saravita-anim2

2025 පෙබරවාරි මස 03 වන සඳුදා

2025 පෙබරවාරි මස 03 වන සඳුදා

Latest News - timelapse 1151 hours ago

LATEST

පිළියන්දල ප්‍රදේශයේ නිවසකින් ආයුධ තොගයක් හමුවේ

calendar_today 2024 මැයි 15 - 12:18 remove_red_eye - 434  

පිළියන්දල හොරණ පාරේ පිහිටි කළකට පෙර මියගොස් සිටින පරිසර වේදියෙකු ලෙස ක්‍රියා කළ පුද්ගලයෙකුගේ නිවසේ තිබී මෝටර් උණ්ඩයක්, අංක මකා දමන ලද ටී56 ගිනි අවියක්, මැගසින් 4 ක්, ජීව උණ්ඩ 96 ක්, ට්‍රසර් උණ්ඩ 20ක්, බෝර දොළහ වර්ගයේ ගිනි අවියක් සොයාගත් බව කැස්බෑව පොලිසිය පවසයි.

හබරණ පුවක්පිටිය ප්‍ර දේශයේ මහා වන මැද පුංචි කටු මැටි ගැසූ පැලක දිවා කාලයේ ජිවත් වන රාත්‍රිය ගසක් උඩ පැලක ජිවත්වන තරුණ මවක් පසුගිය අම්මාවරුන්ගේ දිනයට පැය කිහිපයක් තියෙද්දී දඹුල්ල රෝහලේදී තුන් නිවුන් පිරිමි දරු උපතක් සිදුකලාය.

Read More

2023 ජූලි 31 වැනිදා වන විට මෙරට මහාධිකරණවල පවතින ළමා අපයෝජන නඩු 7,495ක් සහ මහේස්ත්‍රාත් අධිකරණවල පවතින ළමා අපයෝජන නඩු 12,580ක් ලෙස සමස්ත නඩු 20,075ක් පවතින බව පාර්ලිමේන්තුවේදී අනාවරණය විය.

Read More

මාස 06ක කාලයක පරීක්ෂණයන්ට යටත් විය යුතු එන්නතක් මාස දෙකක කාලයක් තුළ නිෂ්පාදනයට අවසර දීමෙන් ජාතික ඖෂධ නියාමන අධිකාරිය නීතියට පටහැණිව කටයුතු කර ඇතැයි නීතිඥ නිල් ශාන්ත සිරිමාන්න මහතා අභියාචනාධිකරණයට ඊයේ (14දා) දැනුම් දුන්නේය.නිර්වින්දන ඇතුළු වෙනත් රෝග සඳහා භාවිත කරන එන්නත් 08 ක් නිෂ්පාදනය කිරීමට ජාතික ඖෂධ නියාමක අධිකාරිය නීතියට පටහැණිව දුන් අනුමැතිය වළකාලන්නැයි ඉල්ලමින් සමාජ ක්‍රියාකාරිකයන් දෙදෙනෙකු ගොනු කර ඇති පෙත්සම කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කරු වෙ

Read More

මෙම වසරේ මේ දක්වා ලාදුරු රෝගීන් 1500 ක් පමණ වාර්තා වී ඇති බවත්, එසේම වර්ෂයේ පළමු කාර්තුවේ රෝගීන් වාර්තාවීමේ අඩුවක් දැකගන්නට ලැබෙන බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්, විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා සඳහන් කළේය.

Read More

පැරණි වැවිලි කර්මාන්තය වෙනුවට නව කෘෂි ව්‍යාපාරයක් රටට අවශ්‍යයි කෘෂි කර්මාන්තයට අදාළ ආයතන අතර ඇති බාධක නව නීතියකින් ඉවත් කරනවා. නව තාක්ෂණික කළමනාකරණය වැවිලි ක්ෂේත්‍රයට හඳුන්වා දෙනවා. කෘෂි අපනයන ආර්ථිකයක් ඇති කිරීමට අවශ්‍ය නීති කෙටුම්පත් කැබිනට් මණ්ඩලය අනුමත කළා – ජනපති.

