ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 06වැනි තරගය අද(26දා) පැවැත්වේ.
පුරාවිද්‍යාවේ අනපනත් , පොසොන් උත්සවයට බාධාවක් බවත් ඒ සම්බන්ධයෙන් බලධාරීන් ක්‍රියා නොකරන්නේ නම් රාජ්‍ය පොසොන් උත්සවයෙන් තමන් වහන්සේ ඉවත්වන බව ඓතිහාසික මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය ආචාර්ය වලවාහැංගුනවැවේ ධම්මරතන නායක හිමියන් අද (26) පැවසූහ.
Read More2025 වසරේ ජාතික වෙසක් උත්සවය ජාතික සමගිය වර්ධනය කරමින් කලණ මිතුරු ඇසුර යන මැයෙන් නුවරඑලිය නගරය කෙන්ද්‍ර කරගනිමින් පවත්වන බව බුද්ධ ශාසන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා පැවසිය.
Read Moreහිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ඇතුළු සිව්දෙනෙකුට එක්සත් රාජධානිය විසින් පැනවූ සම්බාධක ගැන රජයේ ස්ථාවරය අද(26දා) විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත් කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
Read Moreආසියානු කලාපය සඳහා වන වාර්ෂික Boao Forum for Asia (BFA) සමුළුව ඊයේ චීනයේ හයිනාන්හිදී ආරම්භ විය. අද වනවිට මතුව තිබෙන භූදේශපාලනික සහ ආර්ථික පරිවර්තනීය තත්ත්වයන්ට ලෝකය මුහුණ දෙමින් සිටින අවස්ථාවේදී මෙම සමුළුව පැවැත්වීමත් විශේෂත්වයකි.
Read Moreවත්මන් ආණ්ඩුව රාජ්‍ය ආයතන එකින් එක සලකා බලා පවත්වාගෙන යා යුතුද නැද්ද යන්න පිළිබඳ තීන්දුවක් ගැනීමට සූදානම් බව කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
Read Moreයාපනය තිස්ස විහාරයේ ගැටලුව විසදිමට රජයක් ලෙස ඉතා අවංකව කටයුතු කරන නමුත් එය ගැටළුවක් බවට පරිවර්තනය කළ ආගමික සහජීවනයට හානිය ඇති කරන්න යම් පිරිසක් උත්සාහ කරමින් සිටින බව බුද්ධ ශාසන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා පැවසීය .
Read Moreගල්කිස්ස පොලිස් වසමේ මැලිබන් හන්දිය හා බෙලෙක්කඩේ හන්දිය ප්‍රදේශවලදී ගල්කිස්ස පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරු මත වැටලීම් 02 ක් සිදු කර සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා ගණිකා නිවාස කළමනාකරණය කිරීම සම්බන්ධව සැකකාරියන් දෙදෙනෙකු සහ ගණිකා සේවයේ යෙදී සිටි සැකකාරියන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
Read Moreබස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු හා වයඹ පළාත්වල ප.ව. 2.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේනතුව කියයි.
Read Moreඉන්දිය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 05වැනි තරගයෙන් ලකුණු 11ක ජයක් වාර්තා කිරීමට පංජාබ් කිංග්ස් කණ්ඩායම ඊයේ(25දා) සමත් විය.
Read Moreඅල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් 2025 වර්ෂයේ ජනවාරි මස 01වනදා සිට පෙබරවාරි මස 28වනදා දක්වා කරන ලද නඩු පැවරීම් ආශ්‍රිතව රජය විසින් රුපියල් හාරලක්ෂ විසිපන්දහසක ආදායමක් ලබා ගෙන ඇතැයි එම කොමිෂන් සභාවේ නිලධාරියෙකු අනාවරණය කළේය.
