saravita-anim2

2025 ජනවාරි මස 24 වන සිකුරාදා

2025 ජනවාරි මස 24 වන සිකුරාදා

Latest News - timelapse 591 hours ago

LATEST

වතු කම්කරු දෛනික වැටුප රු 1350ක් කරන්න එකඟතාව

calendar_today 2024 සැප් 10 - 19:41 remove_red_eye - 160  

වතු සේවක අවම දෛනික වැටුප රුපියල් 1,350ක් දක්වා වැඩි කිරීමට වතු හාම්පුතුන් හා රජය මෙන්ම වෘත්තීය සමිති අතර පැවැති සාකච්ඡාවේදී එකඟතාවයකට පැමිණ තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 47 (03) (a) වගන්තිය අනුව ජනපතිවරයාට පැවරී ඇති බලතල අනුව රාජ්‍ය අමාත්‍යවරු පස් දෙනෙක් වහාම ක්‍රියාත්මක වන පරිදි ධුරයෙන් ඉවත් කිරීමට ජනපතිවරයා කටයුතු කර තිබේ.

Read More

මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනපති 2024-08-12 වන දින අදාළ අමාත්‍ය මණ්ඩල සංදේශය යොමු කර තිබෙනවා.සංවේදී කරුණු ජනගත කිරීමේදී ජනතාව නොමඟ යවන්න එපා.

Read More

ශ්‍රී ලංකාවේ මූල්‍ය අංශයේ ස්ථාවරත්වය සහ ප්‍රතිසංස්කරණ වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා උප වැඩසටහන් 02ක් යටතේ ඇමෙරිකානු ඩොලර් මිලියන 400ක ප්‍රතිපත්ති පදනම් කර ගත් ණය මුදලක් ආසියානු සංවර්ධන බැංකුවෙන් ලබා ගැනීම සඳහා 2023-09-25 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත.

Read More

රජයට අයත් මිල්කෝ සමාගම යටතේ බෙදාහරිනු ලබන හයිලන්ඩ් කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුවක මිල ලබන සතියේ සිට රුපියල් 75කින් ද කිලෝග්‍රෑම් 01ක මිල රුපියල් 190කින් ද අඩු කිරීමට තීරණය කළ බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

Read More

වියට්නාමයේ පාලමක් කඩා වැටීමෙන් ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයන් සංඛ්‍යාව 60ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

ඉංජිනේරුවන් දෙදෙනෙකු ගමන් ගත් කැබ් රථයක් අද(10දා) පෙරවරුවේ අධිවේගී මාර්ගයේ කිලෝ මිටර් 0 දශම 5 කොට්ටාව ප්‍රදේශයේදී හදිසියේ ගිනි ගැනීමට ලක්වීමෙන් කැබ් රථයට බරපතල අලාභ සිදුවි ඇතැයි අධිවේගී මාර්ග අතුරුගිරිය අනුපාලක මධ්‍යස්ථානය කියයි.

Read More

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ විරෝධතාවක් හේතුවෙන් කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට උණුස්ම් තත්ත්වයක් හට ගැනිණි.

Read More

මහපොළ හා ශිෂ්‍යාධාර වාරික 2015 වර්ෂයේ සිට මේ දක්වා වැඩි කර නොමැති බැවින්, එම වාරික මුදල් සංශෝධනය කිරීම සඳහා අමාත්‍යවරුන් දෙදෙනෙකු විසින් ඉදිරිපත් කල යෝජනාව සඳහා විශ්ව විද්‍යාල සිසුන් සඳහා 2025 අප්‍රේල් මාසයේ සිට ඉහල නැංවීමට අනුමැතිය ලැබී ඇත.

Read More

බදුල්ල මහියංගණ ප්‍රධාන මාර්ගයේ දුන්හිඳ තිබිරිගස්පිටිය ප්‍රදේශයේ දී අද (10) පෙරවරුවේ බැකෝයන්ත්‍රයක් පටවා ගෙන යමින් තිබූ යුදහමුදා ට්‍රක්රථයක් මාර්ගයේ ගමන් කරමින් තිබූ ත්‍රීරෝද රථය ක සහ යතුරුපැදියක ගැටීමෙන් ත්‍රීරෝද රථ රියදුරු මියගොස් යුදහමුදා සෙබළකු සමග තවත් පුද්ගලයකු තුවාල ලබා බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව බදුල්ල පොලිසිය පවසයි.

