saravita-anim2

2024 නොවැම්බර් මස 28 වන බ්‍රහස්පතින්දා

2024 නොවැම්බර් මස 28 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 760 hours ago

LATEST

අද මධ්‍යම රාත්‍රියේ දුම්රිය වර්ජනයක්

calendar_today 2024 ජුනි 06 - 19:33 remove_red_eye - 215  

දුමිරිය එංජින් රියදුරන්ගේ දෙවැනි පෙළ උසස් වීම ලබා දීම ප්‍රමාද කිරීමට හා වැටුප් කේතයක් නොමැති කමින් බඳවා ගැනීම් ප්‍රමාද වීමට එරෙහිව අද (06දා) මධ්‍යම රාත්‍රී 12.00 සිට දුම්රිය එංජින් රියදුරන්ගෙන් කොටසක් සේවයෙන් ඉවත්වන බව ලෙකොමොට්වි ඔපරේටිං ඉන්ජිනියර්ස් යුනියන් සඳහන් කරයි.

මල්වතු මහා විහාර පාර්ශ්වයේ බදුල්ල බින්තන නැගෙනහිර තෙපළාතේ ප්‍රධාන සංඝනායක ධුරය දැරූ පූජ්‍ය බදුල්ල ගම්මන සුමනසාර හිමියන් එම පදවියෙන් ඉවත් කොට ඇති බව මල්වතු පාර්ශ්වයේ මහා ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මහමුනේ ශ්‍රී සුමංගල හිමියන් නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටි .

Read More

ශ්‍රී ලංකා විදුලිබල පනත් කෙටුම්පත අද (06) පාර්ලිමේන්තුවේදී විවාද කිරීමෙන් අනතුරුව වැඩි ඡන්ද 44 කින් සම්මත විය.

Read More

නවීන ලෝකයට විවෘත වන පරිදි අවුරුදු 23 දී පශ්චාත් උපාධියත් අවුරුදු 27 දී ආචාර්ය උපාධියත් සම්පූර්ණ කළ හැකි වන පරිදි දරුවන්ට අධ්‍යාපනය ලැබීමේ අයිතිය තහවුරු කරනවා.

Read More

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා පිසූ ආහාර සහ වියලි ආහාර ලබා දීමට පවුලක් වෙනුවෙන් මීට පෙර ලබා දුන් මුදල 33%කින් ඉහළ නැංවීමට කටයුතු කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා කියයි.

Read More

යෝජිත විදුලි පනතට එරෙහිව විරෝධතා පුවරුවක් රැගෙන පාර්ලිමේන්තුව අසල උපවාසයක නිරතවෙමින් සිටි පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන්

Read More

14 හැවිරිදි දරුවෙකු සිදුකළ පිහි ඇනුමකින් බරපතළ තුවාල ලැබූ 09 හැවිරිදි දරුවෙක් හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කර ඇති බව පොලීසිය කියයි.

Read More

මොරටුව ,කොරලවැල්ල ප්‍රාදේශයේ මහා පරිමාණයේ මත්ද්‍රව්‍ය ජාවාරම් කාරියක වන ’’ කොරලවැල්ල කුඩු ජයනී’’ සහ ඇයගේ ප්‍රධාන ගෝලයෙකු අලෙවියට සන්තකයේ තබාගෙන සිටි අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 54200 ක් සමග අද (06) දින අලුයම වලාන මධ්‍යම දූෂණ මර්දන බලකාය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පැවසීය.

Read More

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් පරිදි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශ ලේකම් ඩබ්ලිව්.එස්. සත්‍යානන්ද හා ගම්පහ දිස්ත්‍රික් ලේකම් ලලින්ද ගමගේ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවේදී මෙම තීරණයට එලඹුණි.

Read More

පොලිස් භෝජනාගාරවලට ලැබෙන සහල් සහ සිල්ලර භාණ්ඩ අඩු මුදලට ලබාදිය හැකි බව පවසා කොළඹ ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් රැසක් මුලා කරමින් සංවිධානාත්මක කල්ලියක් මෙහෙය වූ උප පොලිස් පරීක්ෂකවරයකු ලෙස පෙනී සිටි පොලිස් සැරයන් වරයෙකු ඇතුළු තිදෙනකු අත් අඩංගුවට ගත් බව දෙමටගොඩ පොලිසිය කියයි.

