saravita-anim2

2025 පෙබරවාරි මස 02 වන ඉරිදා

2025 පෙබරවාරි මස 02 වන ඉරිදා

Latest News - timelapse 993 hours ago

LATEST

වනිඳු පරාජයට හේතු කියයි

calendar_today 2024 ජුනි 19 - 15:21 remove_red_eye - 229  

කණ්ඩායමේ ක්‍රීඩකයින් අතින් සිදු වූ වැරදි සහ ඔවුන් හරියට ක්‍රීඩා නොකළ නිසා විස්සයි විස්ස ලෝක කුසලාක ක්‍රිකට් තරගාවලියෙන් ඉවත් වීමට සිදු වූ බවත් තමන් කණ්ඩායමේ නායකයා සහ ක්‍රීඩකයෙකු වශයෙන් ඒ පිළිබඳව කනගාටු වන බවත් වනිදු හසරංග අද (19දා) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියදී පැවසීය.

නව විදුලි වාහන නිපදවිමේ අපේක්සාවෙන් ජපානයේ ප්‍රධාන වාහන නිෂ්පාදන සමාගම් ද්විත්වයක් වන හොන්ඩා සමාගම හා මිට්සුබිෂි සමාගම් ද්විත්වය එක්ව නව සමාගමක් ස්ථාපිත කිරීමට සැලසුම් කර තිබේ. මේ වසරේ ජුලි මාසයේදි ස්ථාපිත කිරීමට නියමිත එම සමාගමේ නාමය වශයෙන් ALTNA යන නම යොදාගෙන තිබේ.

Read More

රටේ පැවති අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් ආයුර්වේද උපාධිධාරීන්ගේ ඇනහිට තිබූ සීමාවාසික පුහුණුවීම් යළි ආරම්භ කළ බව දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පැවසීය.

Read More

රේගු බදු නොගෙවා මෙරටට ගෙන්වු ‘මීනී කූපර්” වර්ගයේ මෝටර් රථයක් ත්‍රීරෝද රථයක අංකයක් යොදා ලියාපදිංචි කර රජයට පාඩු කළැයි චෝදනා කරමින් ඉඩම් කොමසාරිස් ජනරාල්වරයා ඇතුළු මෝටර් රථවාහන ලියාපදිංචි කිරීමේ දෙපාර්තමෙන්තුවේ නිලධාරීන් පිරිසකට එරෙහිව අල්ලස් කොමිසම පවරා ඇති නඩුව සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග ලබන ජුලි 29 වැනිදා දැනුම් දෙන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා අල්ලස් කොමිසමට ඊයේ (18) දැනුම් දුන්නේය.

Read More

වව්නියව , කැබිතිගොල්ලෑව , හොරොව්පතාන සහ මැදවච්චිය ප්‍රදේශයන් වෙතට ඊයේ (18) රාත්‍රියේ භූ කම්පනයක් සිදුව ඇතැයි භූවිද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යංශය පෙන්වා දෙයි.

Read More

නිල සංචාරයක් සඳහා ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා හෙට (20) දිවයිනට පැමිණිමට නියමිතව ඇත.

Read More

කහතුඩුව පොලිසියේ තනිකඩ බට නිවාසය තුළදී පොලිස් කොස්තාපල්වරයකුට වෙඩි තැබීමට තැත් කළ තවත් පොලිස් කොස්තාපල්වරයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අත්අඩංගුවට ගත් බව කහතුඩුව පොලිසිය කියයි.සැකකරු සන්තකයේ තිබූ පිස්තෝල ගිනි අවියක් සහ ජීව උණ්ඩයක් ද පොලිස් භාරයට ගෙන ඇත

Read More

රටට අවශ්‍ය මීළඟ ජනාධිපතිවරයා නව සන්ධානය විසින් පත්කරන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේය.ඔහු සඳහන් කර සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ වනවිට තම පාර්ශ්වයේ අත්ල මත පවතින බවයි.

Read More

ජාත්‍යන්තර සෞඛ්‍ය අංශ අනුමාන කරන පරිදි මිලියන දහඅටක් වන ලොව පිළිකා රෝගීන්ගේ ප්‍රමාණය වර්ෂ 2030 වන විට මිලියන විසි දෙකක් පමණ දක්වා ඉහළ යනු ඇති බව ශ්‍රී ලංකා පිළිකා සංගමයේ මහනුවර ශාඛාවේ මනෝ වෛද්‍ය යෝගා ඇන්තනී මහත්මිය සඳහන් කළාය.

Read More

ලංකා විදුලි බල මන්ඩලය මගින් 2024 වසරේ සිදු කිරීමට යෝජිත දෙවන විදුලි ගාස්තු සංශෝධනයට අදාල අවසන් තීරණය ඒ පිළිබඳව මහජන අදහස් විමසීමෙන් පසුව ජූලි 15 දා ලබාදෙන බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසයි.

