saravita-anim2

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා

Latest News - timelapse 630 hours ago

LATEST

තවත් සැක ජීප් රියක් මැණික්හින්නෙන් අල්ලයි

calendar_today 2024 නොවැ 28 - 17:54 remove_red_eye - 593  

මැණික්හින්න පොලිස් වසමේ දේවාල පාරේ ගරාජයක තිබූ සැකකටයුතු කළු පැහැති ඩිෆෙන්ඩර් රථයක්අ පරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ මහනුවර ශාඛාවේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මිට ඉහතදී ටෙස්ට් තරගවලදී ශ්‍රී ලංකා කණ්ඩායමක් ඉනිමකදී වාර්තා කළ අඩුම ලකුණු සංඛ්‍යාවට හිමිකම් කීවේ 1994 වසරේදී පාකිස්තානයට එරෙහිව නුවරදී පැවැති තරගයකදී ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 71ට දැවී යාමයි. ශ්‍රී ලංකාව දැවී ගිය මෙම ලකුණු සංඛ්‍යාව ටෙස්ට් ඉතිහාසය තුළ කණ්ඩායමක් දැවී ගිය 12 වැනි අඩුම ලකුණු සංඛ්‍යාව ලෙසද වාර්තා අතරට එක්වෙයි.

Read More

රජරට පළාතට මේ දින වල පවතින වැසි සහිත කාල ගුණ තත්ත්වයත් සමග සේනා දළඹු උවදුර උස්සන්න වීමේ අවදානමක් ඇති බව උතුරු මැද පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂ ආචාර්ය බුද්ධික අබේසිංහ මහතා ප්‍රකාශ කරයි.

Read More

කහල්ල පල්ලේ කැලේ අභය භූමියේ සහ කලා වැව් රක්ෂිතයේ සැරි සරූ දළ යුගලයකින් හෙබි දීඝ දන්තු 1 ඇතා විදුලි සැර වැදීමකින් අද ( 28දා) ජීවිතක්ෂයට පත්ව සිටියදී සොයා ගත් බව ගල්කිරියාගම පොලිසිය පවසයි.

Read More

වයස අවුරුදු 104ක පුද්ගලයෙකුගේ ඇස් වලට කාච දැමීමේ සැත්කමක් පසුගියදා ගාල්ල පෞද්ගලික රෝහලකදී සාර්ථකව සිදුකෙරිණ. සැත්කම සිදුකළ විශේඥ අක්ෂි ශල්‍ය වෛද්‍ය ලලිතා සෙනරත් මහත්මිය පවසන්නේ, මෙය ඇය විසින් සිදුකරන ලද වයස්ගතම පුද්ගල ශල්‍යකර්මය බවයි.

Read More

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකා අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය සඳහා වන තරගය මේ වන විට පැවැත්වේ.

Read More

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව තුළ වාහන අංක තහඩු නිකුත් කිරීමට අදාළ ගැටලුකාරී තත්ත්වය අවසන් කර නැවත නිකුත් කිරීම ආරම්භ කර ඇති බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ මහතා පවසයි.

Read More

ඇදුම රෝගය සඳහා නව ප්‍රතිකාරයක් ලන්ඩනයේ පර්යේෂණ කණ්ඩායමක් විසින් සොයාගෙන තිබේ.

Read More

ඉරාන ජාතිකයින් 07 දෙනෙකුට කොළඹ මහාධිකරණය විසින් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කර තිබේ.

Read More

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකා කණ්ඩායම අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය සඳහා වන තරගය අද (28දා) පැවැත්වීමට නියමිතව තිබේ.

Read More

මෙරට තුළ එච්.අයි.වී. ආසාදනය පිරිමින් අතර ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බවත්, ඒ අනුව 2023 වසරේ 694ක් ලෙස වාර්තා වූ නව ආසාදිතයන්ගෙන් 88%ක් පිරිමි පුද්ගලයන් වන බවත් ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහන අවධාරණය කරයි.

Read More

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ මෙහෙයුම් සඳහා ණය හිමියන්ගේ ඉහළ සහභාගීත්වයේ දැඩි අවශ්‍යතාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) අවධාරණය කර ඇති අතර, එය රටේ අපේක්ෂිත ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනේ සාර්ථකත්වය සඳහා අත්‍යවශ්‍ය පියවරක් වන බව ද අවධාරණය කර තිබේ.

Read More

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නව අමාත්‍යාංශ ලේකම්වරු දෙදෙනෙක් පත් කරනු ලැබ තිබේ.

Read More

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් අ.පො.ස උසස්​ පෙළ විභාගය තවත් දින 03ක් නොපැවැත්වීමට තීරණය කළ බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසීය.

Read More

දිවයිනේ සියලු පරිපාලන දිස්ත්‍රික්කවල මහජන සාමය පවත්වාගෙන යාම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සන්නද්ධ හමුදා කැඳවීමේ නියෝගයක් නිකුත් කර ඇත.

