙන බව, කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේය.
Read Moreකලුතර නගර මධ්‍යයේ පිහිටී මිශ්‍ර පාසලක දරුවන්ට උදේ ආහාරය සදහා ලබාදුන් බත් පාර්සලයේ මාළු වල පනුවන් සිටී බවට ලද තොරතුරකට අනුව කලුතර සෞඛ්‍ය අංශ පරීක්ෂණ ආරම්භ කර තිබේ.
Read Moreගාල්තැන්න ප්‍රදේශයේ සුප්‍රසිද්ධ දේවාලයක කපුවෙකු සන්තකයේ තිබූ සැකකටයුතු මොන්ටේරෝ වර්ගයේ සුඛෝපභෝගී ජීප් රථයක් තෙල්දෙණිය කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය මගින්අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreතම ගැටලු සම්බන්ධයෙන් ජනපතිවරයා හා සෞඛ්‍ය අමාත්‍යවරයා සමග කළ අදහස් හුවමාරුවේදී සාධනීය අදහස් හුවමාරුවක් සිදුවූ හෙයින් සිදුකිරීමට නියමිත වූ වර්ජනය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
Read Moreඉන්ධන බෙදුම්කරුවන් නව සූත්‍රය යටතේ ඉන්ධන ලබා ගැනීමට එකඟ වූ බවත් රටේ කිසිම ඉන්ධන හිඟයක් නොමැති බවත් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවැසීය.
Read Moreරුපියල් තිස් දහසක අල්ලස් මුදලක් ලබා ගැනීමේ චෝදනාව මත අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම මගින් අත්අඩංගුවට ගත්, ගල්නෑව පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයෙකු සහ පොලිස් කොස්තාපල්වරයෙකුගේ වැඩ තහනමට ලක් කල බව, අනුරාධපුර කොට්ඨාස ජේෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය පවසයි.
Read Moreවත්මන් රජය යටතේ පළිගැනීම් සිදු නොවන බවට සඳහන් කළද එවැනි පළිගැනීම් සිදු වන බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
Read Moreඅඩුආදායම්ලාභීන්ට දිගුකාලීනව සහනාධාර ලබාදීම වෙනුවට ඔවුන් බහුතරයක් සවිබල ගැන්වීම අරමුණු කරගනිමින් අමාත්‍යාංශය කටයුතු කරන බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය (ආචාර්ය) උපාලි පන්නිලගේ මහතා පැවසීය.
Read Moreවගා නොකළ ඉඩම් වගා කිරීමට යොමු කිරීමේ රජයේ ප්‍රතිපත්තියට අනුව කන්තලේ සීනි කම්හල සතු ඉඩම් අක්කර 11000 ක් මාස හයක කාලයක් සඳහා වගා කටයුතුවලට ගොවීන් 1317 කට ලබාදෙමින් ඉඩම්වලට ප්‍රවිෂ්ඨවීමේ අවසර පත්‍ර ප්‍රධානය නැගෙනහිර ආණ්ඩුකාර මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර හා විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍රා යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් කන්තලේ නගර ශාලාවේදී සිදු කෙරිණි .
Read Moreඅපේ රටේ වරායෙන් නොවැම්බර්, දෙසැම්බර් මාස තුළ කෝටි 1500 ක්, මහා භාණ්ඩාගාරයට අපි එකතු කළා, නාමල්ලා, රනිල්ලා, කරේ ඒ මුදල් මහා පරිමාණ ව්‍යාපාරිකයන්ට ලබාදීලා අත යටින් මුදල් ගත්ත එක.අපි මේ මාස තුන ඇතුළත කෝටි 19,000 ක් ඉතුරු කරලා තියෙනවා, ඔබ ගෙවපු බදු මුදල්. මේවා වෙනදා හොරා කෑවා.වෙනදා ඔබ බදු ගෙවනවා ඒවා භාණ්ඩාගාරයට ගෙවනවා, භාණ්ඩාගාරයෙන් හොරු හොරකම් කරනවා.
Read Moreතලවකැලේ, පාමස්ටන් වතුයාය තුල මිය ගොස් සිටි කඳුකර කොටියෙකුගේ මළ සිරුරක් හමුව ඇතැයි හග්ගල වනජීවී අඩවි ආරක්ෂක කාර්යාලය පවසයි.
Read Moreදිනෙන් දින දිවයින පුරා වකුගඩු රෝගය වැළඳීම සහ වකුගඩු රෝගීන් ගසා කන විශාල ජාවාරම්කරුවන් බෝවීම නිසා මහජනතාව දැඩි අපහසුතාවයකට ලක් වෙමින් පවතින නිසා වහාම රජය මේ පිළිබඳව මැදිහත් වන්නැයි බුලාගල රන්දෙනිය රජමහා විහාරාධිපති සීගිරි කස්සප මහා පිරිවෙනේ ආචාර්යය ඇල්ලවැවේ සංඝරත්න හිමියෝ ඉල්ලා සිටිති.
Read Moreඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS KUTHAR’ යුද නෞකාව නිල සංචාරයක් සඳහා ඊයේ (03දා) උදෑසන කොළඹ වරායට සේන්දු වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි.
Read Moreආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත හා වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ යන මහත්වරු සහ ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුවේ සාමාජිකයෝ සිව්වන වරටත් පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ (03) රැස් වූහ.