Read More

වර්ථමානයේ රෝගී අනුපාතනය අනුව ජනගහණය 1000ට වෛද්‍ය නිලධාරීන් 1.2ක් සිටින බවත්, එමෙන්ම රෝගී ඇඳන් අනුපාතය අනුව ජනගහණය 1000ට රෝගී ඇඳන් 4ක් තිබෙන බවත් පාර්ලිමේන්තුවේදී අනාවරණය විය.

Read More

1990 සුවසැරිය ගිලන් රථ සේවයේ භාවිත කළ ගිලන් රථ 322න් ගිලන් රථ 56ක් භාවිතයට ගැනීමට නොහැකි තත්ත්වයට පත්ව ඇති බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

Read More

ඕස්ට්‍රේලියාවේ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචාකළ පුද්ගලයෙකු ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයේ නිළධාරීන් විසින් ඊයේ දින (5/13) අත්අඩංගුවට ගන්නා ලදී.

Read More

මෙරටට පැමිණෙන විදේශිකයන් සඳහා ඔන්ලයින් වීසා නිකුත්කිරීම සමබන්ධයෙන් වූ සාකච්ඡාව සඳහා පෙර දැනුම්දී තිබියදී මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ සහ ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් නොපැමිණීම සම්බන්ධයෙන් රජයේ මුදල් කාරක සභාවේ දැඩි අප්‍රසාදය පළ කළේය.

Read More

කොළඹ නගරාධිපති අපේක්ෂක මුජිබර් රහුමාන් මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීධුරයේ දිවුරුම්දීම නිසා ඇති වී ඇති නෛතික ගැටලුව විසඳීම සදහා නීතිපතිවරයා හමුවී නීති උපදෙස් ලබාගත යුතු බවට, පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පෙන්වා දීමත් සමග, ඒ සඳහා වහා ක්‍රියා කරන ලෙස, අග්‍රාමාත්‍ය සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ නිලධාරීන්ට ඊයේ (13) උපදෙස් ලබා දුන්නේය.

Read More

ගාල්ල බන්ධනාගාරයේ ජේලර්වරියක් විසින් එම බන්ධනාගාරයේම බන්ධනාගාර නියාමකවරියක් ඝාතනය කිරිම සදහා රැදවි කාන්තාවකට කොන්ත්‍රාත්තුවක් ලබාදුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව ගාල්ල පොලිසිය කියයි.

Read More

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පත්වීම බල රහිත කරන්නැයි ඉල්ලා පක්ෂයේ වැඩ බලන ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පැවරු නඩුවෙන් ඉල්ලා ඇති වාරණය නිකුත් කරනවාද? නැද්ද? යන්න පිළිබඳ නියෝගය හෙට (15) ප්‍රකාශයට පත්කරන බව කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන් විතානගේ මහතා අද (14) දැනුම් දුන්නේය.

Read More

මෙම වසරේදී පුජා භූමි 20ක් ගැසට් මගින් ප්‍රකාශය කිරීමට අපේක්ෂා කරන බව ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව පවසන්නේ මේ වසරේ මේ වනවිට පූජා භූමි 09ක් ගැසට් කර ඇති බවයි.

Read More

කුසල් මෙන්ඩිස් සහ අසිත ප්‍රනාන්දුට එක්සත් ජනපදයට යාමට මෙතෙක් වීසා බලපත්‍ර ලැබී නොමැති බව වාර්තා වනවා. කෙසේවෙතත් සංචිතයේ සෙසු ක්‍රීඩකයන් අද උදෑසන ඩුබායි හරහා නිව්යෝර්ක් බලා පිටත්ව ගිය නමුත් වීසා ප්‍රමාදය හේතුවෙන් මෙන්ඩිස් සහ ප්‍රනාන්දුට ඔවුන් හා එක්වීමට නොහැකිවී ඇති බව වාර්තාවනවා.

