saravita-anim2

2024 නොවැම්බර් මස 29 වන සිකුරාදා

2024 නොවැම්බර් මස 29 වන සිකුරාදා

Latest News - timelapse 936 hours ago

LATEST

ජනපති කාර්යාලෙය් නම ව්‍යාජව භාවිත කිරීමක් ගැන නිවේදනයක්

calendar_today 2024 අප්‍රේ 28 - 17:59 remove_red_eye - 98  

ජනාධිපති කාර්යාලයේ තනතුරු දරන බවට සඳහන් කරමින් ව්‍යාජ ලිපි ලේඛන ඉදිරිපත් කර ආයෝජකයින්, රැකියා අපේක්ෂිත තරුණ පිරිස් සහ විවිධ රටවලට වීසා බලපත්‍ර ලබාගැනීමට අපේක්ෂා කරන්නන් රවටා මුදල් ලබාගැනීමේ සිදුවීම් වාර්තා වී ඇති බව ජනාධිපති ලේකම් කාර්‍යාලය පවසයි.

ඇල්ල කරදගොල්ල 10 කනුව මලිත්තගොල්ල ප්‍රදේශයේ නාය යාම වඩ වඩාත් සක්‍රීය වෙමින් විශාල බොරදිය ජලපහරක් ගලායමින් පවතින බව බදුල්ල දිස්ත්‍රික් ලේකම් ප්‍රභාත් අබේවර්ධන මහතා අද (28)පැවසීය .

Read More

පසුගිය සෙනසුරාදා (26) දින තුළ කරන්නාගොඩ ගම්මානයේ එකවරම ඇතිවූ හදිසි අසනීප තත්වයක් නිසා පුද්ගලයින් තුන්දෙනෙකු මියගොස් ඇතැයි වරකාගොඩ පොලිසිය පවසයි.

Read More

ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත් කළහොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන බවත් වෙනත් පක්ෂයකින් ඉදිරිපත්වන අපේක්ෂකයෙකුට සිය පක්ෂයේ සහාය ලබා දීම සිදු නොකරන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභික සහ දේශපාලන මණ්ඩල සභික පාර්ලිමේන්තු මන්ත්‍රී දුෂ්මන්ත මිත්‍රපාල මහතා ගම්පහදී පැවසීය.

Read More

රුපියල් ලක්ෂ පහළොවක් පමණ වටිනා අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග දෙදරු මවක් ඊයේ (27) රෑ අම්බලන්ගොඩ මාදම්පේදී අත්අඩංගුවට ගත් බව අම්බලන්ගොඩ ස්ථාපිත කර ඇති ගාල්ල අපරාද කොට්ඨාසය කියයි.

Read More

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පාර්ශව තුනක් අයිතිවාසිකම් කියන බැවින් එහි සැබෑ නියෝජිතයන් කවුරුන්ද යන්න ජනතාවට ප්‍රශ්නයක් වී ඇති බව මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බුටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමියන් පැවසූහ.

Read More

වීසා නොමැතිව මෙරට රැඳී සිටි ඊජිප්තු ජාතිකයෙකු අගමන විගමන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටියදී ඉන් පලා ගොස් මහනුවර ප්‍රදේශයේ ලැගුම්හලක සැඟව සිටියදී නැවත අත්අඩංගුවට ගෙන තිබේ .

Read More

පසුගිය 14දා මින්නේරිය ගිරිතලේ ප්‍රදේශයේ නිවසට යාබද නිවසක පැවති අවුරුදු සාජ්ජයකට සහභාගී වී සිටියදී වෙඩි ප්‍රහාරයට ලක්වීමෙන් බරපතල තුවාල ලබා දින14ක් රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබූ 17 හැවිරිදි පාසල් සිසුවිය ජීවිතක්ෂයට පත්ව ඇතැයි මින්නේරිය පොලිසිය කියයි.

Read More

ඩුබායි රාජ්‍යයේ සිට මෙරට මෙහෙයවන මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාලයකට අයත් බව පැවසෙන රුපියල් කෝටි විස්සකට අධික වටිනාකමින් යුත් හෙරොයින් කිලෝ හතයි ග්‍රෑම් හැටක් සමග පුද්ගලයෙකු (27) දා අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය පවසයි.

Read More

ආණ්ඩුව පෙරලුවෙත් කෝච්චියෙන් ගිහිල්ලා,රනිල් ජනපති කරන්නෙත් කෝච්චියෙන් ගිහිල්ලා යයි එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා අද(27) පස්වරුවේදී හික්කඩුවේදී කීවේය.

