saravita-anim2

2025 මාර්තු මස 12 වන බදාදා

2025 මාර්තු මස 12 වන බදාදා

Latest News - timelapse 1222 hours ago

LATEST

ජිප් රිය නිවසකට යයි - තිදෙනෙකුට තුවාල

calendar_today 2024 ජුනි 05 - 14:26 remove_red_eye - 215  

පුලියන්කුලම් පොලිස් ස්ථානයට අයත් ජිප් රථය ඊයේ සවස නෙඩුන්කේනි ප්‍රදේශයේදී ඊයේ (04) සවස ධාවනය වෙමින් තිබියදී මාර්ගයෙන් ඉවතට පැන අසල නිවසකට කඩා වැදීම හේතුවෙන් ජිප් රථයේ ගමන්කල තිදෙනෙකුට තුවාල සිදුව ඇතැය නෙඩුන්කේනි පොලීසිය පැවසීය.

කොත්මලේ ගැරඩි ඇල්ලෙන් පහලට පැන සිය දිවි හානි කර ගැනිමට තැත් කරන ලද තරුණ යුවලක්

Read More

පල්ලෙ කැලේ දුම්බර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාරව සිටි රැඳවියෙකුට ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු බන්ධනාගාර නිලධාරීන්ගෙන් මිදී පලා ගොස් ඇති බවට බන්ධනාගාර නිලධාරීන් විසින් පල්ලෙකැලේ පොලිසියට පැමිණිල්ලක් සිදුකොට තිබේ

Read More

2024 ජනවාරි සිට මැයි දක්වා වූ මාස පහක කාලය තුළ ශ්‍රි ලංකාවට සංචාරකයන් 896779ක් පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නවතම සංඛ්‍යාලේඛන වල දැක්වෙයි.

Read More

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පසුගිය මස 15 වනදා සිට මේ දක්වා පුද්ගල මරණ 30ක් වාර්තා වී ඇතැයි ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවැසීය. ඔහු මේ බව සඳහන් කළේ අද (05) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමිනි.

Read More

අනුරාධපුර අටමස්ථානයට අයත් ඓතිහාසික ජේතවනාරාම දාගැබේ ආරක්ෂාවට ඇති අකුණු සන්නායකය, සොරකම් කර රැගෙන යාමට පැමිණි පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන දීර්ඝ ප්‍රශ්න කිරීම්වලදී මෙම අකුණු සන්නායකයේ ඇති යම් ආරෝපණයක්, යන්ත්‍රානුසාරයෙන් ලබා ගෙන එය රුපියල් කෝටි ගණනකට විකිණීමට සූදානම්ව සිටි එම ජාවාරමේ මහ මොළකරු වන දිවයිනේ ප්‍රසිද්ධ ගායකයෙකු ඇතුළු සැකකරුවන් 5ක් අකුණු සන්නායකයේ ආරෝපණය පරීක්ෂා කරන උපාංගයක්, නවීන මෝටර් රථයක් සහ ස්මාර්ට් ජංගම දුරකථන 5ක් සමග ඊයේ (04ද

Read More

දේශපාලන පක්ෂය කුමක් වුවත් සෑම දේශපාලන පක්‍ෂයකින්ම ඉදිරිපත් කරන පිරිසෙන් හොඳ පුද්ගලයන් පිරිසක් මහජන සේවය සඳහා පත්කර ගැනීමට ඉදිරියේදී මැතිවරණ හතරක් පැවැත්වීමට බොහෝ දුරට ඉඩකඩ පවතින බව පැෆරල් සංවිධානයේ ජාතික සංවිධායක සුජීව ගයනාත් මහතා සඳහන් කළේය.

Read More

මෙරට ආදීවාසී ජනතාවට පවතින ගැටළුවලට විසදුම් ලබාදීම සදහා නව පනතක් සකස් කිරීමට හා ඔවුන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරිම සදහා රෙගුලාසි පද්ධතියක් සකස් කිරීමට අධිකරණ, බන්ධනාගාර කටයුතු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි කටයුතු කර ඇති අතර, එම රෙගුලාසි පද්ධතිය පිළිබදව අදාළ පාර්ශ්ව සමග විශේෂ සාකච්ඡාවක් පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ ( 04) පස්වරුවේ පැවැත්විණි.

