හෙට (16) සිට ක්‍රියාත්මක වන පරිදි ගෘහස්ථ විදුලි ගාස්තු 27% කින් පහල දැමෙන අතර අනෙකුත් කර්මාන්ත රාජ්‍ය හා පුන්‍ය ආයතන ඒක්ව ගත්විට සමස්ථ විදුලි බිල 22.5% කින් පහළ දැමීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.
ගාල්ල සමනළ ක්‍රිඩාංගනයේ දි අද (15) පෙරවරුවේ දි පැවැත්විමට නියමිතව තිබු ගාල්ල දිස්ත්‍රික් ජනාධිපති ශිෂ්‍යත්ව ප්‍රදාන වැඩසටහන සදහා ඉදිකර තිබු වේදිකා, කුඩාරම්, විදුලි උපකරණ සියල්ල අද අළුයම් කාලයේ දි ඇතිවු දැඩි සුළං තත්ත්වයක් හේතුවෙන් දැඩි හානියට පත්ව ඇත.
Read Moreසින්නක්කර ඉඩම් ඔප්පු ලක්ෂ 20ක් ලබාදීමේ “උරුමය“ වැඩසටහන යටතේ බදුල්ල දිස්ත්‍රික්කයේ පළමු අදියරේ සුදුසුකම් ලාභීන් 65,393ක් අතුරින් පුද්ගලයන් 662කට සින්නක්කර ඉඩම් ඔප්පු ප්රදානය කිරීම මහියංගනය මහජන ක්‍රීඩාංගණයේදී ඊයේ (14) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් සංකේතාත්මකව සිදුකෙරිණි.
Read Moreශ්‍රී ලංකාව තුළින් විස්සයි විසි දෙක වසරේ මිනීමැරුම් පන්සිය පනස් නමයක් විස්සයි විසිතුන වසරේ මිනිමැරුම් පන්සිය හැත්තෑ අටක් සිදු වී තිබෙන බවත් මෙය වළක්වා ගැනීමට නොහැකි පොලිස්පති වරයෙක් විෂය භාර ඇමතිවරයෙක් රටකට කුමකටද ඇයි අපරාධ පරීක්ෂණය දෙපාර්තමේන්තුව භාරව සේවය කළ හිටපු නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න මහතා පැවසීය.
Read Moreපුත්තලම නගරයේ ඉහළ වානිජ වටිනාකමකින් යුත් යුත් රජයට අයත් ඉඩමක් පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රී රහිම් මහතා නීති විරෝධිව අත්පත් කර ගෙන ඇති බව වාර්තාවෙයි.
Read Moreබෙන්තොට පොලිස් වසමේ පිහිටි අතුරුවැල්ල ධර්ම ශ්‍රී වර්ධනාරාම විහාරස්ථානයේ දී ඊයේ රාත්‍රි ඇතිවූ ගැටුම්කාරී තත්වයකදී භික්ෂූන් වහන්සේලා දෙනමක් සහ පොලිස් කොස්තාපල්වරයෙකු තුවාල ලබා ඇතැයි බෙන්තොට පොලීසිය කියයි.
Read Moreඇතැම් අය කිව්වා මීට විරුද්ධවඅධිකරණයට යයි කියලා. නමුත් අධිකරණ බලය තිබෙන්නේ උසාවියේ නෙවෙයි, පාර්ලිමේන්තුවේ බව සිහිපත් කළ යුතුයි. පාර්ලිමේන්තුවේ විධායක බලයට අධිකරණය අත නොගැසිය යුතුය යන ස්ථාවරයේ මම සෑමවිටම සිටිනවා.
Read Moreතැපැල් දෙපාර්තමේන්තුවට අයත් නාරාහේන්පිට පිහිටි යාන්ත්‍රික ඉංජිනේරු අංගණයේ ඉකුත් වසර 05ක කාලයේදී වාහන අමතර කොටස් මිලදී ගැනීමට සේවකයන් සඳහා වැය වී ඇති අතිකාල දීමනා සඳහා රුපියල් තිස්කෝටි හතළිස් හත් ලක්ෂයකට අධික මුදලක් (304,702,219) අය කර ඇති අතර, අලුත්වැඩියා කළ වාහන සංඛ්‍යාව එක් එක් වාහනයකට බෙදනු ලැබූ අමතර කොටස් පිළිබඳ ටයර් ටියුබ් සහ බැටරිවල තොරතුරු විගණනයට ඉදිරිපත් කර නොතිබුණි.
Read Moreමේ වර්ෂයට අදාළ දෙවන විදුලි ගාස්තු සංශෝධනය අද(15දා) ප්‍රකාශයට පත් කිරීමට සැලසුම් කර තිබෙන බව මහජන උපයෝගිතා කොමිසම සඳහන් කරයි.
