saravita-anim2

2025 අප්‍රේල් මස 29 වන අඟහරුවාදා

2025 අප්‍රේල් මස 29 වන අඟහරුවාදා

Latest News - timelapse 191 hours ago

LATEST

අද සාකච්ඡා අසාර්ථක වුණොත් හෙට වර්ජනයක්

calendar_today 2025 මාර් 17 - 07:31 remove_red_eye - 287  

අයවැයෙන් කප්පාදු කිරීමට යෝජනා කර තිබෙන සෞඛ්‍ය සේවකයන්ගේ දීමනා ගැටලුව සම්බන්ධයෙන් අද (17දා) පැවැත්වෙන සාකච්ඡා අසාර්ථක වුවහොත් හෙට (18දා) උදේ 8.00 සිට පැය 24 ක වැඩවර්ජනයක් සිදුකරන බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය සඳහන් කරයි.

ඊයේ (15දා) සවස එක් මවකට සිසේරියන් සැත්කමක් හදිසියේම සිදු කළ අතර, එම මවට නිවුන් දරුවන් දෙ‍දෙනෙකු හමුවී තිබේ. මෙම දරුවන් දෙදෙනාම සති 30ක් වයසැති දරුවන් බව සඳහන් කළේය. එම සැත්කම සාර්ථකව අවසන් වූ පසු ඉන් පැය දෙකකට පසුව සමන්තුරේ රෝහලේ සිට අම්පාර මහ රෝහලට එවන ලද මවකට හදිසි සිසේරියන් සැත්කමක් සිදු කළ අතර, එම මවට තුන් නිවුන් දරුවන් හමුවී තිබේ. එම දරුවන් සති 29 වයසැති දරුවන් වූ බවද ප්‍රසව සහ නාරි විශේෂඥ වෛද්‍ය තරිඳු එදිරිසූරිය මහතා පැවසීය.

Read More

මේ වසරේ ජනවාරි 01වන දින සිට මේ මස 15වන දින දක්වා කාලය තුළදී මාරක රිය අනතුරු 412කින් පුද්ගල මරණ 431ක් සිදුව තිබෙන බව වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී නීතිවේදී එෆ්.යූ. වුට්ලර් මහතා සඳහන් කළේය.

Read More

දේශීය ආදයම් (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය මාර්තු 20 ප.ව 6.00 සිට 8.00 දක්වා - පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කරයි

Read More

ඇල්ල කරදගොල්ල 20 කනුව ප්‍රදේශයේ නායයාමක් සක්‍රිය වීම නිසාවෙන් නායයාමේ අවධානම මත තාවකාලිකව රාත්‍රි කාලයේ වසා දැමූ ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ එක් මංතීරුවක් අද (16) සිට දවසපුරාම විවෘත කර තබන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි .

Read More

බටලන්ද ගැන අලගිය, මුලගිය, වැලගිය තැන් සේරම දන්න කෙනෙක් තමයි රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා. බටලන්ද ගැන රනිල් වික්‍රමසිංහ අද නෙවෙයි ප්‍රකාශ කරන්න තිබුණේ. පසුගිය අවුරුදු 35ම තිබුණා ඔහුට බටලන්ද ගැන කියන්න. අල් ජසීරා එකේ මේ සිදුවීම උඩට අරගෙන රනිල්ගෙන් මේක ප්‍රශ්න කරනතාක් කල් රනිල් මුකුත් කියන්න ආවේ නෑනේ බටලන්ද ගැන. ඉතින් අපි දැන් කියපු හැටියෙම මේ ගැන පාර්ලිමේන්තුවේ සභාගත කළා.

Read More

මෙවර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ඇති විය හැකි අනපේක්ෂිත කාලගුණික තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින් මෙවර ද සාමාන්‍ය පෙළ විභාගය පවත්වා ගෙනයාම සදහා අවධානය යොමුකරමින් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ විභාග දෙපාර්තමේන්තුව එක්ව විශේෂ ඒකාබද්ධ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.