Read More

එම එකඟතාවන් නීතිගත කරමින් ඉදිරිපත් කර ඇති ආර්ථික පරිවර්තන කෙටුම්පතට සහාය ලබාදීම සියලුදෙනාගේ වගකීමක්.නිකරුනේ ප්‍රකාශ සිදු නොකර, රටේ ආර්ථිකය පිළිබඳ අවබෝධයකින් කථා කිරීම විපක්ෂයේ වගකීමයි. විපක්ෂය, විපක්ෂයේ සිටින්නේ අභියෝග භාර නොගෙන සම්ප්‍රදායික දේශපාලනයේ නිරත වූ නිසයි. නොබියව, අභියෝග භාරගත් ආණ්ඩුව අද සාර්ථක ප්‍රතිඵල පෙන්වා තිබෙනවා.

Read More

කිරින්ද වෙරළ තීරයේ දියනාමින් සිටි විදේශීය ජාතික කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු 4දා දියේ ගිලී මියගොස් තිබේ.

Read More

සැකකරුවකු නිත්‍යානුකූල නොවන අයුරුන් අයුරින් අත්අඩංගුවට ගෙන අතුරුදන් කිරීම සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් දෙදෙනකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මූලස්ථානය කියයි.

Read More

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් සංවිධායක දෙහිවල ගල්කිස්ස මහා නගර සභාවේ හිටපු ජ්‍යෙෂ්ඨ නාගරික මන්ත්‍රීවරයෙකු වූ සමන්ත පෙරේරා මහතා ඉකුත් හතරවන දින (04) සමගි ජන බලවේගයේ සාමාජිකත්වය ලබා ගත්තේය.

Read More

පසුගිය දිනවල සමාජ මාධ්‍ය ජාලාවල සංසරණය වූ පුද්ගලයෙකු විසින් කුඩා ළමයෙකුට පහරදෙන විඩියෝවේ ළමයාට පහර දෙන පුද්ගලයා සහ පහර කෑ ළමයාද එම සිද්ධියට අනුබල දුන් කාන්තාවන් දෙදෙනෙකුද අද (5)අලුයම සැකපිට අත් අඩංගුවට ගත් බව වැලිඔය පොලීසිය පවසයි.

Read More

නව විදුලි බල පනතට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් සියලු සංශෝධන විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය විසින් පිළිගන්නා බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

Read More

මේ වාරණාසියේ ඔහු 2014, 2019 හා 2024 වසරවලදි ලබාගත් වැඩි ඡන්ද ප්‍රමාණයන්ය... 2014 දී ඔහු වාරණාසිය වැඩි ඡන්ද 371784 ලබා ගනිමින් ජයග්‍රහණය කළේය. 2019 දී ඔහු වාරණාසිය වැඩි ඡන්ද 479505 ලබා ගනිමින් ජයග්‍රහණය කළේය. 2014 දී ඔහු වාරණාසිය වැඩි ඡන්ද 152513 ලබා ගනිමින් ජයග්‍රහණය කළේය.

Read More

පවතින අයහපත් කාළගුණික තත්වය මත හෙට (5) දිනද දකුණු පළාතේ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සියලු පාසල් සඳහා නිවාඩු ලබා දුන් බව දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

Read More

මැදපෙරදිග කලාපයේ රටවල රැකියා සඳහා ශ්‍රමිකයින් පිටත් කර යැවීමේදී ලබා ගන්නා වෛද්‍ය සහතිකවල තත්ත්වය වඩා විධිමත් කිරීම පිණිස ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය, පාරිභෝගික කටයුතු අධිකාරිය, ශ්‍රි ලංකා ප්‍රතීතන මණ්ඩලය සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ පාර්ශ්වයන්ගෙන් සමන්විත විශේෂ කමිටුවක් පත් කිරීමට ඊයේ දිනයේදී (06/03) කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා විසින් පියවර ගනු ලැබිණි.

Read More

තමන් විධායක ජනාධිපතිධූරයට පත්වන තුරුම එය අහෝසි කළ යුතු යැයි පැවසූ රනිල් වික්‍රමසිංහ මහතා දැන් එම ජනපති ධූරය දරමින් එහි බලතල තව දුරටත් වැඩි කිරීමට උත්සහ දරණ බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

Read More

ගංවතුර නැරඹීමට ගිය බෝට්ටුවක් ඊයේ (03දා) සවස 4.30ට පමණ බුලත්සිංහල දී අධි බලැති විදුලි රැහැනක ගැටීමෙන් තරුණයකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර 19 දෙනෙකුගේ ජීවිත බේරි ඇතැයි බුලත්සිංහල පොලීසිය කියයි.

