saravita-anim2

2025 අප්‍රේල් මස 29 වන අඟහරුවාදා

2025 අප්‍රේල් මස 29 වන අඟහරුවාදා

Latest News - timelapse 234 hours ago

LATEST

ඊශ්‍රායෙල් රැකියාවට ගිය ඇතැම් ලාංකිකයන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවෙලා

calendar_today 2025 මාර් 06 - 18:02 remove_red_eye - 1058  

ඊශ්‍රායලයේ මත්ද්‍රව්‍ය වෙළඳාම නීතිගත කර ඇති හෙයින් මත්ද්‍රව්‍ය ලබාගැනීමේ වැඩි ඉඩක් පවතින බවත්, එරට වෙසෙන ඇතැම් ශ්‍රි ලාංකිකයින් අයිස්, මරිජුවානා වැනි මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී මානසික ව්‍යාකූල තත්වයෙන් සිටන බවත්, ඊශ්‍රායලයේ ශ්‍රි ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පවසයි.

රජයේ ඉඩමක් ව්‍යාජ ඔප්පු සකසා පෞද්ගලික අංශයට විකිණීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ඇතුළු සැකකරුවන් තිදෙනා ලබන 17 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

Read More

2025 පළාත් පාලන මැතිවරණය සදහා මාතලේ දිස්ත්රිඩක්කයේ පළමු ඇප මුදල් තැන්පත් කිරිම අද (06)දා පෙරවරුවේ ස්වාධීන කණ්ඩායමක් විසින් සිදු කළ බව දිස්ත්රි්ක් මැතිවරණ කාර්යාලය කියයි.

Read More

ජාත්‍යන්තර සෞඛ්‍ය සේවා සඳහා වූ කොරියානු පදනම (KOFIH) විසින් ක්‍රියාත්මක කරනු ලබන ’’මෙරට ජීව වෛද්‍ය ඉංජිනේරු සේවාවේ ධාරිතා වර්ධන’’ ව්‍යාපෘතිය යටතේ ඇමරිකානු ‌ඩොලර් මිලියන 7.2 (ඇමරිකානු ඩොලර් 7,200,000) ක පරිත්‍යාගයන් ලබාදීමට කටයුතු කර ඇත.

Read More

2025 වසරේ මේ දක්වා දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වෙඩි තබා ගැනීමේ සිද්ධීන් 19 ක් වාර්තා වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශ කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිවේදී බුද්ධික මනතුංග මහතා පැවසීය.

Read More

දරුකමට හදා වඩා ගනු ලැබූ ළමයෙකු වධ හිංසාවට ලක්කර මරණයට පත් කිරීමේ චෝදනාවකට වරදකරු වූ යුවලකට කොළඹ මහාධිකරණය මරණ දඬුවම නියම කර තිබේ.

Read More

සංචාරක ආකර්ශනය දිනාගත හැකි තැපැල් කාර්යාල සංචාරක ආකර්ශනයේ මධ්‍යස්ථාන බවට පත් කිරීමේ වැඩපිළිවෙලක් දියත් කරන බව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

Read More

ප්‍රසිද්ධ චිත්‍රපට අධ්‍යක්ෂවරයකු වසර හයක පමණ සිට පන්නිපිටිය බෝගහවත්ත ප්‍රදේශයේ කුඹුරු යායක් අනවසරයෙන් ගොඩ කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් විමර්ශනය සඳහා පාර්ලිමේන්තු පෙත්සම් කාරක සභාවට යොමු කළ බව මහරගම සම්බන්ධීකරන කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර මහතා පවසයි.

Read More

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ (05) පැවැත්විණි.

Read More

මිද්දදණියේදි පියෙකු හා කුඩා දරුවන් දෙදෙනෙක් වෙඩි තබා ඝාතකනය කිරිමේ සිදුවිමට සම්බන්ධව මේ වන විට පුද්ගලයන් 10 දෙනෙකු අත්අඩංගුවට ගෙන අති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

Read More

දංඕවිට පොලිස් වසමේ නුවර - කොළඹ ප්‍රධාන මාර්ගයේ වේවැල්දෙණිය ප්‍රදේශයේ දංඕවිට පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් ක්ෂණික මාර්ග බාධක යොදා රථවාහන පරීක්ෂා කිරීමේදී නුවර දෙස සිට කොළඹ දෙසට ධාවනය වූ කාර් රථයක් නවතා පරීක්ෂා කර ඇත.

