saravita-anim2

2025 ජනවාරි මස 19 වන ඉරිදා

2025 ජනවාරි මස 19 වන ඉරිදා

Latest News - timelapse 189 hours ago

LATEST

මී උණ පැතිරීමේ අවධානමක්

calendar_today 2024 දෙසැ 07 - 12:45 remove_red_eye - 98  

අයහපත් කාලගුණයත් සමග පසුගියදා ඇති වූ ගංවතු තත්ත්වය හේතුවෙන් මී උණ පැතිරීමේ අවධානමක් මතුව තිබෙන බව සෞඛ්‍ය බලධාරීන් පැවසීය.

නැගෙනහිර තරංගාකාර කැළඹිලි ස්වභාවය ඉදිරි දිනවලදී දිවයිනේ කාලගුණ තත්ත්වය කෙරෙහි බලපෑම් ඇති කිරීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

Read More

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවන දිනය සඳහා වන තරගය අද (07දා) පැවැත්වේ.

Read More

තම දියණිය ඝාතනය කර වැසිකිළිවලට දැමූ පියෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. ගම්පහ මාකෙවිට ප්‍ර දේශයේදී මෙම සිදුවිම සිදුව තිබේ. උකස් කරන ලද මාලයක් බේරා ගැනිම වෙනුවෙන් මව දියණියට ලබාදුන් මුදල් මත්ලෝලි පියා විසින් දියණියගෙන් ඉල්ලා තිබේ.

Read More

ඩිජිටල් ආර්ථිකයක් ඇති කිරීම සඳහා සහභාගී වන ලෙස සියලු වෘත්තීයවේදීන්ට ආරාධනා කරනවා ඩිජිටල් ආර්ථිකය මඟින් ඉදිරි වසර පහ ඇතුළත ඇමෙරිකානු ඩොලර් බිලියන 15ක ආදායමක් අපේක්ෂා කෙරේ – ඩිජිටල් ආර්ථික අමාත්‍ය ධුරයේ වැඩ භාර ගනිමින් ජනපති පවසයි

Read More

බීමත්ව රිය පදවා අනතුරක් කිරීම සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා කොල්ලුපිටිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

තමාට සහල් සඟවා තබා ගැනිමට කිසිඳු උවමනාවක් නොමැති බවත් කිසිම බැංකුවකින් පොලී නොමැතිව ණය මුදල් ලබා නොදෙන බවත් රත්න සහල් අධිපති ලංකේෂ්වරගේ මිත්‍රපාල මහතා පැවැසිය.

Read More

2025 වස‍රේ පළමු මාස 4 සඳහා වන ආණ්ඩුවේ අතුරු සම්මත ගිණුමට අදාළ යෝජනා සම්මතය අද (06) පාර්ලිමේන්තුවේදී ඡන්ද විමසීමකින් තොරව සම්මත විය.

Read More

කොළඹ ඇතැම් ප්‍රදේශවල පොල් බෑයක් රුපියල් 100-120 ත් අතර මිලකට අලෙවි කරයි. පොල් මිල තවදුරටත් ඉහළ යනු ඇතැයිද වෙළෙඳපොළ ආරංචිමාර්ග පවසයි. පොල් අස්වනු නෙළීම අඩුවීම, පොල් ආශ්‍රිත අපනයන සඳහා පොල් වැඩි වශයෙන් යොදා ගැනීමත් නිසා මෙලෙස පොල් මිල ඉහල යාමට බලපා තිබේ.

Read More

වෘත්තීය අයිතිවාසිකම් කප්පාදු කිරීම හෝ වෘත්තීය සමිති මර්දනය කිරීම නව රජයේ ප්‍රතිපත්තිය නොවන බවත්, සියලු වෘත්තීන් වල වෘත්තීමය ගරුත්වය ආරක්ෂා කරමින් හැකි අයුරින් වෘත්තීය සමිතිවල සාධාරණ ඉල්ලීම් ඉටු කිරීමට තම රජය කැපවන බවත්, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

Read More

පදවිය - බෝගහවැව ප්‍රදේශයේ නිවසක ජීවත්වූ කාන්තාවකට යතුරුපැදියකින් පැමිණි නාදුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් ඊයේ (05) දා රාත්‍රයේ ඩිතබා පලාගොස් ඇත.

Read More

වඳවීයාමේ තර්ජනයට ලක්ව ඇති මෙරටට අවේණික සත්ව විශේෂ සුරැකීමේ අරමුණින් පිහිටවූ පින්නවල සත්වෝද්‍යානයේ සිටින මෙරටට ආවේණික ගැහැණු හා පිරිමි වලසුන් දෙදෙනා සහ දිවියන් පස්දෙනා අතර පවතින වයස් පරතරයන් ඇතුළු නොගැලපීම් හේතුවෙන් ඔවුන්ගේ පැටවුන් බිහිවී නොමැති බව ජාතික විගණන කාර්යාලය ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව වෙනුවෙන් නිකුත්කළ විගණන වාර්තාවක් මගින් අනාවරණය කරයි.

Read More

එළැඹෙන 09, 10, 11, 12 වැනි දිනයන් වල නැවත වරක් වැසි තත්ත්වයේ වර්ධනයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා අද (05) පැවැසීය.

Read More

රජයේ තීරණයට අනුව වරායට ගොඩබාන සහල් පැය හතරක් තුළ රේගු කටයුතු අවසන් කර නිදහස් කිරීමට කටයුතු කරන බව රේගු දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

පසුගිය රජය සමයේ මත්පැන් බලපත් ලබාදීමේ චෝදනාව සම්බන්ධයෙන් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ විසින් එළඹෙන සතිඅන්තයේදී සවිස්තරාත්මක ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතය.

