saravita-anim2

2025 මාර්තු මස 10 වන සඳුදා

2025 මාර්තු මස 10 වන සඳුදා

Latest News - timelapse 1093 hours ago

LATEST

මහනුවර අධිකරණයේ බෝම්බ බිය ඇති කළ දුරකතන ඇමතුමේ දුරකතන හිමිකරු අල්ලයි

calendar_today 2024 ජුලි 02 - 21:39 remove_red_eye - 390  

මහනුවර අධිකරණ සංකීර්ණයේ බෝම්බයක් ඇති බවටව්‍යාජ දුරකථන ඇමතුමක් දුන් පුද්ගලයාගිනිගත් හේන්න පොලිසිය මගින් අත්අඩංගුවට ගෙනඔහුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී ඔහු පවසා ඇත්තේ ඔහුගේ එමජංගම දුරකථනය ඊයේ (01) අස්ථානගත වූ බවයි.

’සුබ -අසුබ’ ගැන එකිනෙකාට ප්‍රශ්න කර ගනිමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අතර අද (02දා) පාර්ලිමේන්තුවේදී විවාදයක් ඇති විය.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් ධුරයෙන් හා පක්ෂ සාමාජිකත්වයෙන් නෙරපීම තහනම් කරමින් පක්ෂයේ හිටපු සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතාට හා නියෝජ්‍ය ලේකම්වරයාට අතුරු තහනම් නියෝගයක් කොළඹ අතිරේක දිසා විනිසුරු අනුර වික්‍රමසිංහ මහතා අද (02) නිකුත් කළේය.

Read More

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා කසක්ස්ථානයේ අස්තානා අගනුවරට පැමිණෙයි. හෙතෙම විශේෂ ගුවන් යානයකින් අද (02) දහවල් එහි ළඟාවිය. කසක්ස්ථාන ජනාධිපති Kassym-Jomart Tokayev මහතා ගුවන් තොටුපළේ දී ෂී ජින්පිං මහතා හරසරින් පිළිගත්තේය.

Read More

ආර්ථිකය ඉදිරියට යන අඩිතාලම යොදා ඇති බවත්යො ආර්ථිකයට ආරක්ෂාවක් වූ සමූපකාරය අපි රැක ගත යුතු බවත් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි. ජපානය ලංකාව තුළ අත්හිටවූ සියලු ව්‍යාපෘති නැවත ආරම්භ කරන්න ගිවිසුම් අත්සන් කළ බවත් ඔහු පැවැසීය.

Read More

තමන්ට ඕනෑ ආකාරයට නීතිය නැවීමට හෝ වංගු දැමීමට නීතිය ක්‍රියාත්මක කරන්න පොලිස් නිලධාරීන්ට හැකියාවක් නැතැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (02) පැවසීය.

Read More

මහනුවර දොඩම්වල හල්ලොලුව පාලම අසල හුදකලාව පිහිටි සුපිරි නිවාසයක් තුළ තරුණ ඉන්දියානු ජාතිකයන් පිරිසක් විසින් පවත්වාගෙන ගිය බවට සැකකරන පරිගණක අපරාධ මධ්‍යස්ථානයක් වටලා එම ඉන්දියානු ජාතිකයන් සහ පරිගණක ලැප්ටොප් ඇතුළු විශාල භාණ්ඩ තොගයක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

ආර්. සම්පන්දන් මහතාගේ අභාවය හේතුවෙන් ජුනි 30 දින සිට පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුරයක පුරප්පාඩුවක් ඇති වී තිබෙන බව කථානායකවරයා දැනුම් දෙයි

Read More

ජූලි 06 වෙනිදා සිට ජූලි 21 වෙනි දින දක්වා පැවැත්වෙන ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ ඇසල මංගල්‍යය උත්සවයට පුදබිම සූදානම්කිරීම මේ දිනවල සිදුකෙරේ.

Read More

අද (2)දින පස්වරුවේ සිට ඉන්ධන පිරවුම්හල් කීපයක ඔක්ටේන් 100 පෙට්‍රල් අළෙවි කිරීම ආරම්භ කරන බව එල්.අයි.ඕ.සී. සමාගම පවසයි.

Read More

වව්නියාව බෝගස්වැව ප්‍රදේශයේ පදිංචි තරුණයෙකු නන්දිමිත්‍රගම ප්‍රදේශයේදී ගෙල සිරවීමෙන් මිය ගොස් සිටියදී සිරුර සොයාගත් බවට මාමඩුව පොලීසිය පැවසීය.