Read More

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හා ලංකා විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් අතර සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ (05) පැවැත්විණි.

Read More

මාන්කුලම් පොලිස් වසමේ කට්කුවාරි ප්‍රදේශයේදී කුඩා පිරිමි දරුවෙකු පෙරේදා (04දා) ඖෂධ පෙති වර්ගයක් පානය කිරීමෙන් අසනීප වී කිලිනොච්චිය රෝහලට ඇතුලත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී එදින සවස් කාලයේ මියගොස් ඇති බවට මාන්කුලම් පොලිසියට ලද පැමිණිල්ලක් අනුව විමර්ශනයක් ආරම්භ කර ඇත.

Read More

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. කිරිබත්ගොඩ පිහිටි රජයේ ඉඩමක් ව්‍යාජ ඔප්පු සකස් කර පෞද්ගලික අංශයට විකිණීමේ චෝදනා යටතේ ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

පාකිස්ථානු නාවික හමුදාවට අයත් ‘PNS ASLAT’ නෞකාව නිල සංචාරයක් සඳහා අද (2025 මාර්තු 05) උදෑසන කොළඹ වරායට සේන්දු වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි.

Read More

මිද්දෙණිය වීර කැටිය මාර්ගයේ ගල් පොත්ත යාය, ඕකන්ද යායට හැරෙන හන්දිය අසලදී සිදු වූ තිත්ව ඝාතනයේ ප්‍රධාන සැකකරු කටුවන දී අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය කියයි.

Read More

මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු ආනයනික තිරිගු පිටි ටොන් 750 ක් සහිත අසුරන 30000 ක් වත්තල , උස්වැටකෙයියාව ප්‍රරදේශයේදී අද (5) අත් අඩංගුවට ගනු ලැබූ බව පාරිභෝගික කටයුතු අධිකාරිය සදහන් කරයි.

Read More

කොළඹ සිට පිදුරුතලාගලට යතුරුපැදියක නැගී නිර්වස්ත්‍රව ගමන් කිරීමට උත්සාහ කිරීමේ දී කඩුගන්නාව පොලීසිය මගින් අත්අඩංගුවට ගත් පුද්ගලයා අද (05) මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ඔහු බන්ධනාගාර අධිකාරිවරයා හරහා මානසික වෛද්‍යවරයෙකුට ඉදිරිපත් කරන ලෙස නියෝග කරමින් මේ මස 19 වැනි දින දක්වා නැවත රක්ෂිත බන්ධනාගාරගත කළේය.

Read More

රිමාන්ඩ් භාරයේ සිටින රැඳවියන්ට මැතිවරණවලදී ඡන්දය ප්‍රකාශය කිරීමට අවස්ථාව සලසාදීමේ වැඩ පිළිවෙලක් සකස් කිරීමට ඇති හැකියාව පිළිබඳව කරුණු අධ්‍යයනය කරමින් සිටින බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට අද (05) දැනුම් දුන්නේය.

Read More

විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතාගේ උපදෙස් මත ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් සංවිධානය කල“විශේෂ මහජන දිනය”වැඩසටහන ඊයේ (4) කාර්යාංශයේ දි පැවැත්විණි. මෙම අවස්ථාව සදහා විශාල පිරිසක් එක්වි සිටියේය. එම ගැටලු විසදිම සදහා නියෝජ්‍ය අමාත්‍යවරයා සමග කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ ඇතුලු අදාලව විදේශ කටයුතු අමාත්‍යාංශයේ හා කාර්යාංශයේ විවිධ අංශවල නිලධාරින් කටයුතු කළේය.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා විසින් ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති ආචාර්ය තිලක් සියඹලාපිටිය මහතා සම්බන්ධව ක

Read More

පාතාල කල්ලි නායක ගනේමුල්ල සංජීවගේ ඝාතනය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය මගින් සිදු කරන විමර්ශනවලට අදාළව මේ වන විට රැඳවියන් 6 කු ඇතුළු පුද්ගලයන් 47 කුගෙන් ප්‍රකාශ ලබාගෙන ඇතැයි ජ්‍යෙෂ්ඨතම පොලිස් නිලධාරියකු පැවසීය.

