රුපියල් කෝටි 17 ක රූපවාහිනී වෙළඳ දැන්වීම වසර 05 ක් ගියත් විකාශය කර නෑ කෝටි 04 ක තවත් නිර්මාණ 31 ක් හමස් පෙට්ටියට කෝටි 17 ක වැයෙන් හැදූ වෙබ් අඩවිය ඵලදායි නෑ කෝටි 11 ක මාධ්‍ය සැලසුම් අවුරුදු 05 ක්ම ගල්වෙලා
පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්ව සිටි අපේක්ෂකයන් 8,888ක ප්‍රමාණයෙන් පෙරේදා (03දා) සවස 3.00 වන විට ආදායම් වියදම් වාර්තා භාර දී තිබෙන්නේ අපේක්ෂකයන් 2,042ක ප්‍රමාණයක් බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.
Read Moreරජයේ Clean Sri Lanka වැඩසටහනට ලෝක බැංකුවේ සහාය ලබා දෙන බව ලෝක බැංකුවේ විධායක අධ්‍යක්ෂ පරමේෂ්වරන් අයියර් (Parameswaran Iyer) මහතා පැවසීය.
Read Moreආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් ඉකුත් වසර 13ක කාල සීමාව තුළදී 2011 ජනවාරි මස සිට 2023 දෙසැම්බර් 31 දක්වා කාලසීමාව තුළ ආපදා අවම කිරීමේ ව්‍යාපෘති සඳහා රුපියල් තුන්සිය විසි හතර කෝටි හැත්තෑ හත් ලක්ෂ හැට එක් දහස් පන්සිය පනස් නවයක වියදමක් දරා ඇතත් (3,247,761,559)එම ව්‍යාපෘතිවලින් ලබා ගෙන ඇත්තේ ඉතාමත් ස්වල්ප ප්‍රතිඵලයක් බවත් ජාතික විගණන කාර්යාලය මගින් 2/12 දින නිකුත් කොට ඇති නවතම විගණන වාර්තාවකින් අනාවරණය වෙයි.
Read Moreඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සහ සමාගම විසින් ගෙවිය යුතු හිඟ සුරාබද්ද හා ඊට අදාළව 3% මාසිකව ගෙවිය යුතු අධිභාර නොගෙවීම නිසා මත්පැන් නිෂ්පාදන බලපත්‍රය අද (05දා) සිට අත්හිටුවන බව සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreබන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් ඉකුත් වර්ෂයේ දෙසැම්බර් මාසයේ දින 31ක් තුළ වැලිකඩ බන්ධනාගාරයේ සිරකරුවන් අවස්ථා 233 කදි බන්ධනාගාර නිලධාරින්ගේ නිවාස පරිශ්‍රයන් තුළ සේවයේ යොදවා තිබු අතර මේ සදහා බන්ධනාගාර නියාමක නිලධාරින්ගේ මිනිස් දින 234ක කාලයක් වැයකොට ඇති බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති වාර්තාවක සදහන් වේ
Read Moreහිඟ සුරා බදු මුදල් නොවැම්බර් මස 30 වනදාට පෙර ගෙවා අවසන් නොකරන්නේ නම් තම සමාගම වෙත නිකුත් කර තිබෙන මත්පැන් නිෂ්පාදන බලපත්‍ර අත් හිටුවීමට පියවර ගන්නා බව දැනුම් දෙමින් සුරා බදු දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙන ලිපිය බල රහිත කිරීමේ නියෝගයක් ලබාදෙන ලෙස ඉල්ලා ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගම විසින් ගොනු කළ පෙත්සම විභාගයට ගැනීම අභියාචනාධිකරණය ප්‍රතික්ෂේප කළේය.
Read Moreබීමතින් මෝටර් රථයක් පැදවීමේ චෝදනාවට අධිකරණය මගහැර විවෘත වරෙන්තු ලැබ සිටි ගුවන් හමුදා බළගණ නායක නිලධාරියෙකු අත්අඩංගුවට ගත් බව නාරාහේන්පිට පොලීසිය පවසයි.
Read Moreපොහොර සහනාධාරය ඵලදායී ලෙස ජාතික නිෂ්පාදනය සඳහා එකතු කිරීම අරමුණු කර ගනිමින් QR කේත ක්‍රමයක් හඳුන්වා දීමට රජයේ අවධානය යොමු කර තිබේ.