Read More

අප්‍රේල් මස පැවැත්වීමට නියමිත දළදා දැක්මට පැමිණිතයි අපේක්ෂිත විශාල බැතිමතුන්ගේ අවශ්‍යතාවය මත මල්වතු අස්ගිරි මහ නාහිමිවරුන්ගේ අවසරය පරිදි තවත් දින කිහිපයකින් එය දීර්ඝ කර ගැනීමට රජයට අදහසක් ඇති බව බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා පවසයි.

Read More

උඩරට දුම්රිය මාර්ගයේ පිහිලි පැනිමට ලක්වු දුම්රිය නැවත පිහිලි ගත කිරිමෙන් පසු උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්වයන්ට පත්ව ඇති බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසයි.

Read More

වැලිගම පැලෑන ඩබ්ලිව් 15 හෝටලය ඉදිරිපිට වෙඩි තැබීමේ සිද්ධියේ සැකකරුවකු ලෙස නම්කර සිටින පොලිස්පති ධූරයේ වැඩ අත්හිටුවන ලද දේශබන්දු තෙන්නකෝන් මහතාව අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් 6 ක් විමර්ශන සිදු කරනු ඇතැයි පොලිසිය සඳහන් කරයි.

Read More

වැලිගම ප්‍රදේශයේදී සිදු වූ වෙඩි තැබීමට අදාළව කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානයේ ස්ථානාධිපති ඇතුළු සැකකරුවන් 06 දෙනා අත්අඩංගුවට නොගන්නා ලෙස නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී ඇති බව පොලිස්නි මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කරයි.

Read More

සංචාරක පාකිස්තාන කණ්ඩායමට එරෙහිව පැවති පළමු විස්සයි විස්ස ක්‍රිකට් තරගයෙන් කඩුලු 09ක ජයක් වාර්තා කිරීමට නවසීලන්ත කණ්ඩායම අද සමත් විය.

Read More

විභාග මධ්‍යස්ථානයට ගෙන යා නොහැකි තහනම් ද්‍රව්‍ය රැගෙන ගියහොත් වසර 05කට විභාග තහනමක් පැනවිය හැකි බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසීය.

Read More

සිංගප්පූරුවේ සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ගුවන් යානය තුළ සේවය කරමින් පැමිණි ගුවන් සේවිකාවන් දෙදෙනෙකුට එම ගුවන් යානයෙහි ගමන් ගත් ගුවන් මගියෙකු විසින් ලිංගික අඩන්තේට්ටම් කිරිම නිසා කටුනායක ගුවන් තොටුපොළ පොලීසිය විසින් 03/16 දින අත් අඩංගුවට ගෙන කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට පියවර ගෙන තිබේ .

Read More

බලන්ද කොමිෂන් සභා වාර්තාවේ ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියා හර අනෙකුත් සියල්ල තමා ප්‍රතික්ෂේප කරන බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

Read More

උතුරු, නැහෙනහිර හා ඌව පළාත්වලත් හම්බන්තොට, පොලොන්නරුව, නුවරඑළිය හා මාතලේ දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

වගාවට හානි කරන රිලවුන්,වඳුරන්, මොණරුන් හා දඬු ලේනුන් පිළිබඳව සංගණන පත්‍රිකා ජනතාවට නොබෙදු පොළොන්නරුව දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිලධාරීන්ට, එරෙහිව විනයානුකූල ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව නිවාස නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් මහතා සඳහන් කළේය.

Read More

මිනිත්තු 05 යි ,රිලව් 117 යි, සංගණන පිරිස 25 යි ,එක වත්තයි ,

Read More

ගෑන්ඩ්පාස් කැලණිතිස්සගම දුම්රිය මාර්ගයේදී ඊයේ (15) ඥාති සහෝදරයන් දෙදෙනෙකු තියුණු ෙආයුධ වලින් කපා කොටා ඝාතනය කිරීමේ අපරාධය සම්බන්ධයෙන් පුද්ගලයන් සිව් දෙනකු අත්අඩංගුවට ගත් බව ගෑන්ඩ්පාස් පොලිසිය කියයි.

