එම නරක් වූ මළ සිරුර, නිකවැරටිය පොලිස් වසමේ, පහල ගලපිටියාගම කුඹුරු යායක තිබී සොයා ගන්නා විටද , සිරුරේ කොටස් සතුන් විසින්ද කා දමා තිබූ අතර , මෙලෙස මියගොස් සිටියේ , රස්නායකපුර පොලිස් වසමේ, කෝන්ගස්වලයාගම, හීලෝගම ලිපිනයේ පදිංචි පියල් රංජිත් ජයසිංහ (44) නැමති දෙදරු පියෙකි.
කළුතර, කටුකුරුන්ද ප්‍රෙදේශයේ දී පසුගිය 19 දා රාත්‍රි කලමුල්ලේ ටෂී නමැත්තා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාලව කළුතර බන්ධනාගාරය තුළ රිමාන්ඩ් බන්ධනාගාරගත කර සිටි සැකකරු ඊයේ පස්වරුවේ හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් අසනීපව කළුතර නාගොඩ ශික්ෂණ රෝහලට ඇතුලත් කිරීමේදී මිය ගොස් තිබෙනවා.
Read Moreමේ වසරේ ජනවාරි 01 දා සිට මැයි 26 දා දක්වා ශ්‍රී ලංකාවට සංචාරකයන් 881 541ක් පැමිණ ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. එසේම මැයි 01 දා සිට මැයි 26 දා තෙක් ලංකාවට සංචාරකයන් 96 890ක්ද පැමිණ තිබේ.
Read Moreජාතික ක්‍රීඩා සංගම් 4ක ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවමින් ක්‍රීඩා හා යෞවන කටයුතු ඇමති හරින් ප්‍රනාන්දු මහතා අති විශෙස ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
Read More#උපකරණ යල් පැනලා,කැඩිලා ,අක්‍රීයවෙලා #පරීක්ෂණ වාර්තා ප්‍රමාදයි # වැඩට අවශ්‍ය 54 න් ඉන්නේ 11 යි # රසායනාගාරය ප්‍රමිතියක් නෑ #සල්ලි ඇතත් අඩුපාඩු සපුරා නෑ
Read Moreහෙට සහ අනිද්දා එනම්, මැයි මස 30 සහ 31 දිනයන්හි සියලු ම පාසල් සාමාන්‍ය පරිදි පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.
Read Moreහිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව කොළඹ දිසා අධිකරණය නිකුත් කර තිබූ වාරණ නියෝග හතරක් ලබන 12 වැනිදා දක්වා යළි දීර්ඝ කිරීමට කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන් විතාන මහතා අද (29) නියම කළේය.
Read Moreවගකීමක් නැති ප්‍රකාශ වලින් රට කලඹන්න ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවක් හෝ පාර්ලිමේන්තුවක් ඉඩ නොදෙන බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරණය පැවැත්වෙන බවත් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවැසිය.
Read Moreඑම බෑගය සොයා දෙන කෙනෙකුට හෝ තොරතුරක් ලබා දෙන කෙනෙකුට ඇමරිකානු ඩොලර් 5000 ක් එනම් ශ්‍රී ලංකා මුදලින් රුපියල් ලක්ෂ 15 ක ත්‍යාග මුදලක් ලබා දෙන බව ස්කයිබ් නකෝමන් තරුණිය දන්වා සිටි.
Read Moreමුහුදට තෙල් කාන්දුවන නෞකාවක් කොළඹ වරායට නැංගුරම් කරවූ ඉන්දීය කපිතාන්වරයෙකුට රටින් පිටවීම වළකාලමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතා විදෙස් ගමන් තහනමක් අද (29) නිකුත් කළේය.
Read Moreජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන බව පවසන කිසිදු අපේක්ෂකයෙකු විධායක බලතල අහෝසි කරනවා යැයි ප්‍රකාශ කර නැහැ ජනාධිපති ධූරය සතු විධායක බලය නිසා ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩනැඟීමටත් තිස්වසරක යුද්ධය නිමා කිරීමටත් හැකි වුණා. ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වගකිවයුතු බවට නීති සම්මත කර ගැනීම අවශ්‍යයි. මේ වන විටත් විධායක බලතලවල කොටස් ගණනාවක් පළාත් සභාවලටත්, පාර්ලිමේන්තු අධීක්ෂණ කාරක සභා වෙතත් ලබා දී තිබෙනවා- ජනපති.
