saravita-anim2

2025 අප්‍රේල් මස 30 වන බදාදා

2025 අප්‍රේල් මස 30 වන බදාදා

Latest News - timelapse 122 hours ago

LATEST

බටලන්ද ගැන ජීවමාන සාක්ෂියක් වන ඉන්ද්‍රාන්නද සී.අයි.ඩී.යට පැමිණිල්ලක්

calendar_today 2025 අප්‍රේ 02 - 17:01 remove_red_eye - 559  

බටලන්ද වධකාගාරයේ සිදුවූ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සම්බන්ධයෙන් එම අපරාධ ඇසින් දුටු සාක්ෂිකරුවකු වන ඉන්ද්‍රානන්ද ද සිල්වා මහතා අද (02දා) පස්වරුවේ කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

සබරගමුව පළාත් සභාවට අයත් රාජ්‍ය ආයතන වල ප්‍රයෝජනයට ගන්නා ලද වෙන්දේසි කිරිම සඳහා ඇති වාහන රැසක් වසර ගණනාවක් තිස්සේ දිරා පත්වෙමින් පවතින බවත් තව දුරටත් මෙම වාහන දිරාපත්විමට ඉඩනොදි වෙන්දේසි කිරිමට පියවර ගත යුතුව ඇතයි මෙහි සේවක පිරිස් පවසති.

Read More

පාරිභෝගික ජනතාවට හිඟයකින් තොරව සහල් ලබා දීම අරමුණු කර ගෙන ඉදිරියේදී සහල් ආනයනය කිරීමට ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුව නිර්දේශ කර තිබේ.

Read More

භූකම්පනයෙන් විපතට පත් මියන්මාර ජනතාවයට සහන සැලසීම සඳහා මෙරට ජනතාවගේ දායකත්වය ලබා දීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

Read More

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තවත් තරගයක් අද(02දා) පැවැත්වේ.

Read More

ලංගම බසයකට යටවී අවුරුදු දෙකක් වයසැති පිරිමි දරුවෙකු මියගොස් ඇති බව කළුතර පොලිසිය පවසයි.

Read More

පළාත් පාලන මැතිවරණය සඳහා භාරදී ප්‍රතික්ෂේප වූ නාමයෝජනා අතරින් උපැන්න සහතිකවල මුල් පිටපත් ඇතුළත් නාම යෝජනා පත්‍ර යළි භාරගන්නා ලෙස අභියාචනාධිකරණය අද(02දා) නියෝග කළේය.

Read More

ජනතාවගේ ආහාර සුරක්ෂිතතාව ඇති කිරීම සහ පෝෂ්‍යදායි ආහාරවේලක් පහසු මිලට ලබා ගැනීමේ අවස්ථාව සලසා දෙමින් රජය හඳුන්වාදුන් වැඩසටහන අද (01) නාරාහේන්පිට ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලයේ “පැලැස්ස” ආපනශාලාවේදී ක්‍රියාවට නැංවිණි.

Read More

නිලාවේලි, අඩම්පෝඩේ ප්‍රදේශයේදී සයිලන්සරයකට අමතර කොටසක් සවිකර අධික ශබ්දය පිටවන අයුරින් යතුරුපැදියක් ධාවනය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට යෑමේදී රථවාහන පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට පහරදී රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් යතුරුපැදිය පැදවූ තැනැත්තා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු |හෙට (03) දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ත්‍රිකුණාමලය අතිරේක මහේස්ත්‍රාත් අර්සරත්නම් අර්ජුන් වෙල්ටන් මහතා නිලාවේලි පොලිසියට නියම කළේය.

Read More

පාකිස්තානයේ රික්ටර් මාපක 4.3ක භූකම්පනයක් අද(02දා) හටගෙන තිබේ.

Read More

2025.04.01 වන දින උදෑසන කාලයේ වත්තල පොලිස් වසමේ හේකිත්ත පාර වත්තල ප්‍රදේශයේ පිහිටි ලැගුම්හලක කාමරයක් තුල කාන්තාවක් ගෙල වැළලාගෙන සිටින බවට වත්තල පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලක් මත වත්තල පොලිසිය විසින් විමර්ශන ආරම්භ කර ඇත.

