අයහපත් කාලගුණය සහ අධික වර්ෂාවත් සමග හටගත් අකුණක් වැදී වලස්මුල්ල මූලික රෝහලේ විශේෂිත ප්‍රතිකාර ඒකකයේ ගින්නක් හට ගෙන තිබේ.
දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ අමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලූ අද (10දා) දකුණු ආසියානු කලාපයේ සංචාරයක් ආරම්භ කිරිමට නියමිතය.
Read Moreබස්නාහිර, සබරගමුව, දකුණ, නැවගනහිර, ඌව සහ උතුරු-මැද පළාත්වල සහ මාතවේ, මුලතිවු සහ කුරුණෑගල දිස්ත්‍රික්ක වල සවස් කාලවේදී හෝ රාත්‍රී කාලයේදී තැනින්තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රභල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතී.
Read Moreනීතිවිරෝධී ලෙස මෙරටට ආනයනය කරමින් රේගුව වෙත තීරු බදු නොගෙවා , කටුනායක ගුවන් තොටුපොළෙන් කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ’’ හරිත මාවත’’ ( Green Channel ) ඔස්සේ පිට කර ගෙන යමින් තිබූ රුපියල් එක් කෝටි තිස් ලක්ෂයක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත විස්කි බෝතල් සහ දුම්වැටි තොගයක් සමග ඒවා රැගෙන ආ ව්‍යාපාරිකයන් තිදෙනකු ද 05/09 දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
Read Moreවිදේශගතව සිට්න සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු වන අහුන්ගල්ලේ පදිංචිකරුවෙකු වූ ආබ්‍රෙව් හෙවත් බබා ගේ පියා වන 54 හැවිරිදි කලුහත් කීර්තිසේන ආබ්‍රෙව් නැමැත්තාට වෙඩි තබා ඝාතනය කළ ඝාතකයන් දෙදෙනා පැමිණි බවට සැක කෙරෙන යතුරු පැදිය බාන්වැල්දූව ප්‍රදේශයේ කුරුඳු ඉඩමක ගිනි තබා තිබියදී අද පෙරවරුවේ සොයාගත් බව කොස්ගොඩ පොලීසිය කියයි.
Read Moreඩයනා ගමගේ මන්ත්‍රීවරියගෙන් හිස් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා අද (09) උදෑසන යළිත් දිවුරුම් දුන්නා.
Read Moreබොරතෙල් බැරලයක මිල 2023 වර්ෂයේ ඔක්තෝම්බර් 01 වනදා වන විට ඇමරිකානු ඩොලර් බිලියන 82.28 දක්වා 17.0% කින් පහළ ගොස් ඇති බව 2024/05/06 දින නිකුත් කර ඇති වාර්ෂික ආර්ථික විවරණ බැංකු වාර්තාවේ සඳහන් වේ.
Read More2023.01.01. සිට 2024.01.01 දක්වා කාලය තුළ මත්පැන් බලපත්‍ර 214ක් ලබා දී ඇති බවත්, එයින් බලපත්‍ර 147ක් ලබා දී ඇත්තේ සංචරක කර්මාන්තය සඳහා බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.
Read Moreවසර 1900 ක ඉතිහාසයකට නෑකම් කියන පබ්බතාරාම සංකල්පයට අනුව සැකසූ පැරණි විහාර සංකීර්ණයක් හා වර්ග අඩි 400 – 500 පමණ විශාලත්වයකින් යුතු චෛත්‍යයක නටබුන් නාඋල - බඹරගහවත්තෙන් හමුවී ඇත.
Read Moreඇමෙරිකාවේ ස්ථාපිත විදෙස් තානාපති කාර්යාල රටේ සංස්කෘතිය හා ජීවන පසුබිම විදහාපාන ’’පාස්පෝට් DC 2024’’ සදහා මෙවර 5037ක වාර්තාගත ජනතාවක් ආකර්ශනය කර ගැනීමටශ්‍රී ලංකා තානාපති කාර්යාලය සමත්වූ බව ’’පාස්පෝට් DC වැඩසටහන’’ නිළ ලෙස ප්‍රකාශ කළේය.
Read Moreමිනිස් පරිභෝජනයට නුසුදුසු නරක් වී ගිය ආහාර ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් කදාණ පොලිස් වසමේ පියෝ මාවතේ නිවසක ගබඩා කර තිබියදී ජාඇල මහජන සෞඛ්‍ය කාර්යාලය ට අයත් නිලධාරීන් පිරිසක් විසින් 09 දින සවස අත් අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.
