saravita-anim2

2025 ජනවාරි මස 19 වන ඉරිදා

2025 ජනවාරි මස 19 වන ඉරිදා

Latest News - timelapse 180 hours ago

LATEST

දෙවැනි ටෙස්ට් තරගයේ ජයත් දකුණු අප්‍රිකාවට

calendar_today 2024 දෙසැ 09 - 15:22 remove_red_eye - 195  

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමගින් පැවැති දෙවැනි ටෙස්ට් තරගයද ලකුණු 109කින් ජය ගැනීමට සත්කාරක දකුණු අප්‍රිකා කණ්ඩායම සමහත්විය. ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 348ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට සියලු දෙනා දැවී රැස්කළ හැකිවූයේ ලකුණු 238ක් පමණි.

අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලොහාන් රත්වත්තේ මහතා ඇප මත මුදා හැර තිබේ.

Read More

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකා කණ්ඩායම අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ පස්වන දිනය සඳහා වන තරගය මේ වන විට ආරම්භ වී තිබේ.

Read More

රුපියල් මිලියන දෙලක්ෂ හයදහසක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් දෙසැම්බර් 11දා පවත්වන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.

Read More

බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ විශේෂ සිර මැදිරියක රඳවා සිටින පොඩි ලැසි නමැති දරුණු ඝනයේ රැඳවියා නාන ස්ථානයේ හා සිර මැදිරිය පිටුපස තිබී ජංගම දුරකථනයක් ඇතුලු උපාංග රැසක් ඊයේ (8) අත් අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය කියයි.

Read More

දුම්රිය ගමන් වාර 10,571 ක් අවලංගු කිරීමට සිදුව තිබූ බවත් නියමිත වේලාවට ධාවනය වී නොතිබුණ ගමන් වාර ප්‍රමාණය 70% ක් බවත් එම විගණන වාර්තාව මගින් පෙන්වා දී තිබේ.

Read More

තේ පර්යේෂණ මණ්ඩලය මගින් තේ පර්යේෂණ කටයුතු සඳහා රුපියල් 12,554,583 ක මුදලක් වැයකර ඉන්දියාවෙන් මිලදීගත් යන්ත්‍රයක් වසර හතක් තිස්සේ කිසිදු පර්යේෂණයකට යොදා ගැනීමට නොහැකිව නිෂ්කාර්යව පවතින බව ජාතික විගණන කාර්යාලය අනාවරණය කරයි.

Read More

ගිණිකොණදිග බෙංගාල බොක්ක මුහුද ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය බටහිර-වයඹ දෙසට ගමන් කාරමින් දෙසැම්බර් 11 වන දින පමණ ශ්‍රී ලං කා -තමිල්නාඩු වෙරළට ඔබ්බෙන් නිරිත දිග බෙංගාල බොක්ක වෙත ළගා විමට බොහෝ දුරට ඉඩ ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මේ අනුව එම පද්ධතියේ බලපෑම හේතුවෙන් දෙසැම්බර් 10 දින සිට උතුරු හා නැගෙනහිර පළත්වල වැසි තත්ත්වයේ වැඩි වීමක් අපේක්ෂා කරන බවත් දිවයින් හරහා ඊසාන දිග මොසම් තත්ත්වයද ක්‍රමයෙන් ස්ථාපිත වෙනු ඇතැයි එම දෙපාර්තමේන්තුව

Read More

නාවික හමුදාවේ 74 වන සංවත්සරයට ‍2සමගාමීව නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ නිර්දේශය මත විවිධ තරාතිරම් වලට අයත් ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නාවිකයින් 2138 ක් 2024 දෙසැම්බර් මස 09 වැනි දින සිට උසස් කිරීමට කටයුතු කෙරිණි.

Read More

2024 වර්ෂය සඳහා රජය විසින් අපේක්ෂිත ආදායම රුපියල් බිලියන 4107 ලෙසත් බදු ආදායම රුපියල් බිලියන 3,820 ලෙසත් අපේක්ෂා කරනු ලැබූ බව 2024 වර්ෂය සඳහා වූ අය වැය ලේඛනයෙහි දක්වා ඇතැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යායන පිළිබඳ මහාචාර්ය වසන්ත අතුකෝරාල මහතා සමඟ පෙරේදා (07දා) සඳහන් කළේය.