Read More

මෙලෙස විදේශගතවන්නන් හට රජයේ බැංකු හරහා සහනදායී පොලී ශේෂයක් යටතේ ණය පහසුකම් ලබාදීමට ද, කටයුතු සුදානම් කරන බවත්, යුද හමුදාව වෙතින් මේවන විට 67 දෙනෙකු මෙම රැකියා සඳහා පිටත් කිරීමට හඳුනාගෙන ඇති බවත්, නාවික හමුදාව සහ ගුවන් හමුදාව වෙතින් ද නාමයෝජනා ඉදිරිපත් කරන ලෙසද, පැමිණි සිටි හමුදා නිලධාරීන් වෙත උපදෙස් ලබාදෙන ලදි.

Read More

බ්ලූම්බර්ග් - ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ද්විපාර්ශ්වීය ණය හිමියන් අතර මේ වන විට උසස් මට්ටමේ සාකච්ඡා ආරම්භ කර ඇති බව ඒ හා සම්බන්ධ පාර්ශ්ව උපුටා දක්වමින් බ්ලුම්බර්ග් වෙබ් අඩවිය තොරතුරු වාර්තා කරයි.

Read More

ඒකක 0 - 30 අතර ඒකකයක මිල රුපියල් 8 සිට 6 දක්වා අඩු වෙයි. ඒකක 30 - 60 අතර ඒකකයක මිල රුපියල් 20 සිට 9 දක්වා අඩු වෙයි. ඒකක 60 - 90 අතර ඒකකයක මිල රුපියල් 30 සිට 18 දක්වා අඩු වෙයි. ඒකක 90 - 120 අතර ඒකකයක මිල රුපියල් 50 සිට 30 දක්වා අඩු වෙයි.

Read More

ඊයේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා විදුලිබල මණ්ඩලයේ සියලුම සේවකයන්ගේ නිවාඩු නැවත දැනුම් දෙන තෙක්

Read More

වැඩිවියටපත් පාසල් සිසුවියන් සදහා සනීපාරක්ෂක තුවා මිල දී ගැනීම සඳහා නොමිලේ තිළිණපත් ලබා දීම 2024 වර්ෂයේ සිට ක්‍රියාත්මක වේ. ඒ සඳහා රුපියල් බිලියනක මුදලක් ආයෝජනය කර ඇත. එම තිළිණපත් ලබා දීමේ සමාරම්භක වැඩසටහන අද (06) දින නාවල ජනාධිපති බාලිකා විද්‍යාලයේ දී ආරම්භ විය.

Read More

හම්බන්තොට සාමෝදාගම ක්‍රීඩාංගනය අසලදී පාසල් සිසුන් දෙපිරිසක් අතර වූ ගැටුමකින් පහළොස් හැවිරිදි පාසල් ශිෂ්‍යයකු ඊයේ (5 දින) ජීවිතක්ෂයට පත්ව ඇතැයි හම්බන්තොට මූලස්ථාන පොලිසිය කියයි.

Read More

Meropenem injection එන්නත් කුප්පි 488,590ක් තිබියදී එන්නත් කුප්පි 450,000ක් හදිසි මිලදී ගැනීමක් ලෙස වැඩිමිලට මිලදී ගැනීමෙන් රු.368,955,000ක පාඩුවක්

Read More

රාජගිරිය, රෝයල් පාක් මිනීමැරුම් සිද්ධිය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී සිටි ජූඩ් ශමන්ත ජයමහ නැමැති විත්තිකරුට ජනපති සමාව ලබාද‍මට හිටපු ජනපති ‍ මෛත්‍රිපාල සිරිසේන මහතා ගත් තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්වස්ථාවටපටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

Read More

බද්දේගම ගනේගම බටහිර ප්‍රදේශයේ ගංවතුරේ ටියුබ් එකක නැගී විනෝදවූ තරුණ කණ්ඩායමක සිටි පාසැල් සිසුවෙක් ජලයේ ගසාගෙන ගොස් ඊයේ (‍05) ජීවිතක්ෂයට පත්වී ඇතැයි බද්දේගම පොලීසිය පවසයි.

Read More

ඉදිරි ජනාධිපතිවරණ දේශපාලන මෙහෙයුම් කටයුතු සිදුකිරීම් සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය දේශපාලන

Read More

ඉදිරි මාසයක කාලය තුළදී මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ 12,800ක් පුනුරුත්ථාපනය කිරීමට සැලසුම් කර තිබෙන බවත් ලක්ෂ පහකට ආසන්න පිරිසක් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී තිබෙන බවත්පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සඳහන්කළේය.

Read More

ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය මැයි මස 28වන දින නිකුත් කරන ලද අලුත්ම වාර්තාවලට අනුව ලෝක ආහාර මිල ගණන් සැලකිය යුතු ආකාරයකට පසුගිය කාලයේ සිට පහළ ගොස් ඇත.

