රෙදිපටියකින් මුහුණ ගැටගසා ව්‍යාපාරිකයෙකු සහ ඔහුගේ බිරිඳ නිවස තුල ඝාතනය කර ඇති බවට ලද තොරතුරක් ඔස්සේ වැලිපැන්න පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.
ප්‍රසිද්ධ නිරූපණ ශිල්පිනි පියුමී හංසමාලි හිමිකාරීත්වය දැරූ බි එම් ඩබ්ලිව් මෝටර් රථයක් සම්බන්ධව සහ ඇයගේ වත්කම් සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන වලට අදාළව පැය 9 කට ආසන්න කාලයක් ප්‍රකාශ ලබාගෙන සටහන් කරගත් බව වත්කම් විමර්ශන කොට්ඨාසය කියයි
Read Moreපාස්කු ඉරිදා ප්‍රහාරයට අදාළ පරීක්ෂණ කඩිනම් කර එවන් ඛේදවාචකයක් නැවත රට තුළ ඇති නොවීමට පසුබිම සකසන බවත් එම වින්දිතයන්ට සාධාරණය සහ යුක්තිය ඉටු කරන බවට සහතික වන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
Read Moreමත්ද්‍රව්‍ය චෝදනා ඇතුළු තවත් වැරදි වලට ශ්‍රී ලංකාවේ බන්ධනාගාර ගත කර සිටි පකිස්තානු ජාතික සිරකරුවන් 56 දෙනෙකු 10/06 දින පස්වරුවේ එරට බන්ධනාගාර නිලධාරීන් වෙත භාර දීම කටුනායක ගුවන් තොටුපොළ තුළ දී සිදු වූ බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා ද සනාථ කළේය.
Read Moreබිත්තර අතිරික්තයක් තිබී සති දෙකකට පසුව කෘතිම බිත්තර හිඟයක් මවා පාමින් දැනට දින 02.සිට වෙළඳපොලේ බිත්තර මිල අතරමැදි වෙළෙන්දන් විසින් ඉහළ දමා ඇති බව කුකුළු ගොවීන් සුරැකීමේ සංවිධානයේ කැඳවුම්කරු සංජීව කරුණා සාගර මහතා කුරුණෑගලදී පැවති මාධ්‍ය සාකච්ඡාවේදී පැවසීය.
Read Moreශ්‍රි ලංකා රේගුවෙන් හා සුරාබදු දෙපාර්තමේන්තුවෙන් මෙම වර්ෂයේ ජුනි මස 30 වැනිදින වනවිට රුපියල් බිලියන 65.7ක හිග බදු මුදලක් අයවිමට ඇති බැව් පාර්ලිමේන්තුවට ඉදිරිපත්කොට ඇති ක්‍රම හා විධිකාරක සභා තෙවන වාර්තාවේ සදහන් වේ.
Read Moreදේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් 2024 සැප්තැම්බර් 30 වන විට රුපියල්බිලියන 1,417 ක බදු ආදායමක් උපයා ඇති අතර එය වාර්ෂික ආදායම් ඉලක්කයෙන් සියයට 70ක් බව එම දෙපාර්තමේන්තුව පවසයි.
Read More2024 කාන්තා විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තවත් තරග දෙකක් අද (06දා) පැවැත්වේ.
Read Moreඅර්තාපල් හා ලොකු ලූණු සඳහා වන විශේෂ ආනයන බද්ද වැඩි කිරීමට රජය පියවර ගෙන තිබේ. දේශීය ලොකු ලූණු හා අර්තාපල් අස්වැන්න වෙළඳපොළට පැමිණිමත් සමග දේශීය ගොවියා රැක ගැනීම වෙනුවෙන් මෙම පියවර ගෙන තිබේ.
Read Moreලෝක ළමා දිනය දා උදේ ආහාරය සඳහා ජලයට සීනි දමා බී පාසලට පැමිණි දැරියට අන්තාන සඳගිරිසා නායක හිමියන් රුපියල් 20,000ක් වටිනා වියලි ආහාර පරිත්‍යාගයක් සිදු කරනු ලැබූහ.