Read More

ඓතිහාසික ඇහැලේපොඵ වලව්ව මෙරට පළමු ඉටිරූප කෞතුකාගාරයක් වෙයි. නාගරික සංවර්ධන අධිකාරිය විසින් ප්‍රතිසංස්කරණය කල ඇහැලේපොල වලව්ව දළදා මාලිගාවට පවරා දීමෙන් පසු පුරාවිද්‍යාත්මක හා සංස්කෘතිකමය වටිනාකම් ආරක්ෂා කර ගනිමින් මෙම ඉටි රූප කෞතුකාගාරය නිර්මාණය කරන බව ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ නිලංග දෑල බණ්ඩාර මහතා පවසයි.

Read More

පොලිස් නිළධාරීන්ට එරෙහිව පවත්වාගෙන යනු ලබන විනය පරීක්ෂණ විධිමත්ව හා කඩිනමින් අවසන් කිරීමට පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත විනය කමිටුවක් පත් කර තිබේ. එහි සභාපතිවරයා ලෙස නැගෙනහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පත්කර ඇති අතර එහි එහි සෙසු සාමාජිකයින් ලෙස ජාතික පොලිස් අභ්‍යාස ආයතනයේ විධායක අධ්‍යක්ෂ, නියෝජ්‍ය පොලිස්පති ජාලිය සේනාරත්න මානව සම්පත් කළමනාකරණ කොට්ඨාසය අධ්‍යක්ෂක ජ්‍

Read More

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙ නායකයින් සාකච්ඡා කර, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පොදු අපේක්ෂකයා වශයෙන්,රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන්නේ නම්,ඔහුට ඔහුට සියයට පන්සියයක්ම සහාය ලබාදෙන බව ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ, පොළොන්නරුව දිස්ත්‍රික් පා‍ර්ලීමේන්තු මන්ත්‍රි ජගත් සමරවික්‍රම මහතා සඳහන් කළේය.

Read More

ඇමෙරිකා එක්සත් ජනපදයේ පැවති වයස අවුරුදු 50 ට වැඩි ලෝක රූ රැජින තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ තුෂාරි ජයකොඩි මහත්මිය එහි අධ්‍යක්ෂ මණ්ඩල රූ රැජින (Director’s Queen ) ලෙස ජයග්‍රහණය කර 04/28 දින අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියාය .

Read More

තමා දකුණු කොරියාවේ පදිංචියට හෝ වෙනත් රටක පදිංචියට නොයන බවත් දේශපාලන ප්‍රතිවාදින් විසින් මෙවැනි ප්‍රකාශ ගෙන යන බවත් හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Read More

වෙළඳපොළ ආර්ථිකයක් මත පදනම් වූ ඉහළ තරගකාරී, අපනයනය ඉලක්ක කරගත් ආර්ථිකයක් බිහිකිරීම රජයේ අරමුණ බවත් එහිදී මෙරට ව්‍යාපාරික ප්‍රජාව කෙරෙහි තමා පූර්ණ විශ්වාසය තබා ඇති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

Read More

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

Read More

බියගම පොලිස්ස්ථානපේ නිලධාරින්ට ලද තොරතුරක් අනුව බණ්ඩාරවත්ත ප්‍ර දේශයේ වැටලිමක් සිදුකර කාර් රථයක් පරික්ෂා කිරිමේදි අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 15 මිලි ග්‍රෑම් 81ක්, හෑෂ් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 14 මිලිග්‍රෑම් 521ක් හා හොරොයින් මත්ද්‍රව්‍ය මිලි ග්‍රෑම් 941ක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලියෙක් අත්අඩංගුවට ගැනිමට පොලිසිය ඊයේ රාත්‍රි සමත්ව තිබේ.

Read More

පෙට්‍රල් ,ඩීසල්,භූමිතෙල් ,ගුවන් යානා ඉන්ධන තෙල්,ද්‍රව්කෘත පෙට්‍රෝලියම් වායු (LPG) සහ ලිහිසි තෙල් ඇතුළු ඛනිජතෙල් නිෂ්පාදන ආනයනය, පිරිපහදු කිරීම .බෙදා හැරීම සහ අලෙවි කිරීම දැනට පවතින නීති රාමුව තුළ ක්‍රියාත්මක වුවද, මෙම අංශයට පුළුල් නියාමන යාන්ත්‍රනයක් නොමැත.

Read More

රුමේනියාවේ රැකියා ලබාදෙන බව පවසා රුපියල් කෝටි 7ට අධික මුදලක් වංචාකළ ජාවාරමට අදාල පැමිණිල්ලේ දෙවන සැකකරු අද දින (4.26) විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී අත්අඩංගුවට ගන්නා ලදී.

