saravita-anim2

2025 ජනවාරි මස 22 වන බදාදා

2025 ජනවාරි මස 22 වන බදාදා

Latest News - timelapse 435 hours ago

LATEST

මැතිවරණයට අදාළව විශේෂ සාකච්ඡාවක්

calendar_today 2024 ඔක් 14 - 22:09 remove_red_eye - 137  

පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ ව දේශපාලන පක්ෂ ලේකම්වරු සහ මැතිවරණ කොමිෂන් සභාව අතර හෙට (15දා) විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට සැලසුම් කර තිබේ.

ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ මාලිමා රජයක් විසින් සිදුකරනු ලබන සංවර්ධන කටයුතු සඳහා පක්ෂයක් ලෙස ඉදිරියේදී උපරිම සහාය ලබාදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙහි ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් මහතා පැවසීය.

Read More

පොතුවිල් මූලික රෝහල මධ්‍යම රජයට පවරා ගනිමින් රෝගී ප්‍රතිකාර සේවා පුළුල් කිරීමට තීරණය කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්, විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා ප්‍රකාශ කළේය.

Read More

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වන දැනට ප්‍රසිද්ධ නොකල එස් අයි ඉමාම් වාර්තාව සහ ඒ එන් ජේ ද අල්විස් වාර්තාව ප්‍රසිද්ධියට පත්කිරීමට තමන් ආණ්ඩුවට දින 7ක කාලයක් ලබාදෙ බව පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි. එසේ නොමැති නම් තමන් විසින් එම වාර්තා ප්‍රසිද්ධියට පත්කරන බවත් එම වාර්තා ප්‍රසිද්ධ කල පසු අනුර පානයෙන් මත්ව සිටින ජනතාවකට සිහි එළවා ගත හැකි වෙනු ඇතයි තමන් විශ්වාස කරන බවත් ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.

Read More

තෙල්දෙණිය පොලිසිය අත්අඩංගුවට ගත් සැකකරුවකුගේ ලිංගයට නයි මිරිස් දියකර වත් කිරීමේ සිද්ධියට අදාලව තරුණයකු ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමේ තෙල්දෙණිය පොලිස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් වෙනුවෙන් නීතීපතිවරයා පෙනී නොසිටින බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට අද (14) දැනුම් දුන්නේය.

Read More

පාසැල් සිසුන් , කාර්මික විද්‍යාල සිසුන් සහ විශ්ව විද්‍යාල සිසුන්ට නිකුත් කරනු ලබන බස්ගමන් වාර ප්‍රවේශ පත්‍ර මගින් සෙනසුරාදා , ඉරිදා සහ අනෙකුත් සියලු නිවාඩු දිනයන්හිදීද බධාවකින් තොරව ගමන් කිරීමට අවසර ලබා දෙන ලෙස ප්‍රවාහන අමාතච්‍ය විජිත හේරත් මහතා ගමනාගමන මණ්ඩල සභාපතිතුමාට උපදෙස් දී ඇත.

Read More

අයහපත් කාලගුණය හේතුවෙන් විපතට පත් කොළඹ, ගම්පහ, පුත්තලම හා කළුතර ජනතාවට කඩිනමින් සහන සැපයීම ප්‍රමුඛ කාර්යය කර ගන්න සහන ලබා දීම සඳහා අතිරේකව වෙන් කරන ලද රුපියල් මිලියන 50ට අමතරව මුදල් අවශ්‍ය නම් ඒ සඳහා ප්‍රතිපාදන වෙන් කරන්න

Read More

හිටපු කැබිනට් අමාත්‍යවරයෙකු සහ මධ්‍යම පළාත් හිටපු ප්‍රධාන අමාත්‍යවරයෙකු වන නන්දිමිත්‍ර ඒකනායක මෙවර මහ මැතිවරණයේදි එක්සත් ප්‍රජාතන්ත්‍රවාදි හඩ පක්ෂයෙන් පාර්ලිමෙන්තු මැතිවරණයට ඉදිරිපත්ව සිටියි.

Read More

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන්දි ස්ත්‍රික් 16ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 89ක පවුල් 40,516ක පුද්ගලයන් 158,391ක් පීඩාවට පත්ව සිටින බව ආරක්ෂක අමාතයාංශයේ ආපධා කළමනාකරණ අතිරේක ලේකම් කේ.සී.ධර්මතිලක මහතා පැවසීය.

Read More

නවසීලන්තයට එරෙහි ටෙස්ට් තරගාවලියේදී දැක්වූ දක්ෂතා හේතුවෙන් ඔහුට මෙම සම්මානය හිමිව තිබේ.

Read More

2024 ජනවාරි සිට සැප්තැම්බර් දක්වා මාස 09ක කාලපරිච්ඡේදය තුළ දී විදෙස්ගත ශ්‍රමිකයින්ගෙන් මෙරටට ලැබී ඇති සමස්ත ප්‍රේෂණ වටිනාකම එක්සත් ජනපද ඩොලර් මිලියන 4,843.8 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

Read More

2024 පස්වැනි ශ්‍රේණියේ ශිෂ්‍ය්ත්ව විභාගය යළි පවත්වනවාද නැද්ද යන්න විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා අද මාධ්‍ය හමුවට එක්වෙමින් දැනුම්දෙන ලදී.

Read More

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සාජා නුවර පැවති විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම එහි පැවැත්වු සියලුම තරග පරාජයට පත් වීමෙන් පසු 10/13 දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ .

Read More

වැට් බදු ගෙවීම පැහැර හැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝෂියස් මහතා ඇතුළු තුන්දෙනෙකුට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් මාස 06ක සිරදඬුවම් නියම කර තිබේ.