Read Moreනාම යෝජනා නොලැබීම නිසා ඉල්ලා අස්වු රිෂාඩ් බද්යූදීන් මහතාගේ නායකත්වයෙන් යුත් සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ හිටපු ජාතික සංවිධායක හා ත්‍රිකුණාමල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අබ්දුල්ලා මහරුප් මහතා කොළඹදි හමුවූ රනිල් වික්‍රමසිංහ මහතා අතින් එහි පක්ෂ සාමාජිකත්වය ලබා ගත්තේය.
Read Moreමහනුවර නගරයේ ගමන් කරන තරුණ කාන්තාවන් පිටුපස යමින් ඔවුන්ගේ උකුලෙන් පහළ ප්‍රදේශය වීඩියෝ ගත කරමින් ඡායාරූප ගත් බව කියන පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව මහනුවර කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය කියයි .
Read Moreමහ මැතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂය ප්රමුඛව බිහි කිරීමට නියමිත නව සන්ධානයේ නායකයා ලෙස හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ පත්කිරීමට යෝජනා වී ඇතැයි වාර්තා වෙයි.
Read Moreඑසේම රජ රටින් බිහි වූ රාජ්‍ය නායකයා ලෙස එම පළාතේ දුක් විඳින ජනතාවගේ ජීවිත සමෘද්ධිමත් කිරීමේ අත්හළ නොහැකි වගකීම ද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත පැවරී තිබෙන බව උන්වහන්සේ පෙන්වා දුන්හ.
Read Moreමත භේදයට තුඩු දී ඇති ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් පමණක් පිටව ඇති බවට මේ දක්වා කරනු ලැබූ විමර්නවලින් අණාවරණය වී ඇති බවට මේ වන විට තහවුරු වී ඇතැයි පොලීසිය පවසයි.
Read Moreකොළඹ කොල්ලුපිටිය පොලිස් බල ප්‍රදේශයට අයත් ආර් ඒ ඩි මෙල් මාවතේ මයිකල් වටරවුමේ සිට අරලියගහ මන්දිරය හරහා රොටුන්ඩා වටරවුම දක්වා දිවෙන කොටස 2005 වර්ෂයේ දී ආරක්ෂක හේතූන් මත වසා තැබීමට කටයුතු කරනු ලැබීය.
Read Moreනව ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසුව සාම්ප්‍රදායානුකුලව ආරක්ෂක ප්‍රධානීන් ඊයේ (04) ජනාධිපති කාර්යාලයේ දී සේනාධිනායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු විය.
Read Moreඑසේම නුදුරු දිනකදීම ඉන්දියාවේ සංචාරයක නිරත වන ලෙස අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ආරාධනය ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා විසින් මෙහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත පිළිගැන්වූ අතර ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාට ද නුදුරු පහසු දිනකදී ශ්‍රී ලංකාවේ සංචාරයකට එක්වන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ආරාධනා කර සිටියේය.
Read Moreනුවරඑලිය කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන කොටගල කෙම්බ්‍රිජ් දමිල විද්‍යාලයේ විවේක කාලයේදි ක්‍රිකට් සෙල්ලම් කරමින් සිටි සිසුවෙක් උඩ පන්දුවක් රැකිමට ගොස් ලිස්සාගොස් පාසල් ගොඩනැගිල්ලක බිත්තයක ගැටිමෙන් බරපතල ලෙස තුවාල ලබා දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කර සිසුවා වැඩිදුර ප්‍රතිකාර සදහා මහනුවර ශික්ෂණ රෝහල වෙත ගිලන් රථයකින් රැගෙන යමින් සිටියදි (04) දින ජිවිතක්ෂයට පත් වි ඇති බව දිඹුල පතන පොලිසිය පැවසිය.