Read More

උතුරු මැද පළාතේ හිටපු ප්‍රධාන අමාත්‍ය එස්.එම්.රංජිත් මහතා සහ ඔහුගේ පුද්ගලික ලේකම්වරිය ලෙස කටයුතු කළ ශාන්ති චන්ද්‍රසේන මහත්මියට කොළඹ මහාධිකරණය විසින් බරපතළ වැඩසහිත වසර 16ක් බැගින් සිරදඬුවම් නියෝග කර තිබේ.

Read More

ජපාන සමුද්‍රීය ස්වයං ආරක්‍ෂක බලකායට අයත් BUNGO සහ ETAJIMA නෞකා නිල සංචාරයක් සඳහා අද (2025 අප්‍රේල් 01) උදෑසන කොළඹ වරායට සේන්දු වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාවන් නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි.

Read More

ගෙවීගිය මාස තුනක කාලයෙහිදී අලි ඇතුන් සියයක් මිය ගොස් තිබෙන බවත් ගෙවීගිය වසර පහ තුළදී මිනිස් ක්‍රියාකාරකම් නිසා අලි ඇතුන් දෙදහසක් පමණ මිය ගොස් තිබෙන බවත් ශ්‍රී ලංකා වනඅලි සංරක්ෂණ සංසදය සඳහන් කරයි.

Read More

බොහෝ ප්‍රදේශවල මේ වන විට කීරි සම්බා හා සම්බා සහල් හිඟයක් ඇති වී තිබෙන අතර, පවතින හිඟය නිසා මෙම සහල් වර්ගවල මිල සැලකිය යුතු මුදලකින් ඉහළ ගොස් තිබේ.

Read More

සබරගමු පළාත් සභාවෙහි ව්‍යාපෘති හැත්තෑ හතකට අදාළව රුපියල් හත් කෝටි දාසය ලක්ෂ හතළිස් පන් දහස් දෙසිය විසි හයයි ශත තිස් දෙකක් (71645223.32) සාවද්‍ය පරිහරණය කිරිම සම්බන්ධව ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ හිටපු ලේකම්වරයෙකු, තාක්ෂණ නිලධාරියෙකු සහ විෂය ලිපිකරුවෙකු මේ මස 08දා තෙක් රිමාන්ඩ් භාරයේ තබන ලෙස ඇඹිලිපිටිය ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ මහේෂ් පීරිස් මහතා 01දා නියෝග කළේය.

Read More

අත්හිටුවා තිබූ පරාටේ නීතිය අප්‍රේල් 01 වැනිදා සිට යළි ක්‍රියාත්මක වන බවත්, කෙසේ වෙතත් දැඩි අපහසුතාවට පත්ව සිටින ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත කරුවන්ට ස්ථිරසාර විසඳුම් ලබා දීමට වත්මන් රජය සහ පසුගිය රජය අපොහොසත් වී තිබෙන බවත් සගි ජන බලවේගයේ නායක, විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

Read More

ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ වත්මන් නිලමේවරයා මේ වන විට වසර විස්සක පමණ කාලයක් පුරා සිය ධුරයෙහි රැඳී සිටින බැවින් නිලමේවරයාට පවතින ධුර කාලය වසර පහකට සීමා කළ යුතු බව ඓතිහාසික මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය ආචාර්ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියෝ පවසති.

Read More

හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ග්‍රාම සේවා වසම් හයක පදිංචිකරුවන්ට දැඩිව ගැටලුවක්ව පවතින මුව ග්‍රහණයට ස්ථිරසාර පිළියම් යෙදීමට අවශ්‍ය කටයුතු ඉතා ඉක්මනින් සිදු කරන බව කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හෝමාගම සම්බන්ධීකරණ කමිටු සභාපති අරුණ පනාගොඩ මහතා පැවසීය. මන්ත්‍රීවරයා එසේ පැවසුවේ එම ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවකින් අනතුරුවය.

