saravita-anim2

2025 අප්‍රේල් මස 21 වන සඳුදා

2025 අප්‍රේල් මස 21 වන සඳුදා

Latest News - timelapse 518 hours ago

LATEST

නෙළුම්කුළුනේ වෙනස්වූ වේලාව

calendar_today 2024 දෙසැ 23 - 12:26 remove_red_eye - 374  

නත්තල් සමයත් නව වසර උදාවත් නිමිත්තෙන් කොළඹ නෙළුම් කුළුනට පැමිණෙන පිරිස වැඩිවීමත් සමග එය මහජනතාව සඳහා විවෘත කර තබන වේලාවන් දීර්ඝ කර ඇත.

අභිනවයෙන් ඉදිකරන ලද වගවත්ත ග්‍රිඩ් උපපොළ 2024 දෙසැම්බර් මස 19 වන දින ජාතික විදුලිබල පද්ධතියට සම්බන්ධ කළ බව ලංකා විදුලිබල මණ්ඩලය නිවේදනය කරයි. ප්‍රධාන වශයෙන්ම ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ වගවත්ත සහ මිල්ලනිය කර්මා න්ත කලාප වලට විදුලිය සැපයීම සඳහා ඉදිකරන ලද මෙම ග්‍රිඩ් උපපොළ සදහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය විසින් රුපියල් මිලියන 2300 ක මුදලක් ආයෝජනය කරන ලදී.

Read More

ලංවිම විදුලි පද්ධතියෙන් අනවසර ලබාගත් විදුලිය අනවසර විදුලි වැටවලට සම්බන්ධ කිරිම හරහා මේ වසරේදි පමණක් වන අලි 50ක් පමණ ජිවිතක්ෂයට පත්ව ඇති බව ලංකා විදුලි බල මණ්ඩලය නිවේදනය කරයි.

Read More

බ්‍රසීලයේ පෞද්ගලික ගුවන් යානයක් කඩා වැටීමෙන් පුද්ගලයන් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

2024 වර්ෂයේ තෙවන පාසල් වාරයේ දෙවන අදියර ආරම්භ කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබේ.

Read More

ගාල්ල දිස්ත්‍රික්කයේ තුන් දහස ඉක්මවූ ලිංගික වෘත්තීක කාන්තාවන් සිටින බවත්, දකුණු පළාත තුළ ලිංගික වෘත්තීක කාන්තාවන් 7,000ක් පමණ ආසන්න වශයෙන් සිටින බවත්, මානව සහ සොබා සම්පත් සංවර්ධන පදනමේ විධායක අධ්‍යක්ෂිකා කේ.පී. සංජීවනී මහත්මිය පවසන්නීය. ගාල්ල ප්‍රදේශයේ පසුගිය (20 දා) පැවති මාධ්‍ය හමුවකදී ඇය මේ බව සඳහන් කළාය.

Read More

පවතින නීතිමය පසුබිම තුළ පසුගිය රජය විසින් හඳුන්වාදුන් ඉන්ධන මිල සූත්‍රය පිළිගනිමින් ඒ අනුව කටයුතු කරන බවත්, මිල සූත්‍රය අධ්‍යයනය කර ඉදිරියේදී අවශ්‍ය සංශෝධන හඳුන්වා දීමට කටයුතු කරන බවත් පාර්ලිමේන්තුවේදී අනාවරණය විය.

Read More

2022 වර්ෂයේ මාර්තු මාසයේදී ආරම්භ කරනු ලැබූ ගාල්ල සහ කුරුණෑගල තාක්ෂණික උද්‍යාන දෙකක ඉදිකිරීම් කටයුතු 2023 වර්ෂයේ මැයි මාසයේ සිට නවතා දැමීම හේතුවෙන් කොන්ත්‍රාත්කරුට ගෙවිය යුතු ප්‍රමාද ගෙවීම් නිසා රුපියල් හැටපන්කෝටි තිස් එක්ෂ ලක්ෂ පනස් හත් දහස් එකසිය අසූ දෙකක (653,157,182.00) ක පාඩුවක් රජයට සිදුවී ඇති බවට පෙරේදා(21 දා) නිකුත් කරන ලද විගණන වාර්තාවක සඳහන් වෙයි.

Read More

ලේඛක කසුන් මහේන්ද්‍ර හීනටිගල මහතා අතුරුගිරිය පොලිසිය මගින් අත්අඩංගුවට ගැනීමේ සිද්ධියේ සිදුකෙරෙන විමර්ශනයට අදාළව උප පොලිස් පරීක්ෂකවරයෙකු ඇතුළු තිදෙනකු තාවකාලිකව මිරිහාන මූලස්ථාන පොලිසිය වෙත මාරු කරනු ලැබූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිවේදී බුද්ධික මනතුංග මහතා පැවසීය.