Read More

අවුරුදු 3 මාස 1 පමණ වයසති සිගිති දරුකු ට බරපතල ලංගික අතවරකල ⁣ලංකාපුර ප්‍රදේශයේ පුද්ගලයකු පුලස්තිගම පොලිසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ⁣ පොලොන්නරුව අංක 1 මහේස්ත්‍රාත් යු.ඒ.එස් කේ වික්‍රමරත්න මහතා හමුවට ඉදිරිපත්කල පසු මෙම මස 20 දින දක්වා රක්ෂිත භන්ධනාගාර කරන ලදී .

Read More

ගාල් කර තිබු ත්‍රිරෝද රථයක පිටුපස පොහොර උරය දමා තිබු බිළිදු මල සිරුරක් තිබි හමු වු බව ආගරපතන පොලිසියේ නිලධාරියෙකු පැවසිය.

Read More

කොළඹ අද (10දා) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කර සිටියේය.

Read More

මෙවර ජනාධිපතිවරණය සඳහා මෙතෙක් භාවිතා කළ ලී පෙට්ටි වෙනුවට විශේෂිත කාඩ්බෝඩ් පෙට්ටියක් හඳුන්වා දී ඇතැයි ත්‍රිකුණාමලය තේරීම් භාර නිලධාරි හා දිසාපති චාමින්ද හෙට්ටිආරච්චි මහතා පැවසීය .

Read More

මනාල යුවලක් ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාව තුළ ඡායාරූප කරණයේ නිරත වීමේ සිද්ධිය සම්බන්ධයෙන් දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසින් පොලිසියට සිදු කරන පැමිණිල්ලකට අනුව පොලිස් විමර්ශන ආරම්භ වී තිබේ .

Read More

2025දී ක්‍රියාත්මක වීමට නියමිත රාජ්‍ය සේවක වැටුප් වැඩිවිම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබි නොමැති බවට පළවන වාර්තා අසත්‍ය බව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පැවැසිය.

Read More

මෙරට පළමු වරට සම්බා වී කිලෝවක මිල රුපියල් 130ක ආසන්නයට පැමිණ ඇති බවත් ඒ අනුව ගොවීන්ගේ වී අස්වනු සඳහා ඉහළ මිලක් මෙවර යල කන්නයේ දී ලැබී ඇති බවත් වී අලෙවි මණ්ඩලයේ සභාපති,නීතීඥ බුද්ධික ඉද්දමල්ගොඩ මහතා ප්‍රකාශ කළේය.

Read More

පුද්ගලික බස් රථ, ත්‍රිරෝද රථ ඇතුළු සියලුම පුද්ගලික වාහනවල අලවා තිබෙන ජනාධිපතිවරණයට අදාළ ජයාරූප හා ස්ටිකර ගලවා ඉවත් කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව විසින් පොලීසියට දැනුම් දී තිබේ.

Read More

ජනාධිපතිවරණයට ඉදිරිපත් වි සිටින අපේක්ෂකයන් විසින් මේ වන විට ඉදිරිපත් කර තිබෙන ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළ මද්‍යසාර, දුම්කොළ, දුම්වැටි සහ අනෙකුත් මත්ද්‍රව්‍ය පාලනය අදාලව විශේෂ සැලකිල්ලක් දක්වා නොමැති බවද මද්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය (ADIC ආයතනය) සදහන් කරයි.

Read More

දේශිය බිත්තරයක තොග මිල රුපියල් විසි අටක් (28) දක්වා පහත වැටි තිබියදි බිත්තර මිල වැඩි බව පවසමින් බිත්තර මිලියන නවයක් (09) රටින් ගෙන්විමට සැලසුම් කරමින් තිබෙන බව සමස්ත ලංකා කුඩා කර්මාන්ත කරුවන්ගේ සංගමය සදහන් කරයි.

Read More

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවට ජාතික ජන බල වේගය පක්ෂයේ අපේක්ෂක, අපේක්ෂිකාවන් නාම යෝජනා අත්සන් කිරීම ඊයේ(9දා) උදේ ඇල්පිටිය බීස් හෝටලයේදී සිදු කෙරිණ.

