saravita-anim2

2025 පෙබරවාරි මස 01 වන සෙනසුරාදා

2025 පෙබරවාරි මස 01 වන සෙනසුරාදා

Latest News - timelapse 903 hours ago

LATEST

බිත්තරයට සියයට 18ක බද්දක්

calendar_today 2024 ජුලි 09 - 10:06 remove_red_eye - 724  

මෙරට ඉතිහාසයේ පළමුවරට බිත්තර සඳහා රජය මගින් සියයට 18% වැට් බද්දක් ක්‍රියාත්මක කිරීමෙන් දේශීය බිත්තර මිල පාරිභෝගික ජනතාවට දරාගත නොහැකි ලෙස ඉහළ යා හැකි බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ ලේකම් රත්නසිරි අලහකෝන් මහතා පවසයි .

ප්‍රකට ව්‍යාපාරික සුරෙන්ද්‍ර වසන්ත පෙරේරා ඇතුළු දෙදෙනෙක් වෙඩි තබා ඝාතනය කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් මේ වන විට පුද්ගලයන් 6ක් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.

Read More

සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට ආර්ථික යුක්තිය ඉටු කිරිම යටතේ ලබා දිය යුතු ඉතිරි කොටස ලබා දිම ප්‍රමාද කරමින් තිබෙන නිසා අදාල කොටස ලබා ගැනිමට ලබන සතියේ සිට වෘත්තිය ක්‍රියා මාර්ග සිදුකිරිමට තිරණය කර තිබෙන බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය සදහන් කරයි.

Read More

විපක්ෂයේ සිටින ගම්පහ සහ කළුතර යන ප්‍ර‘දේශ නියෝජනය කරන දේශපාලඥයන් දෙදෙනෙකු ඇමති ධුර, වරදාන සහ වරප්‍රසාදවලට ආණ්ඩුවට එක්වීමට සූදානම් වන බවත් ඔවුන්ට ඩොලර්වලින් ගෙවීම් කරන බවට දැනගන්න ලැබී තිබෙන බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පැවසීය.

Read More

දුම්රිය එන්ජින් අවශ්‍යතාව සැපරීම සඳහා ඉන්දියානු රජයෙන් දුම්රිය එන්ජින් 20ක් පරිත්‍යාගයක් වශයෙන් ලබා දීමට එකඟ වී ඇති බවත් එහි පළමු කොටස මාස දෙකක් තුළ ලංකාවට ලැබෙනු ඇති බවත් වැඩබලන දුම්රිය සාමාන්‍යාධිකාරී සංජය මුදලිගේ මහතා, පැවැසීය. ජනපති මාධ්‍ය කේන්ද්‍ර යේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසිය.

Read More

මැණික් විජේවර්ධන (42) කාන්තාව (08) දා උදෑසන අතුරුගිරිය හන්දිය ආසන්නයේ විවෘත කිරීමට නියමිත රූපලාවණ්‍යාගාරයකට පැමිණි අවස්ථාවේදී නාඳුනන වෙඩික්කරුවන් දෙදෙනෙකුගේ වෙඩි පහරින් මෙසේ තුවාල ලබා හෝමාගම මූලික රෝහලට ඇතුලත් කර තිබුණි.

Read More

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය වෙනුවෙන් නව බස් රථ 400ක් නුදුරේදීම මිලදී ගන්නා බව ලංගම සභාපති ලලිත් ද අල්විස් මහතා පැවැසීය. ජනපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය.

Read More

අයුක්ති සහගත වර්ජන නිසා දරුවන්ට අධ්‍යාපනය ලැබීමේ අවස්ථාව ද අහිමි කර තිබෙනවා – තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත්

Read More

බුද්ධ දේශනාව සහ විද්‍යාත්මක ලෝකය අතර තිබෙන සම්බන්ධතාව සොයා බැලීමට නව ආයතනයක් – අමරපුර දින ආදිකතෘ සැමරුම් උත්සවයට එක් වෙමින් ජනපති පවසයි.

Read More

මධ්‍යම අධිවේගී මාර්ගයේ 1 වන අදියර කඩිනමින් ආරම්භ කිරීම සඳහා සාකච්ඡා මේ වන විටත් ආරම්භ කර තිබෙනවා. ‍ එසේම මධ්‍යම අධිවේගී මාර්ගයේ 2 සහ 3 අදියර, රුවන්පුර අධිවේගී මාර්ග ව්‍යාපෘතිය ඉදිරියේදී ආරම්භ වීමට නියමිත අතර අතුරුගිරිය කණු උඩ දිවෙන අධිවේගී මාර්ග ව්‍යාපෘතිය මූල්‍ය ආයෝජන හරහා සිදු කිරීමට අදාළ ද්වීපාර්ශ්වික සාකච්ඡා සිදු කෙරෙනවා. මේ සඳහා රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්ව ආයෝජන බලාපොරොත්තු වෙනවා.