Read More

පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මෙරට ලුණු නිෂ්පාදනය පසුගිය වසරේ සහ මේ වසරේ සියයට 40කින් පමණ පහළ ගොස් ඇති බව වාර්තා වේ. මෙරට ලුණු නිෂ්පාදනය අඩු වීම සම්බන්ධයෙන් සොයාබැලීමට කටයුතු කරන බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍යාංශය පවසයි.

Read More

වතුකරයේ ජනතාවට හැටන් සතොස ශාලාව වෙතින් නාඩු සහල් කිලෝවක් රු 220 ක සිල්ලර මිලකට (08) දින සිට අලෙවි කරනු ලබයි.

Read More

කොරියාවේ වසර පහක් සේවය කර මෙරටට පැමිණි පුද්ගලයෙකුගේ ඩොලර් 9800ක් රුපියල් (28,91000) ක් සහ සිගරට් පැකට් 10 ක් සොරකම් කිරිමේ සිද්ධියක් සම්බන්ධව ලැබුණු පැමිණිල්ලලක් මත සිදු කරන විමර්ශණයකින් පසු අදාල මුදල් සමඟ සැකකරුවෙකු අත් අඩංගුවට ගත් බව රත්නපුර පොලිසිය පවසයි.

Read More

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ වී ගබඩා සහ සහල් මෝල් පරීක්ෂා කොට ඔවුන් සතුව පවතින වී තොග සම්බන්ධව සහ දිනපතා ඔවුන් විසින් වෙළඳපොළට නිකුත් කරනු ලබන සහල් ප්‍රමාණයන් පිළිබඳව තොරතුරු ලබාගැනීම සඳහා පාරිභෝගික අධිකාරියේ විශේෂ විමර්ශන නිලධාරීන් කණ්ඩායමක් අද පොළොන්නරුවේ ප්‍රධාන පෙළේ සහල් මෝල් විශේෂ පරීක්ෂාවකට ලක් කළේය.

Read More

කෘෂිකර්ම, පශු සම්පත්‍, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේ මහජන දිනය සෑම මසකම පළමුවැනි සඳුදා දින පැවැත්වෙන බව එම අමාත්‍යාංශය සඳහන් කරයි.

Read More

හිඟයකින් තොරව බිත්තර වෙළෙඳ පොළට නිකුත් කිරීමට බිත්තර නිෂ්පාදකයින් කටයුතු කරන බව ශ්‍රී ලංකා සත්ත්ව නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති අජිත් ගුණසේකර මහතා පවසයි.

Read More

මහනුවර ජාතික රෝහලේ දහ අට වසරක් පුරා රෝගීන් ලක්ෂ සංඛ්‍යාවකට සහ වෛද්‍ය සිසුන් විශාල පිරිසකට සේවාව සැපයූ සී.ටී. ස්කෑන් යන්ත්‍රය එම රෝහලේ වෛද්‍යවරුන්, විකිරණ ශිල්පීන්, හෙදියන් ඇතුළු කාර්ය මණ්ඩලයේ ගෞරවාදරය මැද සේවයෙන් විශ්‍රාම ගැන්වීම සිදු කෙරුණි.

Read More

යාපනයේ ක්‍රියාත්මක වූ ආවා කල්ලියේ නායකයා බව කියන ලාංකිකයෙක් කැනඩා ආරක්‍ෂක අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

සංචාරක ඉන්දීය කණ්ඩායමට එරෙහිව පැවති දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් කඩුලු 10ක් විශිෂ්ඨ ජයක් අත් කර ගැනීමට ඕස්​ට්‍රේලියානු කණ්ඩායම අද (08දා) සමත් විය.

Read More

අයහපත් කාලගුණ තත්ත්වයෙන් පීඩාවට පත්වූ මෙරට ජනතාව සඳහා බෙදාහැරීම වෙනුවෙන් රුපියල් මිලියන 300ක පමණ වටිනාකමින් යුතු ආධාර තොගයක් ජපාන රජය විසින් මෙරටට ලබාදී තිබේ.

