saravita-anim2

2025 අප්‍රේල් මස 30 වන බදාදා

2025 අප්‍රේල් මස 30 වන බදාදා

Latest News - timelapse 127 hours ago

LATEST

ජපානය මහා භූකම්පනයක් ගැන අනතුරු අඟවයි

calendar_today 2025 අප්‍රේ 01 - 10:22 remove_red_eye - 1021  

ඉදිරියේදි පැසි‍ෆික් සාගර‍යේ ඇතිවීමට නියමිත මහා භූමිකම්පාවක් පි‍‍ළිබඳව ජපානය අනතුරු අඟවා ති‍බේ. මෙම භූමිකම්පාව රික්ටර් මාපකයේ 8-9අතර ප්‍රභලත්වයක් ගනු ඇතැයි ජපානය පවසයි.

අද (01) දින සිට ඉදිරි දින කිහිපයේදි දිවයිනේ බොහෝ ප්‍රදේශ සවස් කාලයේදි ‍හෝ රාත්‍රි කාල‍යේදි ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

කූඨ ලෙස සකස් කළ ග්‍රීක නේවාසික වීසා බලපත්‍ර භාවිතා කරමින් , ග්‍රීසිය වෙත පළා යාමට තැත් කළ බංගලදේශ ජාතිකයන් තිදෙනකු 03/30 දින සවස කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තු දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .

Read More

ගාල්ල කරාපිටිය ජාතික රෝහල විසින් ආපනශාලා කුලී ආදායම සහ වෙනත් සේවා කුලී ආදයම වු රුපියල් මිලියන 2.56ක මුදලක් රාජ්‍ය ආදායමට බැරනොකර සුභසාධන ගිණුම්වලට බැරකිරිම සම්බන්දයෙන් පුර්ණ පරික්ෂණයක් සිදුකර වගකිවයුතු නිලධාරින් සම්බන්දයෙන් විනය ක්‍රියාමාර්ග ගතයුතු බවට විගණනය මගින් නිර්දේශකොට ඇත.

Read More

මියන්මාරයේ සහ තායිලන්තයේ පසුගිය සිකුරාදා සිදුවූ භූමිකම්පාවෙන් ව්පතට පත්වූවන්ට සහන සලසන්න විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් සමග ඖෂධ සූදානම් කර ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

Read More

අද (31දා) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබේ.ඦ

Read More

අප්‍රේල් මාසය සඳහා ලාෆ්ස් ගෑස් මිල සංශෝධනය කිරීමට එම සමාගම තීරණය කර තිබේ.

Read More

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 12 වැනි තරගය මේ වන විට ආරම්භ වී තිබේ.

Read More

මෙම වසරේ සහල් පිටරටින් ගෙන්වන්නේ නැති බවට ඉලක්කයක් නිර්මාණය කළද සහල් ආනයනය කිරීමට සිදු වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

Read More

ප්‍රකාශයක් ලබා දීමෙන් පසු හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු පරිශ්‍රායන් පිටව ​ගොස් තිබේ.

Read More

මියන්මාර භූකම්පනයෙන් අවතැන් වූ පිරිස් සඳහා ප්‍රතිකාර කිරීමට මෙරට හමුදාවේ වෛද්‍ය බලකායේ සිටින වෛද්‍යවරුන් අතුළු කණ්ඩායමක් වහාම මියන්මාරයට යැවිය යුතු බවට තමා යෝජනා කරන බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

Read More

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තවත් තරගයක් අද (31දා) පැවැත් වේ.

Read More

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට පුත්තලම මහාධිකරණය විසින් රක්ෂිත බන්ධනාගාර ගත කල නීතීඥවරියව වහා නිදහස් කරන ලෙස අභියාචනාධිකරණය නියෝග කර තිබේ.

Read More

නීත්‍යානුකූල නොවන ආකාරයෙන් උපයාගෙන ඇති වත්කම් පවරා ගැනීමේ පනත් කෙටුම්පත එළැඹෙන 08 වැනිදා පාර්ලිමේන්තුවේදී සම්මත කර ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීව.

Read More

බද්දේගම වෙළඳ හා කර්මාන්ත හිමියන්ගේ සංගමය මගින් නගරය හා ප්‍රධාන මාර්ග ඉලක්ක කර සවිකරන ලද ආරක්ෂිත කැමරා පද්ධතිය ඉකුත් 30 දා මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණි.

Read More

කන්තලේ සීනි කම්මල සතු උක් අක්කර 21333 යි රූඩ් දෙකයි පර්චස් තිහක භූමියෙන් අක්කර 11000 ක් කෙටි කාලීන බෝග වගාව සඳහා නිදහස් කිරීමේදී බලහත්කාරයෙන් ඉඩම් අත්පත් කරගෙන සිටී පිරිසක් ඉවත් කිරීමට ත්‍රිකුණාමලය දිසාපති ඩබ්.ජී.මහේෂ් හේමන්ත කුමාර මහතා පොලිසියට පොලිස් විශේෂ කාර්ය බළකායට හා ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දුන්හ.

Read More

ආසියාවේ සහ ශ්‍රී ලංකාවේ විශාලතම වකුගඩු රෝහල ලෙස සැලකෙන පොළොන්නරුව වකුගඩු රෝහලට ප්‍රමාණවත් පරිදි වෛද්‍යවරුන් මෙන්ම සේවකයින් නොමැතිකමින් ‍ශ්‍රි ලංකාවේ විවිධ ප්‍රදේශවලින් ප්‍රතිකාර ගැනීමට පැමිණෙන වකුගඩු රෝගීන් දැඩි අසීරුතාවයට පත්ව සිටිති.

