saravita-anim2

2025 අප්‍රේල් මස 18 වන සිකුරාදා

2025 අප්‍රේල් මස 18 වන සිකුරාදා

Latest News - timelapse 33 hours ago

LATEST

කාරක සභා වල ක්‍රියාත්මක නොකළ නිර්දේශ මාසයක් තුළ ක්‍රියාත්මක කරන්න

calendar_today 2025 අප්‍රේ 10 - 13:59 remove_red_eye - 249  

• මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාව විසින් නවවැනි පාර්ලිමේන්තුවේ පස්වැනි සභාවාරයේ දී ලබාදුන් නිර්දේශවලින් 80කට අධික ප්‍රමාණයක් ක්‍රියාත්මක කර නැහැ.

අද දින ( 10 ) පෙ.ව. 7.00 සිට ගාල්ල දිස්ත්‍රික්කයේ සියලුම සෞඛ්‍ය රියදුරන් අසනීප නිවාඩු වාර්තා කිරීමට විධායක සභාව තීරණය කර ඇත

Read More

​ඩුබායි සිට මෙහෙයවනු ලබන සංවිධානාත්මක අපරාධ කණ්ඩාම් සාමාජිකයෙකු හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ ප්‍රධාන අනුගාමිකයෙකු පිස්තොල අවියක්, රිවොල්වර අවියක් සහ මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගැනීමට කොළඹ උතුර කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යංශය සමත්ව තිබේ.

Read More

යුද්දය හේතුවෙන් අධිආරක්ෂිත කලාපයක් වශයෙන් නම් කොට තිබූ පලාලි පේදුරුතුඩුව මන්සන්ධිය දක්වා වූ මාර්ගය වසර 34 කට පසුව අද (10) දින සාමාන්‍ය ජනතාවගේ ගමනගමනය වෙනුවෙන් විවෘත කිරීමට යුද්හමුදාව විසින් පියවර ගෙන තිබුණි.

Read More

මොණරාගල දිස්ත්‍රික්කයේ, මොණරාගල නගරයට ඉහලින් වර්ග කිලෝමීටර් 54ක් පුරා පැතිර ඇති මරගල කදුවැටියෙන්, ශ්‍රී ලංකාවට ආවෙිණික නව සර්ප විශේෂයක් සොයා ගැනිමට,මෙරට පර්යේෂකයන් පිරිසක් සමත්ව තිබෙි.

Read More

අල්ලස හා දූෂණය තුරන් කිරීම ඊළඟ පරම්පරාවට භාර දෙන්නේ නැහැ අල්ලස හා දූෂණයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම දේශපාලන පළිගැනීමක් නොව මානුෂීය යුතුකමක්ජාතික දූෂණ විරෝධී ක්‍රියාකාරී සැලැස්ම එළිදක්වමින් ජනපති කියයි

Read More

අමෙරිකාවේ නව ආනයන බදු ප්‍රතිපත්තිය ශ්‍රී ලංකාවට බලපාන ආකාරය සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හා විපක්ෂයේ පක්ෂ නායකයින් අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (10) පෙරවරු 11.00 ට පැවැත්වේ.

Read More

ඇමෙරිකාවට ආනයනය කරන භාණ්ඩ සඳහා පැනවූ තීරු බදු ක්‍රියාත්මක කිර‍ිම දින 90කට අත්හිටුවීමට ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබේ.

Read More

ඇමෙරිකාවේ සිට චීනයට ආනයනය කරන භාණ්ඩ සඳහා සියයට 84ක බද්දක් පැනවීමට තීරණය කර තිබේ. ඇමෙරිකාව විසින් චීනයෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා පැනවූ සියයට 104ට ප්‍රතිචාරයක් වශයෙන් චීනය මෙම නව බදු පැනවීම සිදුකර තිබේ.

Read More

2021 පෙබරවාරි මාසයෙන් පසුව බ්‍රෙන්ට් බොරතෙල් බැරයලක මිල මේ තරම් පහ‍ළ වැටු‍ණු ප‍ළමු අවස්ථාව මෙය වෙයි.

Read More

වැලිකඩ පොලිසිය බාරයේ සිටියදි මරණයට පත් වු බව කියන තරුණයාගේ මෘතදේහය යළි ගොඩගෙන ත්‍රිපුද්ගල විශේඥ වෛද්‍ය මණ්ඩලයක් හමුවේ පශ්චාත් මරණ පරික්ෂණයක් පවත්වන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතා කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාට අද (09) නියෝග කළේය.

Read More

කතරගම ප්‍රදේශීය සභාවේ හිටපු සභාපති ෙඅසේක වික්‍රමසිංහ මහතා ඇප මත මුදා හැර‍ි‍මට තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

Read More

වාර්ෂික ව මෙරට සම්පූර්ණ රුධිර ඒකක 450,000 ක් පමණ එකතු කරනු ලබන ජාතික රුධිර පාරවිලයන සේවාව ගෝලීය සෞඛ්‍ය සංවිධානවල ඉමහත් පිළිගැනීමට සහ ගෞරවයට පාත්‍ර වී ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා පවසයි.

Read More

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ඉහළ නිලධාරීන් අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ (08) පස්වරුවේ පැවැත්විණි.

Read More

කතරගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති අසේක වික්‍රමසිංහ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීම අත්හිටුවීම මේ වසරේ දෙසැම්බර් මාසය තෙක් දීර්ඝ කිර‍ිමට කටයුතු කර තිබේ.

