saravita-anim2

2025 මාර්තු මස 06 වන බ්‍රහස්පතින්දා

2025 මාර්තු මස 06 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 961 hours ago

LATEST

කලුතරින් මිලියනයක් ඡන්දයට සුදුසුකම් ලබයි

calendar_today 2024 ජුලි 29 - 16:00 remove_red_eye - 360  

2024 ප්‍රධාන ඡන්ද හිමි නාම ලේඛනය හා 2024 පළමු වන පරිපූරක නාම ලේඛනය ඇතුළත්ව සකස් කල ඒකාබද්ධ ඡන්ද හිමි නාම ලේඛනයේ ඡන්ද හිමියන් (10,24244) දස ලක්ෂ විසි හතර දහස් දෙසීය හතලිස් හතර දෙනකු එළඹෙන ජනාධිපතිවරණය සඳහා ඡන්දය ලබා දීමට කළුතර දිස්ත්‍රික්කයෙන් සුදුසුකම් ලබා ඇතැයි කළුතර දිස්ත්‍රික් නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් ජයව

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙතෙක් කල් වැරදි තීන්දුවක් අරගෙන නැති බවත් ජනාධිපති අපේක්ෂකයෙකු තෝරාපත් කර ගැනීමේ අවස්ථාවේදී ද ඔහු එවැනි වැරදි තීන්දුවක් නොගනු ඇති බව තමන් විශ්වාස පළ කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා 29 දින පෙරවරුවේ පැවසීය.

Read More

අවිස්සාවේල්ල පුවක් පිටිය තුම්මෝදර ඉලුක් පිටියේ ප්‍රදේශයේදී සිමෙන්ති පැටවූ ලොරියක් සහ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ගමන් ගත් යතුරු පැදියක් එකිනෙක ගැටීමෙන් පොලිස් සැරයන්වරයෙකු එතනම මරුමුවට පත් වී කොස්තාපල්වරයකු බරපතල තුවාල ලබා ඇතැයි හංවැල්ල පොලිසිය කියයි.

Read More

මෙවර ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ සහාය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට හිමිවන බව එම කොංග්‍රසයේ ජාතික සංවිධායක ත්‍රිකුණාමලය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.එස්.තවුපික් මහතා පැවසීය .

Read More

ඉදිරි ජනපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ‍ෙය් සහාය ලබාදෙන්නේ කුමන අපේක්ෂකයාට යන්න පිළිබඳව ලබන බදාදා ප්‍රකාශයට පත්කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ‌‌‌‌ලේකම් දුමින්ද දිසානායක මහතා පැවසීය.

Read More

අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්‍ෂ මහතා එම අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්විමට තිරණය කර තිබේ. ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සදඟා ඔහු මෙසේ සිය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.

Read More

ඉදිරි ජනාධිපතිරණයේදී අපේක්ෂකයෙකු තෝරාපත් කර ගැනීම සඳහා වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විධායක සභාවේ විශේෂ සාකච්ඡාවක් පක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (29දා) පැවැත්වීමට නියමිතය. ඒ අනුව එය සාකච්ඡාව පස්වරු 4.00 ට කොළඹ විජේරාම මාවතේ පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ නිවසේදී පැවැත්වේ.

Read More

එකතු කරන ලද අගය මත බදු (වැට්) ලෙස රාජ්‍ය ආයතන 13කින් පසුගිය පස්වසරේදී 2019 ජනවාරි 01වන දින සිට 2023 දෙසැම්බර් 31 දක්වා කාලසීමාව තුළ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට රුපියල් අසූඅට කෝටි තිස් ලක්ෂයකට අධික මුදලක් අදාළ සැපයුම්කරුවන් 28දෙනෙකු විසින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ගෙවා නොමැති බව විගණනය මගින් අනාවරණය කොට ඇත.

Read More

පොලිස්පති පත් කිරීම සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුව සතියක් තුළ නිරාකරණය කර නිදහස් සහ ස්වාධීන මැතිවරණයක් පැවැත්වීමට අවශ්‍ය පසුබිම සකසනවා

Read More

වෙළඳ අමාත්‍යවරයා රුපියල් 38 ට ලබා දීමට නියම කළ දේශීය බිත්තරය තව මසකින් පමණ රුපියල් 38ට අඩුවෙන් මිලදී ගැනීමට පාරිභෝගිකයාට අවස්ථාව උදා වන බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ ලේකම් රත්නසිරි අලහකෝන් මහතා පවසයි.

