saravita-anim2

2025 අප්‍රේල් මස 21 වන සඳුදා

2025 අප්‍රේල් මස 21 වන සඳුදා

Latest News - timelapse 527 hours ago

LATEST

බස් රථයක් ප්‍රපාතයකට පෙරලී තිදෙනෙක් මරුට

calendar_today 2024 දෙසැ 21 - 13:35 remove_red_eye - 425  

හැටන් සිට මහනුවර දක්වා ධාවනය වූ මගි ප්‍රවාහන පෞද්ගලික බස් රථයක් හැටන්හිදි මාර්ගයෙන් ඉවතට පැන තේ වත්තකට පෙරළීමෙන් සිදුවූ අනතුරිකින් එම බස් රථයේ ගමන් කළ තිදෙනෙක් ජිවිතක්ෂයට පත්ව තිබේ.

මෙරට මූල්‍ය පද්ධතියේ ස්ථාවරත්වයට අවදානම් එල්ල කරමින් සීඝ්‍රයෙන් ඉහළ යන තහනම් යෝජනා ක්‍රමවලින් මහජනයා ආරක්ෂා කර ගැනීම සඳහා 2011 සිට මේ දක්වා එවැනි යෝජනා ක්‍රම පවත්වාගෙන ගිය ආයතන 20 කට එරෙහිව විමර්ශනය කර අධිකරණ ක්‍රියාමාර්ග ඇතුළු නීතිමය පියවර ගෙන ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය පාරිභෝගික සබඳතා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Read More

පළාත් පාලන මැතිවරණය ලබන වසරේ සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර පවත්වන බවත් පළාත් සභා මැතිවරණය ලබන වසර ඇතුළත පවත්වන බවත් ජනපති අනුර කුමාර දිසානායක මහතා පැවැසිය.

Read More

ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරිම ඉහළ නැංවිමට ෆිච් රේටින් ආයතනය කටයතු කර තිබේ. මේ අනුව දිගුකාලීන විදේශ මුදල් නිකුත් කරන්නන්ගේ ශ්‍රේණිගත කිරීම CCC සෘණ මට්ටමේ සිට CCC ධන මට්ටම දක්වා ඉහළ නැංවිමට එම ආයතනය කටයුතු කර තිබේ.

Read More

පෞද්ගලික ආනයනකරුවන්ට සහල් ආනයනය කිරීම සඳහා ලබාදුන් අවසරය 2025 වසරේ ජනවාරි මස 10වනදා දක්වා දීර්ඝ කිරීමට රජය තීරණය කර ඇති බව වාර්තා වෙයි.

Read More

රුපියල් කෝටි පහක් පමණ වටිනා ජංගම දුරකථන ඇතුළු විද්‍යුත් සන්නිවේදන උපකරණ තොගයක් සමග ඒවා නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ ගුවන් මගීන් තිදෙනකු 12/20 දින කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් ඡන්දය හිමි සාමාජිකයන්ගේ සංඛ්‍යාව 147 සිට 60 දක්වා සැලකිය යුතු ප්‍රමාණයකින් අඩුකිරීමට ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයේ අද පැවැත්වූ විශේෂ මහා රැස්විමේදි අනුමැතිය ලබාදී තිබේ.‍

Read More

මේ සදහා මුදල් ගෙවා රක්ෂණාවරණයක් ලබාගෙන තිබුණේ නම් රක්ෂණ වන්දියක් ගෙවිමට හැකියාව තිබු බව අදාල නියෝජිතයන් මෙහිදී පැවැසීය.

Read More

මහේස්ත්‍රාත් අධිකරණයේ විනිසුරු දර්ශිනී මහත්මිය නියෝග කළේ මෙම සිසිල් බීම වර්ග විනාශ කර වෙනත් අලෙවිසැල්වලින්ද එම බීම බැහැර කරන ලෙසයි.

Read More

ඉන්දියාව හා ශ්‍රී ලංකාව යා කරමින් ඉදිකිරිමට යෝජිත තෙල් නළ මාර්ගය ඉදිකිරිම සම්බන්ධයෙන් අවසන් තිරණයකට ජනපතිවරයාගේ ඉන්දිය සංචාරයේදි නොපැමිණි බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පැවැසීය.

Read More

කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් ෂියාම් ඝාතනය සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන ඇතුළු විත්තිකරුවන් පස්දෙනෙකුට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් නියම කළ මරණීය දණ්ඩනය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තහවුරු කර තිබේ.