Read More

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් සන්තෝෂ් ජා මහතා අතර විශේෂ හමුවක් පසුගිය දා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්වුණි.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී මොහමඩ් සාලි නලීම් මහතා සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරිය වෙත භාර දී ඇති බවත් එබැවින් දසවැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුරයක පුරප්පාඩුවක් ඇතිවූ බවත් කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (15) පාර්ලිමේන්තුවේදී නිවේදනය කළේය.

Read More

ජාතික ඹෟෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචිය නිදහස් කිරීමේ සහතික (WOR) විධිමත් කමිටු අනුමතියකින් තොරව වේගවත් යාන්ත්‍රණයක් ඔස්සේ විශේෂ ක්‍රමවේදයකට නිකුත් කර ඇති බව කෝප් කමිටුවේදී අනාවරණය වේ.

Read More

මහනුවර සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ අංක 1126 භාණ්ඩ ප්‍රවාහන මිශ්‍ර දුම්රිය අද (15) උදෑසන නානුඔය දුම්රිය ස්ථානය ආසන්නයේ දී පිලීපැනීමට ලක්වීමෙන් උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල කොළඹ කොටුව දුම්රිය ධාවනයට බාධා සිදුව ඇතයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසයි .

Read More

අද අළුයම් කාලයේ ග්‍රෑන්ඩ්පාස් ජබෝස්ලේන් ප්‍ර දේශයේ දුම්රිය මාර්ගය අසළදි තියුණු ආයුධවලින් පහර දි තරුණයන් දෙදෙනෙක් ඝාතනය කර ඇතැයි පොලිසයි කියයි.

Read More

අනුරාධපුර ශික්ෂණ රෝහලේ කාර්ය මණ්ඩලය සඳහා නිසි ආරක්ෂාව සහ පහසුකම් සැපයීම පිළිබඳ විමර්ශනය කර වාර්තාවක් සැපයීම සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසින් ත්‍රි පුද්ගල කමිටුවක් පත් කර ඇත.

Read More

ආහාර ආශ්‍රිත ව රෝගාබාධ වලට ගොදුරුවන ප්‍රමාණය ඉහළ යමින් තිබෙන බවත්, එක් අංශයකින් උපත් ප්‍රමාණය අඩු වනවිට, අනෙක් අංශයෙන් ආහාර ආශ්‍රිත රෝගාබාධ ඉහළ යාම රටක් ලෙස අභියෝගයක් ව ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

Read More

2024 වර්ෂයේ පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව පරීක්ෂණයේ ප්‍රතිඵල මත 2025 හය ශ්‍රේණියට ශිෂ්‍යත්වධාරීන් යොමු කිරීම සඳහා තීරණය වූ පාසල් කඩඉම් ලකුණු නිකුත් කර ඇත.

Read More

බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්වූ කරුණක් වූ බටලන්ද කොමිෂන් සභා වාර්තාව සභා නායක බිමල් රත්නායක මහතා විසින් අද (14) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

Read More

ඇල්ල කරදගොල්ල ප්‍රදේශයේ නායයාමක් සක්‍රිය වීමෙන් පවතින අවදානම් තත්ත්වය සලකා අද 14 දින සිට රාත්‍රී කාලයේදී එම මාර්ගය වසා තැබීමටත් දිවා කාලයේ පාලිත තත්ත්වයක් යටතේ වාහන ධාවනය කරවීමට අවශ්‍යය පියවර ගෙන ඇති බවත් බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ඊඑම්එල් උදය කුමාර මහතා පැවසීය.

Read More

හිනිදුම පොලිස් වසමේ ගිංගඟේ13 වන දින සවස් කාලයේ දියනෑමට ගිය පුද්ගලයින් දෙදෙනෙකු අතුරුදහන්ව ඇති බවට හිනිදුම පොලිසියට ලද පණිවිඩයක් මත විමර්ශනයක් ආරම්භ කර ඇත.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.