saravita-anim2

2025 අප්‍රේල් මස 20 වන ඉරිදා

2025 අප්‍රේල් මස 20 වන ඉරිදා

Latest News - timelapse 442 hours ago

LATEST

සබරේ ආචාර්ය සහ මහාචාර්යවරුන් 292දෙනෙකුගේ පුරප්පාඩු

calendar_today 2025 ජන 09 - 07:48 remove_red_eye - 286  

සබරගමුව විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන් සහ මහාචාර්යවරුන් 292දෙනෙකුගේ පුරප්පාඩු පැවතීම නිසා අධ්‍යයන කටයුතුවලට ගැටලුකාරී තත්ත්වයක් උදා වී ඇතැයි සබරගමු ශිෂ්‍ය සංගමයේ සභාපති කිෂ්ණක නෙරන්ජින් පැවසීය.

දුම්රිය ස්ථානාධිපතිවරුන්ට ඇති වී තිබෙන ගැටලු දෙකකට දින 14ක් තුළ විසඳුම් ලබා දීමට කටයුතු නොකළහොත් වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බව ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය සඳහන් කරයි.

Read More

පාස්කු දා මෙරට කතෝලික පල්ලි සහ තරු හෝටල් ඉලක්ක කර එල්ල කළ ප්‍රහාරයට ආධාර අනුබල දුන්නේ යැයි කියමින් සැකපිට අත්අඩංගුවට ගෙන රඳවාගෙන ප්‍රශ්න කරන සැකකරුවෙකු එම ප්‍රහාරයට අදාළ සිද්ධීන් සම්බන්ධයෙන් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා හමුවේ වසර ගණනාවකට පසු පැයක පමණ කාලයක් පුරා පාපොච්චාරණය කළේය.

Read More

රජයේ මුදල් පිළිබඳ කාරක සභාවෙන් රෙගුලාසි තුනකට සහ නියෝගයකට අනුමතිය... 2025 ජුනි 2 ට පෙර ශ්‍රී ලංකා මහබැංකුවේ (CBSL) ලියාපදිංචි වන ලෙස උන්ඩියල් සහ හවාලා ක්‍රියාකරුවන්ට දැනුම් දුන් බව නිලධාරීන් පවසයි

Read More

ක්ෂය රෝග තත්ත්වයට ගොදුරු වූවන් අටදහසකට ආසන්න පිරිසක් බස්නාහිර පළාත තුළ ඇතැයි සැකකරන බවත්, දෙසතියකට වඩා කැස්ස පවතින්නේ නම් වහාම ළඟම රජයේ රෝහලට ගෙස් පරීක්ෂා කර ගැනීම වඩාත් සුදුසු වන්නේ යැයි ක්ෂය රෝග මර්දන ජාතික වැඩසටහනේ සෞඛ්‍ය අධ්‍යාපන නිලධාරී සන්ධ්‍යා කුමුදුනී මහත්මිය සඳහන් කළාය.

Read More

මෙරටට පැමිණෙන වෙළෙඳ නෞකා, යුද නෞකා සියල්ලක්ම පැමිණෙනුයේ ජාත්‍යන්තර සම්මුතීන්වලට අනුකූලව බවත්, එම නෞකාවලට සේවාවන් සැපයීම වෙළෙඳ කටයුත්තක් සේම, දෙරට අතර තිබෙන සම්බන්ධතා උඩ පැමිණෙන යුද නෞකා සමග සිදුකරන මෙහෙයුම් තවදුරටත් සිදුකරන බව නව නාවික හමුදාපති වයිස් අද්මිරාල් කංචන බානගොඩ මහතා පවසයි.

Read More

ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට සමගාමීව මාර්ග අනතුරු අවම කර ගැනීම වෙනුවෙන් පොලීසිය ක්‍රියාත්මක කරන රථ වාහන මෙහෙයුම හා බස් සංගම් නියෝජිතයන් අතර පැවැති සාකච්ඡාවේදී බස් සංගම් ඉදිරිපත් කළ එක් කරුණකට වැඩබලන පොලිස්පතිගේ එකඟතාව ලැබී ඇති අතර තවත් කරුණකට එකඟතාව දක්වා නොමැත.

Read More

පොලිස් රථවාහන මෙහෙයුම් සම්බන්ධයෙන් බස් සංගම් සහ වැඩබලන පොලිස්පතිවරයා අතර අද (08දා) පැවැති සාකච්ඡාව සාර්ථක බව බස් සංගම් නියොජිතයෝ සඳහන් කරති.

