saravita-anim2

2025 අප්‍රේල් මස 21 වන සඳුදා

2025 අප්‍රේල් මස 21 වන සඳුදා

Latest News - timelapse 594 hours ago

LATEST

සහල් සඟවන්න කිසිම උවමනාවක් නෑ

calendar_today 2024 දෙසැ 06 - 18:51 remove_red_eye - 1378  

තමාට සහල් සඟවා තබා ගැනිමට කිසිඳු උවමනාවක් නොමැති බවත් කිසිම බැංකුවකින් පොලී නොමැතිව ණය මුදල් ලබා නොදෙන බවත් රත්න සහල් අධිපති ලංකේෂ්වරගේ මිත්‍රපාල මහතා පැවැසිය.

2025 වස‍රේ පළමු මාස 4 සඳහා වන ආණ්ඩුවේ අතුරු සම්මත ගිණුමට අදාළ යෝජනා සම්මතය අද (06) පාර්ලිමේන්තුවේදී ඡන්ද විමසීමකින් තොරව සම්මත විය.

Read More

කොළඹ ඇතැම් ප්‍රදේශවල පොල් බෑයක් රුපියල් 100-120 ත් අතර මිලකට අලෙවි කරයි. පොල් මිල තවදුරටත් ඉහළ යනු ඇතැයිද වෙළෙඳපොළ ආරංචිමාර්ග පවසයි. පොල් අස්වනු නෙළීම අඩුවීම, පොල් ආශ්‍රිත අපනයන සඳහා පොල් වැඩි වශයෙන් යොදා ගැනීමත් නිසා මෙලෙස පොල් මිල ඉහල යාමට බලපා තිබේ.

Read More

වෘත්තීය අයිතිවාසිකම් කප්පාදු කිරීම හෝ වෘත්තීය සමිති මර්දනය කිරීම නව රජයේ ප්‍රතිපත්තිය නොවන බවත්, සියලු වෘත්තීන් වල වෘත්තීමය ගරුත්වය ආරක්ෂා කරමින් හැකි අයුරින් වෘත්තීය සමිතිවල සාධාරණ ඉල්ලීම් ඉටු කිරීමට තම රජය කැපවන බවත්, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

Read More

පදවිය - බෝගහවැව ප්‍රදේශයේ නිවසක ජීවත්වූ කාන්තාවකට යතුරුපැදියකින් පැමිණි නාදුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් ඊයේ (05) දා රාත්‍රයේ ඩිතබා පලාගොස් ඇත.

Read More

වඳවීයාමේ තර්ජනයට ලක්ව ඇති මෙරටට අවේණික සත්ව විශේෂ සුරැකීමේ අරමුණින් පිහිටවූ පින්නවල සත්වෝද්‍යානයේ සිටින මෙරටට ආවේණික ගැහැණු හා පිරිමි වලසුන් දෙදෙනා සහ දිවියන් පස්දෙනා අතර පවතින වයස් පරතරයන් ඇතුළු නොගැලපීම් හේතුවෙන් ඔවුන්ගේ පැටවුන් බිහිවී නොමැති බව ජාතික විගණන කාර්යාලය ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව වෙනුවෙන් නිකුත්කළ විගණන වාර්තාවක් මගින් අනාවරණය කරයි.

Read More

එළැඹෙන 09, 10, 11, 12 වැනි දිනයන් වල නැවත වරක් වැසි තත්ත්වයේ වර්ධනයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා අද (05) පැවැසීය.

Read More

රජයේ තීරණයට අනුව වරායට ගොඩබාන සහල් පැය හතරක් තුළ රේගු කටයුතු අවසන් කර නිදහස් කිරීමට කටයුතු කරන බව රේගු දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

පසුගිය රජය සමයේ මත්පැන් බලපත් ලබාදීමේ චෝදනාව සම්බන්ධයෙන් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ විසින් එළඹෙන සතිඅන්තයේදී සවිස්තරාත්මක ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතය.

Read More

2025 ජනවාරි 01 වැනිදා සිට 2025 අප්‍රේල් 30 වැනිදා දක්වා මාස 04ක් සඳහාරජයේ වියදම් ඇතුළත්රුපියල් බිලියන 1,402ක (රු.1,402,886,263,000) අතුරු සම්මත ගිණුම සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා අද (05දා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

Read More

විදුලි ගාස්තු සංශෝධනය කිරීම සඳහා වූ යෝජනාව අද (06දා) විදුලිබල ක්ෂේත්‍ර නියාමක වෙත යොමු කිරීමට නියමිතය. සියලු ගණන් බැලීම් සිදු කර, පාරිභෝගිකයාට සාධාරණ ගාස්තු සංශෝධනයක් ඉදිරිපත් කිරීමට නියමිත බවද විදුලිබල මණ්ඩලය සඳහන් කරයි.

Read More

පුනර්ජනනීය බලශක්ති ප්‍රභව කෙරෙහි විශේෂ අවධානය යොමු කරන ලෙස ජනපති ගෙන් උපදෙස් ගිවිසුම්ගත ව්‍යාපෘති නැවත සමාලෝචනය කර ඵලදායී ව්‍යාපෘති කඩිනමින් ආරම්භ කරන්න

Read More

බටපොළ පොලීසියේ රථවාහන අංශය විසින් රත්ගම පොලීසියේ සේවය කළ පොලිස් කොස්තාපල්වරයෙකුට එරෙහිව පවරා තිබූ රථවාහන නඩුවෙන් පොලිස් කොස්තාපල්වරයා සියලුම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන ලෙස බළපිටිය මහේස්ත්‍රාත් ආර්.ඩී.ජනක මහතා අද (05දා) නියෝග කළේය.