Read Moreවසර 28කට පසුව විදුලි සංදේශ නියාමන පනත සංශෝධනය කිරීම සඳහා වන සංශෝධිත පනත් කෙටුම්පත හෙට දින (10) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා පැවසීය.
Read Moreඩයනා ගමගේ මහත්මියගේ මන්ත්‍රීධුරය අහෝසි වීම හේතුවෙන් සමගි ජන බලවේගයේ හිස්වූ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරය සඳහා නම් කළ මුජිබර් රහුමාන් මහතා මන්ත්‍රීවරයෙක් ලෙස පත්කර ඇති බව සඳහන් කරමින් මැතිවරණ කොමිෂින් සභාව විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් අද (09දා) නිකුත් කර තිබේ.
Read Moreඇමෙරිකාවේදී පැවැත්වීමට නියමිත විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය සඳහා ක්‍රීඩා කරන ශ්‍රී ලංකා සංචිතය ක්‍රිකට් ආයතනය විසින් ප්‍රකාශයට පත්කර තිබේ.
Read Moreරටේ ජනතාව රැවටීමේ කාලය මෙම වසරේ අග අවසන් වන බවත්, ඒ අනුව රට දිනවන සත්‍ය ජයග්‍රශනය කරන බවත් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
Read Moreතම දියණිය 52 වතාවක් දූෂණය කළත්, මාධ්‍ය ඒ බැව් කතා නොකරන්නේ ඇයිදැයි සුජිත් ප්‍රනාන්දු නොහොත් සිඟිති ප්‍රශ්න කළේය. ඊයේ කුලියාපිටිය මහේස්ත්‍රාත්වරයා විසින් ඔහුව රක්ෂිත බන්ධනාගාරගත කිරීමෙන් අනතුරුව බන්ධනාගාරය වෙත යමින් සිටියදී මාධ්‍යවේදීන් අමතා ඔහු එසේ ප්‍රශ්න කළේය.
Read Moreනීති විරෝධී මාර්ග හරහා රුසියා - යුක්‍රේන යුද්ධය සඳහා ශ්‍රී ලංකාවේ ත්‍රිවිධ හමුදා විශ්‍රාමික සාමාජිකයින් යෙදවීමේ මිනිස් ජාවාරමට සම්බන්ධව තොරතුරු ලබාගැනීම වෙනුවෙන් ආරක්‍ෂක අමාත්‍යාංශය විශේෂ අංශයක් පිහිටුවා ඇති බව ආරක්‍ෂක අමාත්‍යාංශය නිවේදනය කරයි.
Read Moreඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ව්‍යාජ ලේඛන සකස් කර ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් රජයේ රෝහල්වලට බෙදා හැරීම මඟින් රුපියල් කෝටි ගණනක වංචා කිරීම සහ රෝගී ජීවීත අනාරක්‍ෂිත තත්වයකට පත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ජාතික ඖෂධ නියාමන අධිකාරියෙය් හිටපු ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය විජිත් ගුණසේකර මහතා රහස් පොලිසිය විසින් ඊයේ (08) රාත්‍රීයේදී අත්අඩංගුවට ගනු ලැබීය.
Read Moreයුක්තියේ මෙහෙයුමේදී ගංජා සමග අත්අඩංගුවට ගත් සැකකරුවෙකු ලවා ගංජා ඔතාගෙන පානය කළ බව කියන බෙලිඅත්ත පොලිසියේ පොලිස් නිලධාරින් පස්දෙනකුගේ රාජකාරී වැඩ තහනමට ලක් කිරීමට තංගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා විසින් පියවර ගෙන ඇතැයි පොලිස් මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු පැවසීය.
Read Moreගෙවුනු සතියක කාලයක් තුලදී යාපනය දිස්ත්‍රීක්කයට බලපෑ අධික උෂ්ණත්වය හේතුවෙන් යාපනය ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකර ලැබූ රෝගීන් සිව් දෙනෙකුට තාප ආගාතය බලපෑම හේතුවෙන් මිය ගොස් ඇතැයි ඒම රෝහලේ විශේෂ වෛද්‍යවරුන් පෙන්වා දෙයි.
Read Moreජනාධිපතිවරයා තොරපත් කර ගැනීම පිළිබඳ පනතේ දැක්වෙන විධිවිධානවලට යටත්ව ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම සඳහා නාමයෝජනා කැඳවිම නියමිතකාල සීමාව තුළදී සිදුකරන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.
