අද (31දා) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබේ.ඦ
අප්‍රේල් මාසය සඳහා ලාෆ්ස් ගෑස් මිල සංශෝධනය කිරීමට එම සමාගම තීරණය කර තිබේ.
Read Moreඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 12 වැනි තරගය මේ වන විට ආරම්භ වී තිබේ.
Read Moreමෙම වසරේ සහල් පිටරටින් ගෙන්වන්නේ නැති බවට ඉලක්කයක් නිර්මාණය කළද සහල් ආනයනය කිරීමට සිදු වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
Read Moreප්‍රකාශයක් ලබා දීමෙන් පසු හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු පරිශ්‍රායන් පිටව ගොස් තිබේ.
Read Moreමියන්මාර භූකම්පනයෙන් අවතැන් වූ පිරිස් සඳහා ප්‍රතිකාර කිරීමට මෙරට හමුදාවේ වෛද්‍ය බලකායේ සිටින වෛද්‍යවරුන් අතුළු කණ්ඩායමක් වහාම මියන්මාරයට යැවිය යුතු බවට තමා යෝජනා කරන බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
Read Moreඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තවත් තරගයක් අද (31දා) පැවැත් වේ.
Read Moreඅධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට පුත්තලම මහාධිකරණය විසින් රක්ෂිත බන්ධනාගාර ගත කල නීතීඥවරියව වහා නිදහස් කරන ලෙස අභියාචනාධිකරණය නියෝග කර තිබේ.
Read Moreනීත්‍යානුකූල නොවන ආකාරයෙන් උපයාගෙන ඇති වත්කම් පවරා ගැනීමේ පනත් කෙටුම්පත එළැඹෙන 08 වැනිදා පාර්ලිමේන්තුවේදී සම්මත කර ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීව.
Read Moreබද්දේගම වෙළඳ හා කර්මාන්ත හිමියන්ගේ සංගමය මගින් නගරය හා ප්‍රධාන මාර්ග ඉලක්ක කර සවිකරන ලද ආරක්ෂිත කැමරා පද්ධතිය ඉකුත් 30 දා මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණි.
Read Moreකන්තලේ සීනි කම්මල සතු උක් අක්කර 21333 යි රූඩ් දෙකයි පර්චස් තිහක භූමියෙන් අක්කර 11000 ක් කෙටි කාලීන බෝග වගාව සඳහා නිදහස් කිරීමේදී බලහත්කාරයෙන් ඉඩම් අත්පත් කරගෙන සිටී පිරිසක් ඉවත් කිරීමට ත්‍රිකුණාමලය දිසාපති ඩබ්.ජී.මහේෂ් හේමන්ත කුමාර මහතා පොලිසියට පොලිස් විශේෂ කාර්ය බළකායට හා ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දුන්හ.
Read Moreආසියාවේ සහ ශ්‍රී ලංකාවේ විශාලතම වකුගඩු රෝහල ලෙස සැලකෙන පොළොන්නරුව වකුගඩු රෝහලට ප්‍රමාණවත් පරිදි වෛද්‍යවරුන් මෙන්ම සේවකයින් නොමැතිකමින් ශ්‍රි ලංකාවේ විවිධ ප්‍රදේශවලින් ප්‍රතිකාර ගැනීමට පැමිණෙන වකුගඩු රෝගීන් දැඩි අසීරුතාවයට පත්ව සිටිති.
Read Moreමියන්මාරයට බලපෑ භූකම්පනයෙන් ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයන් සංඛ්‍යාව 1,700 ඉක්මවා ගොස් තිබේ.
Read Moreකොළඹ සිට බදුල්ල දක්වා දිවෙන උඩරට මැණිකේ දුම්රියේ ප්‍රවේශපත්‍ර අන්තර්ජාලය ඔස්සේ ලබාගෙන විදේශිකයන්ට අධික මිල ගණන්වලට අලෙවි කිරීමේ ජාවාරමක් කලක් තිස්සේ පවත්වාගෙන ගිය පුද්ගලයෙකු දුම්රිය ආරක්ෂක අංශ නිලධාරීන් විසින් අල්ලා මහනුවර සංචාරක පොලීසියට බාරදී තිබේ.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ලෙස ශම්මි සිල්වා මහතා තේරී පත්ව තිබේ.
Read Moreමොනරාගල දිස්ත්‍රික්කයේ මහ කන්නයේ වී අස්වැන්නෙන් වී ඇටයක්වත් වී අලෙවි මණ්ඩලයට ලැබී නැතැයි එම මණ්ඩලයේ දකුණු පළාත් ප්‍රාදේශීය කළමනාකරු ඉන්දික උපේන්ද්‍ර මහතා පැවසීය.
Read Moreගනේමුල්ල සංජීව නමැත්තාට වෙඩි තැබූ වෙඩික්කරුට ආධාර අනුබල ලබාදුන් කාන්තාව අත් අඩංගුවට ගැනීම සඳහා පෙබරවාරි 19 වැනි දින සිට දින 41ක් තිස්සේ පොලීසිය ඇය සොයමින් සිටියි.
Read Moreපේරාදෙණිය පොලිස් වසමේ ඒදඬුවාව ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයක් පෙරලීීයාමෙන් එම ත්‍රිරෝද රථයේ ගමන් කළ දෙදෙනකු මිය ගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව පේරාදෙණිය පොලිසිය කියයි.
Read Moreඉන්දිය ප්‍රිමියර් ලිග තරගාවලිය යටතේ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම හා චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම අතර පැවැති තරගයෙන් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම ලකුණු 6ක තියුණු ජයක් ලැබිය.