Read More

2023 අංක 9 දරන දුෂණ විරෝධී පනතෙහි (සංශෝධන පරිදි) විධිවිධාන යටතේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පත්කිරීම සඳහා අයදුම්පත් කැඳවීම ආරම්භ කර ඇත.

Read More

ප්‍රවාහන අමාත්‍යංශයට අයත් පෙජෙරෝ ජිප් රථයක් දිරාපත් විමට අත්හැර දමා තිබියදි නුවරඑලිය පොලිසිය විසින් (13) දින පස්වරුවේ සොයාගත් බව නුවරඑලිය පොලිස් ස්ථානයේ උසස් නිලධාරියෙකු පැවසිය.

Read More

තීරු බදු නොගෙවා, නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ රුපියල් තිස් හත් ලක්ෂ පනස් දහසක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් රැගත් ගුවන් මගී කාන්තාවක් ඒවා ගුවන් තොටුපොළෙන් පිට කර යමින් සිටියදී 10/13 දින පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

Read More

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කරුණාරත්න පරණවිතාන මහතාද සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් අපේක්‍ෂකත්වයෙන් ඉල්ලා අස්ව‍ තිබේ. ඒ අනුව ඒළැඹෙන මහ මැතිවරණයේදී තමන්ට ඡන්දය දිමෙන් වළකින ලෙස ඒ් මහතා ජනතාවට දැනුම් දෙයි.

Read More

තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් නිකුත් කර තිබේ. අද පෙරවරුවේ නිකුත් කළ මෙම නිවේදනය ඉදිරි පැය 24ක් දක්වා වලංගු වෙයි.

Read More

තියුණු ආයුධ තොගයක් රැගෙන පුද්ගලයෙකු ඝාතනය කිරීම සඳහා යමින් සිටි පුද්ගලයන් සිව් දෙනකු රත්මලාන බෙලෙක්කඩේ හන්දිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස මූලස්ථාන පොලිසිය කියයි.

Read More

කැලණිමුල්ල දෙපා ඇලේ ඔරුවක් පෙරළීමෙන් අතුරුදන්ව වු යුද හමුදාවේ හිටපු සිවිල් ක්‍රීඩා පුහුණුකරුගේ මළ සිරුර අද (13)පෙරවරුවේ සොයා ගත් බව මුල්ලේරියාව පොලිසිය කියයි.

Read More

සමගි ජන බලවේගයේ කාන්තා සංවිධානය වන සමගි වනිතා බලවේගයේ ජාතික සංවිධායක හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය එම තනතුරෙන් ඉවත් වීමට තීරණය කර තිබේ. ඇය සිය ඉල්ලා අස්වීමේ ලිපිය සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතාට යොමු කර ඇත .

Read More

ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ කොළොන්නාව සහ කඩුවෙල අධ්‍යාපන කොට්ඨාසවල සියලුම පාසල්ද ගම්පහ දිස්ත්‍රික්කයේ වත්තල අධ්‍යාපන කොට්ඨාසයේ සියලුම පාසද හෙට දිනයේ වසා තැබෙයි.

Read More

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක අටක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 44ක් සඳහා පනවා තිබු නායයාමේ පුර්ව අනතුරු ඇඟවීමේ නිවේදන තවදුරටත් දිර්ඝ කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ඊයේ (13) පස්වරුවේ පියවර ගෙන තිබේ.

Read More

පසුගිය රජයේ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැවැල්ල මහතා දේශපාලනයට තාවකාලිකව සමු දෙන බව මහනුවර ප්‍රධාන පෙළේ හෝටලයක සංවිධානය කොට තිබූ ඔහුගේ අනුගාමිකයන්ගේ සුහද හමුවකදී ප්‍රකාශයට පත් කළේය.

Read More

2015 ආන්දෝලනාත්මක බැඳුම්කර ගනුදෙනුව, පාස්කු ප්‍රහාරය ඇතුළු නඩු හතකට අදාළ පරීක්ෂණ කඩිනම් කරන ලෙසට මහජන ආරක්ෂක අමාත්‍යංශය වැඩ බලන පොලිස්පති ට උපදෙස් ලබා දී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය

Read More

සංචාරක වීසා මත මෙරට රැඳී සිටිමින් අන්තර්ජාලය හරහා මූල්‍ය වංචා සිදුකළ චීන ජාතිකයින් 130 දෙනෙකු මහනුවර පොලීසිය විසින් ඊයේ (12) කුණ්ඩසාලේ, ප්‍රදේශයේ ප්‍රදේශයේ පිහිටි හෝටලයක දී අත්අඩංගුවට ගනු ලැබීය.

Read More

පවතින අයහපත් කාලගුණයත් සමගම දියවන්නා ඔය පිටාර ගැලීමෙන් පාර්ලිමේන්තු සංකීර්ණය තුළට ජලය ගලාගෙන ඒම වැළැක්වීම සඳහා පිවිසුම් දොරටු ආවරණය වන පරිදි වැලි කොට්ට ඇතිරීම ඊයේ (12) සිදු කෙරිණි.

Read More

අඹුසැමි ආරවුලක් දුරදිග යාමෙන් මාමා විසින් මෝල්ගසකින් පහර දීමෙන් බෑනා මියගොස් තිබෙන බව බලංගොඩ පොලිසිය සදහන් කරයි.

Read More

නුවරඑලිය නගරයේ පිහිටි නිවසක් ඉදිරිපිට ගාල් කර තිබු සැක සහිත පෙජෙරෝ වර්ගයේ ජිප් රථයක් නුවරඑලිය පොලිසිය විසින් (12) දින පොලිස් භාරයට ගෙන ඇත.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.