saravita-anim2

2025 අප්‍රේල් මස 21 වන සඳුදා

2025 අප්‍රේල් මස 21 වන සඳුදා

Latest News - timelapse 513 hours ago

LATEST

වාහන ආනයන බදු ගැන තවම තීරණයක් නෑ

calendar_today 2024 දෙසැ 24 - 17:10 remove_red_eye - 305  

ආනයන කරනු ලබන්නේ කවර වාහනද එසේම කවර දිනකදීද යන්න සම්බන්ධයෙන් පමණක් මේ වන විට තීරණයක් ගෙන ඇති නමුත් වාහන ආනයනයේදී අයකරන බදු සම්බන්ධයෙන් තවමත් තීරණයක් ගෙන නොමැති බව කැබිටන් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවැසීය.

ඊශ්‍රායල් රැකියා සදහා අයදුම් කර ඇති ශ්‍රමිකයින්ට සිය තොරතුරු ලබාගැනීම සඳහා නව වෙබ් ද්වාරයක් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ දින (2024.12.23) හදුන්වා දෙන ලදී.

Read More

යාපනය පලාලි යුදහමුදා කඳවුරේ සේවයේ නිරත වූ යුදහමුද සැරයන් වරයෙකු ඊයේ (23) දින හදීසියේ ඇති වූ අසනීප තත්වයක් හේතුවෙන් මිය ගෙස් ඇතැයි යපනය පොලීසිය පැවසීය.

Read More

අයහපත් කාලගුණය හේතුවෙන් විනාශයට පත්වූ කුඹුරු හෙක්ටයාරයක් වෙනුවෙන් රුපියල් ලක්ෂයක උපරිම මුදලක් ලබාදීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

Read More

විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වශයෙන් චාමින්ද හෙට්ටිආරච්චි මහතා 2025 ජනවාරි 01 වැනිදා සිට පත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

Read More

දේශපාලන අධිකාරිය වෙනස් වුවද රාජ්‍ය යාන්ත්‍රණය මුළුමනින්ම කනපිට ගැසුනු බවට කිසිවෙකුට ප්‍රකාශ කළ නොහැකි බව කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

Read More

මොනරාගල හා අම්පාරේ රක්ෂිත වනාන්තර 211 කට අයත් හෙක්ටයාර 49000 ක් ගැසට් කර අයිතිය තහවුරු කරගෙන නෑ.. කඩිනමින් මිනුම් කර ගැසට් කරන ලෙස විගණනයෙන් නිර්දේශ කරයි.

Read More

මෙම වෙඩි ප්‍රහාරය 24 දින අලුයම් කාලයේ දී සිදුව තිබෙන බව පොලිසිය සඳහන් කරයි. ජාඇල වැලිගම්පිටිය ශාන්ත ආනා මාවතේ නිවසකට වෙඩි ප්‍රහාරය එල්ල වී ඇත. වෙඩි තැබීම සදහා පුද්ගලයන් දෙදෙනෙකු යතුරු පැදියකින් පැමිණ ටී 56 ගිනි අවියකින් වෙඩි ප්‍රහාර 38 ක් එල්ල කර ඇතැයි පොලිසිය කියයි.

Read More

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය සඳහා අලි ඇතුන් යොදා ගැනීමට හැකියාව පිළීබදව රජයේ අවධානය යොමු කළ යුතු බව මාතලේ දිස්ත්‍රික් ගොවි සංවිධාන නියෝජිතයින් පවසයි. විශේෂයෙන් සංචාරකයන් විශාල වශයෙන් පැමිණෙන හබරණ ප්‍රදේශයේ කළකට පෙර අලින් 10ක් 15ක් සිටියත් අද වන විට සිටින්නේ දෙදෙනෙකු පමණක් බවත් ගොවි නියෝජිතයින් පෙන්වා දුන්නේය.

Read More

ප්‍රවීන ගායන ශිල්බී ප්‍රියා සූරියසේන මහතා අභාවප්‍රාප්ත විය.