Read More’’අනගාරික ධර්මපාලතුමා කිව්වා ටයිකෝඩ් දාගත්ත කළු සුද්දෝ තවම ලංකාවේ ඉන්නවා කියලා, ඒ කියමන හරියට හරි ඔය අහු උනේ, තව ඉන්නවා පාර්ලිමේන්තු ඔය වගේ කළු සුද්දෝ, මේ අය අපේ රටේ පුරවැසියෝ නෙමෙයි, ඒ වුනාට අපේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා වරදාන වරප්‍රසාද භුක්ති විදිනවා නීති විරෝධීව, පුරවැසිකම තියෙන්නේ පිට රටක. ඒ උනාට ලංකාවේ මිනිස්සුන්ගේ බදු සල්ලි වලින් මොවුන් ජීවත් වෙනවා’’
Read Moreපදිංචි නිවසේ කාමර දෙකකට ද ගිනි තබා තිබු බවත් සැරයන්වරයා ගේ සිරුර එල්ලෙමින් තිබු ස්ථානය යටින් ටයර් හය හතක් තිබු බවත් පොලීස් නිලධාරියෙකු කීය.
Read Moreරුපියල් එක් කෝටි හතලිස් ලක්ෂයක් පමණ වටිනා ග්‍රෑම් 75 ක් පමණ බරැති රන් මාළ දෙකක් , ගුවන් තොටුපොළ මගීන්ගේ භාණ්ඩ ප්‍රවාහනය සදහා භාවිතා කරන ට්‍රොලි කරත්තයක සගවා ගෙන , නීතිවිරෝධී ලෙස කටුනායක ගුවන් තොටුපොළෙන් පිටතට රැගෙන යාමට තැත් කළ ඉන්දීය ජාතිකයෙකු 05/09 දින අලුයම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
Read Moreවිදුලි බිල අඩු කිරීමේ යෝජනා මේමස 10 වැනිදාට පෙර ලබා දෙන ලෙස විදුලිබල මණ්ඩලයට දැනුම් දී ඇති බව මහජන උපයෝගීතා කොමිසම පවසයි. මේමස 01 දින වන විට ලබාදිය යුතුව තිබූ යොජනා සඳහා විදුලිබල මණ්ඩලය විසින් කල් ඉල්ලූ බව මහජන උපයෝගීතා කොමිසම වැඩි දුරටත් දන්වා සිටියි.
Read Moreදක්ෂිණ අධිවේගී මාර්ගයේ කපුදුව ප්‍රදේශය අතරමග දී නීතිවිරෝධී අන්දමින් බසයෙන් බැස යන අතරතුරදී අනතුරකට ලක් වී ගුවන් හමුදා කෝප්‍රල්වරයෙකු ජීවිතක්ෂයට පත්වීම සම්බන්ධයෙන් අදාල බසයේ රියදුරු හා සහායක සැක පිට අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස මාතර නාගරීක හදීසී මරණ පරීක්ෂක ටී.එම් ලලිත් ද සිල්වා මහතා ඊයේ (09) තිහගොඩ පොලීසියට නියෝග කලේය.
Read Moreශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් නොමැතිව පෝලන්තයේ රැකියා ලබාදීම සඳහා මුදල් ලබාගත් වංචනික විදේශ රැකියා නියෝජිතායතනයක් කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිළධාරීන් විසින් ඊයේ දින (5/8) වැටලීම් කරන ලදී.
Read Moreමේ සඳහා විසි දහසකට අධික ජනතාවක් සහභාගී වී සිටි අතර සවස 04 සිට මධ්‍යම රාත්‍රිය දක්වා දන්සලට පැවත්වුණි . ඒ සදහා සහභාගි වූ ජනතාව පෙරවරු 11 පමණ සිට පන්නිපිටියේ සිට මහරගම දෙසට කිලෝ මීටර් දෙකක් පමණ දුරකට පෝලිමේ රැඳී සිටිනු දක්නට ලැබුණි.
Read Moreආගමන විගමන පාලකවරයාට ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීමට එරෙහිව පවරා ඇති නඩුව ප්‍රකාරව හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය විදේශගත වීම වළක්වමින් තහනම් නියෝගයක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා විසින් අද නිකුත් කර ලදී.
Read Moreලෝක කුසලාන තරගාවලියට ප්‍රථමව ශ්‍රි ලංකා කාන්ත ක්‍රිකට් කණ්ඩායමට තරගාවලි කිහිපයක්ම පවතින බවත් එම සියලු තරගාවලි හොඳින් ක්‍රිඩා කිරිම තම කණ්ඩායමේ අරමුණ බවත් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු පැවැසිය.
Read More