saravita-anim2

2025 අප්‍රේල් මස 19 වන සෙනසුරාදා

2025 අප්‍රේල් මස 19 වන සෙනසුරාදා

Latest News - timelapse 58 hours ago

LATEST

රෙදිපිළි මිල සියයට 40කින් පහළට

calendar_today 2025 අප්‍රේ 06 - 16:31 remove_red_eye - 474  

පසුගිය අලුත් අවුරුද්දට සාපේක්ෂව මෙවර අලුත්අවුරුදු සමයේ රෙදිපිළි මිල සියයට 40කින් පමණ අඩුවි ඇති බැව් රෙදිපිළි හා රෙදිපිළි උපාංග ආනයනකරුවන් පවසති.

අලුතින් පුහුණුව ලැබු විශේෂ කාර්ය බළකා භටයන් 500 දෙනකු හෙට (07) විසිර යාමට නියමිත බවත් එම සියලු විශේෂ කාර්ය බළකා භටයන් මෙරට ක්‍රියාත්මක පාතාල ක්‍රියාකාරකම් මර්ධනය සඳහා යොදවන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.

Read More

සිර මැදිරියේරඳවා සිටි සැකකරුවකු පිටතට ගෙන නිල කාමරය වෙත රැගෙන ගොස් එම පුද්ගලයා සහ කොස්තාපල්වරයකු සමඟ මත්පැන් සාදයක් පවත්වා පොලිස් සැරයන් වරයෙකුට ද පහර දුන් අලුත්ගම පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාගේ සහ කොස්තාපල්වරයාගේ රාජකාරී වැඩ තහනම් කළ බව කළුතර කොට්ඨාස භාර ජේෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලය සඳහන් කරයි.

Read More

ශ්‍රී ලංකාවේ සංචාරය නිමාකරමින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අද පස්වරුවේදී දිවයිනෙන් පිටත්ව ගියේය.

Read More

ප්‍රභල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

Read More

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගායවලියේ තවත් තරගයක් අද(06දා) පැවැත්වේ.

Read More

උතුරු දුම්රිය මාර්ගයේ ඉන්දීය ආධාර මත සංවර්ධනය කළ මහව-ඕමන්තේ දුම්රිය මාර්ගය ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හා ජනපති අනුර කුමාර දිසානායක මහතා එක්ව අනුරාධපුරයේදී විවෘත කරනු ලැබීය.

Read More

ශ්‍රී ලංකා නිල සංචාරයේ අවසන් දිනය ගත කරමින් සිටින ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අනුරාධපුර පූජා නගරයේ සංචාරයකට එක්විය.

Read More

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ක්ෂේත්‍ර කිහිපයකට අදාළව අත්සන් තැබුණු අවබෝධතා ගිවිසුම් 07ක් හුවමාරු කර ගැනීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඉන්දීයානු අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදී මහතා ඉදිරියේ අද (05) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු කෙරිණි.

Read More

පසුගියදා ඇතිවූ භූමිකම්පාව හේතුවෙන් ආපදාවට පත් මියන්මාරයේ ජනතාව වෙත සහන සැලසීමේ අරමුණින් බ්‍රිගේඩියර් පුණ්‍යා කරුණාතිලක ප්‍රමුඛ ත්‍රිවිධ හමුදා සාමාජිකයන් 26 දෙනෙකුගෙන් සමන්විත වෛද්‍ය හා විශේෂ සහන සේවා කණ්ඩායමක් අද (අප්‍රේල් 05) දින විශේෂ ගුවන් යානයකින් මියන්මාරය බලා පිටත්ව ගියහ.

Read More

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරාධනයෙන් මෙරට රාජ්‍ය සංචාරයක නිරත ඉන්දියානු අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතාගේ සංචාරයට සමගාමීව ඉන්දියානු රජයේ සහාය ඇතිව මෙරට ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘති 03ක වැඩ ආරම්භ කිරීම සහ විවෘත කිරීම අද (05) පෙරවරුවේ සිදු කෙරිණි.

Read More

රී ලංකා මිත්‍ර විභූෂණ ගෞරවාභිධාන සම්මානය ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා වෙත පිරිනැමීය.