Read More

අද (06දා) පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනිමට නියමිත විදුලිබල පනත් කෙටුම්පත පරාජයට පත් කිරීම රටට ආදරය කරන මහජන නියෝජිතයන්ගේ වගකීමක් බව ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය සඳහන් කරයි.

Read More

යෝජිත නව විදුලිබල පනත සහ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිගමනය කරන ලද සංශෝධන, පාර්ලිමේන්තුවේ බලශක්ති ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් අනුමත කළ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.

Read More

වර්ෂාව සම්බන්ධයෙන් නිවැරදිම පුරෝකතන ලබා දීමට ඉතා නවීන රේඩාර් පද්ධති තිබුණානම් පසුගිය දිනවලදි මිලි මීටර් 400 ක් තරම් වර්ෂාවක් ඇද වැටෙන බව ප්‍රකාශ කරන්නට ඉඩ තිබූනු බවත් තමන් දන්නා තරමින් නවීන රේඩාර් පද්ධති මෙරට නොමැති බවත් භූ ගර්භ විද්‍යාව පිළිබඳ සම්මානිත මහාචාර්ය අතුල සේනාරත්න මහතා පවසයි. අද මහනුවරදි පැවති මාධ්‍ය හමුවකදි ඔහු මේ බව පැවැසීය.

Read More

කටුනායක ගුවන් තොටුපොළ තුළ ඇති රථ ගාල් තුළ රැදී සිටිමින් , ගුවන් තොටුපොළ වෙත පැමිණෙන ගුවන් මගීන් රැගෙන එන විදේශීය මත්පැන් බෝතල් අඩු මිළට ලබා ගනිමින් සිටි ජාවාරම්කරුවෙකු , ඔහු විසින් මිළට ගත් රුපියල් ලක්ෂ 15 ක් පමණ වටිනා , මත්පැන් බෝතල් 107 ක් ද සමග 05/05 දින උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

Read More

ආර්ථික ඉලක්ක සපුරා ගන්නා අතර තුර 2040 වන විට ශුද්ධ ශුන්‍ය කාබන් විමෝචන ඉලක්කය ද සපුරා ගැනීමට ශ්‍රී ලංකාව කැපවී සිටිනවා කාබන් විමෝචනය ශුන්‍ය කිරීමේ ගෝලීය ඉලක්කය ජාතික ප්‍රතිපත්තියට ඇතුළත් කළ ආසියාවේ පළමු රට ශ්‍රී ලංකාවයි. දේශගුණික විපර්යාසවලට මුහුණ දීමේදී අඩු ආදයම්ලාභී රටවලට සහන ලබා ගැනීම වෙනුවෙන් ලොව දියුණු රටවලට බල කළ යුතුයි. යුක්‍රේන යුද්ධයට ඇමෙරිකාව සහ යුරෝපය මේ වසරේ යොදවා තිබෙන මුදල් දේශගුණික විපර්යාසවලට මුහුණදීමේ කටයුතු සඳහා වසර දෙකකට ප්‍

Read More

කොත්මලේ ගැරඩි ඇල්ලෙන් පහලට පැන සිය දිවි හානි කර ගැනිමට තැත් කරන ලද තරුණ යුවලක් බේරා ගැනිමට එම ප්‍රදේශයේ පිරිසක් පියවර ගෙන ඇත.

Read More

වැලිඔය කල්‍යාණපුර ප්‍රදේශයේ පදිංචි කුඩා දැරියකට අමානුෂිකව පහරදුන් කුකුල් චමින්ද නැමති ප්‍රධාන සැකකරු ඇතුලු 05 දෙනෙකු ජුනි මස 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට පදවිය මහෙස්ත්‍රාත් කසුන් කාංචන දසනයක මහතා අද (05) දින නියෝග කරනු ලැබීය.

Read More

කැලණිය විශ්ව විද්‍යාලයේ පුස්තකාලයේ හා සරුංගල් ගොඩනැගිල්ලේ තිබී ලැප්ටොප් පරිගණක තුනක් , ටැබ් එකක් හා ජංගම දුරකතන තුනක් සොරකම් කිරීම සම්බන්ධව අත් අඩංගුවට ගත් සබරගමුව විශ්ව විද්‍යාලයේ සිසුවෙකු මේ මස 11 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තැබීමට මහර වැඩ බලන මහේස්ත්‍රාත් විරේන්දා කනංකෙගේ මහත්මිය ඊයේ ( 04 වැනිදා ) නියම කරනු ලැබුවාය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.