Read Moreහිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලන අල්ලස් ලෙස 2024 ජනවාරි 01වැනිදා සිට ඔක්තෝම්බර් 06 වැනිදා දක්වා සුරාබදු බලපත්‍ර 361ක් ලබා දී ඇති අතර, ඒ අතර එෆ්.එල්.4 (වයින් ස්ටෝස්) බලපත්‍ර 172ක් ද පවතින බව සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
Read Moreගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය මගින් ලබා දුන් නියෝගයක් ,ප්‍රවෘත්ති සාකච්ඡාවකදී විවේචනය කිරීම මගින් සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අධිකරණයට අපහාස සිදුකර ඇති බැවින් ඒ සම්බන්ධයෙන් විභාගයක් පවත්වා සුදුසු දඬුවම් නියම කරන ලෙස ඉල්ලා ගොනු කල පෙත්සමක විභාගය අවසන් අභියාචනාධිකරණය අදාල චෝදනා වලින් ඇයව නිදහස් කිරීමට තීරණය කළේය.
Read Moreජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පසුගිය නොවැම්බර් 21 වැනිදා පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කළ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අදාළ යෝජනාව අද (04) පාර්ලිමේන්තුවේදී ඡන්ද විමසීමකින් තොරව ඒකමතිකව සම්මත විය.
Read Moreපාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය ඊයේ (03) පළමු වරට අග්‍රාමාත්‍ය ,ආචාර්ය හරිනි අමරසුරියගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පැවැත්විණි. මේ අවස්ථාව සඳහා නියෝජ්‍ය කාරක සභා සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී හේමාලි වීරසේකර සහ පාර්ලිමේන්තුවේ මහලේකම් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ ලේකම් කුෂානි රෝහණදීර යන මහත්මීන්ද එක්ව සිටියහ.
Read Moreවව්නියාව කුඩාකච්චකොඩිය ප්‍රදේශයේ පිහිටි කුඹුරක මඩේ එරීම හේතුවෙන් දැඩි සෙයින් දුර්වලව සිටි ඇතින්න සතියකට පසුව අද (04) දින මිය ගොස් ඇතැයි වව්නියාව වනජීවි නිලධාරී කර්යාලය පැවසීය.
Read Moreමෙරට සෞඛ්‍ය සේවාව තුල ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුලු අන්තර්ජාතික සංවිධාන දැනට මෙන්ම ඉදිරියට ද ක්‍රියාත්මක කරනු ලබන ව්‍යාපෘතීන් නිසි ඇගයීමට ලක්කර පුළුල් පහසුකම් සපයමින් නවීන තාක්ෂණයද භාවිතා කර මනා කළමණාකරණයක් තුලින් වඩා ඵලදායි ප්‍රතිඵල අත්කර ගැනීමට හැකි සැළැස්මක් සකස් කිරීමට පියවර ගනිමින් සිටින බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
Read Moreරට තුළ පවතින පොල් මිල අර්බුදයට විසඳුමක් ලෙස ඉදිරි සති 2ක ඇතුළත සතොස හරහා පොල් ගෙඩි මිලියනයක් බෙදාහැරීමට රජය තීරණය කර තිබේ.
Read Moreහොරොව්පොතාන රජයේ රෝහලට මාස ගණනකට පෙර අසනීප තත්වයනේ පසුවන වයෝවෘද්ධ මවක් ඇතුලත් කර කර තිබිණි. මෙම අසනීප මව බැලීමට කිසිවෙකු පැමිණ නැති අතර දරුවන් පස් දෙනෙකුගේ මවක් වූ ඇය පසුගිය දා කාත් කවුරුත් නොමැතිව රෝහල තුලම අවසන් සුසුම් හෙලීය.
Read Moreලබන වසරේ පළමු කාර්තුව තුළ පනත් කෙටුම්පත් 03ක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අධිකරණ අමාත්‍ය නීතීඥ හර්ෂණ නානායක්කාර මහතා පැවසීය.
Read Moreවිදුලිසැර වැදීමකට ලක්වීමේ දැඩි අවධානමකට ලක්ව ඇති තවත් දළ ඇතකු සම්බන්ධයෙන් මහඉලුප්පල්ලම ප්‍රෙද්ශයේන් වාර්ථාවේ.
Read Moreඅධි ආරක්ෂිත බුස්ස බන්ධනාගාරයේ රෝහල් පරිශ්‍රයේ සහ බන්ධනාගාර පරිශ්‍රය තුළ තිබී දුරකතන උපාංග තොගයක් ඊයේ (3දා) සොයා ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය කියයි.
