මෙරට තුළ රැඳී සිටිමින් නීති විරෝධී ලෙස අන්තර්ජාලය හරහා මූල්‍ය ජාවාරමක් සිදු කළ ඉන්දියන් ජාතිකයන් 60 කු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි.
හෙට එනම් 2024-06-28 දින සාමාන්‍ය පරිදි රජයේ සියලුම පාසල් පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.
Read Moreවිල්පත්තු වෙඩිතළතිව් රක්ෂිතයෙන් ඉස්සන් ගොවිපොළකට අක්කර 415ක් නිදහස් කරමින් වනජීවී අමාත්‍ය පවිත්‍ර වන්නාරච්චි මහත්මිය නිකුත් කළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම වහාම වළකාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද (27) අතුරු තහනම් නියෝගය නිකුත් කළේය.
Read Moreමේ මහ පොළොවේ හැම බිම් අඟලකටම වටිනාකමක් දෙන්න අවශ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළ දේශපාලන පක්ෂය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි.
Read Moreබස්නාහිර, සබරගමුව හා වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreඅම්බලන්ගොඩ ආදාදොල ආවාස වත්ත පදේශයේදී මළ මිනී පවාහනය කරනු ලබන මෝටර් රථයක් තුළ කපා කොටා ඝාතනය කර තිබූ මල් ශාලා හිමිකරු ඝාතනය කළා යයි කියන තැනැත්තා අද(27)නීතීඥයකු මාර්ගයෙන් භාරවීමෙන් පසු සැකපිට පශ්න කිරීම සදහා අත් අඩංගුවට ගත් බව අම්බලන්ගොඩ පොලීසිය කියයි.
Read Moreසුවහසක් දරුවන් වෙනුවෙන් හෙටදිනයේ සිට ගුරු දෙවිවරු ලෙස සලකන සියලුම ගුරු මෑණිවරුන්ගෙන් හා පියවරුන්ගෙන් කාරුණිකව සේවයට වර්ථා කරන ලෙස වැඩබලන අධ්‍යපන අමාත්‍යවරයා වහයෙන් ආචාර්යය බන්දුල ගුණවර්ධන මහතා ඉල්ලා සිටියි. පවතින ගුරු වර්ජනය සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ ප්‍රවෘති සාකච්ඡාවකට එක්වෙමින් ඒ්මහතා අද ( 27) රජයේ ප්‍රවෘති දෙපාර්ථමේන්තුවේදී මෙසේ ඉල්ලා සිටින ලදී.
Read Moreගාල්ල බන්ධනාගාරයේ සිරකරුවන්ගේ පහරකෑමට ලක්ව තුවාල ලබා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත් කළ සිරකරුවකු ඊයේ (26)දින රාත්‍රි මියගොස් ඇතැයි ගාල්ල පොලිසිය කියයි.
Read Moreඉංගිරිය නාච්චි මලේ අසපුවක මහණදම් පිරීම සඳහා සූදානම්ව සිටි තිදෙනකු ගමන්ගත් ටිපර් රථය ඉංගිරිය පාදුක්ක මාර්ගයේ ශාන්ත පීතර හන්දිය ආසන්නයේදී අනතුරට ලක්වීමෙන් එක් අයකු මිය ගොස් තවත් අයෙක් බරපතල තුවාල ලැබූ බව ඉංගිරිය පොලිසිය කියයි.
Read Moreනුවරඑලිය මහ නගර සභාව යටතේ පාලනය වන නුවරඑලිය බස් නැවතුම්පොලේ පිහිටි පොදු වැසිකිලිය වෙත ගිය පුද්ගලයන් දෙදෙනෙකු අභිරහස් ලෙස මියගොස් ඇති බව නුවරඑලිය මුලස්ථාන පොලිසියේ ප්‍රධාන පොලිස් පරික්ෂක ප්‍රේමලාල් හෙට්ටිආරච්චි මහතා පැවසිය.
Read Moreශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් නොමැතිව පවත්වාගෙන ගිය වංචනික විදේශ රැකියා නියෝජිතායතනයක් කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිළධාරීන් විසින් ජූනි මස 25 වැටලීම් කර තිබේ.
