saravita-anim2

2025 ජනවාරි මස 23 වන බ්‍රහස්පතින්දා

2025 ජනවාරි මස 23 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 476 hours ago

LATEST

ජනපතිට ඇති අත්හළ නොහැකි වගකීම ගැන අටමස්ථානාධිපති හිමියෝ කියති

calendar_today 2024 ඔක් 05 - 21:51 remove_red_eye - 822  

එසේම රජ රටින් බිහි වූ රාජ්‍ය නායකයා ලෙස එම පළාතේ දුක් විඳින ජනතාවගේ ජීවිත සමෘද්ධිමත් කිරීමේ අත්හළ නොහැකි වගකීම ද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත පැවරී තිබෙන බව උන්වහන්සේ පෙන්වා දුන්හ.

මත භේදයට තුඩු දී ඇති ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් පමණක් පිටව ඇති බවට මේ දක්වා කරනු ලැබූ විමර්නවලින් අණාවරණය වී ඇති බවට මේ වන විට තහවුරු වී ඇතැයි පොලීසිය පවසයි.

Read More

කොළඹ කොල්ලුපිටිය පොලිස් බල ප්‍රදේශයට අයත් ආර් ඒ ඩි මෙල් මාවතේ මයිකල් වටරවුමේ සිට අරලියගහ මන්දිරය හරහා රොටුන්ඩා වටරවුම දක්වා දිවෙන කොටස 2005 වර්ෂයේ දී ආරක්‍ෂක හේතූන් මත වසා තැබීමට කටයුතු කරනු ලැබීය.

Read More

නව ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසුව සාම්ප්‍රදායානුකුලව ආරක්ෂක ප්‍රධානීන් ඊයේ (04) ජනාධිපති කාර්යාලයේ දී සේනාධිනායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු විය.

Read More

එසේම නුදුරු දිනකදීම ඉන්දියාවේ සංචාරයක නිරත වන ලෙස අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ආරාධනය ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා විසින් මෙහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත පිළිගැන්වූ අතර ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාට ද නුදුරු පහසු දිනකදී ශ්‍රී ලංකාවේ සංචාරයකට එක්වන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ආරාධනා කර සිටියේය.

Read More

නුවරඑලිය කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන කොටගල කෙම්බ්‍රිජ් දමිල විද්‍යාලයේ විවේක කාලයේදි ක්‍රිකට් සෙල්ලම් කරමින් සිටි සිසුවෙක් උඩ පන්දුවක් රැකිමට ගොස් ලිස්සාගොස් පාසල් ගොඩනැගිල්ලක බිත්තයක ගැටිමෙන් බරපතල ලෙස තුවාල ලබා දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කර සිසුවා වැඩිදුර ප්‍රතිකාර සදහා මහනුවර ශික්ෂණ රෝහල වෙත ගිලන් රථයකින් රැගෙන යමින් සිටියදි (04) දින ජිවිතක්ෂයට පත් වි ඇති බව දිඹුල පතන පොලිසිය පැවසිය.

Read More

දින තුනක් මුළුල්ලේ පැවති සාකච්ඡා මාලාව සාර්ථකව අද දින නිමාවට පත් කෙරිණ. ඒ සමඟ IMF නියෝජිත පිරිසේ මෙවර ශ්‍රී ලංකා සංචාරයේ සමාප්තිය සනිටුහන් කෙරේ.

Read More

2023 සැප්තැම්බර් මාසයට සාපේක්ෂව 2024 සැප්තැම්බර් මාසයේදී ශ්‍රි ලාංකිකයින් විදේශ රැකියා සඳහා පිටත්වීම සියයට 10න් ඉහළ ගොස් ඇති බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.

Read More

ඉදිරියේදී පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මහ මැතිවරණය සඳහා තමන් ත்ග නොකරන බව හිටපු ප්‍රවාහන මහා මාර්ග සහ ජනමාධ්‍ය කැබිනට් අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (04) ප්‍රකාශ කළේය.