Read More

උතුරු මැද පළාතේ පාසල් තුන්වන වාර පරීක්ෂණයේ 6, සහ 7ශ්‍රේණිවල භූගෝල විද්‍යා ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු පත්‍ර, විභාගය පැවැත්වීමට පෙර අන්සතු කර, බාහිර සමාජයට මුදාහැරීමේ චෝදනාව මත වරද පිළිගත් ගුරුවරියගේ වැඩ තහනම් කළ බව උතුරු මැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව පවසයි.

Read More

විල්පත්තු ජාතික වනෝද්‍යාන මුහුදු තීරයේ කොල්ලන් කනත්ත ප්‍රදේශයේ මියගොස් සිටිය දී සොයා ගනු ලැබූ ඩොල්ෆින් මත්ස්‍යයන්ගෙන් ලබා ගත් ශරීර කොටස් වැඩිදුර පරීක්ෂණ සඳහා පේරාදෙණිය පශු වෛද්‍ය පීඨය වෙත යොමු කොට ඇති බව වනජීවි දෙපාර්තමේන්තුව පවසයි.

Read More

පානදුර ප්‍රසිද්ධ හෝටලයක මාළු පාන් ගෙඩියකින් ලයිටරයක කොටස් මතුවූ පුවතක් පානදුර සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලයෙන් වාර්ථාවේ.

Read More

“Gem Sri Lanka – 2025” මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිනමන් බෙන්තොට බීච් හෝටලයේදී අද (08) පෙරවරුවේ ඉතා උත්කර්ෂවත් ලෙස ආරම්භ විය.

Read More

පසුගිය 2024 වසරේ දෙසැම්බර් මාසයට වඩා2025 මාසයේ මුල් සතියේම අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක තොග මිල පහත වැටී තිබුණත් එහි වාසිය සිල්ලර මිලදී ගන්නා පාරිභෝගික ජනතාවට ලැබී නැති බව ජනතාව පවසති

Read More

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව පැවති දෙවැනි එක්දින ක්‍රිකට් තරගයෙන් ඩක්වත් සහ ලුවිස් න්‍යායට අනුව ලකුණු 113ක ජයක් වාර්තා කිරීමට නවසීලන්ත කණ්ඩායම මීට සුළු මොහොතකට පෙර සමත් විය.

Read More

රුපියල් නව කෝටි හැත්තෑ ලක්ෂයක් ( රුපියල් මිලියන 97 ක් ) වටිනා කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් , සිය ගමන් මල්ලේ සගවා ගෙන , කටුනායක ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ’’ හරිත මාවත ’’ ( Green Channel ) ඔස්සේ පිට වී යාමට තැත් කළ විදේශිකයෙකු , ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් 01/08 දින අලුයම අත් අඩංගුවට ගෙන තිබේ. මොහු 66 හැවිරිදි බොස්නියානු ජාතිකයෙකි.

Read More

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මේ වසරේදි ශ්‍රී ලංකාවේ සංචාරය කරනු ඇතැයි ශ්‍රි ලංකාවේ ඉන්දිය මහ කොමසාරිස් කාර්යාලය ඳසහන් කරයි.

Read More

2026 වර්ෂය ආරම්භයේ සිට විභාග දෙපාර්තමේන්තුව මගින් පවත්වනු ලබන විභාග සැලැස්ම පෙර පැවති පරිදි සාමාන්‍ය තත්ත්වයට පත්කර ගැනීමට හැකියාව තිබෙන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිණි අමරසූරිය පැවසීය.

Read More

ලංකාවට ආවේණික කීරි සම්බා කිලෝවක මිල සිංහල අලුත් අවුරුදු සමය වන විට රුපියල් 400 දක්වා වැඩිවීමේ අවදානමක් පවතින බව හිටපු කෘෂිකර්ම අධ්‍යක්ෂක කේ.බී. ගුණරත්න මහතා පවසයි.

Read More

පසුගිය වසරේ පැවැත්වූ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශණ කිහිපයක් විභාගයට පෙර පිටවීම හේතුවෙන් පිළිතුරුපත් බැලීම සහ ප්‍රතිඑළ නිකුත්කිරීම අත්හිටුවීමක්ට ලක්වුනි. අධිකරණ නියෝගයෙන් අනුතුරුව එහි පිළිතුරැපත් ඇගයීම අද (08) දින සිට ආරම්භ වී ඇත.

Read More

ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය අනුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් 11 දෙනෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවිම් ලබාදිමට පොලිස් මූලස්ථානය කටයුතු කර තිබේ.

