saravita-anim2

2025 මාර්තු මස 12 වන බදාදා

2025 මාර්තු මස 12 වන බදාදා

Latest News - timelapse 1193 hours ago

LATEST

පොහොට්ටුවේ ආසන සමුළුවට තෙන්නකෝන්ලට ආරාධනා නෑ

calendar_today 2024 ජුනි 11 - 11:53 remove_red_eye - 519  

රත්තොට බස් නැවතුම් පෙළේදී පසුගිය අටවෙනිදා පැවැත්වින පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආසන සමුළුවට හිටපු ඇමති පොදුජන පෙරමුණේ මාතලේ දිස්ත්‍රික් නායකයා ලෙස කටයුතු කරන ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා සහ ඔහුගේ පුත් ආරක්ෂක රා

මාතලේ සිට දඹුල්ල දෙසට ධාවනය වු ත්‍රි රෝද රථයක් හා දඹුල්ල දෙසින් පැමිණි කාර් රථයක ගැටි දෙදෙනකු මියගොස් එක් අයෙකු බරපතල තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.

Read More

ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ වාර්ශි ජාත්‍යන්තර කම්කරු සමුළුවට සහභාගීවෙමින් සිටින කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා, ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් Gilbert F. Houngbo සමග විශේෂ සාකච්ඡාවක් පැවැත්වූ අතර වතු කම්කරු වැටුප රුපියල් 1700 දක්වා සියයට 70කින් ඉහළ දැමීම ඔහු අගය කළේය.

Read More

එකම පවුලේ සහෝදරියන් දෙදෙනෙකු සිටින නිවසකට අද (11) අලුයම මුහුණු ආවරණය කරගෙන කළු පාටට හුරු ඇඳුම් ඇඳ ඇතුළු වූ නාඳුනන පුද්ගලයන් දෙදෙනකු එක් සහෝදරියකට නිවසේ ඇඳ මතදි තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර ඇතැයි හොරණ මූලස්ථාන පොලිසිය කියයි.

Read More

පෞද්ගලික බස් රථයක් සහ ඩොල්ෆින් වර්ගයේ වෑන් රථයක් මුහුණට මුහුණලා ගැටිමෙන් අද උදැසන සිදු වු රිය අනතුරකින් වෑන් රථයේ ගමන් ගත් රියදුරා සහ තවත් එක් අයෙක් බරපතල තුවාල ලබා ගිනිගත්හේන ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කිරිමෙන් අනතුරුව තුවාලකරුවන් දෙදෙනාගේ තත්ත්වය බරපතල නිසා තුවාලකරුවන් නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල වෙත මාරු කර යැවු බව ගිනිගත්හේන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක විරාජ් විතානගේ මහතා පැවසිය.

Read More

’’මන්ත්‍රීවරුන්ට විශ්‍රාම වැටුප අවශ්‍යය නෑ, අපි ඉතාම වගකීමෙන් කියනවා අපි ඒවා නීතියක් හැටියටම අහෝසී කර ගන්නවා.පළමුවැනි ආදර්ශය දෙන්නේ අපි.මම වගකීමෙන් කියනවා අපේ ආණ්ඩුවේ වැඩ භාර ගන්න දවසේ ඉඳලාම, වැඩ භාර ගන්න විදිහේ ඉඳලාම ආදර්ශ දීලා, නාස්තිය දූෂණය නතර කරලා පෙන්වනවා.මුදල් විශුද්ධීකරණ පනත තියෙනවා, අල්ලස් හෝ දූෂණ පනත තියෙනවා, පොදු දේපළ අපරාධ පනත තියෙනවා, තව ගොඩක් නීතී තියෙනවා.නීතී නැත්නම් නීතී හදලා හරි මේ මහජනතාවගෙන් වංචා කරපු හොරකම් කරපු ධනය නැවත අත්පත