Read More

මහනුවර අධිකරණ සංකීර්ණය තුල බෝම්බයක් ඇති බවට ලද තොරතුරක් මත අධිකරණ කටයුතු නවතා දමා එහි සියලු කාර්‍ය මංඩල ඉවත් කර ආරක්ෂක අංශ මගින් විශේෂ පරික්ෂාවක් සිදුකරණු ලැබු බව මහනුවර පොලිසිය පවසයි.

Read More

ඖෂධ සඳහා උපරිම සිල්ලර මිලක් නියම කිරීමට අදාලව ක්‍රමවේදයක් හඳුන්වා දෙමින් සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ මහතා විසින් අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කරයි.

Read More

අධ්‍යාපන පද්ධතියට නිලධාරීන් හා ගුරුවරුන් ලෙස හෙට (3)සිට අලුතින් 1875 ක් එක්වෙයි.අධ්‍යාපන අමාත්‍යාංශය මගින් ලිඛිත විභාග හා සම්මුඛ පරීක්ෂණ පවත්වා බඳවා ගත් මොවුන් සඳහා පත්වීම් ලිපි ප්‍රදානෝත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (03) පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී පැවැත්වේ.

Read More

ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල අඩු කළ බව ලිට්‍රො ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පැවසීය.

Read More

මහනුවර අධිකරණයේ බෝම්බ බියක් හේතුවෙන් එහි සියලු කාර්‍ය මංඩල ඉවත් කිරිමට කටයුුතු කර තිබේ. අධිකරණ සංකීර්ණයට බෝම්බ නිශ්ක්‍රීය අංශය කැඳවා ඇති අතර ඔවුන් සෝදිසි කිරීම් ආරම්භ කර තිබේ.

Read More

ශ්‍රී ලංකාවේ සමස්ත විදේශ ණය ප්‍රමාණය ඩොලර් බිලයන 37ක් බව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය. ණය ප්‍රතිව්‍යුහගත කිරිමට අදාළව පාර්ලිමේන්තුවේදි විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව පැවැසීය.

Read More

මේ දවස්වල කවුරු ආණ්ඩු කළත් ලෝකයේ කිසිම කෙනෙක් ශ්‍රී ලංකාවේ ස්වෛරී බැඳුම්කර ගන්නේ නැහැ. අපට බැඳුම්කරයක් නිකුත් කළ හැකි වන්නේ 2027 වසරේදී පමණයි.

Read More

කෘෂි කර්මාන්තයට නව තාක්ෂණය හඳුන්වා දීමේ ප්‍රතිලාභ ලැබෙමින් පවතිනවා. තරුණ කෘෂි ව්‍යවසායකත්ව ව්‍යාපෘතිය හරහා කෘෂි ක්ෂේත්‍රයේ තරුණ ව්‍යවසායකත්ව අවස්ථා වැඩි වෙමින් තිබෙනවා ප්‍රවාහනයේදී සිදුවන අස්වනු හානිය අවම කර ගැනීම සඳහා දුම්රිය සේවය යොදා ගැනීමට කටයුතු කරනවා – කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ජානක ධර්මකීර්ති. බඩඉරිඟු නිෂ්පාදනය නගා සිටුවීම සඳහා පොහොර සහ කෘෂි රසායනික භාවිතාවන් හඳුන්වා දී තිබෙනවා – කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජන

Read More

මේ අතර විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුම් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අද (02) ජනාධිපතිවරයාගේ විශේෂ ප්‍රකාශයක් පමණක් ඉදිරිපත් කිරීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය වූ බව ද මහලේකම්වරිය පැවසුවාය. මේ අනුව අද (02) දින පැවැත්වීමට නියමිතව තිබූ මීට අදාළ යෝජනා සම්මතය පිළිබඳ විවාදය නොපැවැත්වීමටත් මෙහිදී තීරණය වී තිබේ

Read More

පෙරහර සමයේ මෙම පරම්පරා දෙක අතර ගැටුම පවතින බවත්, පෙරහර සමයේ පූජා වට්ටිවලට එකතුවන රුපියල් කෝටි හය හතක මුදල වෙනුවෙන් මෙම ගැටුම පවතින බවත් හෙළි වී ඇත. පූජා වට්ටියේ සම්පූර්ණ ආදායම කපු මහත්වරු ගන්නවා. ඒ මුදල බෙදා ගන්න බැරිවුණාම පෙරහර සමයේ එක එක ගැටුම් හට ගන්නා බව රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩිල්ෂාන් ගුණසේකර මහතා පවසයි.