Read More

2025 ජනවාරි 01 වැනිදා සිට 2025 අප්‍රේල් 30 වැනිදා දක්වා මාස 04ක් සඳහාරජයේ වියදම් ඇතුළත්රුපියල් බිලියන 1,402ක (රු.1,402,886,263,000) අතුරු සම්මත ගිණුම සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා අද (05දා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

Read More

විදුලි ගාස්තු සංශෝධනය කිරීම සඳහා වූ යෝජනාව අද (06දා) විදුලිබල ක්ෂේත්‍ර නියාමක වෙත යොමු කිරීමට නියමිතය. සියලු ගණන් බැලීම් සිදු කර, පාරිභෝගිකයාට සාධාරණ ගාස්තු සංශෝධනයක් ඉදිරිපත් කිරීමට නියමිත බවද විදුලිබල මණ්ඩලය සඳහන් කරයි.

Read More

පුනර්ජනනීය බලශක්ති ප්‍රභව කෙරෙහි විශේෂ අවධානය යොමු කරන ලෙස ජනපති ගෙන් උපදෙස් ගිවිසුම්ගත ව්‍යාපෘති නැවත සමාලෝචනය කර ඵලදායී ව්‍යාපෘති කඩිනමින් ආරම්භ කරන්න

Read More

බටපොළ පොලීසියේ රථවාහන අංශය විසින් රත්ගම පොලීසියේ සේවය කළ පොලිස් කොස්තාපල්වරයෙකුට එරෙහිව පවරා තිබූ රථවාහන නඩුවෙන් පොලිස් කොස්තාපල්වරයා සියලුම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන ලෙස බළපිටිය මහේස්ත්‍රාත් ආර්.ඩී.ජනක මහතා අද (05දා) නියෝග කළේය.

Read More

ඔන්ලයින් ක්‍රමවේදය ඔස්සේ දුම්රිය ආසන වෙන්කර ගැනීමේදී ජාතික හැඳුනුම්පත් අංකය හෝ විදේශ ගමන් බලපත්‍ අංකය ඇතුළත් කිරීම අනිවාර්ය කර තිබේ.

Read More

යාපනය සහ කයිට්ස් දුම්කොළ ගොවීන්ගෙන්ගෙන් දුම්කොළ ලබාගෙන රුපියල් කෝටි 6කට ආසන්න මුදලක් වංචා කර, අධිකරණ මගහැර සිටි ව්‍යාපාරිකයෙකු වවුනියාව බස් නැවතුමේදී යාපනය විශේෂ අපරාධ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගනු ලැබීය.

Read More

වඩා හොඳ රාජ්‍යයක් ගොඩනැඟීමේදී මාධ්‍ය එහි පිටස්තරයන් නොව කොටස්කරුවන් ලෙස සලකනවා ජනපති විද්‍යුත් මාධ්‍ය ආයතතන ප්‍රධානීන් සමඟ පැවති හමුවේදී කියයි

Read More

සුරාබදු බලපත්‍ර ලබාදීමේ දී විධිමත් ක්‍රමවේදයක් අනුගමනය කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරින්ට උපදෙස් දුන්නේය.

Read More

ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව සතු රිදියගම සෆාරි උද්‍යානයයේ සිටියදී ඉකුත් වසර මුලදී විෂ ශරීර ගතවීමකින් බෙංගාලි ව්‍යාඝ්‍රයකු හදිසියේ මියයාම පිළිබඳ විමර්ශන කටයුතු තවමත් අවසන් කර නැතැයි ජාතික විගණන කාර්යාලය විගණන වාර්තාවකින් අනාවරණය කරයි.

Read More

මහවිරු සැමරුම පිළිබඳව සමාජ මාධ්‍යන් ඔස්සේ අසත්‍ය ප්‍රචාරයන් පළ කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගනු ලැබූ රේණුක පෙරේරා මහතා ඇප මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා නියෝග කළේය .

Read More

මැදපෙරදිග ලෙබනන - ඊශ්‍රායල යුද්ධය නිසා අසරණ වූ ලෙබනනයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 27 දෙනෙකු 12/04 දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.

Read More

අංක තහඩු නොමැති වාහනයක් සන්තකයේ තබා ගැනීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ සහ ඔහුගේ බිරිඳ වන රෂී ප්‍රභා රත්වත්තේ අද (05) ඇප මත මුදාහැරුණි.

Read More

නව ආයෝජන අවස්ථා ලබාදීමේදී දේශපාලන හිතවත්කම් මත එම අවස්ථා ලබාදීම ආදී කිසිදු ආකාරයේ දේශපාලන බලපෑමක් මින් ඉදිරියට සිදු නොවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

Read More

පකිස්තානයේ පැවති 04 වන දෘශ්‍යාබාධිත විස්සයි විස්ස ලෝක කුසලාන ශූරතා තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම එම තරගාවලියේ තුන් වන ස්ථානය දිනා ගෙන 12/05 දින අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ .

Read More

වන සතුන්ගෙන් වගාවලට සිදුවන හානිය ශ්‍රී ලංකාවේ බරපතල ප්‍රශ්නයක් පැන නැගී ඇති බවත් මේ වන විට රිලවුන්ගෙන් වගා වලට සිදුවන හානිය රිලා ත්‍රස්තවාදයක් බවට පත්ව ඇති බවත් කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා පැවැසීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.