saravita-anim2

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා

Latest News - timelapse 700 hours ago

LATEST

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

calendar_today 2024 නොවැ 13 - 13:55 remove_red_eye - 233  

සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු එක්දින ක්‍රිකට් තරගය අද (13දා) පැවැත්වීමට නියමිතව ඇත.

උතුරු පාකිස්තානයේ ඉන්දු ගඟට බස් රථයක් පෙරලීමෙන් පුද්ගලයන් 26 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

දින ගනනක් තිස්සේ මාතලේ දිස්ත්‍රික්කයට බලපා ඇති වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් බහුල වශයෙන් දිස්ත්‍රික්කය පුරා වගා කර ඇති තක්කාලි වගා වලට බලපෑම් එල්ල වී ඇතැයි ගොවිහු කියා සිටිති.

Read More

කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් ගුලි වශයෙන් සකස් කර , ඒවා ගිල දමා පැමිණි සියරාලියෝන් ජාතිකයෙකු 11/12 දින කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ’’ හරිත මාවත ’’ ( Green Channel ) ඔස්සේ ගුවන් තොටුපොළෙන් පිටතට යාමට තැත් කරමින් සිටියදී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

Read More

සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු එක්දින ක්‍රිකට් තරගය අද (13දා) දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතව තිබේ.

Read More

ඡන්ද විමසීම් පැවැත්වෙන දින ඡන්ද පොළක යම් කඩාකප්පල්කාරී ක්‍රියාවක් සිදු වුවහොත් එම ඡන්ද පොළේ ඡන්දය ශුන්‍ය කිරීමට කටයුතු කරන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

Read More

හාල් මෝල් හිමියන් රයිස් පොලිස් මිල හා හුණුසහල් මිල තුන්ගුණයකින් වැඩිකිරීම නිසා කුකුළු ආහාර නිෂ්පාදනය කරගත නොහැකි පසුබිමක බිත්තරයක මිළ රුපියල් 60ක් 65ක් අතර ඉහළ යන ලකුණු පෙන්නුම් කරන බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති සරත් රත්නායක මහතා පවසයි.

Read More

මේ වර්ෂයේ ජනවරි 01 වැනි දින සිට ඊයේ(12දා) දක්වා කාලයෙහිදී නාවික හමුදාව විසින් සිදු කළ මෙහෙයුම්වලදී මෙරට මුහුදු සීමාවෙහි අනවසර ධීවර කටයුතු සිදු කළ ඉන්දීය ධීවර යාත්‍රා හැට හයක් සහ ඉන්දීය ධීවරයන් හාරසිය අනූ හත්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

පසුගිය කාලවකවානුවලදී පාර්ලිමෙන්තු මන්ත්‍රීවරුන්ට, පළාත් සභා මන්ත්‍රී වරුන්ට, විවිධ දේශපාලන පක්‍ෂ නායකයින්ට, දේශපාලන සංවිධානවලට මෙන්ම, විවිධ තනතුරු දැරූ රජයේ විධායක නිලධාරීන්ට ජීවිත ආරක්‍ෂාව සඳහා ශ්‍රී ලංකා පොලිසියෙන් හා යුද්ධ හමුදාවෙන් නිකුත්කර තිබු පිස්තෝල, රිවෝල්වර් හා පතුරොම් තුවක්කු සැලකිය යුතු ප්‍රමාණයක් ඇති බව ආරක්‍ෂක අමාත්‍යාංශයට නිරීක්‍ෂණය වී ඇත.

Read More

නැවත දැනුම්දෙන තුරු ආරුගම්බේ ප්‍රදේශයේ සංචාරය කිරීමෙන් වළකින ලෙස ඇමෙරිකානු තානාපති කාර්යාලය නිකුත් කළ සංචාරක උපදේශනය ඉවත් කරන ලෙස විදේශ අමාත්‍යාංශය මෙරට අමෙරිකානු තානාපති කාර්යාලයෙන් ඉල්ලීමක් කර තිබේ. මෙම තත්ත්වය හමුවේ පසුගිය ඉරිදා ආරක්ෂක ලේකම් සම්පත් තුයියකොන්තා මහතාද ආරුගම්බේ ප්‍රදේශයේ සංචාරයක නිරත වූ අතර, එහිදී ඔහු සඳහන් කළේ අදාළ ප්‍රදේශයේ ආරක්ෂාව තර කර ඇති බවය.