Read More

වර්ජනයේ නිරත රාජ්‍ය සේවකයන් ඉල්ලා සිටින වැටුප් වැඩිකිරීම ලබාදීමට කටයුතු කළහොත්, දැනට පනවා තිබෙන 18%ක වැට් බද්ද 20% – 21%ත් අතර අගයකට ඉහළ නැංවීමට සිදුවනු ඇති බවත්, මහජනතාව පීඩාවට පත් කරමින් එවැනි ඉල්ලීමක් සපුරාලීමට රජයට හැකියාවක් නොමැති බවත් මහා භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන මහතා පැවසීය.

Read More

කොම්පඤ්ඤවීදිය, විනිසුරු අක්බාර් මාවත හා උත්තරානන්ද මාවත සම්බන්ධ කරමින් දුම්රිය මාර්ගයට ඉහළින් ඉදිකරන ලද ගුවන් පාලමේ දෙවන අදියරේ ඉදි කිරීම් අවසන් කර ලබන සතියේ ජනතා අයිතියට පත් කරන බව මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එස්. පී. එම් සූරිය බණ්ඩාර මහතා පැවැසීය.

Read More

ලක්ෂ 15ක් පමණ වන රාජ්‍ය සේවකයන් සඳහා රුපියල් 20,000ක වැඩි වීමක් සමග වැටුප් ගෙවීමට වාර්ෂිකව රුපියල් බිලියන 275ක මුදලක් අවශ්‍ය බවත් එය දළ දේශීය නිෂ්පාධිතයෙන් 1%ක් බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා කියයි. එම මුදල උපයා ගැනීම සඳහා දැනට පවතින වැට් බදු අනුපාතය 4 %කින්, එනම් බදු අනුපාතය 22% දක්වා ඉහළ නැංවිය යුතු බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. මීට අමතරව ආයතනික බදු අනුපාතය 42% මට්ටමට පත් කළ යුතු බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

Read More

‘අල්ටෙයාර්’ තට්ටු නිවාස සංකීර්ණයේ 67 වැනි මහලෙන් වැටුණු සිසුවාගේ සහ සිසුවියගේ මරණ සැකසහිත බව මියගිය සිසුවාගේ පියා නීතිඥ අසංක දයාරත්න මහතා මාර්ගයෙන් කොටුව මහේස්ත්‍රාත් කෝසල සේනාධීර මහතාට අද (08) දැනුම් දුන්නේය.

Read More

ඇමරිකා එක්සත් ජනපදයේ රැකියා ලබාදෙන බව පවසමින් මුදල් වංචා කළ කාන්තාවක් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිළධාරීන් විසින් ඊයේ දින (7/7) වවුනියාව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයාගේ ධුරකාලය වසර 05 ක් බව ස`ඳහන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය ජනාධිපතිවරයාගේ ධූර කාලය අවසන් වන දිනය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ අර්ථ නිරූපනයක් දෙනතුරු ජනාධිපතිවරණය පැවැත්වීමෙන් මැතිවරණ කොමිසම වළකාලන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ව්‍යවසායකයෙකු ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට නොගෙනම අද (08) නිශ්ප්‍රභ කළේය.

Read More

ඇතිමලේ පොලිස් වසමේ හත්ආර ප්‍රදේශයේදී සහ ගෝනගංආර කුඹුක්කන්ඔය අසලදී ඉකුත් (06) සහ (07) දින වලදී වනඅලීන් පහරදීමෙන් ගොවීන් දෙදෙනෙකු මියගොස් ඇතැයි පොලීසිය පවසයි.

Read More

මේ වසරේ නොවැම්බර් මස 17 දින වන විට රටේ නව ජනාධිපතිවරයෙක් පත් වන බවත්, එසේ තේරිපත් වන නව ජනාධිපතිවරයා ජාතික ජන බලවේගයේ නායක ජනාධිපති අපෙක්ෂක අනුර කුමාර දිසානායක මහතා බවට මේ රටේ ජනතාව විශ්වාස කරන බව ජාතික ජන බලවේගයේ පා.ම අචාර්ය හරිනි අමරසුරිය මහත්මිය පැවසිය.