Read Moreසංචිත කළමණාකරනය කර ගැනිමට හැකියාවක් ඇති බවත් ඒ අනුව වාහන ආනයන සිමා ක්‍රමයෙන් ඉවත් කිරිම වැදගත් බවත් මහ බැංකු අධිපති නන්දලාල් විරසිංහ මහතා ප්‍රකාශ කළේය.
Read Moreදඹුල්ල විහාර හන්දිය ප්‍රදේශයේ නීතිවිරෝධී මත්පැන් පානය කළ සිව්දෙනෙකු මියගොස් ඇති බවට වාර්තාවේ.
Read MoreISIS සංවිධානය සමඟ සම්බන්ධ බවට සැකකෙරෙන ඉන්දියාවේදී අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයින් 4 දෙනෙකු සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රකාශයක් සිදුකළ බවට එල්ලවූ චෝදනාවකට අදාළව
Read Moreජාතික ගුරු බලය සංවිධානයේ ප්‍රධාන ලේකම් එල් .ආර් .මනතුංග මහතා ප්‍රකාශ කළේ කාලයක් තිස්සේ විසඳා ගත නොහැකි වූ ගුරුවරුන්ගේ සහ විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතා විසඳා ගැනීම සඳහා බලකිරීමේ ක්‍රියාදාමයකට යොමු වෙමින් මෙලෙස මෙම දින දෙක තුළ ලෙඩ නිවාඩු වාර්තා කරන බවයි.
Read Moreවිවිධ කර්මාන්තවල සේවයේ යෙදෙන වයස අවුරුදු 55 සපිරුණු සියලු ශ්‍රමිකයන්ට සමාජ ආරක්ෂණ ප්‍රතිලාභයක් ලබාදිය හැකි වන පරිදි සකස් කෙරුණු යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව ඇති බව අමාත්‍ය මනූෂ නානායක්කාර පවසනවා.
Read Moreතිහාරිය ගොඩැල්ල මහපල්ලිය ආසන්නයේ ත්‍රී රෝද රථ ගාලකට අලුතින් රථයක් ඇතුළත් කිරීම හේතුවෙන් සිදුවූ ගැටුමකින් පුද්ගලයෙකු මරණයට පත්වී ඇතැයි නිට්ටඹුව පොලිසිය කියයි.
Read Moreඅද පෙරවරුවේ කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයේ පැල්මඩුල්ල නගරය ආසන්නයේ දි පෞද්ගලික බස් රථයක් සහ ත්‍රිරෝද රථයක් මුහුණට මුහුණ ගැටිමෙන් පසු පෞද්ගලික බසය මාර්ගයෙන් ඉවතට පෙරළි සිදු වූ අනතුරින් පුද්ගලයින් 27දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි පොලීසිය කියයි.
Read Moreමෙම වරද සිදුකළ නඩුවට මුහුන දුන් පුද්ගලයා මේවන විට සිරදඩුවම් ලබා නිදහස් වී ඇත. ඒ අනුව අධිකරණය මග හැර ඕට්‍රේලියා රටේ සැගවසිට දින කිහිපයකට පෙර මෙරටට පැමිණ සිය නිවසේම රැදී සිටි අධිකරණයට අවශ්‍ය පුද්ගලයා මදුරන්කුලිය පොලීසියේ ක්‍රියාත්මක වීමෙන් අත්අඩංගුවට ගෙන ඇත.
Read Moreකොවිඩ් සහ ආර්ථික අර්බුධය හේතුවෙන් අතරමග නතර කෙරුණු මාලඹේ, බොරලැස්ගමුව, මාකුඹුර යන විශේෂ කැබිනට් පත්‍රිකාවක් අමාත්‍යමණ්ඩලයට ඉදිරිපත් කෙරේ.
Read Moreරාජ්‍ය සේවක මූලික වැටුප රුපියල් විසිදහසකින් ඉහළ දමන ලෙස ඉල්ලා හා තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් අද(29දා) සිට ක්‍රියාමාර්ග ආරම්භ කරන බව රාජ්‍ය සේවා වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි.