Read More

කිසියම් අවස්ථාවක පාර්ලිමේන්තුවන් පත් කරන අනුප්‍රාප්තික ජනාධිපති වරයකුගේ කාලය මාස හයක හෝ උපරිම වශයෙන් වසරක කාලයකට සිමා විය යුතු බවත්, ඒ සඳහා ව්‍යවස්ථාව සංශෝධනය කළ යුතු බවත් හිටපු මැතිවරණ කොමසාරිස් හා මැතිවරණ කොමිසම් සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා ගාල්ලේ දී පැවසීය.

Read More

ඔස්ට්‍රේලියාවේ පදිංචියට යාම සඳහා වීසා ඇතුළු අවශ්‍ය කටයුතු සිදුකර දෙන බවට පොරොන්දුවී ලක්‍ෂ තිහක මුදලක් වංචා කළ බවට පෝරුතොට පදිංචි සහාබ්දින් පාතුම්මා සබ්‍රාන් නමැතියක විසින් සිදුකරන ලද පැමිණිල්ලක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කරගැනීමට නියමිතව සිටි රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා අද ( 09) දින මිගමුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට පැමිණ ප්‍රකාශයක් ලබාදුන් බව පොලීසිය පවසයි.

Read More

මුදල් වියදම් කරමින් එක්තරා කණ්ඩායමක් කටයුතු කිරීම ගුවන් බලපත්‍ර නිකුත් කිරීමේදී පෝලිම් ඇති වීමට ප්‍රධාන වශයෙන් බලපෑ බවත්,එය මේ වන විට යථාතත්ත්වය පත් කර ඇති බවත් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පැවසීය.

Read More

කොච්චිකඩේ දුම්රිය ස්ථානාධිපතිවරයා සහ දුම්රිය සහායකවරයෙකු අයිස් මත්ද්‍රව්‍ය තොගයක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටියදී අත්අඩංගුවට ගත් බව මට්ටක්කුලිය පොලීසිය කියයි.

Read More

2024.09.21 දින පැවැත්වෙන ජනාධිපතිවරණය සඳහා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිගේ අංක EC/ADM/PRE/2024 සහිත 2024.09.09 දිනැති ලිපිය මගින් ඉල්ලා ඇති පරිදි දිවයිනේ සියලුම පාසල් 2024.09.20 දින වසා තැබෙන අතර 2024.09.23 දින පාසල් නැවත ආරම්භ කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය කියයි.

Read More

රනිල් වික්‍රමසිංහ යොමු කරන ප්‍රශ්න සඳහා පිළිතුරු දීමට ප්‍රසිද්ධ විවාදයකට පැමිණෙන ලෙස අභියෝග කරන බව අනුර කුමාර දිසානායක මහතා පැවසීය. රනිල් වික්‍රමසිංහගෙන් එහිදී ප්‍රශ්න කිරීමට බලාපොරොත්තු වන බව ද, ඊට පෙර තමන් ඔහුගෙන් සරල ප්‍රශ්න කිහිපයක් අසන බව ද ඔහු කීවේය.ආනමඩුව නගරයේ ඊයේ (08දා) පැවති ජන රැලියකදී අනුර කුමාර දිසානායක මහතා මේ බව පැවසීය. ඔහු මෙසේද පැවසීය.

Read More

කටුකුරුන්දේදී පුද්ගලයෙකුට ටී 56 ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කිරිමේ සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය සැකකරුවන් සිව් දෙනෙකුගේ තොරතුරු පොලීසිය විසින් මහජනතාවට ප්‍රසිද්ධ කර තිබේ.

Read More

වසර 10කට පසුව එංගලන්තයේදී එංගලන්තය පරදවමින් ටෙස්ට් ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත්විය. ඒ එංගලන්තය සමගින් පවැත්වූ තෙවැනි ටෙස්ට් තරගය කඩුලු 8කින් ජය ගනිමිනි.

Read More

සත්කාරක එංගලන්ත කණ්ඩායම සමගින් පැවැත්වෙන තෙවැනි හා අවසන් තරගයේ ජයග්‍රහණය පෙනී පෙනී සිටින ශ්‍රී ලංකාව වෙනුවෙන් අනගි ඉනිමක් ක්‍රීඩා කරමින් සිටින ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක සිය ටෙස්ට් දිවියේ දෙවැනි ශතකය මීට සුළු මොහොතකට පෙර ලබා ගත්තේය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.