හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය ඇගේ නිවසින් අතුරුදන් ව ඇති බව රහස් පොලීසිය කළ දැනුම් දීමක් සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඇය අධිකරණයට ඉදිරිපත් කිරීමට අවශ්‍ය කටයුතු කරන ලෙස රහස් පොලීසියට ඊයේ (20දා) නියම කළේය.
පාර්ලිමේන්තු මැතිවරණය ප්‍රථමයෙන් පැවැත්විය යුතු බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙහි නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා විසින් පක්ෂයක් ලෙස ජනාධිපතිවරයාට ප්‍රකාශ කර ඇති බවත් කෙසේවුවත් අවසන් තීරණය ජනාධිපතිවරයා විසින් ගනු ඇති බවත් එම පක්ෂයේ ප්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා ප්‍රකාශ කළේය.
Read Moreබන්ධනාගාර නිලධාරීන්ට පොලිස් නිලධාරීන්ට සමගාමීව දීමනා වැඩි කිරීමට අධිකරණ,බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා එකඟතාව පළකර තිබෙන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreපරිපාලන දුර්වලතා හේතුවෙන් පසුගිය සමයේ ලීටර 65,000 ක්ව තිබූ මිල්කෝ සමාගමෙහි දෛනික දියර කිරි නිෂ්පාදනය මේ වනවිට ලීටර 140,000 ඉක්මවා ඇතැයි මිල්කෝ සමාගමේ සභාපති ඉන්දික ගුරුගේ මහතා සඳහන් කළේය.
Read Moreඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ ත්‍රස්ත විරෝධී බළකාය (ATS) අහමෙදාබාද්හි පිහිටි සර්දාර් පටෙල් ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සිදු කළ පරීක්ෂාවකදී ISIS සංවිධානය හා සම්බන්ධ යැයි සැකපිට ශ්‍රී ලාංකිකයන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගත් බව ඉන්දීය මාධ්‍ය (20දා) වාර්තා කළේය.
Read Moreසමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සමග විවාදයට ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා සූදානම් බව එම බලවේගයේ විධායක සභික නලින්ද ජයතිස්ස මහතා පවසයි. ඒ අනුව ජූනි 6 වෙනිදා නායකයන් අතර විවාදය පැවැත්විය හැකි බව නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේය.
Read Moreමෙරට මාතෘ හා ළමා සෞඛ්‍ය සේවා ශක්තිමත් කිරීමේ අරමුණින් පවුල් සෞඛය සේවා අභ්‍යාසලාභීන් දහසක් (1000) පුහුණුවට බදවා ගැනීමේ පත්වීම් ලිපි ප්‍රධානෝත්සවය සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සීතා අරඹෙීපොල, දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි, යන මහත්ම මහත්මීන්ගේ සහභාගීත්වයෙන් හෙට දින (21) පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී පැවැත්වීමට නියමිතය.
Read Moreඅද දින 20 ආරම්භ කිරීමට නියමිතව තිබූ පාසල් අහිතකර කාලගුණ තත්වයන් යටතේ පුත්තලම දිස්ත්‍රික්කයේ ආරම්භ නොකළ අතර දිගින් දිගටම පවතින වර්ෂාව සහිත කාගුණ තත්වයන් හමුවේ හෙට 21 දිනයේද එම පාසල් විවෘත නොවන බව වයඹ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ජේ. ඒ. එම්. පී. ජයතිලක මහත්මිය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියි.
Read Moreගෝලීය බදු පැහැර හැරීම ආශ්‍රිත වත්කම්වල වාර්ෂික ලාභය ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 1.4 ක් ලෙස ගණන් බලා ඇති බවත් දේශගුණික විපර්යාසයන් වෙනුවෙන් අරමුදල් යෙදවීම සඳහා එම ලාභයෙන් 10% ක බද්දක් අය කිරීමට ශ්‍රී ලංකාව යෝජනා කර ඇති බවත් ජනාධිපතිවරයා එහිදී සඳහන් කළේය.
Read More“ආර්ථික පරිවර්තනය පිළිබඳ පනත් කෙටුම්පත” සහ “රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත් කෙටුම්පත” මැයි 22 පාර්ලිමේන්තුවට – වැඩ බලන මුදල් අමාත්‍ය ශෙහාන් සේමසිංහ
Read Moreඉදිරි ජනපතිවරණය සඳහා විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා තරග නොකරන බවත් ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා හා වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා අතර ජනපතිවරණ සටන පැවැත්වෙනු ඇති බවත් ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික කේ.ඩි. ලාල් කාන්ත මහතා පැවසිය.
Read Moreමේ දින වල පවතින වර්ෂා අධික කාළගුණය හේතුවෙන් වෙසක් කූඩු ඇතුළු වෙසක් සැරසිලි අලෙවිකර ගැනීමට අපහසු වීමෙන් තමන් අසරණ වී ඇතැයි වෙසක් සැරසිලි අලෙවිකරුවෝ පවසති.
Read Moreරුපියල් හත් කෝටි තිස් පන් ලක්ෂයක් වටිනා හෙරොයින් තොගයක් සිය ගමන් මල්ලේ ව්‍යාජ පතුලක සගවා ගෙන පැමිණි විදේශීය කාන්තාවක් අද(20) දින උදෑසන රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී අත් අඩංගුවට ගෙන තිබේ .
Read Moreශ්‍රී ලංකාවේ වාහක රෝග පාලනය, මර්ධනය, කළමණාකරනය, විශිෂ්ඨ මට්ටමක පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිතයින් පෙන්වා දෙයි.