Read Moreරනිල් වික්‍රමසිංහ මහතාගෙන් මත් පැන් අලවි කිරීම සඳහා බලපත්‍ර පක්ෂයේ කිසිම මන්ත්‍රී වරයකු ලබාගෙන නොමැති බව හැකි නම් ප්‍රකාශ කරන්නැයි තමන් සජිත් ප්‍රේමදාස මහතාට අභියෝග කරන බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අද (13දා) පස්වරුවේ දඹුල්ලේ දී අභියෝග කළේය. මාතලේ දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක ගෙදර දිසානායක මහතා විසින් මෙම ජනරැළිය සංවිධානය කොට තිබිණ.
Read Moreප්‍රවාහන සේවා අත්‍යවශ්‍ය සේවාවන් බවට පත් කරමින් නැවත වරක් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අණපරිදි ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් මෙම ගැසට් පත්‍රය නිකුත් කර ඇත.
Read Moreවිදුලිබල ක්ෂේත්රයේ ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ වෙනුවෙන් ආසියානු සංවර්ධන බැංකුවඇමරිකානු ඩොලර් මිලියන 100ක ප්‍රතිපත්තිමය ණය ආධාරයක් අනුමත කර තිබේ.
Read Moreඅයිතිකරුවන්ටතම අයිතිය නීතියානුකූලව පෙන්විය නොහැකි සැකකටයුතුරුපියල් කෝටි හයක් පමණ වටිනාඩිෆෙන්ඩර් රථයක් ප්‍රාඩෝ රථයක් සහඅශ්ව බල 1000යතුරුපැදියක්මහනුවර කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශය විසින්අත්අඩංගුවට ගෙන තිබේ .
Read Moreහිටපු අමාත්‍ය හා වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු සමස්ථ ලංකා මහජන කොන්ග්රස් පක්ෂයෙ නායක මන්ත්‍රී රිෂාඩ් බදුර්දින් මහතා ගමන් ගනිමන් තිබු සුඛෝපභෝගි ජීප් රිය කරුවලගස්වැවදී අනතුරකට ලක්ව ඇති බවත් අනතුරීන් කිසිවකුටත් හානි සිදුව නැතත් වාහනයට දරුණූ හානි සිදුව ඇති බව කරුවලගස්වැව පොලිසිය කියයි.
Read Moreනාදුනන තුවක්කුකරුවන් දෙදෙනෙකුගේ වෙඩි ප්‍රහාරයකට ලක්ව ඝාතනයට ලක්වු ප්‍රකට ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්තගේ අවසන් කටයුතු සිදුකිරිමෙන් පසු මාකදුරේ මදුෂ්ගේ රුව සහිත බැනරයක් මාතර ප්‍රධාන බස් නැවතුම්පොල ඉහල මහලේද ඊයේ (14දා) උදෑසන වනවිට ප්‍රදර්ශනය කර තිබු බව මාතර පොලීසිය පවසයි.
Read Moreඅතුරුගිරිය ටැටු කලාගාරය තුළදී ව්‍යාපාරික ක්ලබ් වසන්ත නමැත්තා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් පාතාල නායක ලොකු පැටිගේ මස්සිනා ඇතුළු තිදෙනාප්රශ්න කිරීමෙන් අනතුරුව මුදා හැරිය බව බස්නාහිර පළාත දකුණු දිසාව අපරාධ කොට්ඨාසය කියයි.
Read Moreශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ වැටුප් ලේඛන අංශයේ සිදුවී ඇතැයි කියන රුපියල් ලක්ෂ 180 ක මුදල් වංචාවක් සම්බන්ධයෙන් මාණ්ඩලික සැරයන්වරයෙකු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි.
Read Moreදේශපාලන අවශ්‍යතා අනුව අතීතයේ සාම විනිසුරු පත්වීම් ලබා දී තිබුණ බවත් පාතාල නායකයෙකු වු ගෝනවල සුනිල් නැමැත්තාටත් සාම විනිසුරු පත්වීම් ලබාදී තිබුණ බවත් ඔහු පැවැසිය.
Read Moreඅනුර දිසානායක මැතිතුමා සහ මම පාර්ලිමේන්තුවේ එකට වැඩකටයුතු කළත් අපේ දේශපාලනය වෙනස්. ඒ බව මීට දින කිහිපයකට පෙර එතුමා පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කළා. එතුමා කිව්වා මේ දේශපාලනයේ ගේම් කාරයා මහින්ද රාජපක්ෂ කියලා. ඒක මට ප්‍රශ්නයක් නොවෙයි. එතුමා රාජපක්ෂවාදියෙකු වීම මට ප්‍රශ්නයක් නොවෙයි. ආණ්ඩුවේ රාජපක්ෂවාදීන් ඕනතරම් ඉන්නවා. ඒ වගේම එක්සත් ජාතික පක්ෂවාදීන් සිටිනවා. ඒ වගේම අනිත් පක්ෂවල අයත් සිටිනවා. අප සියලුදෙනා එකට වැඩ කළයුතුයි.