Read More

සොරා ගත් යතුරුපැදියකින් ඝාතනයක් සඳහා යමින් සිටි පුද්ගලයන් දෙදෙනෙක් විදේශක නිෂ්පාදිත රිවොල්වර වර්ගයේ ගිනි අවියක් සහහොරයින් මත්කුඩු සමග අත්අඩංගුවට ගත් බව මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය කියයි

Read More

ජනාධිපතිවරණය සඳහා පොහොට්ටුවෙන් අපේක්ෂකයෙකු ඉදිරිපත් නොකරන ලෙස ජනාධිපති උපදේශක සාගල රත්නායක හා අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහත්වරුන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මුණ ගැසී ඉල්ලීමක් කර ඇත.

Read More

ප්‍රභූ ආරක්ෂක කොට්ඨාසයේ 2018 ජනවාරි 01වනදා සිට 2022 දෙසැම්බර් 31 දක්වා වසර 05ක සාමාන්‍ය වාර්ෂික වියදම රුපියල් මිලියන 4,342ක් වුවද 2023 ජනවාරි මාසයේ සිට දෙසැම්බර් මස 31වනදා කාලසීමාව තුළ ප්‍රභූ ආරක්ෂක වියදම රුපියල් මිලියන 5,833ක් දක්වා වැඩි වී ඇති බව ජාතික විගණන කාර්යාලය මගින් ජූලි මස 26වන දින නිකුත් කොට ඇති විගණන වාර්තාවක සඳහන් වේ.

Read More

වසර පනහකට වඩා වැඩි ඉතිහාසයක් ඇති රාජ්‍ය ඖෂධ සංස්ථාව විකුණා දැමීමට සැලසුම් කර තිබෙන බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සඳහන් කරයි.

Read More

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා තරම් ශ්‍රේෂ්ඨාධිකරණය සමග ගැටුම් ඇති කරගත් ජනාධිපතිවරයෙකු ඉතිහාසයේ නොමැති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පැවසීය.

Read More

හපුතලේ ප්‍රදේශයේ සිට කතරගම වන්දනාවේ පැමිණි කණ්ඩායමක් සෙල්ලකතරගම මැණික් ගඟේ පාලම අසල දිය නාමින් සිටියදී අද (28 ) එක් තරුණයෙකු දියේ ගිලී මියගොස් ඇති බව කතරගම පොලිසිය පවසයි.

Read More

ජාත්‍යන්තරය සමග කටයුතු කල හැකි අත්දැකීම් හා අනාගතය පිළිබඳව දැක්මක් ඇති නායකත්වයක් රටට අවශ්‍ය බවත් පෞද්ගලික වාහන ආනයන සීමා ඉවත් කිරීම 2025 වර්ශයේ පළමු වන කාර්තුවේදී බලාපොරොත්තු වන බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.

Read More

මහනුවර ලුවි පීරිස් මාවතේ පිහිටි හෝටලයක පිහිනුම් තටාකයේ ගිලි වයස අවුරුදු 07 ක පිරිමි ළමයෙකු මිය ගොස් ඔහුගේ වැඩිමහල් සහෝදරයාද එම පිහිනුම් තටාකයේම ගිලි බරපතල තත්ත්වයෙන් මහනුවර ජාතික රෝහලට ඇතුළත් කොට ඇති බව මහනුවර මූලස්ථාන පොලිසිය කියයි .

Read More

ප්‍රභල ඉන්දිය කණ්ඩායම පරාජය කරමින් ඉතිහාසයේ පළමුවරට ආසියානු කුසලානය දිනාගත් කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ඩොලර් ලක්ෂයක දීමනාවක් ලබාදීමට ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.

Read More

පුවක් ගෙඩියක් රුපියල් 20-25 ත් අතර දක්වා මිල ඉහළ ගොස් ඇතැයි වෙළෙන්දෝ පවසති. ජුලි මස පළමු සතිය වන විට පුවක් ගෙඩියක මිල රුපියල් 8ත් 10 අතර තිබු අතර,ජුලි අවසන් සතිය වන විට පුවක් ගෙඩියක මිල රුපියල් 20 ත් 25 දක්වා මිල ඉහළ ගොස් ඇති බවද වෙළෙන්දන් පවසති.

Read More

කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාව හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. ඒ ප්‍රභල ඉන්දීය කණ්ඩායම කඩුලු 8කින් පහසුවෙන් පරාජය කරමිනි.

