saravita-anim2

2025 අප්‍රේල් මස 21 වන සඳුදා

2025 අප්‍රේල් මස 21 වන සඳුදා

Latest News - timelapse 563 hours ago

LATEST

කථානායක ඉල්ලා අස්වෙයි

calendar_today 2024 දෙසැ 13 - 18:06 remove_red_eye - 782  

තමාගේ අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන් සමාජය තුළ මතුවූ ගැටලු කාරි තත්ත්වය මත තමන් කථානායක ධුරයෙන් ඉල්ලා අස්වීමට තිරණය කළ බව මන්ත්‍රි අශෝක රංවල මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

කොළඹ කොටස් වෙළඳපොලේ සමස්ත මිල දර්ශකය ඉතිහාසයේ ඉහළම අගය අද වාර්තා කළේය. ඒ අනුව අද දිනයේදි සමස්ත මිල දර්ශකය ඒකක 169.5කින් (සියයට 1.21කින්) ඉහළ ගොස් ඒකක 14 205ක් දක්වා ඉහළ ගියේය.

Read More

2024 වර්ෂයේ ගතවූ කාලය තුළ රැකියා සඳහා විදේශ ගතවූ ශ්‍රි ලාංකිකයින් ප්‍රමාණය ලක්ෂ 3 ඉක්මවා ඇති අතර, අද දින (2024.12.13) වන විට එම ප්‍රමාණය 300,162 ක් වේ.

Read More

’’කුමන තරාතිරමක කෙනෙක් වුවත් වරදක් කර ඇත්නම් ඊට අදාළ ක්‍රියා මාර්ග ගන්නවා’’ - ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කරයි... ’’ජනතාව අප කෙරෙහි තැබූ විශ්වාසය කුමන ආකාරයකින් හෝ පලුදු වීමට අප ඉඩ තබන්නේ නැහැ’’

Read More

බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය සහ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව මඟින් සංවිධානය කරනු ලබන කලාභුෂණ රාජ්‍ය සම්මාන ප්‍රධාන උළෙල පසුගියදා (12) වැනි දින පෙ.ව.10.00ට අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවිගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැත්විනි.

Read More

ශ්‍රීපාද වන්දනා සමය තුළ මෙයට පෙර ගැසට් නිවේදන හයකින් පනවා තිබු රෙගුලාසි අනුව ශ්‍රී පාද මළුව , ගමන් මග ඇතුළු පරිශ්‍රයෙහි තාවකාලික නවාතැන් සැකසීම සහ පවත්වාගෙන යෑම , ගොඩනැගිලි ඉදිකිරීම , හිඟමන් ඉල්ලීම හා දීම, පොලිතින් බැහැර කිරීම, සංචාරක වෙළඳම, මත්පැන් දුම්වැටි ඇතුළු මත්ද්‍රව්‍ය වෙළඳාම,තබාගැනීම හා භාවිතය තහනම් බව ඇතුළු රෙගුලාසි මෙවරද බල පැවැත්වෙන බව මෙම ගැසට් නිවේදනයෙන් මහජනතාවට දැනුම් දී තිබේ.

Read More

යාපනය දිස්ත්‍රීක්කයේ පැතිරෙමින් යන උණ වෛරසය පිළිබඳව සොයා බැලීස සඳහා කොළඹ වසංගත රෝග විද්‍යා අංශයේ නිලධාරීන් පිරිසක් විසින් යාපනය සහ පේදුරුතුඩුව ප්‍රදේශයන් වෙතට ගොස් නිරීක්ෂණයක නිරත වෙමින් සෞඛ්‍ය බලධාරීන් හමු වී විශේෂ සාකච්ඡාවක නිරත වීය.

Read More

දිවයින පුරා ජාතික පාසල් 46 ක 2025 මාර්තු 31 දිනට පවතින විදුහල්පති තනතුරු පුරප්පාඩු පිරවීම සඳහා සුදුසු නිලධාරීන් තෝරා ගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශය අයදුම් පත් කැඳවයි.

Read More

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ඉන්දීය නාවික හමුදාව අතර පැවැත්වෙන SLINEX - 2024, ද්විපාර්ශ්වික ඉන්දු - ලංකා නාවික අභ්‍යාසය 2024 දෙසැම්බර් මස 17 වැනි දින සිට 20 වැනි දින දක්වා ඉන්දියාවේ විසාකපට්නම් හිදී පැවැතිවීමට නියමිතව ඇති අතර, එම නාවික අභ්‍යාසයට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා නාවික නෞකා සයුර නෞකාව 2024 දෙසැම්බර් මස 12 වන දින, හම්බන්තොට ජාත්‍යන්තර වරායෙන් දිවයිනෙන් පිටත් විය.