Read More

ඉෂාරා සෙව්වන්දි අනුරාධපුර හෝටලයක සිටින බවට ලැබුණු තොරතුරක් අනුව පොලීසිය, පොලිස් නිල සුළඟයින් එම හෝටලය පීරයි.්ඇ‍ගේ රුවට සමාන කාන්තාවක් , හිටපු හමුදා මේජර් වරයෙකු ලක්ෂ තිස්පහකට ආසන්න කුෂ්, අයිස් , ගංජා මත්ද්‍රව්‍ය සුඛෝපභෝගී මෝටර් රථ දෙකක් ජංගම දුරකථන තොගයක් සමග එම හෝටල් කාමරයකදී අත්අඩංගුවට ................

Read More

වැලි කැනීමේ බලපත්‍රයක් දීම සඳහා රුපියල් ලක්ෂ 15 අල්ලසක් ගැනීමට ආධාර අනුබල දුන් බව කියමින් රිමාන්ඩ් බාරයට පත්කර සිටි හිටපු අමාත්‍ය සතාසිවම් වියාලේන්ද්‍රන් මහතා ලබන 08 දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලී මහත්මිය අද (01) නියෝග කළාය.

Read More

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් සපයන සියලු සේවාවන් TIN අංකය අනිවාර්ය කර තිබේ.

Read More

පුද්ගලයකුට වෙඩි තබා ඝාතනය කළ බවට චෝදනා ලැබ සිටි මරණීය දණ්ඩනය ලැබ මේ වන විට බන්ධනාගාරයේ සිරදඬුවම් විඳින පාතාල කල්ලි නායක දෙමටගොඩ චමින්ද ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකු සියළු චෝදනා වලින් නිදොස් කොට නිදහස් කළ කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා එක් විත්තිකරුවකුට පමණක් මරණීය දණ්ඩනය නියම කළේය.

Read More

මෙරට පිළිකා රෝග ව්‍යාප්තිය පාලනය හා වැළැක්වීම සඳහා ක්‍රියාත්මක වන ජාතික ප්‍රතිපත්ති සහ උපාය මාර්ගික සැලැස්ම පිළිබඳ සමාලෝචනය සදහා ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නම් කරන ලද විශේෂඥ කණ්ඩායම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පසුගිය දා සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී හමු වී විශේෂ සාකච්ඡාවක් පවත්වන ලදි.

Read More

රාජසන්තක කරන ලද කෝටි 25ක මැණික් මල්ලක්, මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ අධ්‍යක්ෂක මණ්ඩලයේ අනුමතියකින් තොරව අවම දඩ මුදලක් යටතේ මුදා හැරලා - කෝප් කමිටුවේදී හෙළි වෙයි

Read More

වන අලි ගම් වැදීම හේතුවෙන් දෛනිකව පීඩාවට පත් වන පවුල්වල දරුවන්ගේ අධ්‍යාපන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා දිරිගැන්වීමක් ලෙස මූල්‍යාධාරයක් ලබා දීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වූ ජනාධිපති අරමුදලේ පාලක මණ්ඩලය තීරණය කර ඇත.

Read More

පළාත් පාලන ඡන්ද විමසීම්වලට අදාළව මේ වන විට නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් අභියාචනාධිකරණය හමුවේ පෙත්සම් ගොනු කර තිබෙන පළාත් පාලන ආයතනවලට අදාළව ඡන්ද විමසීම කටයුතු ඉදිරියට කරගෙන යාම හෙට (02දා) දින තෙක් අත්හිටුවන ලෙස අභියාචනාධිකරණය නියෝග කර තිබේ.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා ලබන 08 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මසේත්‍රාත් අධිකරණය අද (01දා) නියෝග කර තිබේ.

Read More

පෙට්‍රල් ලීටරයක මිල (01) දින සිට අඩු කිරිම සම්බන්ධයෙන් හැටන් ප්‍රදේශයේ ත්‍රීරෝද රථ රියදුරන් ඇතුළු ප්‍රදේශවාසීන් රජයට සිය ස්තූතිය පල කරයි.

Read More

හිටපු රාජ්‍ය අමාත්‍ය එස්.වියාලේන්ද්‍රන් ලබන 08 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද(01දා) නියෝග කර තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.