Read More

ඔන්ලයින් ක්‍රමවේදය ඔස්සේ දුම්රිය ආසන වෙන්කර ගැනීමේදී ජාතික හැඳුනුම්පත් අංකය හෝ විදේශ ගමන් බලපත්‍ අංකය ඇතුළත් කිරීම අනිවාර්ය කර තිබේ.

Read More

යාපනය සහ කයිට්ස් දුම්කොළ ගොවීන්ගෙන්ගෙන් දුම්කොළ ලබාගෙන රුපියල් කෝටි 6කට ආසන්න මුදලක් වංචා කර, අධිකරණ මගහැර සිටි ව්‍යාපාරිකයෙකු වවුනියාව බස් නැවතුමේදී යාපනය විශේෂ අපරාධ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගනු ලැබීය.

Read More

වඩා හොඳ රාජ්‍යයක් ගොඩනැඟීමේදී මාධ්‍ය එහි පිටස්තරයන් නොව කොටස්කරුවන් ලෙස සලකනවා ජනපති විද්‍යුත් මාධ්‍ය ආයතතන ප්‍රධානීන් සමඟ පැවති හමුවේදී කියයි

Read More

සුරාබදු බලපත්‍ර ලබාදීමේ දී විධිමත් ක්‍රමවේදයක් අනුගමනය කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරින්ට උපදෙස් දුන්නේය.

Read More

ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව සතු රිදියගම සෆාරි උද්‍යානයයේ සිටියදී ඉකුත් වසර මුලදී විෂ ශරීර ගතවීමකින් බෙංගාලි ව්‍යාඝ්‍රයකු හදිසියේ මියයාම පිළිබඳ විමර්ශන කටයුතු තවමත් අවසන් කර නැතැයි ජාතික විගණන කාර්යාලය විගණන වාර්තාවකින් අනාවරණය කරයි.

Read More

මහවිරු සැමරුම පිළිබඳව සමාජ මාධ්‍යන් ඔස්සේ අසත්‍ය ප්‍රචාරයන් පළ කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගනු ලැබූ රේණුක පෙරේරා මහතා ඇප මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා නියෝග කළේය .

Read More

මැදපෙරදිග ලෙබනන - ඊශ්‍රායල යුද්ධය නිසා අසරණ වූ ලෙබනනයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 27 දෙනෙකු 12/04 දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.

Read More

අංක තහඩු නොමැති වාහනයක් සන්තකයේ තබා ගැනීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ සහ ඔහුගේ බිරිඳ වන රෂී ප්‍රභා රත්වත්තේ අද (05) ඇප මත මුදාහැරුණි.

Read More

නව ආයෝජන අවස්ථා ලබාදීමේදී දේශපාලන හිතවත්කම් මත එම අවස්ථා ලබාදීම ආදී කිසිදු ආකාරයේ දේශපාලන බලපෑමක් මින් ඉදිරියට සිදු නොවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

Read More

පකිස්තානයේ පැවති 04 වන දෘශ්‍යාබාධිත විස්සයි විස්ස ලෝක කුසලාන ශූරතා තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම එම තරගාවලියේ තුන් වන ස්ථානය දිනා ගෙන 12/05 දින අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ .

Read More

වන සතුන්ගෙන් වගාවලට සිදුවන හානිය ශ්‍රී ලංකාවේ බරපතල ප්‍රශ්නයක් පැන නැගී ඇති බවත් මේ වන විට රිලවුන්ගෙන් වගා වලට සිදුවන හානිය රිලා ත්‍රස්තවාදයක් බවට පත්ව ඇති බවත් කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා පැවැසීය.

Read More

කොළඹ සහ කිරිබත්ගොඩ ප්‍රදේශයෙන් පැමිණි පාසල් සිසුන් පිරිසක් හන්තාන කන්ද තරණය කරමින් සිටියදී ඔවුන් එහි අතරමංව සිටින බව පොලිස් හදිසි ඇමතුම් ඒකකයට දැනුම්දීමකින් අනතුරුව පොලිසිය සහ යුද හමුදාව එක්ව මහත් පරිශ්‍රමයක් දරා ඔවුන් බේරා ගත් බව පොලිසිය කියයි.

Read More

ඇමෙරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු කාර්යාංශයේ සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලූ මහතා 12/05 දින අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා ද සනාථ කළේය .

Read More

හැටන් නගරයට (05) දින දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට පොල් තොග වශයෙන් අලෙවි කිරිමට විශාල තොග වෙලෙදුන් පිරිසක් පැමිණ සිටිහ.

Read More

අධිකරණ නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා තිබියදී අධිකරණ කටයුතු පිළිබඳ හිටපු නියෝජ්‍ය ඇමතිවරයකු මෙන්ම සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක සුජීව සේනසිංහ මහතාට බැඳුම්කරයක් මත මුදා හැරී වි 8 සුඛෝභෝගී ප්‍රශ්නගත මෝටර් රථය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ ශ්‍රී රංගා මහතාගෙන් අත්සන් සාම්පල් 40 කට ආසන්න ප්‍රමාණයක් පෙරේදා (3) ලබාගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඉලංගෙයි තමිල් අරසු කච්චි (ITAK) පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර සාකච්ඡාවක් ඊයේ (04) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

Read More

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාලක ලේකම් රේණුක පෙරේරා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.