Read More

කාන්තාවන්ට පිරිමින්ට හා සමාන අයිතිවාසිකම් හිමි විය යුතු බව ජාත්‍යන්තර කාන්තා සංවිධානවල සියලු ගිවිසුම්වලද ඇතුළත් වන බව පැවසූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එම කටයුතුවලට බාධා කිරීමට අධිකරණයට, විධායකයට, ව්‍යවස්ථාදායකයට හෝ කිසිඳු ආයතනයකට නොහැකි බව අවධාරණය කළේය.

Read More

චින ප්‍රඡාවට යාපනය දිස්ත්‍රික්කයේ මුහුදු කුඩැල්ලන් වගා කිරිමට අවසර ලබා දි නොමැති බවත් යහපාලන සමයේ එක් චින සමාගමකට මුහුදු කුඩැල්ලන් අභිජනනය කිරිම සදහා අවසර ලබා දි තිබුනද. වර්ථමානයේදි එම ආයතනයේද බලපත්‍ර අවලංගු කිරිමට තමා අවශ්‍ය කටයුතු සිදු කර ඇති බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා 2024/06/17 දින යාපනයේ දිස්ත්‍රිකයේ මුහුදු කුඩැල්ලන් වගා කරුවන් සමග පැවති සාකච්ඡාවකදි ප්‍රකාශ කර සිටියේය.

Read More

2015 වසරේ සිට 2020 වසර දක්වා කාලය තුළ පුද්ගලයින් 58,304 දෙනෙකුට ශ්‍රි ලංකාවේ ද්විත්ව පුරවැසි භාවය ලබාදි ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පැවසීය.

Read More

චීන අධ්‍යාපන අමාත්‍යාංශය සහ යුනෙස්කෝ සංවිධානය සම අනුග්‍රාහකත්වයෙන් ක්‍රියාවට නංවන ‘මහා ප්‍රාකාරය’ ශිෂ්‍යත්ව වැඩසටහනේ මීළඟ අදියර සඳහා ගිවිසුම් අත්සන් තැබේ.

Read More

පේරාදෙණිය පොලිස් බල ප්‍රදේශයේ බෝවල ප්‍රදේශයේඝන කැලෑවක මවක සහ දියණියක විසින්මහා පරිමාණයෙන් පවත්වාගෙන ගියකසිප්පු පෙරීමේ ස්ථානයක් වැටලීමටමහනුවර කොට්ඨාශදූෂණ මර්දන අංශ නිලධාරීන්ට හැකිව තිබේ .

Read More

නොර්වුඩ් පොලිස් වසමට අයත් ඩන්කන් වතුයායේදි (17) දින රාත්‍රියේ අතුරුදහන් වි සිටි සිව් හැවිරිදි පිරිමි දරුවා එම වතුයායේම ළදු කැළැවක සිටියදි (18) දින සොයාගත් බව නොර්වුඩ් පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක ප්‍රියංකර කොහොල්දෙණිය මහතා පැවසිය.

Read More

2024 පොසොන් උත්සවය හේතුවෙන් මහව දුම්රිය ස්ථානය දක්වා විශේෂ දුම්රිය ගමන් වාර කිහිපයක් ක්‍රියාත්මක කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ. උතුරු දුම්රිය මාර්ගයේ ඉදිකිරීම් කටයුතු හේතුවෙන් මේ වන විට එම මාර්ගයේ දුම්රිය ධාවනය මහව දුම්රිය ස්ථානය දක්වා පමණක් සීමා වී තිබේ.

Read More

දිවයිනේ නිරිත දිග කොටසේ පවතින්‍ය වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් හෙට (19) දින්‍ සිට ඉදිරි දින්‍ කිහිපයේදි බලාපොරොත්තු වන බව කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

Read More

දිසා රෝහලක් ලෙස මෙහි සේවා කටයුතු පවත්වාගෙන යෑම සඳහා හෙද හෙදියන් 100ක පමණ අවශ්‍යතාවක් වුවත් දැනට සේවයේ නිරතව ඇත්තේ හෙද හෙදියන් 49ක් පමණක් බවත් සමස්ථ ලංකා හෙද සංගමයේ මීරිගම රෝහල් ප්‍රධාන සංවිධායක රුවන් අබේසිංහ මහතා පවසා සිටියි.