Read Moreදින තුනක් මුළුල්ලේ පැවති සාකච්ඡා මාලාව සාර්ථකව අද දින නිමාවට පත් කෙරිණ. ඒ සමඟ IMF නියෝජිත පිරිසේ මෙවර ශ්‍රී ලංකා සංචාරයේ සමාප්තිය සනිටුහන් කෙරේ.
Read More2023 සැප්තැම්බර් මාසයට සාපේක්ෂව 2024 සැප්තැම්බර් මාසයේදී ශ්‍රි ලාංකිකයින් විදේශ රැකියා සඳහා පිටත්වීම සියයට 10න් ඉහළ ගොස් ඇති බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.
Read Moreඉදිරියේදී පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මහ මැතිවරණය සඳහා තමන් ත்ග නොකරන බව හිටපු ප්‍රවාහන මහා මාර්ග සහ ජනමාධ්‍ය කැබිනට් අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (04) ප්‍රකාශ කළේය.
Read Moreජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහන ශක්තිමත්ව ඉදිරියට ගෙන යාම වෙනුවෙන් වූ වත්මන් ජනාධිපතිවරයාගේ කැපවීම තහවුරු කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර විශේෂ සාකච්ඡාවක් දෙවන දිනටද අද (04) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ආරම්භ කෙරිණි.
Read Moreඉන්දීය විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් මහතා එක් දින ශ්‍රී ලංකා නිල සංචාරයක් සදහා 10/04 දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය .
Read Moreපොදු ජන එක්සත් නිදහස් සන්ධානය ගෑස් සිලින්ඩරය යටතේ තරඟ වදින්නේ දැයි යන්න පිළිබඳ අවසන් එකඟතාවය අද(04දා) ලබා ඉගෙනීමට නියමිතය.
Read Moreඑක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ සම්බන්ධීකාරක මාර්ක් ඇන්ඩෘ ප්‍රාන්ස් (Marc-André Franche) මහතා අද (03) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු විය.
Read Moreවෙළෙඳ පොළේ බිත්තර මිල සීග්‍රයෙන් පහළ වැටී ඇත්තේ බිත්තර අතිරික්තයක් නිසා බවත්, පාරිභෝගිකයාට එය සහනයක් වුවද බිත්තර ගොවියාට නිෂ්පාදන පිරිවැය අනුව පාඩුවක් සිදුවන බවත් කුකුළු ගොවීන් සුරැකීමේ සංවිධානයේ කැඳවුම්කරු සංජීව කරුණාසාගර මහතා ඊයේ (03දා) කුරුණෑගලදී පැවති මාධ්‍ය සාකච්ඡාවේදී පැවසීය.
Read Moreප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුවට අදාළ නීති කටයුතු පිළිබඳව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පසුගියදා සිදු කළ ප්‍රකාශය සාවද්‍ය බව හිටපු ජනාධිපති මාධ්‍ය අධ්යක්ෂ ජනරාල් ධනුෂ්ක රාමනායක නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. ඒ අනුව අමාත්‍යවරයකු සහ කැබිනට් ප්‍රකාශක ලෙස දැන හෝ නොදැන සාවද්‍ය ප්‍රකාශ සිදුකිරීම නුසුදුසු බව එහි සඳහන් කර ඇත. අදාළ නිවේදනයේ වැඩිදුරටත් මෙලෙස සඳහන් කර ඇත.
Read Moreඑක්සත් ජාතික පක්ෂය ප්රමුඛව බිහිවන වන සන්ධානයට තමා නායකත්වය ලබා දුන්නද මහ මැතිවරණයට තරග නොකරන බව රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර තිබේ. ඒ අනුව එක්සත් ජාතික පක්ෂය, ජනාධිපතිවරණයේ දී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ශ්වයක් සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු පක්ෂ රැසක් එකතුව ඉදිරි මහ මැතිවරණය සඳහා ඉදිරිපත් වීමට නියමිතය.
Read Moreඉහළ වැට් බද්ද සහ ආදායම් බදු හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට රජය සැලසුම් කර ඇති බව ද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී පෙන්වා දුන්නේය.
Read More