Read More

1981 අංක 01 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 99 අ ව්‍යවස්ථාව යටතේ ජාතික ලැයිස්තු මන්ත්‍ර්‍රීන් ලෙස මෙවර පාර්ලිමේන්තුවට තෝරාපත් කරගැනීම පිණිස මැතිවරණ කොමිෂන් සභාව වෙත ඉදිරිපත්වී ඇති සුදුසුකම් ලත් තැනැත්තන් 527 කගේ නාම ලේඛනය මැතිවරණ කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත්කර ඇත.

Read More

හිටපු අමාත්‍යවරයෙකු වූ රෝහිත අබේගුණවර්ධන මහතාගේ දියණියගේ සැමියාගේ සහෝදරයෙකුට අයත් බව කියන රුපියල් කෝටි ගණනක් වටිනා වාහන දෙකක් නීති විරෝධී වාහන බවට රජයේ රස පරීක්ෂක වාර්තා ඉදිරිපත්වීමෙන් පසු එම තහනම් නියෝගය මහනුවර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය මගින් අධිකරණයට කරුණු ඉදිරිපත් කොට ලබාගෙන තිබේ.

Read More

දකුණු කොරියාවේ කෙටි කාලීන E-8 වීසා කාණ්ඩයේ රැකියා වෙනුවට ඉහළ වැටුප් හිමිවන E-9 වීසා කාණ්ඩයේ රැකියා සඳහා වැඩි වශයෙන් ශ්‍රි ලාංකිකයින් යොමුකිරීමට ඉදිරියේදී දකුණු කොරියානු රජයේ බලධාරීන් සමග සාකච්ඡා කරන බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ මහතා සඳහන් කරයි. එසේම නීත්‍යානුකූල නොවන අයුරින් E-8 වීසා කාණ්ඩයේ රැකියා ලබාදීම සඳහා විවිධ පුද්ගලයින් මුදල් රැස් කරන බවත්, එවැනි ජාවාරම්කරුවන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවද

Read More

නොවැම්බර් 14 දා පැවැත්වෙන මහ මැතිවරණයේ රාජකාරී කටයුතු සඳහා පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ද සේවයට යොදවන බැවින් එදින එම දෙපාර්තමේන්තුවේ එක්දින සේවා කටයුතු මෙන්ම සාමාන්‍ය ලෙස හැඳුනුම්පත් ලබාදීමේ කටයුතු සිදු නොවන බව දෙපාර්තමේන්තුව දන්වා සිටියි.

Read More

ශ්‍රි ලංකා ටෙස්ට් කණ්ඩායමේ දකුණු අප්‍රිකානු සංචාරය සඳහා දකුණු අප්‍රිකානු කණ්ඩායමේ හිටපු දක්ෂ පිතිකරුවෙක් වන නීල් මැකෙන්සි ව කෙටි කාලීනව ශ්‍රී ලංකා කණ්ඩායමේ උපදේශක පුහුණුකරුවෙක් ලෙස පත්කර තිබේ.

Read More

කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ අංක 1045දරන රාත්‍රි තැපැල් දුම්රියේ සහ අංක 1015 උඩරටමැණිකේ දුම්රියේ ගමන් ගත් තරුණියක සහ කොරියානු ජාතික විදේශීය සංචාරකයකු සෙල්ෆි ජායාරූප ගැනිමට යාමෙදි දුම්රියේ න් ඇද වැටී බරපතළ තුවාල ලබා අද(12) බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කල බව හපුතලේ පොලිසිය පවසයි .

Read More

වීසා බලපත් නොමැතිව ජංගම දුරකථන 436 ක් සහ පරිඝණක උපාංග රාශියක් සමග අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාර ගතකර සිටී චීන ජාතිකයින් විසි දෙදෙනකු හට පානදුර අතිරේක මහේස්ත්‍රාත් ලහිරු එන් සිල්වා මහතා විසින් රුපියල් ලක්ෂය බැගින් රුපියල් ලක්ෂ විස්සක දඩ නියම කලේය.

Read More

බිබිල නාගල පියරතන පාසලේ දරුවන් ඒක්ව පොල් විකුණා කොළඹ යැවු සංගීත කණ්ඩායමක් සමස්ථ ලංකා තෙවන ස්ථානයට පත්ව ජය ලැබු බව විදුහල්පතිනි ටී.ඒම් රුවනි චන්ද්‍රිකා ජයවර්ධන මහත්මිය පැවසීය.