Read More

කහතුඩුව පොලිස් ස්ථානයේ ඊයේ (17) දා රාත්‍රී රාජකාරි භාරව සිටි දුරකථන ක්‍රියාකරුට තනිකඩ භට නිවාසය තුළදී පිස්තෝල ගිනි අවියකින් වෙඩිතැබීමට උත්සාහ කළ එදින උප සේවා රාජකාරී භාරව සිටි කොස්තාපල්වරයා පිස්තෝල ගිනි අවියද සමග අද (18) දා අත්අඩංගුවට ගත් බව කහතුඩුව පොලිසිය පවසයි.

Read More

තලාතුඔය මාරස්සන විවිධ සේවා සමූපකාර සමිතිය සදහා නව අධ්‍යක්‍ෂ මණ්‌ඩලයක් තෝරා ගැනීම සදහා පසුගිය දාසයවන දින (16) පැවති වන ජන්ද විමසීමේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ විසින් ඉදිරිපත් කළ කණ්ඩායම ජයග්‍රහණය කරන ලදි.

Read More

එක ම සටන් පාඨයක දිගින් දිගට එල්බගෙන ලෙඩ නිවාඩු දමමින් වෘත්තීය ක්‍රියාමාර්ගවල ගුරුවරුන් නිරත වී සිටියත් වත්මන් සිසු පරපුර ඒ මත රැඳී නොසිට අන්තර්ජාලය වැනි වෙනත් දැනුම් මූලාශ්‍ර වෙත අවතීර්ණ වෙමින් හා එමගින් සිය අධ්‍යාපන අවශ්‍යතා සපුරාගනිමින් සිටින බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.

Read More

නොර්වුඩ් පොලිස් වසමට අයත් ඩන්කන් වතුයායේදි ඊයේ (17) දින රාත්‍රියේ අතුරුදහන් වි සිටි සිව් හැවිරිදි පිරිමි දරුවා එම වතුයායේම ළදු කැළැවක සිටියදි අද (18) දින සොයාගත් බව නොර්වුඩ් පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක ප්‍රියංකර කොහොල්දෙණිය මහතා පැවසිය.

Read More

මහනුවර කුරුණෑගල මාර්ගයේ වතුවල ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් කාන්තාවක මියයාමේ සිද්ධියක් සම්බන්ධයෙන් නුගවෙල ප්‍ර දේශයේ ජනප්‍රිය විදුහලක විදුහල්පතිවරයෙක් අත්අඩංගුවට ගත් බව කටුගස්තොට පොලීසිය කියයි.

Read More

ඊයේ (17) අලුයම මෝටර් රථයක් ගොඩගම ප්‍රදේශයේදී අනතුරට පත්වීම හේතුවෙන් කලටුවාව ජල පවිත්‍රාගාරයේ සිට මහරගම දක්වා ජලය ගෙනයන ප්‍රධාන නළයේ අනතුරෙන් සිදු වූ හානිය අලුත්වැඩියා කටයුතු මේ වනවිට අවසන් කර තිබුණද

Read More

නාඳුනන පුද්ගලයින් දෙදෙනකු විසින් නිවසක හුදකලාවේ රැදී සිටි වයෝවෘද්ධ කාන්තාවකගේ දැත් දෙපා සහ මුඛය ලනුවලින් ගැටගසා ඇදක බැද නිවසේ තිබූ භාණ්ඩ සොරාගෙන ගොස් ඇති බවට ලද පැම්ණිල්ලක් මත වාද්දුව පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

Read More

පුද්ගලයෙකු සතු පළමු දේපළ යෝජිත කුලී ආදායම් බද්දෙන් නිදහස් කෙරෙන බවත්, එසේම මෙම බද්ද සාමාන්‍ය ආදායම් ලබන්නන් වෙත නොව ඉහළ ශුද්ධ ආදයම් ලබන්නන් වෙත පැනවෙන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහා පාර්ලිමේන්තුවේදී පැවැසීය.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතාගේ කණ්ඩායම සහ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාගේ කණ්ඩායම සමගි ජන බලවේගය සමග සන්ධාන ගතවීම සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වන බවත්, එම සාකච්ඡා සාර්ථක වනු ඇති බවට තමා විශ්වාස කරන බවත් එම පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පැවසීය.

Read More

මැදපෙරදිග රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කළ කාන්තාවක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් ජූනි මස 16 දින ගම්පොළ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

දැන් ඡන්දය කිට්ටුයිනේ, ඒ නිසා දේශපාලඥයෝ තමන්ගේ ඡන්ද ගොඩ වැඩි කර ගන්න තමයි මහන්සි වෙලා දැන් රැස්වීම් තියනවා, සම්මේලන තියනවා, විවිධ ආකාරයෙන් රුපියල් ලක්ෂ ගණන්, කෝටී ගණන් වියදම් කරලා විවිධ ක්‍රියාදාමයන් මේ වන විට බහුලව සමාජය තුළ දකින්න තියෙනවා.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.