අශෝක සපුමල් රන්වල මහතා කථානායක ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව අති විශේෂ ගැසට් නිවේදනයකින් ප්‍රකාශයට පත්කර තිබේ.
මෙම වර්ෂයේ ගෙවී ගිය මාස 11 තුළ ( ජනවාරි සිට නොවැම්බර් දක්වා) කොළඹ නගර සීමාව තුළ පමණක් ගිනි ගැනීම් 268 ක් සිදු වී ඇතැයි කොළඹ මහ නගර සභාවේ ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුවේ පාලන මැදිරි භාර නිලධාරී කේ. පි. ආර් . නානයක්කාර මහතා පැවසීය
Read Moreරාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ ප්‍රසම්පාදන කමිටුව මගින් තාක්ෂණික ඇගයීම් කමිටුවේ හා තත්ත්ව පාලන අංශයේ නිර්දේශ නොසලකා ඉකුත් වසරේදී විදේශයකින් මිලට ගත් ඇමොක්සිලින් ඖෂධ අමුද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 9000 ක තොගයක් ගුණාත්මක බවින් අසමත්වීම නිසා ඒ සඳහා දරා තිබූ රුපියල් 104,844,337 ක මුදල අනාර්ථික පිරිවැයක් වී ඇතැයි ජාතික විගණන කාර්යාලය අනාවරණය කරයි.
Read Moreඑළැඹෙන මහ කන්නයේදී සතොස හරහා ගොවීන්ගෙන් සාධාරණ මිලට වී මිලදී ගැනීමට කටයුතු කරන බව වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි.
Read Moreරුපියල් කෝටි ගණනක මුදල් හා වත්කම් උපයාගෙන ගෙන ඇති ආකාරය හෙළි කිරීමට අපොහොසත් වූ බව කියන මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවේ ලිපිකරුවෙකුගේ හා ඔහුගේ බිරිඳගේ නමින් මෙන්ම, ව්‍යාපාරිකයෙකුගේ නමින් පවත්වාගෙන යන රාජ්‍ය සහ පෞද්ගලික බැංකුවල ගිණුම් මාස තුනක කාලයක් සඳහා අත්හිටුවීමට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා අද (16ද) නියම කළේය.
Read Moreශ්‍රී ලංකා කොටස් වෙළඳපොළ ඉතිහාසය තුළ දැවැන්ත කඩයිමක් පසුකරමින් අද දිනයේදී කොළඹ කොටස් හුවමාරුවේ සමස්ත මිල දර්ශකය ඒකක 14500 සීමාව ඉක්මවා ගියේය.
Read Moreමෙරට ළදරුවන්ට හා මවුවරුන්ට ඉහළම පෝෂණ ගුණයෙන් පරිපූර්ණ, සුව ගුණ සපිරි ත්‍රීපෝෂ අතිරේක ආහාරය අඛණ්ඩව ලබාදීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රමුඛතම අරමුණක් බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අවධාරණය කරයි.
Read Moreජනාධිපති ප්‍රදානය යන මාතෘකාව යටතේ රුපියල් 50000ක දීමනාවක් සෑම නිවසකටම ලබා දෙන බවට ස ඳහන් කරමින් ව්‍යාජ පුවතක් මේ වන විට සමාජ ජාල ඔස්සේ සංසරණය බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව කියයි.
Read Moreහිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මින් ඉදිරියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරය සඳහා ඉදිරිපත් නොවන බව ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා අද අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය.
Read Moreබලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතාගේ අධ්‍යාපන සුදුසුකම් පිළිබදව විශේෂයෙන් සමාජ මාධ්‍ය ඇතුළු විවිධ මාධ්‍ය හරහා සාවද්‍ය තොරතුරු පතුරවන්නන්ට එරෙහිව අමාත්‍යවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.