Read Moreවතු කම්කරු වැටුප් වැඩි නොකරන සියලුම වතු රජයට පවරා ගැනීම සඳහා සිය සංගමයේ පූර්ණ සහයෝගය ලබාදෙන බව පහත රට වතු කම්කරුවන්ගේ සංගමයේ සභාපති රුවන් ගාල්ලගේ මහතා ඊයේ (28දා) පස්වරුවේදී පිටිගල පැවති මාධ්‍ය හමුවකදී කීවේය.
Read Moreමත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සමග කිලිනොච්චි ආනන්දපුරම් නැගෙනහිර ප්‍රදේශයේ නිවසක රැඳී සිටි උපපොලිස් පරීක්ෂකවරයෙකු ඇතුළු පස්දෙනෙකු අත්අඩංගුවට ගත් බව කිලිනොච්චි පොලීසිය පවසයි.
Read Moreමේ මොහොතේ දී කළ යුතු වන්නේ මැතිවරණයක් පැවැත්වීම නොව තවත් අවුරුදු දෙකක කාලයකට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ පාලන කාලය දීර්ඝ කිරීම බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතා පැවසීය. ඔහු සඳහන් කළේ සජිත් ප්‍රේමදාස මහතා හෝ අනුරකුමාර දිසානායක මහතා මැදිහත් වී එය සිදු කළ යුතු බවයි.
Read Moreජාඇල කණුවන සමූපාකාර ග්‍රාමීය බැංකුව තුල දින තුනක් රැඳී සිට සේප්පු කපා රුපියල් කෝටි 4 කට ආසන්න වටිනා කිලෝ 2 ක බරින් යුත් රන් භාණ්ඩ තොගයක් සහ රුපියල් ලක්ෂ දහයකට අධික මුදල් සොරාගත් පුද්ගලයා පැය 48 ක් යාමට මත්තෙන් කොල්ලූපිටිය ප්‍රසිද්ධ සමාජ ශාලාවක් අසලදී හොරයින් මත්කුඩු මිලිගෑම් 11200 ක් සමග අත්අඩංගුවට ගත් බව පෑලියගොඩ අපරාධ කොට්ඨාසය කියයි
Read Moreශ්‍රී ලංකාවේ පළමු ස්ට්‍රොබෙරි වගා ආදර්ශ ගම්මානයේ ස්ට්‍රොබෙරි පැළ සිටුවීමේ කටයුතු මේ වනවිට අවසන් කොට ඇතැයි කෘෂිකර්ම දෙපාර්තුමේන්තුව පවසයි.
Read Moreමැලේසියාවේ රැකියාවක් ලබාදෙන බව පවසා මුදල් ලබාගෙන පොරොන්දු වූ පරිදි රැකියාව ලබානොදුන් විදේශ රැකියා නියෝජිතායතනයක හිමිකරු ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයේ නිළධාරීන් විසින් ඊයේ දින (5/27) අත්අඩංගුවට ගන්නා ලදී.
Read Moreමැතිවරණ කල් දැමීම කිසිම ප්‍රජාතන්ත්‍රවාදයට අනුකූල නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ පවසනවා.ඔහු මේ බව ප්‍රකාශ කලේ අද දින නෙළුම් මාවතේ රැස්වීමක් අවසානයේදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.
Read More2024.05.27 දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී ගනු ලැබූ අමාත්‍ය මණ්ඩල තීරණය පරිදි විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩලවල 2018 සිට පැවැති වැටුප් විෂමතාව සම්බන්ධයෙන් වූ ගැටලුව පිළිබඳව හා ඒ හා සම්බන්ධ වූ වෙනත් වැටුප් විෂමතා පිළිබඳව ඇති ගැටලු පිළිබඳව විමර්ශනය කර මීළඟ අයවැයට පෙර අමාත්‍ය මණ්ඩලයට වාර්තා කිරීමට භාණ්ඩාගාර ලේකම්ගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කර නිර්දේශ ලබා ගැනීමට තීරණය වි ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය කියයි.
Read Moreරුපියල් 500 ක් හොරෙන් ගත්තැයි වැඩිමහල් සොහොයුරාට අතින් පයින් පහරදී ඝාතනය කල බවට සැකපිට පුද්ගලයකු අත්අඩංගුවට ගත්බව පින්වත්ත පොලිසිය පවසයි.
Read More