අප්‍රේල් 15 දා සිට ඔක්තෝබර් 14 දක්වා මාස හයක කාලයක් සඳහා පෙට්‍රල් ඔක්ටේන් 92 බැරල් ලක්ෂ තුන බැගින් වූ නැව් තොග 05ක් මිලදී ගැනීමේ කොන්ත්‍රාත්තුව සිංගප්පූරුවේ ටිටෝල් ඒෂියා සමාගමට ලබාදීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.
කොළඹ කොටස් වෙළඳපොළ අද දිනයේදී යළි පිඹිදීමක් දක්නට ලැබුණි. ඒ අනුව සමස්ත මිල දර්ශකය ඒකක 467කින් එනම් සියයට 3.1කින් ඉහළ ගොස් ඒකක 15 127ක් ලෙස සටහන් විය.
Read Moreපාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා අද(08දා) බන්ධනාගාර බස් රථයෙන් පාර්ලිමේන්තුවට රැගෙනවිත් තිබේ.
Read Moreඊශ්‍රායල් රැකියා වැඩසටහන යටතේ ප්‍රථම වරට හෝටල් ක්ෂේත්‍රය ආශ්‍රිත රැකියා සඳහා ශ්‍රී ලාංකික තරුණ තරුණියන් පිරිසක් තෝරාගෙන තිබෙන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.ඒ අනුව හෝටල් ගෘහපාලනය සම්බන්ධ රැකියා සඳහා පිටත්වන ප්‍රථම කණ්ඩායමට තරුණ තරුණියන් 103 දෙනෙකු ඇතුළත් වූ අතර ඔවුන් ඊයේ (07) ඊශ්‍රායලය බලා පිටත්ව ගියේය.
Read Moreදේශීය සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරිම සදහා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් අලුතින් නිර්මාණය කරන ලද කැලිප්සෝ දුම්රිය (08) දින උදෑසන 8.10 ට නානුඔය දුම්රිය ස්ථානයේ සිට දෙමෝදර දුම්රිය ස්ථානය දක්වා ගමන් ආරම්භ කරනු ලැබුවා.
Read Moreපාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මහතා පාර්ලිමේන්තුවේ විවාදයේදී අද(08දා) අදහස් පළ කිරීමේදී සජීවී විකාශය කථානායකවරයාගේ නියෝගය පරිදි අත්හිටුවීමට කටයුතු කළේය.
Read Moreආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) ව්‍යවස්ථාව ප්‍රකාරව, ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කරන ලද “එකතු කළ අගය මත බදු (සංශෝධන)” නමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය කථානායකවරයා වෙත ලැබී ඇති බව නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි මහතා අද (08) පාර්ලිමේන්තුවේදී නිවේදනය කළේය.
Read Moreඇතිමලේ පොලිස් වසමට අයත් විලඔය ප්‍රදේශයේ පදිංචි අවුරුදු දෙකයි මාස හයක් වයසැති සිඟිත්තියක් (07) වෙනිදා හදිසියේ මියගොස් ඇතැයි ඇතිමලේ පොලීසිය පවසයි.
Read More2016 වසරේ ඌව පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් එම පළාතේ පෙර පාසල් දරුවන්ට බෑග් ලබාදීම සඳහා රාජ්‍ය බැංකුවක් අනුග්‍රහයක් ඉල්ලා එම බැංකුව විසින් එය ප්‍රතික්ෂේප කිරීමෙන් පසුව අදාළ පළාත් සභාවට අයත් ස්ථාවර තැන්පතු ගිණුම් 06ක් කල්පිරීමට පෙර ඉවත් කිරීම තුළින් අදාළ පළාත් සභාවට රුපියල් ලක්ෂ 173කට අධික පාඩුවක් සිදුකළේ යැයි සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා ඇප මත මුදා හරින ලෙස කො
Read Moreඕස්ට්‍රේලියාවේ පැවති 2025 ආසියා - ෆැසිපික් සවි එසවීමේ තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් රන් පදක්කම් 05 ක් සහ ලෝකඩ පදක්කමක් දිනා ගෙන 04/07 දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ . මෙම තරගාවලිය ආසියා - ෆැසිපික් කළාපයේ රටවල් 18 ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 500 කගේ පමණ සහභාගීත්වයෙන් ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර පවත්වා තිබුණි .
Read Moreගන්දරදී යතුරුපැදියකින් ගමන් කරමින් සිටි තරුණයින් දෙදෙනෙකුට වෙඩි තබා ඝාතනය කිරිමේ සිදුවීමට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් මූලස්ථානය පවසයි.
Read Moreඔහිය ඉදල්ගස්හින්න දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයට විශාල ගල්පර්වත කඩා වැටී අවහිර වී තිබු උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල කොළඹ කොටුව අතර දුම්රිය ධාවනය ඊයේ (8) උදෑසන යථා තත්ත්වයට පත් කල බව නාවලපිටිය දුම්රිය පාලන මැදිරිය පවසයි .
Read Moreබීමතින් සිටින පොලිස් නිලධාරින් තමන්ට පහර දෙන බවටත් , තමා බීමතින් සිටින බවට ප්‍රකාශ කරමින් අත්අඩංගුවට ගැනීමට උතත්සාහ දරන බවටත්, පවසමින් පුද්ගලයෙකු විසින් වීඩියෝ ගත ලද සිදුවීමක් මෙම දිනවන සමාජ මාධ්‍ය හරහා සංසරණය වෙමින් පවතින බව පොලිස් මූලස්ථානය පවසයි.