Read Moreමාතලේ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ පුද්ගලික සහකාර තනතුරේ රාජකාරි ඉටුකරමින් සිටි ප්‍රධාන පොලිස් පරීක්ෂක එස්.පී.එම්.එල්.බී මොලගොඩ මහතා අනතුරට ලක්කර පලාගිය කාර් රථයේ රියදුරු මාතලේ පොලිස් වසමේ උකුවෙල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
Read Moreශ්‍රී ලංකාවේ විදුලි බලාගාරවලට අවශ්‍ය ද්‍රව ස්වභාවික ගෑස් (LNG) සැපයීමට ඉන්දියාව සැලසුම් කර ඇති බවත් දෙරටේ විදුලිබල ජාල සම්බන්ධ කිරීමට මෙන්ම පෙට්‍රෝලියම් නිශ්පාදන ලබාදීම වෙනුවෙන් නල මාර්ගයක් සැකසීමටද කටයුතු කරන බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා පැවැසීය.
Read More(PHOTOS) ඉන්දියාවේ තෙදින නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පිළිගැනීමේ නිල උත්සවය ඉන්දීය ජනාධිපති නිලනිවස වන රාෂ්ට්‍රපති භවන්හීදී අද (16) පෙරවරුවේ පැවැත්විණ.
Read MoreLANKA T10 ලීග් ක්‍රිකට් තරගාවලියේ ප්‍රසාධ ලකුණු සටහනේ තවදුරටත් පෙරමුණ ගැනීමට ජැෆ්නා ටයිටන්ස් කණ්ඩායම සමත්ව තිබේ.
Read Moreශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන ලෙස ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට ආරාධනා කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
Read Moreමේ වසරේ ගත වූ කාලය තුළ පොළොන්නරුව වනජීවී කලාපයේ පමණක් අලි මිනිස් ගැටුම් වලින් මිනිස් ජීවිත 21 ක් සහ වන අලින්ගේ ජීවිත 70 ක් අහිමි වී ඇති බව පොළොන්නරුව වනජීවී කලාප කාර්යාලයේ තොරතුරු සනාථ කරයි.
Read Moreබෙලිඅත්ත දුම්රිය ස්ථානයේ දී සාගරිකා දුම්රිය හා රජරට රැජින දුම්රියේ එංජිම ගැටීමෙන් සිදුවූ අනතුර සම්බන්ධයෙන් තිදෙනෙකුගේ වැඩතහනමට ලක්කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreඉන්දීය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී හමුව තිබේ.
Read Moreශ්‍රී ලංකා පොලීසියේ පිරිමි හා කාන්තා පොලිස් කොස්තාපල් තනතුරු අනුමත ප්‍රමාණයට වඩා 50% කට ආසන්න ප්‍රමාණයක් පුරප්පාඩුව තිබෙන බව ජාතික විගණන මහ ලේකම් කාර්යාලය සිදුකරන ලද විගණන පරීක්ෂණයකදී තහවුරු වී තිබේ.
Read More2024 වර්ෂයේ ජනවාරි මස සිට දෙසැම්බර් අවසන් වන කාල සීමාව දක්වා වෙළෙඳ ශේෂ හිඟය ඩොලර් බිලියන 6 ඉක්මවා යාමට හැකි බව ද 2024 වර්ෂයේ ජනවාරි සිට ඔක්තෝබර් 30 දක්වා කාල සීමාව තුළ භාණ්ඩ අපනයනයෙන් ඩොලර් බිලියන 10. 68 ක් උපයාගෙන ඇති අතර එය පෙර වසරේ කාල පරිච්ඡේදය හා සසඳන වනවිට 7. 7% පමණ වර්ධනයක් බවද පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා සංඛ්‍යානය පිළිබඳ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා පවසයි.
Read Moreමීටියාගොඩ , බලිමුල්ල නිවසකට ඊයේ (15) රෑ කඩාවැදුණු පිරිසක් විසින් කළ වෙඩි තැබීමකින් නිවසේ සිටි පියා හා දියණිය බරපතල තුවාල ලබා ඇති බවත් ඔවුන් බලපිටිය රෝහලට ඇතුළත් කළ බවත් මීටියාගොඩ පොලීසිය කියයි.
Read Moreබංග්ලාදේශ තුන් ඉරියව් ක්‍රීඩක ශකීබ් අල් හසන්ගේ පන්දු යැවීම අත්හිටුවා ඇති බව බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.