Read More

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහන ශක්තිමත්ව ඉදිරියට ගෙන යාම වෙනුවෙන් වූ වත්මන් ජනාධිපතිවරයාගේ කැපවීම තහවුරු කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර විශේෂ සාකච්ඡාවක් දෙවන දිනටද අද (04) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ආරම්භ කෙරිණි.

Read More

ඉන්දීය විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් මහතා එක් දින ශ්‍රී ලංකා නිල සංචාරයක් සදහා 10/04 දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය .

Read More

පොදු ජන එක්සත් නිදහස් සන්ධානය ගෑස් සිලින්ඩරය යටතේ තරඟ වදින්නේ දැයි යන්න පිළිබඳ අවසන් එකඟතාවය අද(04දා) ලබා ඉගෙනීමට නියමිතය.

Read More

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ සම්බන්ධීකාරක මාර්ක් ඇන්ඩෘ ප්‍රාන්ස් (Marc-André Franche) මහතා අද (03) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු විය.

Read More

වෙළෙඳ පොළේ බිත්තර මිල සීග‍්‍රයෙන් පහළ වැටී ඇත්තේ බිත්තර අතිරික්තයක් නිසා බවත්, පාරිභෝගිකයාට එය සහනයක් වුවද බිත්තර ගොවියාට නිෂ්පාදන පිරිවැය අනුව පාඩුවක් සිදුවන බවත් කුකුළු ගොවීන් සුරැකීමේ සංවිධානයේ කැඳවුම්කරු සංජීව කරුණාසාගර මහතා ඊයේ (03දා) කුරුණෑගලදී පැවති මාධ්‍ය සාකච්ඡාවේදී පැවසීය.

Read More

ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුවට අදාළ නීති කටයුතු පිළිබඳව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පසුගියදා සිදු කළ ප්‍රකාශය සාවද්‍ය බව හිටපු ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ධනුෂ්ක රාමනායක නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. ඒ අනුව අමාත්‍යවරයකු සහ කැබිනට් ප්‍රකාශක ලෙස දැන හෝ නොදැන සාවද්‍ය ප්‍රකාශ සිදුකිරීම නුසුදුසු බව එහි සඳහන් කර ඇත. අදාළ නිවේදනයේ වැඩිදුරටත් මෙලෙස සඳහන් කර ඇත.

Read More

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛව බිහිවන වන සන්ධානයට තමා නායකත්වය ලබා දුන්නද මහ මැතිවරණයට තරග නොකරන බව රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර තිබේ. ඒ අනුව එක්සත් ජාතික පක්ෂය, ජනාධිපතිවරණයේ දී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ශ්වයක් සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු පක්ෂ රැසක් එකතුව ඉදිරි මහ මැතිවරණය සඳහා ඉදිරිපත් වීමට නියමිතය.

Read More

ඉහළ වැට් බද්ද සහ ආදායම් බදු හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට රජය සැලසුම් කර ඇති බව ද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී පෙන්වා දුන්නේය.

Read More

එළඹෙන මහ මැතිවරණයේ දී එක් එක් අපේක්ෂකයන් තරග කරන දිස්ත්‍රික්ක හා ඊට අදාළ අවසන් එකඟතා මේ දක්වා තීරණය කර නොමැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රකාශ කළේය.

Read More

පාර්ලිමේන්තු මැතිවරණය අවසන් වූ වහාම පළාත් පාලන මැතිවරණයට දින නියම කරන බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.

Read More

ජෝර්දානයේ ඇගලුම් කම්හලක සේවයේ නියතුව සිටියදී රෝගාතුරව මිය ගිය සිය දියණියගේ දේහය කඩිනමින්ම් ලංකාවට ගෙනවිත් දෙන ලෙස කොස්ගොඩ වතුරවෙල පදිංචි මාපියෝ යුවළ්ක් අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.

Read More

වත්මන් ආණ්ඩුව අතින් බරපතල වරදක් සිදු නොවුව හොත් ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී ආසන එකසිය විස්සක පමණ ප්‍රමාණයක් දිනා ගැනීමේ හැකියාව ඔවුන් සතු බව පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි. ඒ මහතා මේ බව සඳහන් කර සිටියේ අද දින (03) පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි. පිවිතුරු හෙළ උරුමය නායකයා එහිදී වැඩිදුරටත් මෙසේ අදහස් දැක්වීය.