Read Moreඇතැම් ප්‍රදේශවල මේ වන විට බිත්තරයක මිල රුපියල් 36ක් දක්වාත්, කුකුල් මස් කිලෝවක මිල රුපියල් 1,350ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreකුරුණෑගල, වැහැර ප්‍රදේශයේ ගෑස් පිරවුම්හලක ඇතිවූ ගින්නකින් එම ස්ථානයේ සිටි කළමනාකරු ඇතුළු සිව්දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තවත් සිව්දෙනෙකු තුවාල ලබා තිබේ.
Read Moreමේ වසරේ පළමු කාර්තුවේදී රුපියල් කෝටි 6100ක වාර්තාගත උපයා ගැනීමට සුරා බදු දෙපාර්තමේන්තුව සමත්ව තිබේ. සුරාබදු දෙපාර්තමේන්තුව වසරේ පළමු කාර්තුවේදී රුපියල් කෝටි 4200ක බදු ආදායමක් අපේක්ෂා කර තිබේ. කෙසේ වෙතත් එම ආදායම් ඉලක්කය අභිභවා යාමට සුරා බදු දෙපාර්තමේන්තුව සමත්ව තිබේ.
Read Moreජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් අතර හමුවක් අද (07) ජනාධිපති කාර්යාලයේදී සිදු විය.
Read Moreරුපියල් අට කෝටි හතලිස් ලක්ෂයක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ ගුවන් මගීන් සිව් දෙනෙකු සමග කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් 04/07 දින උදෑසන අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreකොළඹ මහ නගරසභාව ඇතුළු ප්‍රාදේශිය සභා කිහිපයක මැතිවරණ පැවැත්වීම මැයි 16 වැනිදා තෙක් වළකාලමින් අභියහනාධිකරණය තහනම් නියෝගයක් අද (07) නිකුත් කළේය.
Read Moreශ්‍රී ලංකාවේ සමස්ත ජනගහනය 21 763 170ක් බවට නවතම ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමෙන්තුව පවසයි. 2024 ඔක්තෝබර් මාසයේ සිට දෙසැම්බර් මාසය දක්වා ක්‍රියාත්මක කළ සංගණනයෙන් මෙම තොරතුරු අණාවරණය වෙයි.
Read Moreකොළඹ කොටස් හුවමාරුව අද දිනයේදී දැවැන්ත කඩා වැටීමකට ලක්විය. ඒ අනුව සමස්ත මිල දර්ශකය ඒකක -712ක් තරම් වූ ප්‍රමාණයකින් එනම් සියයට -4.64කින් කඩා වැටීමට ලක්විය.
Read Moreඑංගලන්ත සීමිත පන්දුවාර නව නායකයා ලෙස හැරී බෲක් පත් කර තිබේ.
Read Moreජාතික ජනබලවේගය නියෝජනය කළ, කෑගල්ල මැතිවරණ කොට්ඨාසයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කෝසල නුවන් ජයවීර මහතාගේ අභාවය හේතුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 66(අ) ව්‍යවස්ථාවේ විධිවිධාන ප්‍රකාරව 2025 අප්‍රේල් මස 06 වැනි දින සිට දසවැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුරයක පුරප්පාඩුවක් ඇති වී තිබෙන බව පාර්ලිමේන්තුවේ වැඩ බලන මහ ලේකම් චමින්ද කුලරත්න මහතා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත දැනුම්දී තිබේ.
Read Moreඅවුරුදු සමය වෙනුවෙන් ගම්බිම් බලා යන ජනතාවට මෙන්ම නැවත ගම්බිම් සිට කොළඹ බලා එන ජනතාව ඉලක්ක කර ගනිමින් ජාතික ගමනා ගමන කොමිෂන් සභාව හා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් අමතර බස් සේවා හා දුම්රිය ගමන් සේවා ක්‍රියාත්මක කර තිබේ. අප්‍රේල් මස 09 දා සිට 21 දා තෙක් මෙම අමතර ගමන් සේවා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.
Read Moreතවත් දින එකොළහකින් ආරම්භ වීමට නියමිතඅසිරිමත් සිරි දළදා දැක්ම සඳහා සෙංකඩගල පුරවරයට පැමිණෙන ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන්ට අවශ්‍ය පොදු පහසුකම් මේ වන විට කඩිනමින් සම්පාදනය කෙරෙමින් පවතී.
Read Moreඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තවත් තරගයක් අද (07දා) පැවැත්වේ.
Read Moreතායිලන්තයේ සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ගුවන් යානයක ගමන් ගත් ගුවන් මගියෙකුගේ අත් බෑගය තුළ වූ දේශීය සහ විදේශීය මුදල් තොගයක් සොරා ගත් චීන ජාතිකයන් දෙදෙනෙකු , 04/07 දින උදෑසන ගුවන් තොටුපොළ පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන එම මුදලින් කොටසක් ද සොයා ගෙන තිබේ .
Read Moreජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවෙන් සිදු කළ “ජන හා නිවාස සංගණනය 2024” වාර්තාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත භාර දීම ජනාධිපති කාර්යාලයේදී අද (07) පෙරවරුවේ සිදු කෙරිණි.
Read Moreහිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණ තිබේ.
Read Moreපාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා ලබන 21 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
Read More