Read More

මියන්මාරයට බලපෑ භූකම්පනයෙන් ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයන් සංඛ්‍යාව 1,700 ඉක්මවා ගොස් තිබේ.

Read More

කොළඹ සිට බදුල්ල දක්වා දිවෙන උඩරට මැණිකේ දුම්රියේ ප්‍රවේශපත්‍ර අන්තර්ජාලය ඔස්සේ ලබාගෙන විදේශිකයන්ට අධික මිල ගණන්වලට අලෙවි කිරීමේ ජාවාරමක් කලක් තිස්සේ පවත්වාගෙන ගිය පුද්ගලයෙකු දුම්රිය ආරක්ෂක අංශ නිලධාරීන් විසින් අල්ලා මහනුවර සංචාරක පොලීසියට බාරදී තිබේ.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ලෙස ශම්මි සිල්වා මහතා තේරී පත්ව තිබේ.

Read More

මොනරාගල දිස්ත්‍රික්කයේ මහ කන්නයේ වී අස්වැන්නෙන් වී ඇටයක්වත් වී අලෙවි මණ්ඩලයට ලැබී නැතැයි එම මණ්ඩලයේ දකුණු පළාත් ප්‍රාදේශීය කළමනාකරු ඉන්දික උපේන්ද්‍ර මහතා පැවසීය.

Read More

ගනේමුල්ල සංජීව නමැත්තාට වෙඩි තැබූ වෙඩික්කරුට ආධාර අනුබල ලබාදුන් කාන්තාව අත් අඩංගුවට ගැනීම සඳහා පෙබරවාරි 19 වැනි දින සිට දින 41ක් තිස්සේ පොලීසිය ඇය සොයමින් සිටියි.

Read More

පේරාදෙණිය පොලිස් වසමේ ඒදඬුවාව ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයක් පෙරලීීයාමෙන් එම ත්‍රිරෝද රථයේ ගමන් කළ දෙදෙනකු මිය ගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව පේරාදෙණිය පොලිසිය කියයි.

Read More

ඉන්දිය ප්‍රිමියර් ලිග තරගාවලිය යටතේ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම හා චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම අතර පැවැති තරගයෙන් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම ලකුණු 6ක තියුණු ජයක් ලැබිය.

Read More

කිරිපිටි මිල ඉහළ යාමට සාපෙක්ෂව අද(31දා) මධ්‍යම රාත්‍රි 12.00 සිට කිරි තේ එකක මිල රුපියල් දහයකින් හා කිරි ආශ්‍රිතව සකස් කරන ජූස් වර්ග හා චිස් කොත්තුවක මිල රුපියල් දහයකින් ඉහළ දමන බව ව්‍යාපාරික සංගම් සඳහන් කරති.

Read More

ශ්‍රී ලංකාව තුළ HIV ව්‍යාප්තිය ඉහළ යමින් පවතින හෙයින් කඩිනමින් පරීක්‍ෂණ වෙත යොමු වන ලෙස ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහන ජනතාවගෙන් ඉල්ලා සිටී.

Read More

වංචා දූෂණ ගැන පමණක් නොවෙයි. අපරාධ පිළිබඳ පවා, පාස්කු ප්‍රහාරය පිළිබඳ පවා පරීක්ෂණ ඉතා විධිමත්ව දියත්වෙමින් තිබෙනවා. මේ අප්‍රේල් මාසයේ 21 වැනිදාට නැවත පාස්කු ප්‍රහාරයේ දිනය සිහිපත් වෙනවා. අපි බොහෝ දුරට අපේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව උත්සහ දරමින් තිබෙනවා අප්‍රේල් මාසයේ 21 වැනිදාට පෙර එයට වගකිව යුතු, සැලකිය යුතු කණ්ඩායමක් හෙළිදරව් කරන්න. මේ වන විටත් ඔබතුමන්ලා දන්නවා හිටපු ඇමතිවරු 03ක් රිමාන්ඩ් භාරයේ ඉන්නවා. හිටපු එක ඇමති කෙනෙක් හැංගිලා ඉන්නවා.

Read More

ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ නාගරික වනාන්තර ඇති කිරීමේ ව්‍යාපෘතියේ පළමු අදියර අද (30) පෙරවරුවේ පෑලියගොඩ, කැලණි පාලම අසලදී ආරම්භ විය.

Read More

පුනරුත්ථාපනය සඳහා මිනුවන්ගොඩ වෑගොව්ව ප්‍රදේශයේ පුනරුත්ථාපන මධ්‍යස්ථානයකට යොමු කළ පුද්ගලයෙකුගේ පාදවලට දම්වැල් දමා දෑත්වලට අත් මාංචු දමා හිමිකරු ඇතුළු පිරිසක් පොලු මුගුරුවලින් පහර දීමෙන් පුනරුත්ථාපනය වෙමින් සිටි පුද්ගලයෙකු රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇතැයි මිනුවන්ගොඩ පොලීසිය කියයි.

Read More

අයිස් මත් ද්‍රව්‍ය ලග තබාගෙන පානය කරමින් සිටි වලස්මුල්ල මූලික රෝහලේ වෛද්‍යවරයෙක් හා හා ඔහුගේ මිතුරෙකු ඊයේ (29) මාතර දීයගහ ප්‍රදේශයේ කඩ කාමරයක් තුලදී සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත්අඩංගුවට ගත් බව මාතර කොට්ඨාස දූෂණ මර්ධන ඒකකය පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.