Read More

ලෝක ශිෂ්ටාචාර අතර සංවාද වෙනුවෙන් ජාත්‍යන්තර දිනයක් නම් කරන ලෙස චීනය ඉදිරිපත් කළ යෝජනාවට එක්සත් ජාතීන්ගේ අනුමැතිය හිමිවෙයි. ඉකුත් 7 වැනිදා පැවති 78 වැනි මහා සම්මේලන සැසිවාරයේ දී එම යෝජනාව ඒකමතිකව සම්මත කෙරිණ. ඒ අනුව, ජූනි 10 වැනිදා ජාත්‍යන්තර ශිෂ්ටාචාර සංවාද දිනය ලෙස ප්‍රකාශයට පත්කරනු ලැබීය.

Read More

පෙරපාසල් ගුරුවරියන් සඳහා රජය විසින් මාසිකව ලබාදෙන රු. 2500ක දීමනාව රු. 5000 දක්වා ඉහළ දැමීමට අමාත්‍ය මණ්ඩල අනුකමිටු රැස්වීමේදී තීරණය කර තිබේ.

Read More

හුංගම රන්න ප්‍රදේශයේ පදිංචි 51 හැවිරිදි ව්‍යාපාරිකයෙකු නිවසේ පිටුපස වෙඩි වැදි මියගොස් සිටියදී ඊයේ (09දා) රාත්‍රී සොයාගත් බව හුංගම පොලීසිය පවසයි. මෙලෙස වෙඩි වැදීමෙන් මියගොස් ඇත්තේ තිස්ස පාර,රන්න ලිපිනයේ පදිංචි ගොඩනැගිලි ද්‍රව්‍ය වෙළෙඳ සැලක් පවත්වාගෙන ගිය 51 හැවිරිදි සුමුදු නිශ්ශංක ලංකාමුල්ල නමැති එක් දරු පියෙකි.

Read More

නවදිල්ලි නුවරට ගොස් සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා අතර හමුවක් අද (10) සිදු විය.

Read More

අපොස සාමාන්‍ය පෙළ විභාගය අවසන් වූ වහා ම උසස් පෙළ අධ්‍යයන කටයුතු ආරම්භ කර විශ්වවිද්‍යාල ප්‍රවේශය ද කඩිනම් කිරීමෙන් දරුවන්ගේ කාලය අපතේ යෑම වැලැක්වීම උදෙසා අධ්‍යාපන අමාත්‍යාංශය අදාළ පියවර ගනිමින් සිටින බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසී ය.

Read More

වීදී නාට්‍යයක් කරමින්, මහජනතාවට පීඩාවක් හා පොලිස් රාජකාරියට බාධා කලේ යැයි කියන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු පිරිසට එරෙහිව සාක්ෂි ඇත්නම් නඩු පවරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා කුරුඳුවත්ත පොලිසියට අද (10) නියෝග කළේය.

Read More

කොළඹ අග නගරය ඇතුළු තදාසන්න ප්‍රදේශයවල ජලගැලීම්වලට හේතුවන අනවසර ඉදි කිරීම් සියල්ල කඩිනමින් ඉවත් කිරීමට පියවර ගන්නා බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්.එස්. සත්‍යානන්ද මහතා පවසයි.

Read More

විදේශයන්හි සේවය කරන ශ්‍රී ලාංකිකයන්ගේ ප්‍රේෂණ ආදායම මැයි මාසයය තුළද වර්ධනයක් පෙන්නුම් කරමින් ඩොලර් මිලියන 544.4ක් ශ්‍රී ලංකාවට යොමුකර තිබේ.