Read More

මහනුවර පේරාදෙණිය පාරේ කිංස්වුඩ් විද්‍යාල අසලදී ලොරි රථයක් රියදුරුගේ පාලනයෙන් මිදී මාර්ගයෙන් ඉවතට ගොස් ත්‍රී රෝද රථයක සහ මහමග ගමන් කරමින් සිටි පිරිසක් යට කරගෙන යාම හේතුවෙන් 12 දෙනකු තුවාල ලබා රෝහල් ගත කොට ඇති බව මහනුවර මූලස්ථාන පොලිසිය කියයි.

Read More

ශ්‍රී ලංකා නාවික හමුදාව, කිලිනොච්චිය උඩුත්තුරෙයි මුහුදු ප්‍රදේශයේ සහ විශේෂ කාර්ය බළකාය හා එක්ව එම වෙරළ ප්‍රදේශයේ 2025 අප්‍රේල් මස 08 වැනි දින අළුයම් කාලයේ සිදුකල විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, කේරළ ගංජා කිලෝ තුන්සිය හතරයි (304) ග්‍රෑම් හයසීයක (600) පමණ තොගයක් (තෙත බර සහිත) රැගත් ඩිංගි යාත්‍රාවක් (01) සමඟ සැකකරුවෙකු (01) නීතයේ රැහැනට හසුකර ගැනීමට කටයුතු කෙරිණි.

Read More

ඇමෙරිකාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා චීනය සියයට 34ක අමතර බද්දක් පැනවීමට සමගාමීව ඇමෙරිකාව විසින්ද චීනයෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා පනවන බදු ප්‍රමාණය සියයට 104ක් දක්වා ඉහළ නැංවීමට කටයුතු කර තිබේ.

Read More

මෙරට ජනගහනයෙන් පුද්ගලයන් 2,281 දෙනෙකු හිසට වහළක් නොමැතිව එළිමහනේ ජිවත්වන බැව් ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව මගින් නිකුත්කොට ඇති ජන හා නිවාස සංගණනය පිළිබඳ (2024) වාර්තාවේ සඳහන් වේ.

Read More

මෙරට භාවිත කරන ඖෂධවලින් සියයට අසුවක්ම ආනයනය කරන බවත් එම ඖෂධවලින් සියයට අසූපහක් ගෙන්වනු ලබන්නේ ඉන්දියාවෙන් බවත් කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කරයි.

Read More

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වන සිවනේසතුරෙයි චන්ද්‍රකාන්ත් හෙවත් පිල්ලෙයාන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිත‌ ඉලෙක්ට්‍රොනික ජාතික හැඳුනුම්පත් ව්‍යාපෘතියට පොලිකාබනේට් කාඩ්පත් මිලියන 17ක පමණ අවශ්‍යතාවක් පවතින බව හඳුනාගෙන තිබේ.

Read More

මහ බැංකුව සතු නිල සංචිත ප්‍රමාණය ඉහළ ගොස් තිබෙන බවත් මේ අනුව මේ පසුගිය මාසය වන විට ඩොලර් බිලියන 6.51 ක සංචිත තිබූ බවත් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේය.

Read More

මහනුවර දළදා දැක්ම පැවැත්වෙන කාලයේදී මහනුවරට පැමිණෙන සියලු සැදැහැවතුන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව නියාමනය කිරීමේ විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව මහනුවර ප්‍රධාන නාගරික වෛද්‍ය නිලධාරී වෛද්‍ය පසන් ජයසිංහ මහතා පවසයි.

Read More

මෙරට සිටින වන වනසතුන් කළමනාකරණය කිරීමට ඉදිරියේදී බලාපොරොත්තු වන බවත් සත්ව සංගණන කටයුතු අවසන් වීමෙන් පසුඑම සතුන් විදේශ රටවලට යවනවාද එසේත් නොමැති නම් වෙනත් කළමනාකරණයක් සිද්ධ කරනවාද යන්න සම්බන්ධයෙන් සලකා බලන බව කෘෂිකර්ම පශු සම්පත් වාරිමාර්ග අමාත්‍ යකේ.ඩී. ලාල්කාන්ත මහතා පවසයි.

Read More

මේ සඳහා වූ ඡන්ද විමසීම අද පස්වරු 5.45ට ආරම්භ කෙරුණු අතර එහිදී යෝජනාවට පක්ෂව ඡන්ද 151 ක් හිමිවූ අතර විපක්ෂව ඡන්ද හිමි නොවීය.

Read More

වැලි කැනීමේ බලපත්‍රයක් දීමට රුපියල් ලක්ෂ 15 අල්ලසක් ඉල්ලා ලබාගැනීම සඳහා සිය පුද්ගලික ලේකම්වරයාට ආධාර අනුබල දුන් බවට මාසයක පමණ කාලයක් රිමාන්ඩ් බාරයේ රඳවා සිටි හිටපු වෙළඳ හා පරිසර රාජ්‍ය අමාත්‍ය එස් වියලේන්ද්‍රන් මහතා දැඩි කොන්දේසි සහිත ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලී මහත්මියට අද (08) නියම කළාය.

Read More

දේශපාලන බලපෑම්වලින් තොරව කුසලතා හා සුදුසුකම් මත පමණක් පදන්ව රාජ්‍ය අංශය සඳහා රැකියා විරහිත උපාධිධාරින් හා තරුණ තරුණියන් 30000ක් බඳවා ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

Read More

රාජ්‍ය සේවයේ වැටුප් වැඩිකිරීමට සමගාමීව පෞද්ගලික අංශයේ සේවකයන්ගේ වැටුප් ඉහළ නැංවීමට වූ යෝජනා සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.