Read Moreශ්‍රී ලංකා ජාතික පිරිමි ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාර ධුරය දැරූ ක්‍රිස් සිල්වර්වුඩ් මහතා අද (27) සිය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ක්‍රිකට් ආයතනය වෙත ලබාදී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි
Read Moreජූලි 01 සිට තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමේ ජාතික සතියක්- කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර.
Read Moreජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (27) මහනුවරට පැමිණ ශ්‍රී දළදා සමිඳුන් වැඳ පුදා ගත්තේය .ජනාධිපතිවරයා මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ද බැහැ දුටු අතර ඉන් අනතුරුව සර්වාගමික වතාවත් වලද යෙදුණි .
Read Moreකිලිනොච්චිය භාරතීපුරම් ප්‍රදේශයේ පදිංචිව දින 24 ක් අතුරුදහන්ව සිටි පුද්ගලයෙකු ඊයේ (26) දින කිලිනෙච්චිය පොලීසියට භාර වී ඇත්තේ තමන් කිසියම් පිරිසක් විසින් පහරගෙන ගොස් වදහිංසා සිදුකල බව පවසමිනි.
Read Moreමෙවර කන්ද උඩරට ඇසළ පෙරහර මංගල්‍යය අගෝස්තු මස 05වැනිදා සිට අගෝස්තු මස 21 වැනි දින දක්වා පැවැත්වීමට නියමිත බව ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා නිල වශයෙන් ප්‍රකාශයට පත් කළේය .
Read Moreමුහුදු බඩ දුම්‍රිය මාර්ගයේ ඉදුරුව අතුරුවැල්ල ප්‍රදේශයේදී අද (27) උදේ පැය හතරක් පමණ ඇතුළත මීටර් සියයක් අතර දුරකදී දෙදෙනෙකු දුම්රියේ හැපී මරුමුවට පත්වී ඇතැයි කොස්ගොඩ පොලීසිය කියයි
Read Moreලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු අවසන් අදියරට පැමිණ ඇති බව බලශක්ති අමාත්‍යාංශය පවසයි. ඒ අනුව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් තෙල් පිරිපහදුව, රජයට අයත් වෙනම ආයතනයක් ලෙස ස්ථාපිත කර ඉන්ධන ප්‍රමිතිය වැඩි කිරීමට, කාර්යක්ෂමතාව වැඩි කිරීමට, ධාරිතාව වැඩි කිරීමට සහ පිරිවැය අඩු කිරීමට අවශ්‍ය මුල්‍ය ආයෝජන ලබා ගැනීමට නියමිතය.
Read Moreගැටලු කිහිපයක් මුල් කර ගනිමින් අද(27දා) සිට 30 වැනි දින දක්වා දින 04 ක් සියලුම රාජකාරිවලින් ඉවත් වීමට කටයුතු කරන බවත්, වසර 61 ක ග්‍රාම නිලධාරී සේවා ඉතිහාසයේ සියලුම රාජකාරිවලින් ඉවත්වන පළමු අවස්ථාව මෙය බවත් ග්‍රාමනිලධාරි වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි.
Read Moreගෙවී ගිය මාස 03ක කාලය සැලකීමේදී වැඩිම ඩෙංගු රෝගීන් ප්‍රමාණය ගෙවුණු දින 25 තුළදී වාර්තා වී තිබෙන අතර, මේ මස 01වන දින සිට 25 වන දින දක්වා කාලය තුළදී ඩෙංගු රෝගීන් 2,719ක් වාර්තා වී තිබේ.
Read Moreපෙරළිකාර ඇෆ්ගනිස්ථාන කණ්ඩායම පහසුවෙන්ම කඩුලු 9කින් ජයග්‍රහණය කරමින් පන්දුවාර විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීමට දකුණු අප්‍රිකාව සමත්විය.
Read Moreඊයේ (26දා) දිනයේ විවෘත කළ ඩෙන්ඩර්වලට අනුව අඩුම ලංසුව ඩොලර් ශත පහකටත් අඩුවෙන් විදුලි ඒකකයක ලබා දීමට ඉදිරිපත් වී තිබෙන බවත් මේ අනුව මෙම අවම ලංසුවත් ඉන්දීය සමාගම ඉදිරිපත් කර තිබෙන ලංසුවත් අතර විශාල මුදලක වෙනසක් තිබෙන බවත් ඒ හරහා රටට විශාල පාඩුවක් සිදුවන බවද සඳහන් කරයි.