Read More

ඡන්ද විමසීම 2023.03.09 දින කැඳවනු ලැබ එදින පැවැත්වීමට නොහැකිවූ සහ කල්තබා ඇති ඇතැම් පළාත් පාලන ආයතන සම්බන්ධයෙන් අලුතින් නාම යෝජනා කැඳවා අලුතින් ඡන්ද විමසීම පැවැත්වීමට විධිවිධාන සැළැස්වීමට අදාළ 2024 පළාත් පාලන ආයතන ඡන්ද විමසීම (විශේෂ විධිවිධාන )පනත සඳහාවූ පනත් කෙටුම්පත රාජ්‍ය පරිපාලන ,පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය මගින් ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත්කර ඇත.

Read More

පොලීසිය මගින් ආරම්භ කර ඇති බස්රථ පරීක්ෂාවේ ක්‍රමවේදයට විරෝධය පා දීප ව්‍යාප්ත පෞද්ගලික බස් වර්ජනයක් සිදුකරන බව ඊයේ දිනයේදී වාර්ථා විය.

Read More

දේශීය තිරිඟු පිටි සමාගම් දෙකෙහි තිරිඟු පිටි මිල සහ මාගරින් සඳහා පනවා ඇති බදු රජය මැදිහත් වී අඩු කරන්නේ නම් පාන් ගෙඩියක් රුපියල් 10කින් සහ සෙසු බේකරි නිෂ්පාදන රුපියල් 10ත් 05ත් අතර මිලකින් අඩු කරන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා පවසයි.

Read More

මහනුවර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු සහ රාජ්‍ය අමාත්‍යවරයෙකු වූ ලකී ජයවර්ධන මහතා අභාවප්‍රාප්ත වී තිබේ. ඒ මහතා අඟහරුවාදා (07) රාත්‍රී ඔහුගේ නිවසේ ඇද වැටීමකට ලක්ව ප්‍රතිකාර සඳහා මහනුවර ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු අභාවප්‍රාප්ත වී තිබේ.

Read More

සංචාරක ශ්‍රි ලංකා කණ්ඩායම හා සත්කාරක නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්විමට නියමිත දෙවැනි එක්දින තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රි ලංකා කණ්ඩායම මුලින්ම පන්දු යැවිමට තිරණය කළේය. තරගයට වර්ෂාවෙන් බාධා ඇතිවිම හේතුවෙන් තරගය පන්දුවාර 37කට සිමා කර තිබේ.

Read More

ජනපති අනුර කුමාර දිසානායක මහතාගේ චීන සංචාරය ලබන 14දා ආරම්භ කිරීමට නියමිතව තිබේ. සිව් දින නිල සංචාරයක් වන මෙම සංචාරයට අමාත්‍යවරුන් වන බිමල් රත්නායක හා විජිත හේරත් යන මහත්වරුන්ද එක්වීමට නියමිතය.

Read More

මෝටර් රථ ආනයනය, බදු ප්‍රතිසංස්කරණ සහ ඩිජිටල්කරණය පිළිබඳ ජනාධිපතිවරයා සහ මුදල් අමාත්‍යංශ නිලධාරීන් අතර සාකච්ඡා වත්මන් අභියෝග මධ්‍යයේ වුවද ජනතාවට ලබා දෙන ප්‍රතිලාභ ඉහළ නැංවීමට ජනපතිගේ අවධානය

Read More

රට පුරා පාසල් පද්ධතිය තුළ ඉංග්‍රීසි ,විද්‍යාව ගණිතය ,ඇතුළු ප්‍රධාන විෂයන් සඳහා ගුරුවරු 30,000කට ආසන්න සංඛ්‍යාවක පුරප්පාඩු පවතින බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි. අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරන්නේ මෙම පුරප්පාඩු සඳහා පියවරෙන් පියවර ගුරුවරු බඳවා ගැනීමට ඉදිරියේදී කටයුතු කරන බවයි.

Read More

2024 යල කන්නයේදී වී අලෙවි මණ්ඩලය විසින් මිලදී ගෙන අම්පාර ,පරගහකැලේ ගබඩාවේ එක්රැස් කර තිබූ කීරි සම්බා වර්ගයේ වී කිලෝග්‍රෑම් 119,699 ක තොගයක් ටෙන්ඩර් පදනමින් වී මෝල් හිමියන්ට විකිණීමට වී අලෙවි මණ්ඩලය සැරසෙයි.

Read More

ගම්පහ දිස්ත්‍රික්කයේ දරුවන් අතර මානසික අවපීඩනය (Depression) මත සියදිවි නසා ගැනීමේ වැඩි වීමක් පවතින බවත්, මේ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කිරීම විය යුතු බවත් දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී ප්‍රකාශ විය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.