Read Moreවගාවන් ආරක්ෂා කරගැනීම සඳහා ගොවීන් වෙත 2024 දෙසැම්බර් 31වැනිදා වන විට ගිනිඅවි 13,207ක් නිකුත් කර ඇති බව පාර්ලිමේන්තුවේදී අනාවරණය විය.
Read Moreරේගුවට හොර රහසේ 2017 වසරේදී මෙරටට ආනයනය කර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියට ව්‍යාජ දත්ත ඇතුළත් කරමින් ලියාපදිංචි කරමින් රජයට රුපියල් කෝටි 100ක බදු මුදලක් අහිමි කළැයි කියන සුඛෝපභෝගී මෝටර් රථ 19 ක් වහාම අත්අඩංගුවට ගෙන රේගුවට භාර දෙන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය අල්ලස් කොමිසමට අද (25දා) නියෝග කළාය.
Read Moreචාමාර සිල්වාගේ ප්‍රධානම කාර්යය වන්නේ 2026 පැවැත්වීමට නියමිත අවුරුදු 19න් පහළ ලෝක කුසලාන තරගාවලියට ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම සූදානම් කිරීමයි.
Read More2024/2025 ශ්‍රී පාද වන්දනාවාරය ආරම්භකර මාස තුනක් තුළ හැටන් මාර්ගය ඔස්සේ හෙරොයින් අසිස්, ගංජා ඇතුළු විවිධ මත්ද්‍රව්‍ය රැගෙන ශ්‍රීපාද වන්දනාවේ පැමිණි 592 කු සැකපිට අත්අඩංගුවට ගෙන හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව එම සැකකරුවන් අධිකරණය හමුවේ වරද පිලිගත් නිසා එම චූදිතයන්ගෙන් රු.හැටලක්ෂ විසි නවදහස් තුන්සිය විසිහතරක 6029324/= ක මුදලක් දඩ මුදල් වශයෙන් අය කරගෙන ඇති බව හැටන් කොට්ටාශ භාර පොලිස් අධිකාරි ප්‍රදීප් වීරසේකර මහතා පැවසීය.
Read Moreශ්‍රී ලංකා මුහුදු වෙරලේදි එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමට හේතූව වී ඇත්තේ එහි තිබූ කොන්ටේනර් දෙකකින් ‘නයිට්රික් අම්ලය’ කාන්දු වීමෙන් ඇතිවූ ගින්නක් බවත් විමර්ශන වලදී හෙළි වී ඇතැයි පංචපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලට දැනුම් දුන් නීතිපතිවරයා නෞකාව ගිනි ගැනීමට වගකිව යුත්තේ නෞකාවේ කාර්ය මණ්ඩලය සහ නැව පාලනය කළ සමාගම යැයිද අද (25) දැනුම් දුන්නේය.
Read Moreවැලි කැනීමේ බලපත්‍රයක් දීම සඳහා රුපියල් ලක්ෂ 15 අල්ලසක් ගැනීමට ආධාර අනුබල දුන් බව කියමින් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයටට ඉදිරිපත් කළ හිටපු වෙළඳ හා පරිසර රාජ්‍ය අමාත්‍ය එස්. වියලේන්ද්‍රන් මහතා අප්‍රේල් පළමුවැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලී මහත්මිය අද (25) නියෝග කළාය.
Read Moreඔහීය ප්‍රදේශයේ විහාරස්ථානයක භූමියේ හොර රහසේ ගංජා පැල වගා කල චීවරධාරීයකු ගංජා පැල 475ක් සමග ඊයේ (25) සැකපිට අත් අඩංගුවට ගත් බව බෝගහකුබුර පොලිසිය පවසයි .
Read Moreපොලොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, නිවාස නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් මහතා විසින් වැසිකිළියක් විවෘත කළ බවට පළකර ඇති වාර්තා අසත්‍ය බව අමාත්‍යවරයාගේ මාධ්‍ය ඒකකය නිවේදනය කරයි.