Read More

රජය මගින් ක්‍රියාත්මක කිරීමට නියමිත ’’ක්ලීන් ශ්‍රී ලංකා’’ වැඩ සටහන සැලසුම් කර ක්‍රියාත්මක කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය ස්ථාපිත කර එහි සාමාජිකයන් පත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඊයේ (19) දාතමින් අති විශේෂ ගැසට් පත්‍රයක් ප්‍රකාශයට පත් කෙරිණි .

Read More

දිවයිනේ ඇතැම් ප්‍රදේශවල මේ වන විට යළිත් සහල් හිඟයක් ඇති වී තිබෙන අතර, ඇතැම් ප්‍රදේශවල ලංකා නාඩු කිලෝවක් රුපියල් 260 දක්වා ඉහළ මිලකට අලෙවි කරන බවද පාරිභෝගික ජනතාව සඳහන් කරති.

Read More

බස් රථවලින් කප්පම් ලබා ගැනීම දිගින් දිගටම ඉහළ යමින් තිබෙන බවත් මේ පිළිබඳව වර්තමාන ආණ්ඩුව කඩිනමින් අවධානය යොමු කළ යුතු බවත් ලංකා පෞද්ගලික බස්හිමියන්ගේ සංගමය සඳහන් කරයි.

Read More

බෙන්තොට රජයේ රෝහලේ හදිසි ප්‍රතිකාර අංශයේ තිබූ රුපියල් දෙලක්ෂ විසිපන්දාහක් පමණ වටිනා ඊ.සී.ජී. යන්ත්‍රය ඊයේ (18) රාත්‍රියේ කිසිවෙකු විසින් සොරාගෙන ගොස් ඇතැයි බෙන්තොට පොලිසිය කියයි.

Read More

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂක වියදම් වෙනුවෙන් ඉකුත් මාස දෙකකට රුපියල් මිලියන 82ක් වැය වූ බවට කෙරුණු ප්‍රකාශ සත්‍යයෙන් තොර බව ඒ මහතාගේ කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

Read More

05 වසර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් කලින් පිටවීමේ සිද්ධියට අදාළව කළ විමර්ශනවල සවිස්තර තොරතුරු ඇතුළත් රහසිගත වාර්තාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙ අ ධ්‍යක්ෂකවරිය ශ්‍රේෂ්ඨාධිකරණයට අද (19දා) බාර දුන්නාය.

Read More

රෝයල් පාක් මිනීමැරුම් සිද්ධිය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියමව සිටියදී ජනාධිපති සමාව ලබා දීමෙන් අනතුරුව රටින් පළා ගොස් සිටින ජූඩ් ශාමන්ත ජයමහ නමැත්තා මේ වන විට රැඳී සිටින ස්ථානය අනාවරණය කර ගැනීම සඳහා අවශ්‍ය විමර්ශන ආරම්භ කර ඇතැයි නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට අද (19)දැනුම් දුන්නේය.

Read More

පෙර පාසල් සහ මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානවල දරුවන් සඳහා උදෑසන ආහාර වේලක් ලබා දීමේ වැඩසටහන සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වී තිබේ. ලබන වසරේ දරුවන් 155,000කට පමණ මෙම වැඩසටහනින් ප්‍රතිලාභ ලබා දීමට අපේක්ෂා කෙරේ.

Read More

ආණ්ඩුව විසින් ප්‍රකාශයට පත් කර ඇති බදු සංශෝධන මගින් උපයන විට ගෙවීමේ බද්ද (PayE tax) ගෙවූ 121,000 කට සහන ලබා දී, ස්ථීර සහ ඉතිරිකිරීමේ ගිණුම් ලක්ෂ 161 කට බලපාන පරිදි රැදවුම් බද්ද 5% කින් ඉහත දමා ඇස්බැන්දුමකින් රටම රවටා ඇති යැ මාතලේ දිස්ත්‍රික් මන්ත්‍රී රෝහිණී කවිරත්න පවසයි.

Read More

යාපනය දිස්ත්‍රික් ස්වාධීන පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා විසින් තමන්ට හා රෝහලේ කීර්තිනාමයට අපහාස කළේ යැයි පවසමින් මන්ත්‍රීවරයාට එරෙහිව රුපියල් මිලියන 100 ක් ඉල්ලා යාපනය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය ටී. සත්‍යමූර්තී විසින් යාපනය අධීකරණයේදී අපහාස නඩුවක් ගොනුකොට ඇත.