Read Moreලංකා විදුලි බල මණ්ඩලය විසින් ගෙවිය යුතු ණය සහ ව්‍යාපෘති ණය වශයෙන් මෙම වර්ෂයේ 2024 ජනවාරි 01 වැනිදා සිට ජුනි මස 30 වැනි දින දක්වා මාස 06 ක කාලසීමාව තුළදී රුපියල් බිලියන 289.4 කමුදලක් ගෙවීමට තිබූ බැව් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති වසර මැද මූල්‍ය තත්ත්වය පිළිබඳව ශ්‍රී ලංකා මහා බැංකුවට නිකුත් කර තිබූ කාර්ය සාධක වාර්තාවකින් අනාවරණය වෙයි.
Read Moreනව කතානායකවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ නම යෝජනා වී ඇති බව ද වාර්තා වේ. ඒ පිළිබඳව අවසන් තීරණය ගැනීම වෙනුවෙන් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම අද (16දා) රැස්වීමට නියමිතය. ඔහු පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වූ මන්ත්‍රීවරයෙකි.
Read Moreදුම්වැටි අලෙවිය 2024 වර්ෂයේ පළමු මාස 08 ක කාල සීමාවේ දී පහත වැටීම නිසා දුම්වැටි මත පළවන ලැබූ නිෂ්පාදන බද්දෙන් ලද ආදායම රුපියල් බිලියන 71.6 දක්වා 10.8% කින් පහළ ගොස් ඇති බැව් පූර්ණ මැතිවරණ අය වැයේ තත්වය පිළිබඳ පාර්ලිමේන්තුව විසින් මහ බැංකුවට ඉදිරිපත් කරන ලද කාර්ය සාධක වාර්තාවෙන් අනාවරණය වේ.
Read Moreසමගි ජන බලවේග මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීමක් අද (16දා) පැවැත්වීමට නියමිත බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා ‘අද’ පුවත්පතට පැවසීය.
Read Moreඉන්දියාවේ තෙදින නිල සංචාරයක නිරත ජනපති අනුර කුමාර දිසානායක මහත.ා නවාතැන්ගෙන සිටින නවදිල්ලි නුවර ITC MAURYA හෝටලය වෙත ඊයේ (15) පැමිණි ඉන්දීය මුදල් හා ආයතනික කටයුතු පිළිබඳ අමාත්‍ය නිර්මලා සීතා රාමන්, විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් (Dr. S. Jaishankar) සහ ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක ශ්‍රී අජිත් දොවාල් (Shri Ajith Doval) යන මහත්ම මහත්මීන් ජනපති හා සාකච්ඡා පවත්වා තිබේ.
Read Moreඊ-ග්‍රාම නිලධාරී ව්‍යාපෘතියේ මෘදුකාංග සංවර්ධන හා විවිධ කටයුතු සඳහා රුපියල් එක්කෝටි පනස් තුන් ලක්ෂයකට අධික මුදලක් වැය කර ඇතත්, ඊට අදාළව ග්‍රාම නිලධාරීන් පුහුණු කිරීමේ කටයුතු කර නැතැයි තොරතුරු අනාවරණය වේ. මේ හේතුව මත වහාම ස්වාධීන කමිටුවක් පත්කර පරීක්ෂණයක් සිදුකර ඊට වගකිවයුතු නිලධාරීන්ගෙන් අලාභය අය කිරීමට අධිකරණ රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා පළාත් පාලන සහ කම්කරු අමාත්‍යාංශය තීරණය කර ඇත.
Read Moreනව කතානායකවරයෙක් පත් කරගැනීම පිළිබඳව සහ ඉදිරි පාර්ලිමේන්තු කටයුතු පිළිබඳව සාකච්ඡා කිරීම වෙනුවෙන් අද (16දා) ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම රැස්වීමට නියමිතය.
Read Moreමෙම සතියේ පාර්ලිමේන්තුව 17දා සහ අනිද්දා 18දා යන දින දෙකේදී රැස්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය කර තිබේ. හෙට දිනයේ පාර්ලිමේන්තුව ආරම්භයේදී නවක මන්ත්‍රීවරුන්ගේ දිවුරුම් දීම සිදු කිරීමට නියමිතව ඇත.
Read More