Read More

ජනාධිපතිවරයාගේ ජනතාවාදී කටයුතු නිසා ජාතික ජන බලවේගයට මහ මැතිවරණයේදී තුනෙන් දෙකකට වැඩි බලයක් අනිවාර්යෙන්ම ලැබෙන බව ජාතික ජන බලවේගයේ විධායක කමිටු සාමාජික කේ.ඩී. ලාල්කාන්ත මහතා කීය.

Read More

2020 අගෝස්තු 20 වැනි දින පළමු රැස්වීමෙන් ආරම්භ වී 2024 සැප්තැම්බර් 24 වැනිදා මධ්‍යම රාත්‍රියේ ජනාධිපතිතුමා විසින් විසුරුවා හරිනු ලැබූ නවවැනි පාර්ලිමේන්තුව පැවති, මෙම කාලසීමාව තුළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 66 වන ව්‍යවස්ථාව ප්‍රකාරව මන්ත්‍රීධුර 19 ක පුරප්පාඩු ඇතිවූ අතර ඒ අනුව අවස්ථා 18 ක දී මන්ත්‍රීවරුන් 16 දෙනෙකු නව පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ලෙස පත්වී ඇත.

Read More

ගේට්ස් පදනමේ ස්වාධීන උපදේශක චන්දිත සමරනායක මහතා අද (03) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා හමු වී සාකච්ඡාවක නිරත විය.

Read More

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නව සභාපති ලෙසින් හිටපු නාවික හමුදාපති අද්මිරාල් සිරිමෙවන් සරත්චන්ද්‍ර රණසිංහ මහතා අද දින (.03) වැඩ භාර ගැනීම සිදුවිය. 1982 වර්ෂයේ කැඩෙට් නිලධාරියෙකු ලෙසින් ශ්‍රී ලංකා නාවික හමුදාවට එක් වූ සිරිමෙවන් සරත්චන්ද්‍ර රණසිංහ මහතා 2015 වර්ෂයේ දී නාවික හමුදා කාර්ය මණ්ඩල ප්‍රධානි ධූරයට පත් විය.

Read More

මෙතෙක් සිටි නායකයින් මාධ්‍ය ඉදිරියේ රාජ්‍ය නිලධාරීන් ප්‍රශ්න කළ ආකාරයෙන් මින් ඉදිරියට මාධ්‍ය ඉදිරියේ රාජ්‍ය නිලධාරීන් ප්‍රශ්න කිරීමට ලක් නොකරන අතර එවැනි මාධ්‍ය සංදර්ශන තමන් පිළි නොගන්නා බවත් රාජ්‍ය සේවකයාගේ ගරුත්වය රකිමින් පුරවැසියා තෘප්තිමත් වන රාජ්‍ය සේවාවක් නිර්මාණය කිරීමට බලාපොරොත්තු වන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

Read More

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනි රාජිකා වික්‍රමසිංහ මහත්මිය සහ හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පුත්‍රයාවන දහම් සිරිසේන මහතා අද (03) මව්බිම ජනතා පක්ෂය සමග එක්වුණි. ඒ, කොළඹ පිහිටි මව්බිම ජනතා පක්ෂ මූලස්ථානයේදීය.

Read More

පහතරට වි ගොවින් එම වගාවෙන් ඉවත් වි නුවරඑලියට ආවේනික වු කැරට්, ගෝවා, බිට්රුට් වැනි එලළුව දෙමහුන් බීජ භාවිතා කරමින් වගා කිරිම නිසා උඩරට ගොවින්ගේ ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල වි ඇති බවට උඩරට ගොවින් මැසිවිලි නගති.

Read More

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා පළාත් පාලන සහ කම්කරු අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස එස්. ආලෝක බණ්ඩාර මහතා පත්කර තිබේ.

Read More

ඒ අදාළ නඩුව අද(03දා) කොළඹ මහාධිකරණයේදී කැඳවූ අවස්ථාවේදීයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.