Read More

අතුරුගිරිය, ඔරුවල ප්‍රදේශයේ සිදුකළ වෙඩි වැදීමට පැමිණි බව කියන මෝටර් රථය කොරතොට ප්‍රදේශයේ මාර්ගයක නවතා වෙඩික්කරුවන් ‌පලාගොස් ඇතිබව පොලීසිය පවසයි. වෙඩි තැබීමෙන් ක්ලබ් වසන්ත ඇතුළු දෙදෙනකු මියගොස් ඇති අතර තවත් හතර දෙනෙකු තුවාල ලබා ඇත.

Read More

බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ තිබී නවීන පන්නයේ ජංගම දුරකථන තුනක් සහ දුරකථන උපාංග තොගයක් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් ඊයේ (7) අත් අඩංගුවට ගන්නා ලදි.

Read More

අවුරුදු තුනක් වයසැති සිගිති දරුවෙකු ඊයේ (7)දින රාත්‍රි 8ට පමණ නිවසේ ජල ටැංකියට ඇද වැටී දියේ ගිලී මියගොස් ඇතැයි මිද්දෙනිය පොලිසිය පැවසීය.

Read More

ව්‍යාපාරික ක්ලබ් වසන්ත ඇතුළු පිරිසට වෙඩි තැබිමට පැමිණි පුද්ගලයන් ඒ වෙනුවෙන් ටී. 56 ගිනි අවි දෙකක් භාවිත කර ඇති බවට පොලීසිය පවසයි. ඔවුන් මෝටර් රථයකින් පැමිණ වෙඩි තැබීම සිදුකර ඇති අතර පසුව එයින්ම පළාගෙස් තිබේ.

Read More

ආර්ථිකය ගොඩනැගීම සම්බන්ධයෙන් කිසිදු පක්ෂයක් විසින් මෙතෙක් අදහස් ප්‍රකාශ කර නොමැතිවී නිසා රටේ ජනතාවගෙන් 44% දෙනෙකු ඡන්දය ප්‍රකාශ කිරීමට මෙතෙක් තීරණය කර නැති බව ඒ මහතා පවසයි.

Read More

වෙඩි වැදීමට මුහුනදුන් අය අතර ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වන සුරේන්ද්‍ර වසන්ත නොහොත් ක්ලබ් වසන්ත හා ජනප්‍රිය ගායන ශිල්පිනියක් වන කේ. සුජීවා ද සිටින බව පොලීසිය සඳහන් කළේය.

Read More

පසුගිය සතියට සාපේක්ෂව උඩරට එළවළු වර්ග රැසක මිල පහල යමින් පවතින බව කැප්පෙටිපොල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙදුන් පවසති.

Read More

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් තමන්ට නිදහසේ සිටීමට ඉඩ නොදෙන බවත් මේ වන විට මතභේදයට තුඩු දි ඇති බි.එම්.ඩබ්ලිව්. රථය මීට වසරකට පමණ පෙර තමන් විකුණා ඇති බවත් ප්‍රකට නිරූපණ ශිල්පී පියුමි හංසමාලි සඳහන් කරයි.

Read More

දකුණු කොරියාවේ ඉන්චියොන් ජාත්‍යන්තර ගුවන් තොටුපොළ බලා පිටත්ව ගිය ශ්‍රී ලන්කන් ගුවන් යානය කාර්මික දෝශයකට ලක් වීම නිසා පැය දෙකක පමණ ගුවන් ගමනකින් පසුව යළිත් කටුනායක ගුවන් තොටුපොළ වෙත 07/07 දින රාත්‍රී ගොඩ බැස්සවීමට කටයුතු කළ බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය .

Read More

ශ්‍රී ලංකන් ගුවන් සමාගම 2022/2023 මුල්‍ය වර්ෂයේ දී රුපියල් බිලියන 73.3ක පාඩුවක් ලබා ඇති බැව් මුදල් අමාත්‍යාංශය මගින් නිකුත් කොට ඇති අවසාන අයවැය තත්ත්වය පිළිබඳ වාර්තාවේ සඳහන් වේ.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරය තාවකාලිකව හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය වෙත ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන ඇති බව Tha Sunday Times පුවත්පත වාර්තා කරයි.

Read More

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් අධ්‍යාපන අනධ්‍යයන සේවාවේ පිරිස් හා රාජ්‍ය පළාත්රාජ්‍යසේවා වෘත්තීය සමිති එකමුතුවේ පිරිස් හා රාජ්‍ය සේවා වෘත්තීය සමිති සන්ධානයේ පිරිස් අද(08දා) සහ හෙට(09දා) සේවයෙන් ඉවත්ව සිටීමේ වෘත්තීය ක්‍රියාමාර්ග සිදුකරනු ලබයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.