Read More

කාන්තා ආසියානු කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන අවසන් මහ තරගය නැරඹීම සඳහා දඹුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයට 20000 ඉක්ම වූ ප්‍රේක්ෂකයන් පිරිසක් පැමිණ තිබේ.

Read More

මෙරට ප්‍රථම පවුල් සෞඛ්‍ය සේවා නිළධාරිනී පුහුණු පාසල ඊයේ දින (27) සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතාගේ ප්‍රධානත්වයෙන් කලුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ දී විවෘත කෙරිණි. එයට අමතරව දුරස්ථ අධ්‍යාපන ඒකකය ද ලේකම්වරයා අතින් විවෘත විය.

Read More

තමා ගිහියෙකු ලෙස සිට වෘත්තීමය ඉංජිනේරුවකු ලෙස සේවය කරමින් හා ව්‍යාපාරිකයකු ලෙස සාර්ථකවෙමින් මේ වන විට මිලියන ගනන් මුදල් හරිහම්බ කරගෙන සිටින බවත් ඒ කිසිවකින් තමාට නොලැබූ සතුට බුදු දහමින් ලැබූ බවද සරණ හිමියෝ පැවසූහ.මෙහි සියලුම ගෞරවය සහ පිං සිය ගුරු හාමුදුරුවන් වන කුඩුමීරියේ සෝමිස්සර හිමියන්ට ලැබිය යුතු බවත් උන්වහන්සේ තමාට ගැඹුරු බුදු දහම ඉතා සරලව අවබෝධ කර දුන් බවද උන්වහන්සේ කීහ.

Read More

දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් දිවයින පුරා පිහිටි දුම්රිය බිංගෙවල් 48 අතුරින් උඩරට දුම්රිය මාර්ගයේ නාවලපිටිය සිට බදුල්ල දක්වා ඇති දුම්රිය බිංගෙවල් 32ක යෝග්‍යතාව පරික්ෂා කිරීමේ වාර්ෂික බිංගෙවල් පරීක්ෂණය සිදු කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසීය .

Read More

 ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් පොහොට්ටුවෙ තීරණාත්මක සාකච්ඡාවක් හෙට...  පොහොට්ටුවෙ බහුතර මන්ත්‍රීවරුන් පිරිසකගේ සහය ජනාධිපති රනිල්ට...

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එල්.එම්. අතාවුල්ලා මහතාගේ නායකත්වයෙන් යුත් ජාතික කොංග්‍රසය මෙවර ජනාධිපතිවරණයේදී වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළකිරීමට තීරණය කළ බව එම කොංග්‍රසයේ ජාතික සංවිධායක වෛද්‍ය වයි.එස්.මොහොමඩ් ෂියා මහතා පැවසීය.

Read More

කුරුඳුවත්ත පොලිසියේ රථ වාහන අංශයේ පොලිස් කොස්තාපල්වරයෙකුට රුපියල් 1000/= අල්ලස් මුදලක් ලබාදීමට තැත් කිරීම සම්බන්ධයෙන් ත්‍රිරෝද රථ රියදුරෙකු අත්අඩංගුවට ගත් බව කුරුඳුවත්ත පොලිසිය කියයි.

Read More

කතානායක නිල නිවස ඉදිරිපිට මාර්ගයට ගස් දෙකක් කඩා වැටී සිදුව තිබූ අනතුර යථා තත්ත්වයට පත්කරමින් සිටියදී අධික වේගයෙන් මාර්ගයේ ධාවනය වූ මෝටර් රථයක් ඒ මතින් ධාවනය වීමට යාමේදී එහි රියදුරු බරපතල තුවාල ලබා (27) දා රත්‍රී කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ බව වැලිකඩ පොලිසිය පවසයි.

Read More

කුවේට් රාජ්‍යයේ ආපනශාලාවක ආහාර ඇනවුම් බෙදාහැරීමේ නිරත වී සිටිය දී , එම ඇනවුම ලබා දීමට මදක් ප්‍රමාද වීම නිසා උරණ වූ කුවේට් ජාතිකයෙකු තැබූ වෙඩි පහරකින් ඔත්පළ වී , ඇදි වත පමණක් රැගෙන , ශ්‍රී ලංකාවේ තම දූ දරුවන් සහ අසනීප වී සිටින බිරිඳ ජීවත් කිරීම සදහා ’’ හිගා කෑමට ’’ මහ පාරට බැසීමට සූදානමින් මෙරටට 07/26 දින අලුයම රාජාංගනය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියේය .

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.