Read More

ජාතික ජන බලවේග රජයේ කථානායක ඇතුළු සියලු මැති ඇමතිවරුන් මන්ත්‍රීවරුන්ගේ මහාචාර්ය තනතුරු, ආචාර්ය උපාධි, ඉංජිනේරු,වෛද්‍ය ආදී තනතුරු නාම ඇතුළු සියලු අධ්‍යාපන සුදුසුකම් පරීක්ෂා කිරීම සඳහා තේරීම් කාරක සභාවක් පත් කරන ලෙස පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කිරීමට එක්සත් ජාතික පක්ෂය සහ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ තීරණයකට එළඹ ඇත.

Read More

රටේ මූල්‍ය පද්ධතියේ ශක්තිමත් කිරීම හා කාර්යක්ෂම කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනපතිගෙන් උපදෙස්

Read More

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිස්සංක බන්ධුල කරුණාරත්න මහතා ශ්‍රේෂ්ඨාධිකරන විනිසුරුවරයෙකු වශයෙන් පත්කිරීම ප්‍රතික්ෂේප කරමින් ව්‍යවස්ථාදායක සභාව දුන් නිර්දේශය අභියෝගයට ලක් කරමින් නීතිඥවරයෙකු ගොනුකොට තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීම ප්‍රතික්ෂේප කල ශ්‍රේෂ්ඨාධිකරණය නඩු ගාස්තු වශයෙන් රුපියල් ලක්ෂ 20 මුදලක් රජයට සහ ව්‍යවස්ථාදායක සභාවට ගෙවීමට පෙත්සම්කාර නීතිඥවරයාට ඊයේ දොළහ නියෝග කළේය.

Read More

2024-2025 ශ්‍රි පාද වන්දනා වාරය ආරම්භ වන උදුවප් පොහො දින (14) ශ්‍රි පාද උඩ මළුව මල් වලින් සැරසිම සදහා විවිධ මල්පෙති ලක්ෂ තිහක් මෙවර උපයෝගි කරගන්නා බව නුගේගොඩ කස්ටම් ගෘප් ඔෆ් කොම්පැනි ආයතනයේ හිමිකරුවන් වන නිශාන්ත ද සිල්වා සහ නිලන්ත ද සිල්වා යන සහෝදරයින් දෙදෙනා පවසයි.

Read More

තන්තිරිමලේ, කුඩා මල්මඩුව ප්‍රදේශයේ පොල් ඉඩමකට ඇතුළු වී ඇති වන අලි රංචුවක්, එම ඉඩමේ තිබූ පොල් ගස් හාරසීයක් පමණ සම්පූර්ණයෙන් විනාශ කර දමා ඇති බව වාර්තාවේ.

Read More

ආණ්ඩුව විසින් ප්‍රකාශයට පත් කර තිබෙන නව සහල් මිලට සාපේක්ෂව වී කිලෝවක් සඳහාද කඩිනමින් නව මිලක් ප්‍රකාශයට පත් කළ යුතු බව ජාතික ගොවිජන එකමුතුව සඳහන් කරයි.

Read More

දකුණු පළාතේ ඇතැම් අස්වැසුම ප්‍රතිලාභීන්ට ඔවුන්ගේ ආධාර මුදල් ලැබෙන බැංකු ගීණුම් හිමි ශාඛාවේම රුපියල් මිලියන තුන හතරේ ස්ථාවර තැන්පතු ගිණුම් තිබෙන බව දකුණු පළාත් ඉඩම් කොමසාරිස් සේනක පල්ලියගුරුගේ මහතා ඊයේ (11) මාතර දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේ දී පැවසීය.

Read More

LANKA T10 ලීග් ක්‍රිකට් තරගාවලියේ මේ වන විට පැවැත්වෙන පළමු තරගය ,එනම් තරගාවලියේ සිව්වන වර්ෂාවෙන් බාධා එල්ල වී තිබේ.

Read More

මාධ්‍ය හමුවකදී දැක්වූ අදහස් වලින් ජාතීන් අතර සංහිඳියාවට බාධා කළ බවට චෝදනා කරමින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාත් සාලි මහතා අත්අඩංගුවට ගැනීමෙන් ඔහුගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඔහුට රුපියල් 75,000/-ක වන්දියක් ගෙවීමට රජයට නියම කළේය.