Read More

රාජ්‍ය බුද්ධි සේවයේ නැගෙනහිර පළාත භාර සහකාර පොලිස් අධිකාරි නිලංග හේරත් මහතා ගමන් ගත් සුඛෝභෝගී මෝටර් රථය දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝමීටර 39 දශම 3 දොඩංගොඩ ප්‍රදේශයේ නවතා තිබූ තවත් සුඛෝභෝගී මෝටර් රථයක ගැටීමෙන් එම මෝටර් රථයේ රියදුරු මිය ගොස් සහකාර පොලිස් අධිකාරීවරයා ඇතුළු තිදෙනකු තුවාල ලැබූ බව දක්ෂිණ අධිවේගී රථවාහන පොලිසිය කියයි.

Read More

ගන්දර කපුගම ප්‍රදේශයේ පාලු ඉඩමක සගවා තිබු මෝටර් රථයක් ඊයේ (04) සොයා ගත් බව ගන්දර පොලීසිය පවසයි.

Read More

බෙල්ලන්විල ඇසළ පෙරහැර පැවැත්වීමේදී මතුවන විශාල ප්‍රශ්ණයක් වන්නේ පෙරහැර ගමන්මග ඉතා පටුවීමයි. එය දැඩි දුෂ්කරතාවයක් වන අතර පෙරහැර සාර්ථක කිරීම සඳහා සියලුදෙනාම අධිෂ්ඨානයෙන් කටයුතු කළයුතු යැ’’යි බෙල්ලන්විල රාජමහා විහාරාධිපති සිංගප්පූරුවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය බෙල්ලන්විල ධම්මරතන හිමියෝ පැවසූහ. මෙවර මහ පෙරහැර ලබන අගෝස්තුමස 16 වැනිදින පැවැත්වීමට පෙරහැර කමිටුව කටයුතුකර ඇත.

Read More

ජනතාවාදී රජයක් ලෙස වත්මන් රජයේ ප්‍රමුඛතම අරමුණක් වන්නේ ඉදිරි වසර පහ තුළ දී මෙරට ජීවත්වන වයස අවුරුඳු 40 ට වැඩි සෑම පුරවැසියෙක් ම වසරක් හෝ දෙවසරක් වැනි යම් නිශ්චිත කාල සීමාවක් තෝරාගෙන එම කාලය තුළ දී වෛද්‍ය පරීක්ෂණයන්ට භාජනය කිරීමයි.

Read More

රුපියල් පන් කෝටි විසි ලක්ෂයක් වටිනා කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් රැගත් ඉන්දිය ජාතික ගුවන් මගියෙකු 03/05 දින අලුයම කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .

Read More

තීරුබදු රහිතව ගෙන්වා ව්‍යාජ අංක තහඩු සවි කර භාවිතා කරන ලද වාහන සන්තකයේ තබා ගත් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව පැල්මඩුල්ල පොලීසිය පවසයි.

Read More

ගාල්ල, මාතර, කළුතර හා රත්නපුර දිස්ත්‍රික්කවල සවස් කාලයේදි හෝ රාත්‍රී කාලයේදි ස්ථාන ස්වල්පයක වැසි හෝ ගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

Read More

කෝවිඩ් සහ ආර්ථික අර්බුදය හේතුවෙන් පරිපාලන සේවාවලට අදාළ විභාගවලට පෙනී සිටීමේ වයස පිළිබඳ ගැටලුවක් මතුව තිබෙන බවත්, ඒ අනුව මෙම විභාගවලට පෙනී සිටීමේ වයස අවු. 28 සිට අවු. 30 දක්වා ඉහළ දැමීමට කටයුතු කළ යුතු බවත් රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය ඒ.එච්.එම්.එච්.අබයරත්න මහතා පැවසීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.