Read Moreමීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවකට අදාළව එහි විත්තිකරු සියලුම චෝදනා වලින් නිදොස් කොට නිදහස් කර ඇති බව සදහන් කරමින් , මහේස්ත්රාත්වරයාගේ අත්සන ද ව්‍යාජ ලෙස සදහන් කර නඩු වාර්තාවක් ලබා දී , රුපියල් ලක්ෂ 35 ක මුදලක් වංචනිකව ලබා ගත් හිටපු අධිකරණ සේවකයෙකු 07/14 දින උදෑසන මීගමුව විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
Read Moreරජයේ ප්රමුඛ අරමුණක් වන්නේ නවීන තාක්ෂණය යොදා ගෙන මෙරට ප්‍රාථමික සෞඛ්‍ය සේවා වැඩිදියුණු කිරීම බව “58 වන රාජ්‍ය ඔසුසල” ගාල්ල, හික්කඩුව නගරයේ දී විවෘත කරමින් සුව ඇමති අවධාරණය කරයි.
Read Moreජනාධිපතිවරණය කල් දැමීමේ සූදානමක් ඇති බවට විපක්ෂය කටකතා පැතිරවූවත් ජනාධිපතිවරයා නියම වේලාවට මැතිවරණය පවත්වන බවත් ඉන් රනිල් වික්‍රමසිංහ මහතා ජයග්‍රහණය කොට රටේ ආර්ථික ප්‍රශ්ණය විසදා රට නිසි තැනකට ගෙන එනු ඇති බවත් ජනාධිපති ජේෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා ගම්පහ , ගනේමුල්ලේදී පැවසීය.
Read Moreගාල්ල, බූස්ස අධිආරක්ෂක බන්ධනාගාරයේ සහකාර බන්ධනාගාර අධිකාරිවරයාට මරණ තර්ජන කිරීම සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණ, පොලිස් මූලස්ථානය විසින් සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කර තිබේ.
Read Moreබස් රථයක ගමන් කරමින් සිටි 27 හැවිරිදි තරුණියකගේ කෙස්කලඹේ අඩියක පමණ ප්‍රමාණයක් කතුරක් භාවිතා කරමින් කපා ඉවත් කළ බව කියන මුරුතලාව ප්‍රදේශයේ පල්ලියක මවුලවිවරයෙකු බව කියන පුද්ගලයෙකු මහනුවර මූලස්ථාන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreහිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක සචිත්ර සේනානායක මහතාට අයත් තලංගම කලල්ගොඩ ප්‍රදේශයේ පිහිටි නිවසකින් රුපියල් ලක්ෂ පනහකට අධික වටිනාකමින් යුත් මුදල් හා භාණ්ඩ සොරාගත් පුද්ගලයකු සොරාගත් භාණ්ඩ ද සමඟ අත්අඩංගුවට ගත් බව කොට්ටාව පොලිසිය පවසයි.
Read More’’ අපේ අයියේ...... එක එක්කෙනා එවනවා - අපි එනකම් බලාගන්න.... යනුවෙන් මධුෂ් ගේ ඡායාරූපයට දකුණු පසින් සටහන් කර පහතින් කේ පි අයි යනුවෙන් ඉංග්‍රීසි අකුරු තුනක් සටහන් කර එම බැනරය ප්‍රදර්ශනය කර තිබිණි
Read Moreබදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා ගමන් ගත් සුඛෝභෝගී මෝටර් රථය ඊයේ (13) දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝ ෙමිටර් 28 දශම 1 කළුතර දකුණ පොලිස් වසම ප්‍රදේශයේදී අනතුරට ලක් වීමෙන් ලේකම්වරයකු බරපතල තුවාල ලබා නාගොඩ රෝහලට ඇතුළත් කර ඇතැයි දක්ෂිණ අධිවේගී රථවාහන පොලිසිය කියයි.
Read Moreඇමෙරිකානු හිටපු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙඩි වැදිමක් හේතුවෙන් තුවාල ලබා තිබේ. පෙන්සල්වේනියාවේ පැවැති දේශපාලන රැළියකදී මෙම වෙඩි තැබීම සිදුකර තිබේ.
Read Moreශ්‍රී ලංකා ආගමන සහ විගමන දෙපාර්තමේන්තුව සහ ආයතන සමූහය අතර මාර්ගගත ආකාරයෙන් වීසා සහ විදෙස් ගමන් බලපත්‍ර අයදුම් කිරීමේ සේවා බැහැරින් ලබාගැනීම පිළිබඳ මුදල් කාරක සභාවේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් එම කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසුවේ අභියෝග රැසක් මැද මෙම වාර්තාව ඉදිරිපත් කරන බවයි.
Read Moreබස්නාහිර, සබරගමුව හා වයඹ පළාත්වලත් මහ නුවර, නුවරඑළිය, ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර ඇතැම් ස්ථානවල මි.මී. 50ට වැඩි තරමාක තද වැසි ඇතිවිය හැකි යැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
Read More