Read More

සමගි ජන බලවේගයේ නම් කිරීමට නියමිතව තිබූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර සඳහා සිව් දෙනෙකු නම් කරමින් මැතිවරණ කොමිෂන් සභාවය ලිපියක් ​යොමු කර තිබේ.

Read More

ගෝනගංආර පොලිස් වසමට අයත් බුත්තල කතරගම මාර්ගයේ 36 සහ 37 කණුව අසලදී කතරගම වන්දනාවේ යමින් සිටි ලොරි රථයක් වන අලියෙකු විසින් පෙරළීමෙන් එහි සිටි කාන්තාවක් ලොරිරථයට යටවී මියගොස් ඇතැයි ගෝනගංආර පොලීසිය පවසයි.

Read More

මේ වසරේ දෙසැම්බර් මාසයේ පළමු වැනිදා සිට 8 වැනිදා දක්වා සංචාරකයන් 47175ක් පැමිණ තිබේ.

Read More

LANKA T10 ලීග් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග 03ක් අද (12දා) පැවැත්වීමට නියමිතව ඇත.

Read More

සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තුව සම්බන්ධයෙන් වාරණ නියෝගයක් අද(12දා) නිකුත් කර ති​​බේ.

Read More

පෞද්ගලික ආනයනකරුවන් විසින් ආනයනය කරන ලද සහල් තොග අද සිට වෙළඳපොළට නිකුත් කිරිමට නියමිතව තිබේ. පෞද්ගලික ආනයනකරුවන් ඉන්දියාවෙන් ඇනවුම් කළ සම්බා හා සුදු කැකුළු සහල් තොගයක් ඊයේ වරායට පැමිණ ඇති අතර ඊයේ රාත්‍රීයේම ඉන් ටොන් 75ක් රේගුවන් නිදහස් කර තිබේ.

Read More

2024 වසරේ 11 – 30 දින වන විට සුරාබදු රුපියල් බිලියන 200 ඉක්මවූ ආදායමක් රැස්කිරීමට සමත්ව ඇතිබව සුරාබදු දෙපාර්ථමේන්තුව දැනුම් දී ඇත.

Read More

සොරුන් සහ වංචකයින් පලවා හරිමින් පාර්ලිමේන්තුව සුද්ද කිරීමේ තේමා පාඨයෙන් බලයට පැමිණි ජාතික ජන බලවේගයේ කථානායකවරයා ලෙස අග්‍රාමාත්‍යවරියේ යෝජනාවෙන් පත්කර ගෙන ඇත්තේ සිය ආචාර්ය උපාධිය වංචනිකව නිර්මාණය කර ගත් පුද්ගලයෙකු බව සමගි ජන බලවේගයේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා පවසයි.

Read More

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාවට යොදවා සිටි පොලිස් නිලධාරින් 116ක් එයින් ඉවත් කර පොලිසියේ රාජකාරි සඳහා යොදවා ඇතැයි වාර්තා වෙයි.

Read More

මුදල් අමාත්‍යවරයාගේ නියෝග මත සියලුම් සිල්ලරට මත්පැන් විකිණිමට අදාළව නව බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවා තිබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

රට විරුවන්ට බදු නිදහස්ව විද්‍යුත් වාහන 510 ක් ආනයනය කිරීමෙන් රජයට රුපියල් මිලියන1384 ක බදු ආදායමක් අහිමි වෙලා රට නොගිය අයටත් බලපත්‍ර දීලා අමාත්‍යාංශ ලේකම් ඇතුළු නිලධාරීන් බලය හා යෝජනාව අවභාවිතා කරලා යෝජනාවේ මුවාවෙන් වාහන ගෙන්වා විකිණීමේ ව්‍යාපාරයක් කරලා තවත් අක්‍රමිකතා රැසක් විගණනයෙන් හෙළිවෙයි

Read More

ඛණිජ තෙල් මත නිෂ්පාදන බද්දෙන් ලද ආදායම 2023 වර්ෂයේ පළමු මාස 08 ට සාපේක්ෂව 2023 ජනවාරි 01 වැනි දා සිට අගෝස්තු 30 දක්වා 2024 වර්ෂයේ පළමු මාස 08 දී රුපියල් මිලියන 139 000 ක් දක්වා සියයට 137.4 කින් කැපී පෙනෙන ලෙස වැඩි වී ඇති බව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති පූර්ව මැතිවරණ අයවැය තත්වය පිළිබඳ වාර්තාවකින් අනාවරණය වේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.