Read More

ජය මගින් නොමිලේ ලබා දුන් හාල් ලබා ගත් හාලිඇල ප්‍රදේශයේ පුද්ගලයකු ට නරක්වී ආහාරයට ගැනීමට නුසුදුසු තත්ත්වයේ ඇති හාල් බෑගයක් ලැබුණු බව පවසමින් ඊයේ (25) හාලිඇල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට ගොස් පැමිණිලි කලහ .

Read More

මෙම කාලය තුළ විදේශ රැකියා වංචාවන් සම්බන්ධ සැකකරුවන් 28 දෙනෙක් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කර ඇති අතර කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් නොමැතිව පවත්වාගෙන ගිය හා වලංගු රැකියා ඇනවුම් ලබා නොගෙන විදේශ රැකියා සඳහා බඳවාගැනීම් සිදුකළ ආයතන 8 ක්ද කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් වැටලීම් කර ඇත.

Read More

 සංවර්ධනය කටයුතු සඳහා ප්‍රතිපාදන වෙන් කෙරුණේ විනිවිද භාවයකින් යුතුවයි...  විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මෙවර විමද්‍යගත අරමුදල් ආණ්ඩුව ලබා නොදෙන බවට කෙරෙන ප්‍රකාශ පදනම් විරහිතයි....  මෙවර ප්‍රතිපාදන වෙන් කෙරුනේ දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු වලටයි.. මන්ත්‍රීවරුන්ට නොවෙයි... - ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ඇමති ප්‍රසන්න රණතුංග...- සංවර්ධන කටයුතු සඳහා ප්‍රතිපාදන වෙන් කිරීමේදී එය විනිවිද භාවයකින් සිදු කෙරුණ බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධා

Read More

යාපනය මහනුවර ඒ-9 ප්‍රධාන මාර්ගයේ මාන්කුලම් වසන්තනගර් සහ මුරුකණ්ඩි අතර අද (26) උදෑසන යුදහමුදා කැබ් රථයක් සහ ලොරියක් ගැටීමෙන් යුදහමුදා සෙබලෙකු මිය ගොස් තවත් 09 දෙනෙකු තුවල ලබා ඇතැයි මන්කුලම් පොලීසිය පැවසීය.

Read More

ඇල්ල මලිතගොල්ල ප්‍රදේශයේ පැරණි නායාමක් මේ වනවිට නැවත සක්‍රිය වී එම තත්වය වේගවත් වී ඇතැයි ද ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ උපදෙස් ඇතිව පවුල් දහයකට ආරක්ෂිත ප්‍රදේශයන්ට ඉවත් වන ලෙස දැනුම් දුන් බවද බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ඊ එම් එල් උදය කුමාර මහතා අද 26 පැවසීය.

Read More

ශ්‍රී ලාංකික දරුවන් මැලේසියාව ඔස්සේ යුරෝපයේ රැගෙන ගොස් අලෙවි කිරීමේ ජාවාරමක නිරත වී සිටි ශ්‍රී ලංකාවේ ප්‍රධාන පහසුකම් සපයන්න 04/25 දින කටුනායක ගුවන් තොටුපොළේ දී ආගමන විගමන දෙපාර්තමේන්තු විමර්ශන අංශයේ අවදානම් තක්සේරු කිරීමේ ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

Read More

ලිතුවේනියාවේ බර වාහන රියැදුරන් ලෙස සේවය කිරීමට ගිය ශ්‍රී ලාංකිකයන් 106 දෙනෙකු එම රැකියා , ආහාරපාන සහ නවාතැන් පහසුකම් නොමැති වීම නිසා යුරෝපයේ අතරමං වී සිටින බව එම කණ්ඩායමේ සිටි, ලිතුවේනියාවෙන් පිටුවහල් කර පැමිණි ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු 04/26 දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළේ දී පැවසීය .

Read More

මාළදිවයින මාළේ ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සිට ශ්‍රී ලංකාවේ කටුනායක ගුවන් තොටුපොළ අතර , මාළදිවයිනේ ’’ මෝල්ඩිවියන්ස් ’’ ගුවන් සේවය ඍජු ගුවන් ගමන් සේවා ආරම්භ කරමින් මංගල ගුවන් යානය 04/25 දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය .

Read More

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ඊයේ (25දා) රාත්‍රීයේ දී ස්වීඩනය බලා පිටත්ව ගියේය. ඔහු එහිදී පැවැත්වෙන ජනහමුවක් සහ සුහද හමු කිහිපයක් සඳහා සහභාගි වීමට නියමිතව ඇත.

Read More

නුවරඑළියේ ස්ථාපිත කිරීමට නියමිත මෙරට පළමු ස්ට්‍රෝබෙරි වගා ආදර්ශ ගම්මානය සඳහා මෙම මස අවසන් වීමට ප්‍රථම ස්ට්‍රෝබෙරි පැළ ආනයනය කිරීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව කටයුතු යොදා තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.