Read More

ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් නමැති ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධියේදී හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ආමාත්‍ය මණ්ඩලයට වැරදි තොරතුරු සපයා අමාත්‍ය මණ්ඩලය නොමඟ යවා ඇතැයි නීතිපතිවරයා අභියාචනාධිකරණයට අද (01) දැනුම් දුන්නේය.

Read More

එහිදී අංක, මල්, පලතුරු, කුරුල්ලන්, සතුන්, ධාන්‍ය, එළවළු, මිනිස් සිරුරේ අභ්‍යන්තර අවයව, උරග, කෘමීන්, මල්, මාළු, සිංහල, ඉංග්‍රීසි, අරාබි භාෂා අක්ෂර, දේශපාලන නායකයන්, විවිධ වෘත්තීන්, ලෝක ප්‍රසිද්ධ කුළුණු, ප්‍රසිද්ධ ක්‍රිකට් ක්‍රීඩකයින්, ජාතික ක්‍රීඩකයින්, ආහාර ද්‍රව්‍ය සහ ගෘහාශ්‍රිත ද්‍රව්‍ය ඇතුළු පින්තූර 1098ක නම් හදුනාගැනීමට සමත් වීම විශේෂත්වයකි.

Read More

දකුණු කොරියාව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සිය සංචාරක අනතුරු ඇඟවීම ලිහිල් කිරිමට කටයුතු කර තිබේ. ඒ අනුව අද (ජූලි 01) සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකාවේ සංචාරක අනතුරු ඇඟවීම 2 මට්ටමේ සිට 1 මට්ටම දක්වා නැවත සකස් කිරීමට දකුණු කොරියානු විදේශ කටයුතු අමාත්‍යාංශය තීරණය කර ඇත.

Read More

කොළඹ සිට මහනුවර දක්වා ධාවනය වූ අංක 1019 දුම්රියේ රියදුරුවරයාගේ නොමනා ක්‍රියා කලාපය හේතුවෙන් ඔහුගේ වැඩ තහනම් කර දෙපාර්තමේන්තු මට්ටමින් පරික්ෂණයක් ආරම්භ කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

Read More

මුහුදේ පාවෙමින් තිබූ බෝතලයක තිබු ද්‍රාවණයක් පානය කිරීම නිසා මෙම අවාසනාවන්ත මරණයන් සිදුවූ අතර ඩෙවෝන් - 5 යාත්‍රාවේ තිබු යාත්‍රා නිරීක්ෂණ ආපදා බොත්තම ක්‍රියාත්මක කර ආපදාව පිළිබඳව දැනුම්දීමට කටයුතු කර නොමැති වීමද කනගාටුදායක කරුණක් බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා කියා සිටියේය.

Read More

හෙන්රි පේද්‍රිස් ක්‍රීඩා පිටිය ඉසිපතන විද්‍යාලයේ කළමනාකාරීත්වයට නිල වශයෙන් පැවරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇති බව ක්‍රිඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා පවසයි.

Read More

තියුණු ආයුධයක් රැගෙන ඉවක් බවක් නොමැතිව මහමග ගමන් ගන්නා වාහනවලට පහර දෙමින් ආවේගශීලීව ඇසුරුණු පුද්ගලයෙකු ඊයේ (30) රාත්‍රී අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය කියයි

Read More

ඉන්ධන මිල අඩු වුවත් ත්‍රීරෝද රථ ගාස්තු අඩුවීමක් සිදු නොවන බව සමස්ත ලංකා ත්‍රීරෝද රථ රියදුරන්ගේ වෘත්තීය සමිතිය පවසනවා.

Read More

වාර්ෂික බස් ගාස්තු සංශෝධනය අනුව 2024-.07-01 දින මධ්‍යම රාත්‍රිෙය් සිට මගී ප්‍රවාහනයේ යෙදෙන සියලුම බස්රථ සේවාවල බස් ගාස්තු සීයට පහයි දශම බිංදුවයි හතකින් (5.07/100) අඩු කරන ලදී.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.