Read More

විල්පත්තුව වෙඩිතලතීව් රක්ෂිත වනාන්තරයෙන් අක්කර 168 ක් ඉස්සන් ගොවිපලක් නිර්මාණය කිරීම සඳහා මුදා හැරීමට නියම කරමින් වනජීවී අමාත්‍යාංශය නිකුත් කළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම වළකාලමින් පනවා තිබු අතුරු තහනම් නියෝගය ලබන වර්ෂයේ ජූලි 29 වන්දා දක්වා දීර්ඝ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (13) නියෝග කළේය.

Read More

කළුතර දිස්ත්‍රික්කයේ සී.ඩබ්ලිව්.ඩබ්ලිව්.කන්නන්ගර මධ්‍ය විද්‍යාලයේ දෙවැනි වාර පරීක්ෂණයේදී උසස් පෙළ දරුවන්ට ලබා දුන් සාමාන්‍ය පොදු පරීක්ෂණයේ ප්‍රශ්න පත්‍රයට දේශපාලන පක්ෂයකට සම්බන්ධ ප්‍රශ්න 05ක් අන්තර්ගත වීම පිළිබඳව අමාත්‍යාංශ මට්ටමින් කඩිනම් පරීක්ෂණයක් ආරම්භ කිරීමට උපදෙස් ලබා දී තිබේ.

Read More

මහ මැතිවරණය පැවැත්වෙන කාල සීමාව තුළ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 64,000ක් පමණ යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දූව මහතා පැවසීය.

Read More

ඊශ්‍රායලය විසින් ගාසා තීරය තුළ ‘ජන සංහාරයක් ’ සිදු කරන බවට සෞදියේ ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු සඳහන් කර තිබේ.

Read More

සංචාරක නවසීලන්ත කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකාවේ දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංගට අහිමි වී තිබේ.

Read More

උතුරු දුම්රිය මාර්ගයේ මහව සිට අනුරාධපුර දක්වා දුම්රිය මාර්ගය නවීකරණය කිරිම හේතුවෙන් තාවකාලකව නවතා තිබූ කොළඹ කොටුව - තලෙයි මන්නාරම දුම්රිය ධාවනය යළි ආරම්භ කර තිබේ.

Read More

රාජගිරි​යේ මැද වැලිකඩ මාර්ගයේ නිවසක තාවකාලිකව පවත්වාගෙන ගිය ඇගලුම් කර්මාන්තශාලාවක ගින්නක් හටගෙන තිබේ.

Read More

අනතුරකින් පසුව පුද්ගල පහරදීමක් සම්බන්ධයෙන් සිදුකළ පරික්ෂණයකින් අනතුරුව යාපනය චුන්නාකම් පොලිස් ස්ථානයේ පොලිස් නිලධාරීන් සිව් දෙනෙකුගේ වැඩ තහනම් කිරීමට පියවර ගෙන ඇතැයි යාපනය පොලීසිය පැවසීය.

Read More

අධිකරණ නියෝගයකට අනුව අත්අඩංගුවට ගැනීමට රහස් පොලිසිය විමර්ශන කරමින් සිටි රුපියල් කෝටි 10 ක් පමණ වටිනා වී-8 වර්ගයේ සුඛෝපභෝගී මෝටර් රථය සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක සුජීව සේනසිංහ මහතා ඊයේ (11) සවසම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගෙනැවිත් බාරදුන් බව පොලිසස් ආරංචි මාර්ග සඳහන් කරයි.

Read More

සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් විසින් බැංකුවලින් ලබා ගත් ණය සම්බන්ධ වාර්තාවක් සකස් කිරීමට තීරණය කෙරේ

Read More

ඇතැම් ප්‍රදේශවල ලොකු ලූනු කිලෝවක හා අර්තාපල් කිලෝවක සිල්ලර මිල රුපියල් හාරසියයත් රුපියල් හාරසිය විස්සත් දක්වා ඉහළ ගොස් තිබේ. මීට අමතරව විදේශ රටවලින් ගෙන්වූ හොඳ තත්ත්වයේ ලොකු ලූනු කිලෝවක සිල්ලර මිල රුපියල් 340ත් රුපියල් 360ත් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් වර්ධනය වීමේ හැකියාවක් පවතින බවත්, එහි බලපෑමෙන් අද (12දා) දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.