Read More

ඉතා ප්‍රබල මාධ්‍යයක් වන සමාජ මාධ්‍ය හරහා නව ක්‍රමවේද ඔස්සේ නිවැරදි තොරතුරු ජනගත කිරිම මගින් රෝගය සම්බන්ධ නිවැරදි දත්ත, තොරතුරු සහ දැනුම්වත්භාවය ලබාදීම මෙහි මූලික අරමුණ වන අතර, රෝගය සම්බන්ධව පවතින වැරදි මත නිවැරදි කර ඉතා ඉක්මණින් සැඟවී සිටින රෝගීන් ප්‍රතිකාර සදහා යොමු කිරිමට අපේක්ෂා කරන අතර ම රෝගීන් සමාජයෙන් කොන් කිරීම අවම කිරිම තුලින් ඔවුන්ට යහපත් මානසික වටපිටාවක් නිර්මාණය කිරීම ද තවත් ඉළක්කයකි.

Read More

දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ ඇමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලූ මහතා ජනපති හමු වෙයි මෙරට සංචාරයක නිරත දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ ඇමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලූ (Donald Lu) මහතා ඊයේ (13) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු විය.

Read More

බොරැල්ල සරණපාල හිමි මාවතේ නිවසක් වටලා සිදුකළ පරික්ෂාවේදී’’ කුඩු ශිරෝ’’ නමැති මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරිය රුපියල් ලක්ෂ 80 කට ආසන්න මුදලක් තැන්පත්ව තිබූ බැංකු පොතක් , මත්ද්‍රව්‍ය සහ මුදල් තොගයක් සමග අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.

Read More

මැදවච්චිය මහේස්ත්‍රාත් අධිකරණයේ සොරකමක් සම්බන්ධව විභාග වෙමින් පවතින නඩුවකට පසුගියදා(11දා) පැමිණි සැකකරුවෙකු නඩුව අවසන් වී, නිවස වෙත යමින් සිටියදී, අධිකරණය අසල නිවසක නවතා තිබූ, යතුරුපැදියක් සොරකම් කරගෙන ගොස් තිබියදී අත් අඩංගුවට ගත්බව මැදවච්චිය පොලිසිය පවසයි.

Read More

රට තුල විකිණෙන ආනයනික ප්ලාස්ටික් සහ කාඩ් බෝඩ් වෙසක් කූඩු නිසාවෙන් දේශීය වෙසක් කූඩු නිර්මාණකරුවන්ගේ නිෂ්පාදන විකුණා ගැනීමට දැඩි අපහසුතාවයක් පවතින බවත්, එමගින් රට තුල සිටින දරු පරපුරේ නිර්මාණශීලීතාවය, ඉවසීම සහ අවබෝධය වැනිදේ ඔවුන්ගේ සිත් වලින් මැකී ගොස් ඇති බව වෙසක් කූඩු නිෂ්පාදකයෝ පවසති.

Read More

සාමාන්‍ය පෙළ සිසුන් කණ්ඩායම් දෙකක ගැටුමට මවක් සම්බන්ධ වී අනුරාධපුර සහිරා විද්‍යාල විභාග මධ්‍යස්ථානය යුද පිටියක්. ගැටුමෙන් සහිරා විද්‍යාල කාර්යාලයේ දේපළවලට හානි. ගැටුමෙන් තුවාල වූ සිසුන් කිහිපදෙනෙකු අතර සිටි සිසුවෙකු ගිලන් රථයක් මාර්ගයෙන් අනුරාධපුර රෝහලට. විභාගය අතරමැද විවේක කාලයේදී , ආරක්ෂාව පතා සහ පැමිණිලි කිරීමට අනුරාධපුර පොලිසියට සිසු සිසුවියන් පිරිසක් දිව යති.