Read More

ජනප්‍රිය ගායන ශිල්පී අමල් පෙරේරා මහතාගේ පුත් වන නදිමල් පෙරේරාට පානදුර හෝටලයකදී පහරදුන් පුද්ගලයෙකු සහ ගැටුම මැඩපැවැත්වීමට ගිය පොලිස් නිළධාරින්ට බාධාකල පුද්ගලයකු අත්අඩංගුවට ගත්බව පානදුර උතුර පොලිසිය පවසයි.

Read More

වන අලි ගැටලුවට විසඳුම් ලබා නොදෙන්නේ නම් තමන් ඉදිරියේදී වගා කටයුතු වලින් ඉවත්වන බව මහවිලච්චිය ප්‍රදේශයේදී ගොවීහු පවසති.

Read More

වගාවට හානී කරන සතුන් පිළිබදව වගාව භූමිය තුලදී ගොවියා ගත යුතු ක්‍රියා මාර්ගය කුමක්ද යන්න පිළිබදව චක්‍රලේකනයක් මගින් නිසියාකාරව කෘෂිකර්ම අමත්‍යවරයා ප්‍රකාශයක් සිදු කල යුතු බවත්, තම වගාවට හානි සිදු කලත් , එම සත්වයා මරා දමන්න තරම් ගොවියා දුර්වල හා පව්කාර තත්ත්වයට පත්ව නැති බව ගොවි නායකයින් පිරිසක් පැවසූහ.

Read More

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ඝාතනය කිරීම සඳහා වෙස් වලාගෙන පැමිණ එය ඉටු නොවූ තැන ඔහුගේ බිරිඳ සහ බිරිඳගේ මව දනගස්වා රන් භාණ්ඩ ඇතුළු දේපළ කොල්ලකෑ ඒ. එස්. පි. නැමැති අන්වර්ථ නාමයෙන් හඳුන්වන අපරාධකරු ඇතුළු සිව් දෙනෙකු පැය කිහිපයක් තුළදී අත්අඩංගුවට ගත් බව මොරටුමුල්ල පොලිසිය කියයි

Read More

වත්මන් රජය ගෙන යන දූෂණ විරෝධී වැඩපිළිවෙළට ඕනෑම අවස්ථාවකදී සහයෝගය ලබාදෙනවා දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ එක්සත් ජනපද සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලු මහතා කියයි

Read More

නාඩු තොග 225යි, සිල්ලර 230යි පිළිනොපදින අයට දැඩි ක්‍රියාමාර්ග ජනපති අවධාරණය කරයි – සුදු කැකුළු කිලෝවක් රුපියල් 215ක තොග මිලටත්, 220ක සිල්ලර මිලටත් පාරිභෝගික ජනතාවට – ආනයනික නාඩු සහල් කිලෝවක සිල්ලර මිල රුපියල් 220 යි – සම්බා කිලෝවක තොග මිල රුපියල් 235යි, සිල්ලර මිල රුපියල් 240යි – කීරි සම්බා කිලෝවක තොග මිල රුපියල් 255 යි, සිල්ලර මිල රුපියල් 260යි

Read More

දකුණු අප්‍රිකා කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු ඉනිම ලකුණු 328කට සීමා කිරීමට දකුණු අප්‍රිකා පන්දු යවන්නන් සමත් විය.

Read More

අත්අඩංගුවට ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලොහාන් රත්වත්තේ මහතා ලබන 09 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

Read More

දකුණු අප්‍රිකා සීමිත පන්දුවාර කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ලෙස කටයුතු කළ ජේ.පී.ඩුමිනි එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

Read More

අයහපත් කාලගුණයත් සමග පසුගියදා ඇති වූ ගංවතු තත්ත්වය හේතුවෙන් මී උණ පැතිරීමේ අවධානමක් මතුව තිබෙන බව සෞඛ්‍ය බලධාරීන් පැවසීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.