Read More

කාර්තිවු පොලිස් වසමේදි නින්දවූර් සිට සමන්තුරය දක්වා ධාවනය වූ ට්‍රැක්ටර් රථයක් පෙරළීමෙන් අතුරුදන්ව සිටි සිසුන් සිව් දෙනෙකුගේ සිරුරු මේ වන විට සොයාගෙන ඇතැයි පොලීසිය කියයි.

Read More

ඇතැම් පළාත් සභා රෝහල්වල සේවය කරන පරිපූරක වෛද්‍ය වෘත්තිකයන් සේවයට පැමිණීම හා පිටවීම සලකුණු කිරීම ඇඟිලි සලකුණු යන්ත්‍ර හරහා සිදුකිරීමට තීරණය කර තිබෙන බව පරිපූරක වෛද්‍ය වෘත්තීන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලය සඳහන් කරයි.

Read More

අයහපත් කාලගුණය හමුවේ යාන් ඔය මෝය ආසන්නයේ ඔරුවකින් ගොස් මසුන් ඇල්ලීමේ යෙදුණු පිය පුතු දෙපළක් ඊයේ (27දා) සැඩ පහරට හසු වී ඔරුව පෙරළීමෙන් පියා අතුරුදහන් වී ඇති අතර පුතා බේරී ගොඩට පීනා ඇතැයි පුල්මුඩේ පොලිසිය කියයි .

Read More

වසර 10ක කාලය තුළදී දුම්වැටි අලෙවිය50%ට ආසන්න අගයකින් පහත බැස තිබෙන බවට සංඛ්‍යාලේඛන මගින් පෙන්නුම් කරන බව මද්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය (ADIC ආයතනය) සඳහන් කරයි.

Read More

මිනුවන්ගොඩ රුපියල් කෝටි 7- 1/2 මංකොල්ලයේ ප්‍රධාන සැකකරුවන් දෙදෙනා මිනුවන්ගොඩ ප්‍රදේශයේ පාළු නිවසක සැඟව සිටියදී අත්අඩංගුවට ගත් බව ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි.

Read More

අල්ලස් දූෂණවලින් තොර නව රජයේ වැඩපිළිවෙළ ආයෝජකයින් ආකර්ෂණය කරන බව ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් පෝල් ස්ටීවන්ස් (Paul Stephens) මහතා ප්‍රකාශ කළේය.

Read More

රුපියල් බිලියන 330ක භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමෙන් ලැබෙන මුදල් නිකුත් කරනු ලබන්නේ කුමකටද යන්න ආණ්ඩුව ප්‍රකාශ කළ යුතු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා පැවසීය.

Read More

කඳුකර ප්‍රදේශයට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාවත් සමඟ මෙරට පංච මහා ජලාශයන්ගෙන් ප්‍රධානතම ජලාශය වන වික්ටෝරියා ජලාශය වාන්දැමීම ආරම්භ කළ බව එම ජලාශයේ කාර්යභාර ඉංජිනේරු වසන්ත ඇහැළපිටිය මහතා පවසයි.

Read More

පවතින අයහපත් කාලගුණය සැලකිල්ලට ගෙන නැගෙනහිර පළාතේ මුස්ලිම් පාසල් සඳහා අද (28) හා හෙට (29) නිවාඩු ලබා දුන් බව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය කියයි.

Read More

වර්ෂාවත් සමඟ පස්කදු ගල්පර්වත ගස්කොළන් උඩරට දුම්රිය මාර්ගයට කඩා වැටී තිබිම නිසාවෙන් කොළඹ කොටුව බදුල්ල අතර උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය වෙනස් කම් කීපයක් සිදු කරමින් ධාවනය වන බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය අද (27) පැවසීය.

Read More

ගංවතුරෙන් පීඩාවට පත් ජනතාවට සහන සේවා සැපයීම සඳහා අවශ්‍ය තරම් මුදල් වෙන් කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා බලධාරීන්ට දැනුම් දුන්නේය.

Read More

අවධමනය දීර්ඝ කාලීනව රටක පවතිනවානම් එය අහිතකර තත්ත්වයක් බවත් ශ්‍රී ලංකාව වැනි උද්ධමනය ඉහළ ගිය රටක අවධමනයක් ඇතිවූවිට එයින් ආර්ථිකයට බලපෑමක් නොවන බවත් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවැසීය.

Read More

අභියාචනාධිකරණයේ පුරප්පාඩුව පැවැති විනිසුරු ධූර සඳහා පසුගිය පාලන සමයේදී විනිසුරුවරු පත් නොකිරීම තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සමක වගඋත්තරකරුවකු ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නම් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (27) අවසර දුන්නේය.

Read More

පොළොන්නරු දිස්ත්‍රික්කයට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාවත් හේතුවෙන් පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ ජල මට්ටම 27 වෙනිදා සවස වන විට සීග්‍රයෙන් ඉහළ ගොස් තිබේ.

Read More

ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ විවාදය දෙසැම්බර් 3 සහ 4 අතුරු සම්මත ගිණුමට අදාළ යෝජනා සම්මතය දෙසැම්බර් 5 පාර්ලිමේන්තුවට

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.