Read More

ග්‍රාම නිලධාරී හට ඉතිහාසයපුරා මේවන තෙක්ම සේවා ව්‍යවස්ථාවක් ලබා නොදීම හා ග්‍රාම නිලධාරී දීමනා ප්‍රමාණවත් නොවීම හේතුවෙන් දින 03 ක කාලයක් දිවයිනේ සියලුම ග්‍රාම නිලධාරීන් වෘත්තීය ක්‍රියාමාර්ගයක් ලෙස අද(14) දින සිට අසනීප නිවාඩු වාර්තා කර ඇත.

Read More

වැල්ලවාය පොලිස් වසමට අයත් ආනපල්ලම 03 කණුව ප්‍රදේශයේ නිවසකට අද (14දා) අලුයම ගම්වැදුණු අලිරංචුවකින් එක් අලියෙකු නිවසකට පහරදීමෙන් නිවසට දැඩි ලෙස අලාභහානි සිදුවී ඇති අතර නිවස තුළ සිටි කුඩා දරුවන් දෙදෙනෙකුට සහ තවත් අයෙකුට තුවාල සිදුවී ඇතැයි වැල්ලවාය පොලීසිය පවසයි.

Read More

මිරිහාන මාදිවෙල, සේනාලංකාදිකාරගම ප්‍රදේශයේ සිල්ලර බඩු විකිණීමේ වෙළඳසැලක් පවත්වාගෙන යන මුවාවෙන් හෙරෝයින් මත්ද්‍රව්‍ය විකිණීමේ නියැලුණු පුද්ගලයෙකු රුපියල් ලක්ෂ තුනකට ආසන්න වටිනා හෙරොයින් මත්කුඩු සමග අත්අඩංගුවට ගත් බව නුගේගොඩ කොට්ඨාස දූෂණ මර්දන ඒකකය පවසයි.

Read More

විදුලි බුබුළු එක්ලක්ෂ දස දහසක් පුවක් ගස් හාරසියයක් පළල අඩි 86 යි උස අඩි 82

Read More

ජාතික පාරිභෝගික අධිකාරිය විසින් සීනි, කිරි පිටි,ගෑස්, පොහොර, බිත්තර, කීරි සම්බා, බී ලූණු යන භාණ්ඩවල තොග සඟවාගෙන සිටි ලංකාවේ සියලුම වෙළෙඳුන් සම්බන්ධයෙන්,2023 ජනවාරි මාසයේ සිට කිසිඳු වැටලීමක් සිදුකර නොමැති බව, ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කරන ලද නවතම විගණන වාර්තාවක සඳහන් වේ.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම විස්සයි විස්ස ලෝක කුසලාන ශූරතා තරගාවලිය සදහා 05/14 දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළෙන් ඇමෙරිකා එක්සත් ජනපදය බලා පිටත්ව ගියහ .

Read More

උද්ධමනය හේතුවෙන් මෙරට එක් පවුලක් සඳහා මාසික පාරිභෝජන වියදම 2022 වර්ෂයට සාපේක්ෂව 2023 වර්ෂයේ දෙසැම්බර් මාසය වන විට රුපියල් 103,283 දක්වා 16.5%කින් ඉහළ ගොස් ඇති බව, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කොට ඇති වාර්ෂික ආර්ථික විවරණ මහ බැංකු වාර්තාවේ සඳහන් වේ.

Read More

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් අද(14දා) සිට දින 03 කාලයක් සියලුම රාජකාරිවලින් ඉවත්ව සිටීමේ වෘත්තීය ක්‍රියා මාර්ගයක් සිදුකරන බව ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී සංගමය සඳහන් කරයි.

Read More

විජයදාස රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකතවය ලබා ගත්තේ යැයි පැවසුවද ඔහු වත්මන් ආණ්ඩුවේ අමාත්‍ය ධුරයක් හොබවන බැවින් ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය නියෝජනය කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ඊට අදාළ විනය ක්‍රියාමාර්ග ගැනීම සිදු නොකරනු ඇතැයි ’අද’ට වාර්තා වේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.