Read More

වර්තමානයේ රට තුළ පවතින සහල් හිඟය හේතුවෙන් සහල් ආනයනය සඳහා පෞද්ගලික අංශයට ලබා දී තිබූ කාලය ලබන ජනවාරි 10 වැනිදා දක්වා දීර්ඝ කළ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

Read More

මුදල් විශුද්ධිකරණය වැළැක්වීම සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඬ පැවැත්වීම පිළිබඳ ආසියා ශාන්තිකර කණ්ඩායම විසින් පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකාවේ අන්‍යෝන්‍ය ඇගයීම සඳහා සූදානම් වීමේ වැදගත්කම පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (23) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

Read More

නත්තල් දිනය නිමිත්තෙන් බන්ධනාගාරගත රැඳවියන්ට විවෘත අමුත්තන් බැලීමේ අවස්ථාවක් හෙට(25දා) ලබාදෙන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

සාමාන්‍ය මට්ටමේ බිත්තරයක තොග මිල අද (23දා) රුපියල් 20 ක් දක්වා පහත වැටී තිබුණද බිත්තරයක නිෂ්පාදන වියදම රුපියල් 28 -30 අතර මට්ටමේ පවතින බව සමස්ත ලංකා කුඩා කර්මාන්ත කරුවන්ගේ සංගමය සඳහන් කරයි.

Read More

කොළඹ වරාය සමීපයේදී 2021 වසරේ ගිනිගැනීමෙන් විනාශයට පත්වූ MV -X PRESS PEARL නෞකාවෙන් විසිරුණු ප්ලාස්ටික් පබළු ඇහිඳීමේ කටයුතු වෙනුවෙන් ඉකුත් වසරේ අවසානය වන විට රුපියල් 802,016,487 ක මුදලක් වැයකර ඇතැයි ජාතික විගණන කාර්යාලය සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියට අදාළව නිකුත් කළ විගණන වාර්තාවකින් අනාවරණය කර තිබේ.

Read More

-සුළු රෝගවලට පවා ඇමතීමෙන් හදිසි රෝග සත්කාරවලට බාධා

Read More

මේ වසරේ නොවැම්බර් මාසයේදී මෙරට උද්ධමනය -1.7%ක අගයක් ගන්නා බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි. ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව මාසිකව මෙම උද්ධමනය ගණනය කෙරේ. ඔක්තෝබර් මාසයේදී මෙම උද්ධමනය -0.7%ක් ලෙස සටහන් විය.

Read More

-දැන් ඉන්න ඇමතිවරුත්ගේ නමුත් එතන තියෙනවා

Read More

ශල්‍යකර්මයක් සඳහා ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුලත් කළ 9 හැවිරිදි පිරිමි දරුවෙකු ශල්‍යකර්මයෙන් පසු පියවී සිහිය නොලබාම මියයාම රෝහලේ කාර්ය මණ්ඩලය වගකිවයුතු බව සඳහන් කරමින් ඥාතීන් විසින් පොලිසියට පැමිණිලි කර ඇත.

Read More

ඩොලර් බිලියන 12.55 ක සෛවරීත්ව බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීමත් සමග ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම දැමීමට ලොව ප්‍රමුඛ පෙළේ ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන මූඩිස් ආයතනය කටයුතු කර තිබේ.

Read More

හැටන් සිට මහනුවර දක්වා ධාවනය වෙමින් තිබියදි අනතුරට පත් පෞද්ගලික බස් රථය නුවරඑලිය දිස්ත්‍රික් ප්‍රධාන මොටර් රථ පරික්ෂක දමින්ද සේනානායක මහතා විසින් අද (23) දින පරික්ෂාවට ලක් කෙරිණ.