Read More

මෙම පැය 24 කාලයෙහිදී සිදු වූ රිය අනතුරු 10 න් පුද්ගල මරණ 13ක් සිදුව තිබෙන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ බුද්ධික මනතුංග මහතා සඳහන් කළේය.මෙම අනතුරු 10 ප්‍රධාන නගර ආශ්‍රිතව සිදුව තිබෙන බවත් මිය ගිය 13 දෙනා සැලකීමේදි 04 දෙනෙකු පදිකයන් බවත් ඔහු කියා සිටියේය.

Read More

ගෙවී ගිය සතියෙහි ඖෂධ පහක් ප්‍රමිතියෙන් තොර වීම නිසා භාවිතයෙන් ඉවත් කර තිබෙන බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිතිය සඳහන් කරයි.

Read More

පසුගිය දිනවල මගී ප්‍රවාහන බස් රථ ඇතුළු අනෙකුත් වාහනවලින් සිදුවූ රිය අනතුරු සැලකිල්ලට ගනිමින් දිගින් දිගටම එවැනි අනතුරු සිදුවීම අවම කර ගැනීම සඳහා වැඩබලන පොලිස්පතිතුමාගේ උපදෙස් අනුව හෙට සිට උත්සව සමය අවසන් වන තුරු දිවයින පුරා රථවාහන මෙහෙයමුවක් ක්‍රියාත්ක බව පොලිස් මූලස්ථානය පවසයි.

Read More

සහල් කිලෝග්‍රෑම් එකක් සඳහා පනවා තිබෙන රුපියල් 65ක බද්ධ අඩු කර ජනතාවට සහන ලබා දීමට ආණ්ඩුව කටයුතු කළ යුතු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පැවසීය.

Read More

හැටන් මල්ලිඅප්පුව ප්‍රදේශයේ (21) දින සිදු වු පෞද්ගලික බස් රථ අනතුරෙන් තුවාල ලබා දික්ඔය මුලික රෝහලේ පොලිස් ආරක්ෂා මැද නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි බස් රථයේ රියදුරු මේ මස (26) දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට හැටන් මහෙස්ත්‍රාත් අධිකරණයේ වැඩ බලන මහෙස්ත්‍රාත් එස්.රාම්මුර්ති මහතා (22) දින නියෝග කළේය.

Read More

සියලු වෛද්‍යවරුන්ගේ අනිවාර්යය විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව අවුරුදු 63ක් විය යුතු බව ප්‍රකාශයට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

Read More

බෙන්තොට රජයේ රෝහලේ හදිසි ප්‍රතිකාර අංශයේ තිබියදී ඉකුත් 18 දා රාත්‍රියේ කිසිවෙකු විසින් සොරකම් කරගෙන ගිය රුපියල් දෙලක්ෂ විසිපන්දාහක් පමණ වටිනා ඊ.සී.ජී.යන්ත්‍රය සහ තවත් වෛද්‍ය මාපකයක් අද (22 ) අලුයම බෙන්තොට රෝහල ඉදිරිපිට බිමදමා ගොස් තිබියදී සොයාගත් බව බෙන්තොට පොලීසිය කියයි.

Read More

ජෝ රූට් නැවතත් එංගලන්ත එක්දින සංචිතයට කැඳවීමට තීරණය කර තිබේ.

Read More

පාලවිය කල්පිටිය ප්‍රධාන මාර්ගයේ කුරක්කන්හේන ප්‍රදේශයේ දී 21 දින රාත්‍රියේ මුර සංචාරයේ යෙදී සිටි කල්පිටිය පොලිසිය මගින් සැක කටයුතු කන්ටේනර් රථයක් අත් අඩංගුවට ගත් බව කල්පිටිය පොලිසිය පවසයි.එම කන්ටේරය හැර එහි ඇති දෑ පරීක්ෂා කිරීමරට අවශ්‍ය බැව් රියදුරුට පැවසුවද,රියදුරු එය ප්‍රතික්ෂේප කිරීම නිසා මෙසේ අත් අඩංගුවට ගත් බැව් පොලිසිය වැඩි දුරටත් පවසයි.

Read More

අතුරුගිරිය පොලිසිය මගින් හබරකඩ ප්‍රදේශයේදී කසුන් මහේන්ද්‍ර හීනටිගල නමැති ලේඛකයා අත්අඩංගුවට ගැනීමේදී නෛතික ප්‍රතිපාදනය උල්ලංඝනය කර ඇත්දැයි විමර්ශනය කිරීම සඳහා කොළඹ දකුණ දිශාව භාර නියෝජ්‍ය පොලිස්පති වරයාගේ ප්‍රධානත්වයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි බස්නාහිර පළාත භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසයි.