Read Moreපල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති ”ලෙජන්ට් ට්‍රොපි 2024” ක්‍රිකට් තරගාවලියේදී මුදලට තරග පාවා දීමට ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපතිවරයාට බලපෑම් කිරීමේ චෝදනාවන්ට වරදකරු වු ඉන්දීය ජාතික කළමණාකාරවරයාට සිව් වසරක බරපතල වැඩ සහිත සිරදඩුවම් නියම කළ මාතලේ මහාධීකරණ විනිසුරු රවින්ද්‍ර ප්‍රේමරත්න මහතා රුපියල් කෝටි 8 1/2ක දඩයක්ද අද (25) පැණවීය.
Read Moreග්‍රෑන්ඩ්පාස්, නාගලම්වීදිය ප්‍ර දේශයේදී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙක් විසින් පුද්ගලයන් දෙදෙනෙකුට වෙඩි තැබීමේ සිදුවීමට සම්බන්ධ තවත් සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
Read Moreසත්ව හුවමාරු වැඩසටහන යටතේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට ඉකුත් පෙබරවාරි මස 10 වන දින හිමාලයානු දුඹුරු වලසුන් (Himalayan Brown Bears ) හා මියර් කැටි - Meerkat සතුන් යුවල 3 ක් දෙහිවල සත්වෝද්‍යානයට ද , ස්පොට්ටෙඩ් හයිනා යුවලක් (Spotted Hyena ) හම්බන්තොට රිදියගම සෆාරි උද්‍යානයට ද රැගෙන එනූ ලැබීය.
Read Moreපුත්තලම දිස්ත්‍රික්කයෙ ගම්මාන වෙත කඩා වැදි ඇති වන අලි නැවත වනාන්තර වෙත පලවා හැරිම් මෙහෙයුමින් වන අලින් 60 කට ආසන්න පිරිසක් මේ වන විට තබ්බෝව අභය භුමිය වෙත පලවා හැරීම් කර ඇති බව පුත්තලම වනජිවි සහකාර අධ්‍යක්ෂ එරන්ද ගමගේ මහතා පවසන්නට විය.
Read Moreදේශබන්දු තෙන්නකොන් මහතාව පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීමට ආණ්ඩුව ගෙන එනු ලබන යෝජනාව ජයග්‍රහණය කරවීමට විපක්ෂය සහය දෙන බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
Read Moreඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ පස්වන තරගය අද (25දා) පැවැත්වීමට නියමිතව තිබේ.
Read Moreගන්දර පොලිස් වසමේදි යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකුට වෑන් රථයකින් පැමිණි පිරිසක් සිදුකළ වෙඩි තැබිම සම්බන්ධයෙන් තවත් පුද්ගලයෙක් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreසේවය අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකොන්ව ධුරයෙන් ඉවත් කිරීමේ යෝජනාවක් අද(25දා) කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා වෙත භාර දී තිබේ.
Read Moreබස්නාහිර, සබරගමුව, දකුණු හා වයඹ පළාත්වල ප.ව. 2.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍ය දෙපාර්තමේන්තුව කියයි.
Read Moreතැනින් තැන සිදු කරනු ලබන වෙඩි තැබීම් වලින් ජාතික ආරක්ෂාවට මහා බලපෑමක් නොවන බවත්, මහජන ආරක්ෂාව දැනටම තහවුරු කර ඇති බවත් ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා පැවසීය.
Read Moreකූඨ ලෙස සකස් කළ කැනඩා වීසා බලපත්‍ර භාවිතා කරමින් කැනඩාවට පළා යාමට තැත් කළ ශ්‍රී ලාංකිකයන් 11 දෙනෙකු සහ ඔවුන් ගුවන් තොටුපොළ වෙත රැගෙන ආ තැරැව්කරුවෙකු , කටුනායක ගුවන් තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේ දී ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් විසින් 03/24 දින පස්වරුවේ අත් අඩංගුවට ගෙන තිබේ.
Read More