Read More

අයහපත් කාලගුණයෙන් ඊයේ (03) දින පැවති මහා වර්ෂාව හේතුවෙන් අගලවත්ත බෙල්ලන ආඳා දොළ ප්‍රදේශයේ නිවසක් පිටුපස තිබූ පස් කන්දක් නාය ගොස් නිවස සම්පූර්ණම යටවෙයි, නාය යාමට විනාඩි 15 කට පෙර නිවසේ ඇතිකල කළු නම් සුනඛයා විසින් කුඩා දරුවෙකු ඇතුළු ජීවිත හතරක් නූලෙන් බේරා ගනියි,

Read More

අද (4) මාධ්‍යම රාත්‍රීයේ සිට ලාෆ් ගෑස් සමාගම ගෘහස්ථ ගෑස් කිලෝග්‍රෑම් 12.5 ක සිලින්ඩරයක මිල රුපියල් 160 කින් අඩු කිරීමට තීරණය කළ බව නිවේදනය කරයි.

Read More

පදවිය, වැලිඔය සම්පත් නුවර පොලිස් වසමේ පදිංචි පුද්ගලයෙකු විසින් අවුරුදු 4 ක් පමණ වයසැති කුඩා දරුවෙකුට අමනුෂිකව පහරදෙන වීඩියෝවක් පසුගිය දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීමෙන් පසුව ඒ පිළිබඳව පොලීසිය විසින් පරික්ෂණයක් අරඹා ඇත.

Read More

දිවයින පුරා නව පාලම් 250ක් ඉදිකිරීමට සැලසුම් කර තිබෙනවා රටේ ආර්ථිකය දියුණු වන විට, ඉතා දිළිඳු මට්ටමේ ජනතාවට ද එහි ප්‍රතිලාභ හිමිවන බව සහතික කළ යුතුයි. බහුමාන දරිද්‍රතාවය 10% දක්වා අඩු කර ගැනීම රජයේ සැලැස්මයි – නෙදර්ලන්ත ජැන්සන් බ්‍රිජිං සමාගම මෙරට ග්‍රාමීය පාලම් 750ක් සාර්ථකව නිම කිරීම සැමරීමේ උළෙලේදී ජනපති කියයි.

Read More

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා සහ එම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ මහතා අතර ඇතිවූ ගැටුමකදී

Read More

අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ගෑස් මිල ගණන් අඩු කිරීමට පියවර ගත් බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා අද පෙරවරුවේ පැවසීය.

Read More

ඇතැම් ප්‍රදේශවල මාළු සිල්ලර මිල විශාල ලෙස ඉහළ ගොස් තිබෙන අතර, මීට සාපේක්ෂව මස් වර්ගවල මිලද සුළු වශයෙන් ඉහළ ගොස් තිබේ. මේ අනුව රු.500-800 අතර මිලකට පසුගිය දිනවල අලෙවි වූ හුරුල්ලෝ කිලෝවක් රු.1300දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

පවතින කාලගුණික තත්ත්වය මත ඉදිරි කාලයෙහි එළවළු මිල ඉහළ යෑමේ අවදානමක් පැවතුණද, කුකුළු මස් මිළ ඉහළ නොදැමෙන බවට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේය.

Read More

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය 2024 පළමු කාර්තුවේදී ඇමරිකානු ඩොලර් බිලියනයක ආයෝජන ඉලක්කය සපුරා ගෙන ඇති ඇත. අදානි සමාගමේ ඇමරිකානු ඩොලර් මිලියන 820ක ආයෝජනය සහ ඇ.ඩො. මිලියන 320ක් වටිනා තවත් ව්‍යාපෘති ගණනාවක් ආයෝජන මණ්ඩලය සමග ගිවිසුම්ගත වී තිබේ.

Read More

ජගත් පරිසර දින සැමරුම සඳහා වෙන්කළ මුදල් විපතට පත් ජනතාව වෙනුවෙන් යොදවන ලෙස ජනපතිගෙන් උපදෙස් – පළාත් සභා, පළාත් පාලන සහ පරිසර රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර

Read More

විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය ආරම්භ කරමින් ශ්‍ර‍ි ලංකා කණ්ඩායම මුහුණ දුන් පළමු තරගයෙන් දකුණු අප්‍රිකාව හමුවේ කඩුලු 6ක පරාජයක් ලැබිය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.