Read More

වර්ථමාන‍ය වන විට පස් දෙනෙක්ගෙන් එක් අයෙක් අවුරුදු 60 වැඩි අය බවත්, 2030 වන විට හතර දෙනෙකුගෙන් එක් අයෙක් අවුරුදු 60 ට වැඩි පුද්ගලයන් බවට පත් වන බවත් ඔහු පෙන්වා දුන්නේය. මෙරට වසරකට 60000 ක් අඝාතයට පත්වෙන බවත්, එයින් 4000 ක් මරණයට පත් වන බවත්, ඉන් 56000 ක් විවිධ රෝගාබාධ සහිතව ඉතිරි වන බවද පෙන්වා ඔහු ‍දුන්නේය.

Read More

ගංවතුරින් පීඩාවට පත් බියගම ජනතාව වෙනුවෙන් ලක්ෂ හතහමාරක් වටිනා සනීපාරක්ෂක දුව්‍ය තොගයක් බියගම සහකාර ප්‍රාදේශීය ලේකම් චමත් කල්පනා අමදෝරු මහත්මිය වෙත බියගම ප්‍රාදේශීය සභාවේ හිටපු විපක්ෂ නායක පුසන්න සම්පත් මහතා විසින් අද (10දා) එම කාර්‍යාලයේදී ප්‍රධානය කලේය.

Read More

රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශ පහකට අයත් ග්‍රාම නිලධාරි වසම් 72 ක් ඒකාබද්ධ කරමින් ගොඩකවෙල සහ වැලිගෙපොල වශයෙන් නව මහවැලි කොට්ඨාස දෙකක් ප්‍රකාශයට පත් කිරීම ට පියවර ගත් බව වාරිමාර්ග, වනජීවි සහ වන සංරක්ෂණ අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ප්‍රකාශ කරයි.

Read More

ලංකාවේ කෘෂි නවීකරණ ව්‍යාපෘතිය සඳහා බංග්ලාදේශයේ සහාය ලබාදෙන බව බංග්ලාදේශ අගමැතිනී ෂීක් හසීනා මහත්මිය තහවුරු කර තිබේ. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ දිවුරුම් දිමේ උත්සවය වෙනුවෙන් ඉන්දියාවට ගිය ජනපති රනිල් වික්‍රමසිංහ මහතා හා බංග්ලාදේශ අග්‍රාමාත්‍යවරිය අතර හමුව නවදිල්ලි නුවර පැවැති අවස්ථාවේදී ඇය මේ බව ප්‍රකාශ කර තිබේ.

Read More

වැඩ වර්ජනයේ යෙදී සිටි දුම්රිය රියදුරන් සහ ප්‍රවාහන අමාත්‍යාංශයේ නිලධාරීන් අතර සාකච්ඡාවකින් පසු වැඩ වර්ජනය අවසන් කළ බව දුම්රිය රියදුරෝ පවසයි.

Read More

තෙල්දෙණිය පොලිස් වසමේ දිගන කෙන්ගල්ල ප්‍රදේශයේදී දැවැන්ත සියඹලා ගසක් පාරට ඇද වැටෙන දුටු පාසල් වෑන් රථ රියදුරෙකු ඉන් බේරීම සඳහා උත්සාහ කිරීමේදී වෑන් රථය රියදුරුගේ පාලනයෙන් මිදී වෑන් රස්තය බැම්මක සහ දුරකථන කුළුණක ගැටීමෙන් පාසල් ළමුන් ඇතුළු පස් දෙනකු තුවාල ලබා රෝහල් ගත කළ බව පොලිසිය කියයි .

Read More

ගම්පහ ප්‍රදේශයේ ප්‍රබල සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකුව සිටි ’’ පස් පොඩ්ඩා ’’ නැමැත්තාට වෙඩි තබා ඝාතනය කර , එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සාජා නුවර වෙත පළා ගොස් සිටි වෙඩික්කරු 06/10 දින උදෑසන යළි මෙරටට පැමිණෙමින් සිටියදී කටුනායක ගුවන් තොටුපොළේ දී ආගමන විගමන නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන ගුවන් තොටුපොළ පොලිසිය වෙත භාර දීමට පියවර ගෙන තිබේ .