Read Moreවර්ථමානය වන විට ශ්‍රී ලංකාවේ ළමුන් 2000 කට ආසන්න පිරිසක් තැලසීමියා රෝගයෙන් පෙලෙන බව සෞඛ්‍ය අංශ සදහන් කරයි.
Read Moreකවරක්කුලම පොලීසියට අනුයුක්තව රාජකාරී කරනු ලබන, උප පොලිස් පරීක්ෂකවරයෙකු නීති විරෝධී මත්පැන් මිලිලීටර් 14250ක්, එම නීති විරෝධී මත්පැන් පෙරීමට යොදා ගන්නා උපකරණ තොගයක් සමග පෙරේදා (19දා) අත්අඩංගුවට ගත් බව තිරප්පනය පොලිසිය පවසයි.
Read Moreනේපාල ජාතික කාන්තාවක රැදීසිටී හෝටල් කාමරයට ඇතුල්වී උල් ආයුධයක් පෙන්වා බියගන්වා රුපියල් ලක්ෂ දහයක් පමණ වටිනා ජංගම දුරකථන දෙකක්, රුපියල් ලක්ෂ දෙකක මුදලක් සහ රන් භාණ්ඩ කොල්ල කා පලාගිය පුද්ගලයකු සොයා කළුතර උතුර පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.
Read Moreහොරණ ග්‍රේස්ලන්ඩ්වත්ත ප්‍රදේශයේ දී පසුගිය 5 දා ව්‍යාපාරිකයෙකුට වෙඩිතැබීම සිදුකල වෙඩික්කරු අත්අඩංගුවට ගත්බව කළුතර අපරාධ කොට්ඨාසය පවසයි.
Read Moreගලගොඩඅත්තේ ඤාණසාර ස්ථවීරයන්ට ජනාධිපති සමාව ලබාදෙන ලෙස ඉල්ලමින් ත්‍රෛනිකායික මහා නායක ස්වාමින්ද්‍රයන් වහන්සේලා ජනපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යොමුකර තිබේ.
Read Moreකුබුක්කන් ඔයේ දියනෑමට ගොස් ඝාතනයට ලක්වූ දෙදරු මවකගේ මළසිරුරක් ඊයේ (19) පස්වරුවේ ලුණුගල කුබුක්කන් ඔයේ තිබියදී හමුවූ බව ලුණුගල පොලිසිය පවසයි .
Read Moreතද වැසි පිළිබඳව අනතුරු ඇඟවිමේ නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් නිකුත් කර තිබේ.
Read Moreඉරාන ජනපති ඇතුළු පිරිසක් ගමන් කරමින් තිබූ හෙලිකොප්ටරය අනතුරට පත්විමෙන් එහි ගමන් කළ සියලු දෙනා ජිවිතක්ෂයට පත්ව ඇති බව ඉරානය නිල වශයෙන් තහවුරු කළේය.
Read Moreපුත්තලම නගරයෙ දී රුපියල් කෝටි දෙකකට අධික බිඩි කොල තොගයක් සමග ලොරි රථයක් පැහැර ගැනිමේ සිද්ධියකට සම්බන්ධ පොලිස් සැරයන්වරයකු හා කොස්තාපල්වරයකු සමග තවත් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පුත්තලම මුලස්ථාන පොලිසිය 19 දින රාත්‍රියේ සමත් වි තිබේ.
Read Moreඉරාන ජනපතිවරයා ගමන් කරමින් සිටියදි අනතුරට පත්වූ හෙලිකොප්ටර් යානයේ සුන්බුන් සොයා ගැනිමට ගලවා ගැනිමේ කණ්ඩායම් සමත්ව ඇති බව ඉරාන මාධ්‍ය වාර්තා කරයි.
Read Moreමාතර. අකුරැස්ස, මාරඹ වැව මැදද තොරණක් ඉදිවෙමින් පවති. මෙම තොරණ ලබන 23 දා සිට ජුනි 01 දා තෙක් ප්‍රදර්ශනය කිරිමට නියමිතව තිබේ.තොරණින් කට්ඨහාරි ජාතකය පිළිඹිබු වෙයි.
Read Moreඉරාන ජනපති ඊබ්‍රහිම් රයිසි මහතා ගමන් ගත් හෙලිකොප්ටර් යානය අනතුරට පත්ව ඇති බවත් එම අනතුරින් ඉරාන ජනපතිවරයා අතුරුදන්ව ඇති බවත් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.
Read Moreශ්‍රී ලංකාව තුළ “Starlink” සේවා පහසුකම ක්‍රියාත්මක කිරීම පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ලොව ප්‍රකට ව්‍යාපාරිකයෙකු වන ඉලොන් මස්ක් (Elon Musk) මහතා අතර හමුවක් අද (19) ඉන්දුනිසියාවේදි සිදු විය.
Read Moreජුනි මස මුල් සතියේ සිට ප්‍රතිලාභ ලබා ගැනීමේ හැකියාව. බරපතල රෝගාබාධ සඳහා රුපියල් ලක්ෂ 15ක් දක්වා ප්‍රතිලාභ.
Read Moreසමගි ජනබලවේගයට පෙර දැනුම් දුන් පරිදි ම 20වෙනිදායින් පසුව එම විවාදය සිදු නොකරන බව ජාතික ජන බලවේගය පවසයි.
Read Moreසමගි ජන බලවේගයේ නායක ,විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාත් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාත් අතර පැවැත්වීමට නියමිත විවාදය සඳහා සමගි ජන බලවේගය දින කීපයක් අද (19)යෝජනා කරමින් ජාතික ජන බලවේගයට ඒ පිළිබඳව ලිඛිත දැනුම් දීමක් කර තිබේ.
Read More