Read Moreකිරිපිටි මිල ඉහළ යාමට සාපෙක්ෂව අද(31දා) මධ්‍යම රාත්‍රි 12.00 සිට කිරි තේ එකක මිල රුපියල් දහයකින් හා කිරි ආශ්‍රිතව සකස් කරන ජූස් වර්ග හා චිස් කොත්තුවක මිල රුපියල් දහයකින් ඉහළ දමන බව ව්‍යාපාරික සංගම් සඳහන් කරති.
Read Moreශ්‍රී ලංකාව තුළ HIV ව්‍යාප්තිය ඉහළ යමින් පවතින හෙයින් කඩිනමින් පරීක්‍ෂණ වෙත යොමු වන ලෙස ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහන ජනතාවගෙන් ඉල්ලා සිටී.
Read Moreවංචා දූෂණ ගැන පමණක් නොවෙයි. අපරාධ පිළිබඳ පවා, පාස්කු ප්‍රහාරය පිළිබඳ පවා පරීක්ෂණ ඉතා විධිමත්ව දියත්වෙමින් තිබෙනවා. මේ අප්‍රේල් මාසයේ 21 වැනිදාට නැවත පාස්කු ප්‍රහාරයේ දිනය සිහිපත් වෙනවා. අපි බොහෝ දුරට අපේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව උත්සහ දරමින් තිබෙනවා අප්‍රේල් මාසයේ 21 වැනිදාට පෙර එයට වගකිව යුතු, සැලකිය යුතු කණ්ඩායමක් හෙළිදරව් කරන්න. මේ වන විටත් ඔබතුමන්ලා දන්නවා හිටපු ඇමතිවරු 03ක් රිමාන්ඩ් භාරයේ ඉන්නවා. හිටපු එක ඇමති කෙනෙක් හැංගිලා ඉන්නවා.
Read Moreක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ නාගරික වනාන්තර ඇති කිරීමේ ව්‍යාපෘතියේ පළමු අදියර අද (30) පෙරවරුවේ පෑලියගොඩ, කැලණි පාලම අසලදී ආරම්භ විය.
Read Moreපුනරුත්ථාපනය සඳහා මිනුවන්ගොඩ වෑගොව්ව ප්‍රදේශයේ පුනරුත්ථාපන මධ්‍යස්ථානයකට යොමු කළ පුද්ගලයෙකුගේ පාදවලට දම්වැල් දමා දෑත්වලට අත් මාංචු දමා හිමිකරු ඇතුළු පිරිසක් පොලු මුගුරුවලින් පහර දීමෙන් පුනරුත්ථාපනය වෙමින් සිටි පුද්ගලයෙකු රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇතැයි මිනුවන්ගොඩ පොලීසිය කියයි.
Read Moreඅයිස් මත් ද්‍රව්‍ය ලග තබාගෙන පානය කරමින් සිටි වලස්මුල්ල මූලික රෝහලේ වෛද්‍යවරයෙක් හා හා ඔහුගේ මිතුරෙකු ඊයේ (29) මාතර දීයගහ ප්‍රදේශයේ කඩ කාමරයක් තුලදී සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත්අඩංගුවට ගත් බව මාතර කොට්ඨාස දූෂණ මර්ධන ඒකකය පවසයි.
Read Moreශ්‍රී ලංකා ආර්ථිකයේ කොඳු නාරටිය කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් බැවින් ඔවුන්ට ලබා දෙන බැංකු ණය සමස්ත ණය ප්‍රමාණයෙන් 40%ක් දක්වා ඉහළට ගෙන ඒමට අදහස් කර තිබෙන බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති පවසයි.
Read Moreකොළඹ පිහිටි සුපිරි වෙළෙඳ ම්‍යධ්‍යස්ථානයක සේවයකළ වයස අවුරුදු 22ක්වූ තරුණයකු ඉකුත් 22වනදා අත්අඩංගුවට ගැනීමට අදාළව සමාජ මාධ්‍ය අත්අඩංගුවට ගැනීම ගැන පොලීසිය පැහැදිලි කිරීමක් කර තිබේ.
Read Moreදෙවිනුවර දේවාලය ඉදිරිපිටදී වෙඩි තබා ඝාතනය කල පසිදු තාරක තරුණයාගේ දේහය දෙවිනුවර නගරයට හෝ මහජනතාව රැස්වන ස්ථානයට රැගෙන නොයන ලෙසත් එම දේහය නිවසේ සිට සුසාන භූමිය දක්වා සාමකාමීව රැගෙන ගොස් මිහිදන් කරන ලෙසත් මාතර වැඩබලන මහේස්ත්‍රාත් හා නීතිඥ උපාලි රණසිංහ මහතා අද (30) එම තරුණයාගේ පියා ඇතුළු පවුලේ සාමාජිකයින් වෙත නියෝගයක් නිකුත් කළේය.
Read Moreපළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමේ කටයුතු අප්‍රේල් මස 16 වන දින ආරම්භ කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
Read Moreආණ්ඩුව මගින් අධ්‍යාපන පාසල් ප්‍රතිව්‍යුහගත ව්‍යාපෘතිය යටතේ සිසුන් අඩු ප්‍රාථමික පාසල් එක්දහස් පන්සිය පනස් හතක් වසා දැමීමට හඳුනා ගෙන ඇතැයිද එමගින් දැනට සියයට තුනක් පමණ තිබෙන ප්‍රාථමික අධ්‍යාපනය හැදෑරීම අත්හරින දරුවන්ගේ සංඛ්‍යාව තව දුරටත් ඉහළ යෑමේ අවදානමක පවතින බව ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා චෝදනා කරයි.
Read More