Read More

අඛණ්ඩව තුන්වන වරටත් ඉන්දියාවේ අග්‍රාමාත්‍ය ධූරයේ දිවුරුම් දුන් නරේන්ද්‍ර මෝදි මහතාට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය උණුසුම් සුබ පැතුම් පිරිනැමූ අතර ඉන්දු – ශ්‍රි ලංකා සබඳතා සවිමත්ව ඉදිරියට ගෙන යාමට යළිත් නායකයෝ ප්‍රතිඥා දුන්හ.

Read More

දුම්රිය එන්ජින් රියදුරන් පිරිසක් විසින් පසුගිය 06වන දින මධ්‍යම රාත්‍රී 12ට ආරම්භ කළ වැඩවර්ජනය නිසා ඊයේ(09දා) සවස වන විට දුම්රිය ගමන් වාර 220ක් පමණ අවලංගු වී තිබෙන අතර, මේ නිසා මගී ජනතාව දැඩි දුෂ්කරතාවන්ට පත්ව තිබේ.

Read More

දුම්රිය රියදුරන් පිරිසකගේ වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් මගීන්ට සිදුවන අපහසුතා වළක්වාලීම සඳහා අතිරේක බස්රථ ඇතැම් දුම්රිය ස්ථාන අසලින් ගමන් ආරම්භ කරන ආකාරයට යොදවා ඇතිබව වාරථා වනවා.

Read More

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින අහුන්ගල්ලේ ලොකු පැටි නැමැත්තාගේ ගෝලයින් තිදෙනෙකු රුපියල් කෝටි 25කට අධික වටිනා මත්කුඩු තොගයක් සහ ගිනි අවි දෙකක් සමග කැස්බෑව ප්‍රදේශයේ සුපිරි නිවසක් තුළදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය කියයි.

Read More

වර්තමානය වන විට දුම්රිය රියදුරන් 186 දෙනෙකුගේ පුරප්පාඩු තිබෙන බවත්, දුම්රිය රියදුරන් 2017 වසරේ සිට බඳවා ගෙන නොමැති බවත් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී (කෝපා) අනාවරණය විය.

Read More

කීරි සම්බා සහල් හිඟය මූලික කර ගනිමින් ඇතැම් ප්‍රදේශවල කීරිසම්බා සහල් කිලෝවක් රු. 345-රු. 360 අතර මුදලකට අලෙවි කරමින් පවතී. පාලන මිලට අනුව කීරි සම්බා කිලෝවක මිල රුපියල් 260 කි.

Read More

අලි ඇතුන් විශාල සංඛ්‍යාවක් එකම ස්ථානයේ සිට නැරඹිය හැකි සුවිශේෂ උද්‍යානයක් වන මින්නේරිය ජාතික උද්‍යානයට 2024 මාර්තු මාසයේ සිට අලින්ගේ පැමිණීම විශාල ලෙස පහත බැස ඇති බව ජාතිකවිගණන කාර්යාලයේ කාර්ය පරිවාරික අංශය මගින් ජුනි මස 08වන දින නිකුත් කොට ඇති නවතම විගණන වාර්තාවක සඳහන්වේ.

Read More

රේගුවට හොර රහසේ ආනයනය කර ව්‍යාජ තොරතුරු ඇතුළත් කරමින් ලියාපදිංචි කළේ යැයි කියන අධිසුඛෝපභෝගී වාහන 400ක් අතුරින් වාහන 06ක් අල්ලස් කොමිසම භාරයට ගෙන ඇත.

Read More

විශ්‍රාමික පොලිස් සාමූහිකය ගොඩනැගීමේදී එහි පෙරමුණ ගත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, විශ්‍රාමික පොලිස් සාමූහිකයේ ප්‍රධානී රවී සෙනෙවිරත්න මහතා ඇතුළු නිලධාරීන්ට ආණ්ඩුවෙන් තර්ජන පවා එල්ල වූ බව ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.