Read More

ලෝකය පුරා ප්‍රභූ ආරක්ෂකයින් තමන්ගේ ප්‍රභූවරයාට වාහනයෙන් බහින්න දොර ඇරලා දෙන්නේ ප්‍රභූගේ ලොකුකමට දොර ඇර ගන්නේ නැති නිසා නොවේ. ප්‍රභූ වුණාට පස්සේ අත් හිරි වැටෙන නිසාත් නොවේ. ආරක්ෂක හේතුවක් නිසා. උත්සවයකට ප්‍රභූවරයෙක් එන බව වගේම එන වෙලාවත් ප්‍රසිද්ධ කාරණයක්. ඒ නිසා ඔහු ඝාතනය කරන්න අවශ්‍ය අයට වාහනයෙන් බහින විවෘත ස්ථානය ප්‍රහාරයට හොඳම අවස්ථාවක්.

Read More

මේ වන විට සහල් මෙට්ට්‍රික් ටොන් 22,000ක් ආනයනය කර ඇති බවත්, එම සහල් මේ වන විට එම සහල් තොග බෙදා හැරීමේ කටයුතු සිදු වෙමින් පවතින බවත් කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

Read More

ආසියානු සංවර්ධන බැංකුව විසින් ලංකා විදුලිබල මණ්ඩලය වෙත පසුගිය නොවැම්බර් මාසයේදී අනුමත කල ඩොලර් මිලියන 150 ක ණය මුදල සදහා ගිවිසුම් අත්සන් කිරීම 2024 දෙසැම්බර් මස 19 වෙනි දින සිදුකරනු ලැබීය. මෙම ණය මුදල ශ්‍රී ලංකා රජය හරහා ලංකා විදුලිබල මණ්ඩලය වෙත ලබා ගැනීම සදහා මූලික සාකච්චා පසුගිය ඔක්තෝබර් මාසයේදී සිදුකරනු ලැබීය.

Read More

මෙරට ලුණු හිඟය පියවා ගැනීමට අමු අයඩීකරණය නොකල ලුණු මෙට්‍රික්ටොන් 30,000ක උපරිමයකට යටත්ව ලබන දෙසැම්බර් 31 වැනිදාට හෝ ඊට පෙර ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

Read More

රජය විසින් මෝටර් වාහන ආනයන ඳසහා වූ තාවකාලික අත්හිටුවිම ඉවත් කිරිමත් සමගින් මෝටර් වාහන ආනයනයට අදාළ රෙගුලාසි මුදල්,ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබේ.

Read More

මීට අමතරව, හම්බන්තොට ආයෝජන කලාපය ආශ්‍රිතව චීන සමාගම් ස්ථාපිත කරමින් ගෝලීය වශයෙන් ශ්‍රී ලංකාවට වඩා හොඳ ප්‍රවේශයක් සලසා දීමට අපේක්ෂා කරන බවද, ඉදිරියේදී චීනයේ සංචාරයක නිරත වන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පිළිගැනීමට සියලු කටයුතු සූදානම් කර ඇති බවද ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

Read More

වාහන ආනයනය පිළිබඳ තීරණය මුදල් අමාත්‍යාංශ විසින් ගෙන ඊයේ(19දා) දිනයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළ බවත්, ඒ අනුව කාණ්ඩ 03ක් යටතේ වාහන ආනයනය කිරීම සිදු කරන බවත් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

Read More

මධ්‍යම පළාතේ සමුපකාර සමිතිවල තැන්පත් කොට තිබූ කෝටි 750 කට අධික සාමාජික තැන්පත් මුදල් සහ රජයේ ආධාර මුදල් වශයෙන් ලැබුණු රුපියල් කෝටි 15 ක මුදල්වලට සිදුවූ දෙයක් නොමැති බව සමුපාකාර ක්‍රියාකාරිකයකු මෙන්ම හිටපු ග්‍රාම නිලධාරීවරයෙකු වන ඩී.කේ. කීර්තිසිංහ මහතා පවසයි.

Read More

වර්ෂ 2030 වන විට ලොව වයස 60ට වැඩි ජනතාව වැඩියෙන් සිටින රටවල් 05 අතරට ශ්‍රී ලංකාව පැමිණෙන බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේදී ඊයේ (18දා) පැවති මාධ්‍ය හමුවකදී අනාවරණය විය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.