Read More

රාජ්‍ය නිලධාරීන්ට රජය මගින් ලබා දී තිබූ යතුරු පැදියක් සොරාගෙන ඊට ව්‍යාජ අංක තහඩුවක් සවිකොට එය භාවිතා කරමින් දිවයිනේ පොලිස් වසම් පහළවක නිවෙස් වලට ඇතුළු වී එහි නිවැසියන්ට තියුණු ආයුධ පෙන්වා බිය ගන්වා මරණීය තර්ජනය කොට රුපියල් කෝටි එක හමාරකට අධික වටිනාකමින් යුත් රන් භාන්ඩ හා දේපළ කොල්ල කෑ දෙදෙනෙකු හෙරොයින් ග්‍රෑම් පහක් සමග අත්අඩංගුවට ගත් බව අතුරුගිරිය පොලීසිය පවසයි.

Read More

මෙරටේ පාරිභෝගික ජනතාව මෙන්ම වෙළද ව්‍යාපාරිකයින් මුහුණපා ඇති සහල් ගැටලුවට තමන්ට විසදුම් ලබාදිය හැකි බවත් ඒ සඳහා රජය සහාය ලබා දෙන්නේනම් ඉදිරියේදී මෙරටේ සහල් අර්බුදයක් ඇති නොවීමට කටයුතු කරන බව පොළොන්නරුව දිස්ත්‍රීක් සුළු හා මධ්‍ය පරිමාණ පුබුදු සහල් නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි.

Read More

ඉන්දියාවෙන් අධි බලැති විදුලි රැහැන් පද්ධතියක් ගෙන ඒම ගැන ආණ්ඩුවේ ස්ථාවරය ප්‍රකාශ කළ යුතු බව විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ සභාපති එම්.ඩී.ආර්.අතුල මහතා පැවසීය.

Read More

දඹගල්ල පොලිස් වසමට අයත් දැලිවපාර පිටතලාව පදිංචි දෙදරු පියෙකු බිරිඳ රටයෑමට සූදානම්වීම පිළිබඳව සිත්තැවුලට පත්වී ඊයේ (21) වෙනිදා වසබී සියදිවි හානිකරගෙන ඇතැයි දඹගල්ල පොලීසිය පවසයි.

Read More

මාර්ගයේ ගමන් ගත් පුද්ගලයකු දෙමටගොඩ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කපිල බණ්ඩාර මහතා වෙත ලබා දුන් තොරතුරක් අනුව වහා ක්‍රියාත්මක වූ ඒ මහතා පොලිස් කාන්තාවක් සමග එම ස්ථානයට ගොස් සිදු කළ පරික්ෂාවේදී රෙදි කැබැල්ලක ඔතන ලද බිලිදිය දැක ඇත.

Read More

මහජන චීන විමුක්ති යුද නාවික හමුදාවේ (Chinese People’s Liberation Army Navy) ‘Peace Ark’ රෝහල් නෞකාව නිල සංචාරයක් සඳහා ඊයේ කොළඹ වරායට පැමිණි අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි.

Read More

සහල් මේට්‍රික් ටොන් පන්ලක්ෂ පනස් දහසකට ආසන්න සහල් ගබඩා කල හැකි සතොස හා වී අලෙවි මණ්ඩලය සතු ගබඩා පහසුකම් පවතින බවත් ඉන් මේ වන විට තුන් ලක්ෂ පනස්දහසක් පමණ සහල් තොග ගබඩා කල හැකි තත්ත්වයේ ගබඩා පවතින බවත් ඒ අනුව සතොස , වී අලෙවි මණ්ඩලය සහ සමූපකාර ආයතන ඒකාබද්ධව වී මිලදී ගැනීමේ ක්‍රියාවලිය ඉදිරියේදී ආරම්භ කරන බව වෙළඳ හා වාණිජ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පැවසීය.

Read More

උළුක්කුලම, පාවක්කුලම ප්‍ර දේශයේදි කිඹුල් ප්‍රහාරයකටලක්වූ කාන්තාවක් ඊයේ උදෑසන කාලයේදි ජිවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසයි. අවුරුදු 67ක් වන කාන්තාවක් මෙසේ ජිවිතක්ෂයට පත්ව තිබේ.

Read More

සිංහරාජ වනාන්තරයේ කලවාන කුඩව පිවිසුම තුළ දුර්ලභ ඝනයේ දේශීය ඖෂධ පෑලෑටි එකතු කර රැගෙන යාම සදහා ළග තබාගෙන සිටි ජපන් ජාතිකයකු ඊයේ (21) අත්අඩංගුවට ගත් බව කලවාන අඩවි වන කාර්‍යාලය පැවසිය.

Read More

අප රටේ රාජ්‍ය සේවය විධිමත් රාජ්‍ය යාන්ත්‍රණයක් බවට පත් කර ගැනීමේ අභියෝගය අප ඉදිරියේ පවතින බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

Read More

කොළඹ සිට තෙල්දෙනිය දක්වා ධාවනය වු ලංගම බස් රථයක් කඩුගන්නාව ඩෝසන් කුළුන අසල ආසන්නයේ ඇති විශාල ගසක හැපි තුවාලකරුවන් 6 දෙනෙකු මහනුවර රෝහලට ඇතුලත් කල බව කඩුගන්නාව පොලිසිය පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.