Read Moreශ්‍රී ලංකා වෛද්‍ය සභාව එහි සේවකයින්ට සේවය කරන ලද වසරකට මාසය බැගින් 2007 වර්ෂයේ සිටම පාරිතෝෂික ගෙවා තිබෙන බව ශ්‍රි ලංකා වෛද්‍ය සභාව සම්බන්ධයෙන් වූ 2023 විගණන වාර්තාවේ සදහන් වේ. 1983 අංක 12 දරණ පාරිතෝෂික ගෙවීම් පනතට අනුව සේවකයින් සදහා පාරිතෝෂික ගෙවීමේදී සම්පූර්ණයෙන් සේවය කරන ලද එක් එක් වර්ෂය සදහා මාස ½ ක වැටුපට සමාන මුදලක් පමණක් පාරිතෝෂික ගෙවිය යුතු බවද එම විගණන වාර්තාව මගින් පෙන්වා දී තිබේ.
Read Moreමෙරට මරණ සංඛ්‍යාවෙන් 85 % ක් සිදුවන්නේ බෝ නොවන රෝගයකින් බව මාතලේ දිස්ත්‍රික් බෝ නොවන රෝග පාලන ඒකකය භාර වෛද්‍ය නිලධාරී සමාලා කෝට්ටෙගොඩ මහත්මිය පවසයි .
Read More2024 ඔක්තෝම්බර් මාසයේදී වෙළඳ භාණ්ඩ අපනයන කාර්ය සාධනය ඇමෙරිකානු ඩොලර් මිලියන 1,097.1 ක් වූ අතර එය 2023 ඔක්තෝබර් මාසයට සාපේක්ෂව 18.22% ක වර්ධනයක් ෙපන්නුම් කරන බව ශ්‍රී ලංකා රේගුව නිකුත් කළ තාවකාලික දත්තවලට අනුව පෙන්වයි.
Read Moreනොවැම්බර් මාසයේදී ශ්‍රි ලංකාවට සංචාරකයන් 184 158ක් පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. මෙය 2023 වාර්තා වූ 151 496ක් වූ අගය සැසදීමේසී සියයට 21.5ක වර්ධනයකි.
Read Moreආගමන විගමන දෙපාර්තමේන්තුවට විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර (ඊ-විදේශ ගමන් බලපත්‍ර) මිලියන 5ක් මිලදී ගැනීම සඳහා පසුගිය පාලන සමයේ ටෙන්ඩරය පිරිනමා තිබෙන ආකාරය පිළිබඳව ජාතික ප්‍රසම්පාදන කමිටුව විමර්ශනයක් ආරම්භ කර ඇතැයි නීතිපතිවරයා අභියාචනාධිකරණයට පෙරේදා (02ද) දැනුම් දුන්නේය.
Read Moreපවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් කල් දැමූ උසස් පෙළ විභාගය අද (04දා) සිට ආරම්භ වන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreඇල්ල සිට කොළඹ කොටුව බලා ගමන් ගත් ඇල්ල ඔඩිසි සංචාරක දුම්රියේ ගමන් ගත් ඉරාන ජාතික විදේශික සංචාරක කාන්තාවක සෙල්ෆි ජායාරූප ගැනිමට යාමෙදි ඔහිය ඉදල්ගස්හින්න දුම්රිය ස්ථාන අතර අංක 20 දුම්රිය බිංගෙයි ගැටී දුම්රියේ න් ඇද වැටී බරපතළ තුවාල ලබා නුවරඑළිය රෝහලට ඇතුළත් කළ බව හපුතලේ පොලිසිය පවසයි .
Read More2024 නොවැම්බර් මාසයේ දී ශ්‍රී ලාංකිකයන් 22685 දෙනෙකු ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී රැකියා සඳහා විදේශගත වී ඇත. 2024 වර්ෂයේ නොවැම්බර් මාසය අවසන් වනවිට ගෙවුණු මාස 11 තුළ පුද්ගලයන් 291‚267 රැකියා සඳහා විදේශගත වී තිබෙන අතර එය 2023 වර්ෂයට සාපේක්ෂව 6.9% ක ඉහළයෑමකි. ඒ අනුව 2023 වර්ෂයේ ජනවාරි සිට නොවැම්බර් දක්වා පුද්ගලයන් 274‚265 දෙනෙකු රැකියා සඳහා පිටත් වී ඇත.
Read Moreඑම සමාගම පවසන්නේ ජාත්‍යන්තර වෙළෙඳපොළෙහි LP ගෑස් මිල වැඩිවී තිබුණද ජනතාවට සහන දීමේ අරමුණින් ගෑස් මිල වැඩි නොකිරීමට තීරණය කළ බවයි.
Read Moreපාසල් ලිපි ද්‍රව්‍ය ලබා ගැනීම සඳහා පාසල් ළමුන්ට දීමනාවක් ලබා දීමට රජය තීරණය කර තිබේ.
Read More