Read Moreමිද්දෙණිය පොලිස් වසමේදි වෙඩි තබා කුඩා දරුවන් දෙදෙනෙක් හා ඔවුන්ගේ පියා ඝාතනය කිරිමේ සිදුවිමට ආධාර අනුබල දිමේ චෝදනාවට හිටපු පොලිස් කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
Read Moreවැලිගම පැලෑණ ප්‍රදේශයේ සංචාරක හෝටලයක් ඉදිරිපිට දී සිදුවු වෙඩි තැබීමෙන් පොලිස් සැරයන්වරයකු ජීවිතක්ෂයට පත්ව උප පොලිස් පරීක්ෂකවරයෙකු තුවාල ලැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් වැලිගම මූලස්ථාන පොලිස් පරීක්ෂක උපුල් කුමාර මහතා සැක පිට අත්අඩංගුවට ගෙන අධිකරණය ඉදිරීපත් කිරීමට මාතර වැඩබලන මහේස්ත්‍රාත් හා නීතිඥ උපාලි රණසිංහ මහතා අද (03) වරෙන්තු නිකුත් කලේය.
Read Moreනුගේගොඩ සිට මහනුවර දක්වා නිරුවතින් යතුරු පැදියකින් ගමන් ගත් තරුණයෙකු කඩුගන්නාව පොලීසිය විසින් අත්අඩංගුවට ගත් බව කඩුගන්නාව පොලීසිය පවසයි.
Read Moreපාසැල් දරුවන් සහ ලංගම වාර ප්‍රවේශපත්‍ර (සීසන්) ඇති පුරවැසියන් මගහැර ධාවනය වන ලංගම බස්රථ රියදුරන් සම්බන්ධයෙන් 1958 අංකයට දැනුම් දෙන්න - ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා ගරු අමාත්‍ය බිමල් රත්නායක මහතා
Read Moreලෝක උරුම ගාලු කොටුවේ ඓතිහාසික ගොඩනැගිල්ලක් සහ එහි තාප්පය පසුගිය දිනවල ඇද හැළුණු වර්ෂාවත් සමග කඩා වැටී ඇත. ගාල්ල කොටුව ප්‍රදීපාගාර වීදියේ පිහිටි මෙම ගොඩනැගිල්ල 18 වැනි සියවසේ දී ගාල්ල කොටුව අත්පත් කරගෙන සිටි ඕලන්ද ජාතිකයන්ට සහාය දැක්වූ දේශීය පවුලක් ජීවත් වූ පැරණි නිවසක් බව පුරාවිද්‍යාඥයන්ගේ මතයයි.
Read Moreවර්තමාන විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා විදුලිබල මණ්ඩලයට උපදේශනය ලබා දෙන සමාගමකත් කටයුතු කරන බවත්, එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ ඔහුගේ බිරිඳ කටයුතු කරන බවත් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා පැවසීය.
Read Moreනුවරඑලිය පීඩ්රූ වතුයායට බලහත්කාරයෙන් ඇතුළු වී එහි පාලන අධිකාරියට තර්ජනය කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් නුවරඑළිය මහේස්ත්‍රාත් අධිරණය මගින් නිකුත් කර තිබු නොතිසි අනුව අද (03) දින අධිකරණය වෙත ඉදිරිපත් වු ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ නුවරඑලිය දිස්ත්‍රික් පා.ම. ජීවන් තොන්ඩමන් මහතා ඇතුළු එම පක්ෂයේ ආධාර කරුවන් 9 දෙනෙකු රු. පනස්දහස බැගින් වු පුද්ගල ඇප දෙකක් මත සැකකරුවන් මුදාහැර යලිත් මෙම නඩුව ජූනි මස (09) වන දින කැදවීමට නුවරඑළිය මහේස්ත්‍රාත් ල
Read Moreඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන ආයතන 336 ක පළාත් පාලන ඡන්ද විමසීම- 2025 සඳහා මාර්තු 17 දා සිට මාර්තු 20 දක්වා නාම යෝජනා කැඳවා ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරයි.
Read Moreමෙරට බුද්ධි අංශ මාලිමාකරණය කරමින් පවතින බවට පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා චෝදනා කර සිටියි. ඒ මහතා මේ බව සදහන්කර සිටියේ අද දින (03) පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි. පිවිතුරු හෙළ උරුමය නායකයා එහිදී වැඩිදුරටත් මෙසේ පැවසීය.
Read Moreදිවයිනේ දැනට පවතින වැසි සහිත කාලගුණ තත්ත්යේ අඩුවිමක් හෙට (04දා) දිනයේ සිට බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
Read Moreපළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ආඥාපනත යටතේ දිවයිනේ පරිපාලන දිස්ත්‍රික්ක 25 සඳහා තේරීම්භාර නිලධරයන් හා සහකාර තේරීම්භාර නිලධරයන් පත්කරමින් මැතිවරණ කොමිෂන් සභාව විසින් අති විශේෂ ගැසට් නිවේදයක් නිකුත් කරයි.
Read Moreවන අලි දුම්රියන්හි ගැටිම වැළැක්විම සඳහා අමතර වේග සිමා හා දුම්රිය ආරම්භක වේලාවන් සංශෝධනය කිරිමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු තර කර තිබේ.
Read Moreවිදෙස් ගතව සිට මෙරටට පැමිණි පියා ගෙන ආ හෑන්ඩ් ෆ්‍රී දෙක කණේ ගසාගෙන ජංගම දුරකතනයෙන් ගීතයක් අසමින් දුම්රිය මාර්ගයේ ගමන් ගත් සාමානය පෙළ විභාගයට මුහුණදීමට ප්‍ර වේශපත්‍ර අත්සන් කිරීමට යාමට නියමිතව සිටි පාසල් සිසුවෙක් ඊයේ (2) පස්වරුවේදී මුහුදුබඩ දුම්රිය මාර්ගයේ අම්බලන්ගොඩදී දුම්රියක ගැටී මිය ගොස් ඇති බව අම්බලන්ගොඩ පොලීසිය කියයි.
Read More