Read Moreශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් වන ජනාධිපති අපේක්ෂයා පිළිබඳව මෙතෙක් තීරණය කර නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.
Read Moreපාර්ලිමේන්තු මන්ත්‍රීධුරය අහෝසි කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව විවේචනය කිරීමෙන් හිටපු රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය අධිකරණයට අපහාසයක් කළැයි සඳහන් කරමින් පවරා ඇති නඩු විභාගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් දෙදෙනෙකු ඉවත් වන බව අද (26දා) ප්‍රකාශ කළේය.
Read Moreකොළඹ කොටුව දුම්රියපොළ අසල පැවැත්වූ ගුරු විදුහල්පති විරෝධතාවය විසිරවීම සඳහා පොලිසිය කඳුළු ගෑස් එල්ල කිරීමෙන් රෝගී වූ තිදෙනෙක් කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් වූ බව එහි ප්‍රකාශකයෙක් පැවසීය.
Read Moreඇතැමුන් ජනාධිපති ධූරය වෙනුවෙන් වෙහෙසෙද්දී මම වෙහෙසෙන්නේ රට වෙනුවෙන් ලංකා මාතාව කියන දරුවා අනතුරුදායක වැල්පාලමේ මෙතෙක් ආරක්ෂිතව ඉදිරියට ගෙනාවා හුණුවටයේ කතාවේ මෙන්ම දරුවා රැක ගන්න කිසිඳු සහයෝගයක් නොදුන් කණ්ඩායම් අද දරුවාගේ අයිතිය ගන්න සටන් කරනවා පාර වරද්දා ගත්තොත් එහි භයානකකම අප සියලුදෙනා දන්නවා. නිවරැදි තීරණය ගැනීමෙ අයිතිය ජනතාව සතුයි
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උපදේශකයෙකු ලෙස කටයුතු කළ හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක මහේල ජයවර්ධන එම තනතුරින් ඉල්ලා අස්වී ඇත. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ බව අද (26දා) නිල වශයෙන් දන්වා සිටියේය.
Read More’රනිල් තමයි මිනිහා’ යන මතයක් ජනතාව තුළ ගොඩනැගී ඇති බව ද රණතුංග මහතා ප්‍රකාශ කළේය. සුබ පණිවිඩය දරාගත නොහැකි පාර්ශ්ව විසින් රට පුරා වර්ජන රැල්ලක් කරගෙන යන බවත්, වැටුප් විෂමතා ඉවත් කිරීම වෙනුවෙන් කටයුතු කරමින් පවතින මොහොතක මෙවැනි වර්ජන සිදු කරන්නේ රටට ආදරයක් නොමැති කුහකයන් බවත්, ඒ පිටුපස දේශපාලන පක්ෂ සිටින බවත් අමාත්‍යවරයා කීවේය.
Read Moreශ්‍රී ලංකාව ඊයේ (26දා) පෙරවරුවේ පැරිස් නුවරදී සිය ප්‍රධාන නිල ද්විපාර්ශ්වික ණය හිමියන් සමඟ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා අවසන් කරමින් නිල ණය හිමියන්ගේ කමිටුව සමඟ අවසන් එකඟත්වයට එළැඹ තිබේ.
Read Moreචීනයේ ‘චන්ග්අ 6’ අභ්‍යවකාශ යානය යළි පෘථිවියට ළඟාවෙයි. එම යානයේ ආපසු පැමිණීමේ කොටස චීනයේ ඇතුළු මොංගෝලියානු ස්වායත්තයේ නියමිත ප්‍රදේශයට ගොඩබැස ඇත්තේ ඊයේ (25) පස්වරුවේ යි. චන්ද්‍රයාගේ ඈත ප්‍රදේශයෙන් ලබාගත් පළමු සාම්පල එම යානය මගින් රැගෙන ඒම විශේෂත්වයකි.
Read More