Read More

මීට පෙර මම කවදාවත් දුම්රියක ගමන් කරලා නැහැ. මගේ වුවමනාවට තමයි රේල් පාර දිගේ ගමන් කලේ , තරිණි මමයි කුඩා කල සිට එකට ඉස්කෝලේ ගියේ, අපි මිතුරන්... ---- අනුරාධපුර දුම්රිය අනතුරේ ඡායාරූප ගනිමින් සිටි විහඟ සිතුවම් , මරණ පරීක්ෂණයේදී පැවසීය.

Read More

ප්‍රධාන දුම්රිය මාර්ගයේ ගම්පහ - ජාඇල මාර්ගය හරහා සැතපුම් 16 දම්වැල් 21 හා සැතපුම් 16 දම්වැල් 22 ස්ථානයන්හි පිහිටි දුම්රිය හරස් මාර්ග අළුත්වැඩියා කටයුතු සඳහා 2024.12.28 දින පෙරවරු 8.00 සිට 2028.12.29 දින පස්වරු 6.00 දක්වා සම්පූර්ණ වශයෙන් 2024.12.30 පෙරවරු 9.00 සිට පස්වරු 5.00 දක්වා අර්ධ වශයෙන්ද වාහන ගමනා ගමනයට වසා තැබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

Read More

දිගන ප්‍රදේශයේ රූගත කළ චිත්‍රපටියක අවශ්‍යතාවය සඳහා මුද්‍රණය කළ බව කියන ව්‍යාජ රුපියල් 5000 මුදල් නෝට්ටු හතරක් රැගෙන භාණ්ඩ මිලදී ගැනීමට පැමිණි පාසල් සිසුන් හතර දෙනකු සම්බන්ධයෙන් සිදුකළ පොලිස් විමර්ශනයෙන් අනතුරුව එම චිත්‍රපටයේ අධ්‍යක්ෂක සහ කලා අධ්‍යක්ෂක අත්අඩංගුවට ගත් බව තෙල්දෙණිය පොලිසියේ විශේෂ අපරාධ විමර්ශන ඒකකය කියයි.

Read More

සාමාන්‍ය පෙල විභාගය මැද පුංචි ඡන්දය පවත්වා දරුවන්ගේ අනාගතය විනාශ කරන්න එපා යැයි ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි. ඒ මහතා මේ බව සදහන් කර සිටියේ අද (23දා) පෙරවරුවේ පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි. එහිදී පිවිතුරු හෙළ උරුමය නායකයා වැඩි දුරටත් මෙසේ අදහස් දැක්වීය.

Read More

සෞඛ්‍ය සදහා ජනතාවට ප්‍රවේශවීමට තිබෙන අයිතිය මූලික මිනිස් අයිතිවාසිකමක් බවට නව ව්‍යවස්ථාව මගින් ප්‍රකාශයට පත්කරන බවත්, එය කඩවන අවස්ථාවක අධිකරණයේ පිහිට පැතීමට පවා එමගින් ජනතාවට හැකි වන බවත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

Read More

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.චන්ද්‍රසේන මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා නායකත්වය දරණ සර්වජන බලය සමග එක්ව තිබේ.

Read More

නවසීලන්ත කණ්ඩායමට එරෙහිව ක්‍රීඩා කරනු ලබන ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කර තිබේ.

Read More

ජාතික ජන බලවේගයට අනුබද්ධ සමස්ත ලංකා වතු කම්කරු සංගමයේ සමාජිකත්වය ලබාගත් එකම පවුලේ තිදෙනෙකුට ලංකා කම්කරු කොන්ග්‍රසයේ ආධාරකරුවෙකු පහර දුන්නේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් මත එම ආධාරකරුවා (22) දින අත්අඩංගුවට ගත් බව නොර්වුඩ් පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක රාජනායක පැවසිය.

Read More

ගම්පහ නගරයේ රාත්‍රී හෝටල් ඇතුලු වෙළෙඳසල් පරීක්ෂාවට ලක් කළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් දැඩි අපිරිසිදු තත්ත්වයෙන් පැවති ස්ථාන 16 කට අධිකරණය හමුවේ නඩු පැවරීමට පියවර ගනු ලැබූ බව ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සදහන් කරයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.