Read More

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරාධනයකට අනුව රාජ්‍ය සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ඉන්දියානු අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතා පිළිගැනීමේ නිල උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී අද (05) පෙරවරුවේ පැවැත්විණ.

Read More

ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘INS SAHYADRI’ යුද නෞකාව නිල සංචාරයක් සඳහා 2025 අප්‍රේල් මස 04 වැනි දින දිවයිනට පැමිණි අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීම කොළඹ වරායේදී සිදු කෙරිණි.

Read More

ඌරගස්මංහන්දිය පොලිස් වසමේ බෙලිගස්වේල්ල ප්‍ර දේහ‍යේ නිවසක රැදි සිටි පුද්ගල‍යෙකුට නාඳුනන පුද්ගලයෙක් වෙඩි තබා පළාගොස් ඇති බව පොලිසිය පවසයි.‍

Read More

පොළොන්නරුව පොලිසියට අනුයුක්තව සේවය කරන ලද පොලිස් නිලධාරියකු ඊයේ (04) රාත්‍රී හප්පා පලා ගොස් ඇති අතර ඔහු මියගොස් ඇති බවට පොළොන්නරුව පොලිසිය පවසයි.

Read More

තෙදින නිල සංචාරයක් සදහා ඉන්දීය අග්‍රාමාත්‍යවරයා 04/04 දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා ද සනාථ කළේය .

Read More

පොලිස් ස්ථානාධිපතිවරුන් මාරු කිරීමට වැඩබලන පොලිස්පතිවරයාට දුන් බලය ඉවත් කිරීමට ජාතික පොලිස් කොමිෂන් සභාව තීරණය කර තිබේ.

Read More

කඩා වැටුණු වී අලෙවි මණ්ඩලය වැනි රාජ්‍ය ආයතන ප්‍රතිෂ්ඨාපනය කිරීමේ වගකීම ඉටු කරනවා

Read More

පළාත් පාලන මැතිවරණය සඳහා භාරදීමෙන් පසු ප්‍රතික්ෂේප කෙරුණු නාම යෝජනා පත්‍ර 37 කට ආසන්න සංඛ්‍යාවක් යළි භාර ගන්නා ලෙස අදාළ තේරීම් භාර නිලධාරීන්ට අභියාචනාධිකරණය අද (04) නියෝග කළේය.

Read More

විදේශ ප්‍රේෂණ මත, එතෙර රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයින් වෙත පූර්ණ විද්‍යුත් වාහන ආනයනය කිරීම සඳහා බලපත්‍ර ලබාදීමේදී විශාල අවභාවිතයක් සිදු වී ඇති බව කෝපා කමිටුවේදී අනාවරණය වෙයි. බලපත්‍ර නිකුත් කිරීමේදී මුදල් විශුද්ධිකරණයක් සිදුවී තිබේදැයි සැක සහිතයි - විගණකාධිපතිවරයා 2024 සැප්තැම්බර් 30 දක්වා ආනයනය කර තිබූ වාහන 921 ක් සඳහා සුඛෝපබෝගී බදු නිදහස් සීමාව ඉහළ දැමීම හේතුවෙන් රජයට අහිමි වූ බදු ආදායම රු. බිලියන 2.42ක්.

Read More

තෙදින නිල සංචාරයක් සදහා ශ්‍රී ලංකාවට 04/04 දින රාත්‍රී පැමිණීමට නියමිත ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා කටුනායක ගුවන් තොටුපොළේ දී මහත් හරසරින් පිළිගැනීමට මේ වනවිට අවශ්‍ය කටයුතු සූදානම් කරමින් පවතී.

Read More

රුපියල් කෝටි දහයකට අධික වටිනාකමින් යුතු නවීනතම ජංගම දුරකථන තොගයක් , නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ ගුවන් මගියෙකු ද සමග 04/04 දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .

Read More

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරාධනයකට අනුව තෙදින රාජ්‍ය සංචාරයක් සඳහා ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අද (04දා) සන්ධ්‍යාවේදී මෙරටට පැමිණීමට නියමිතය.

Read More

ඉන්දිය අග්‍රාමාත්‍ය න‍රේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරය තුළදී ඔහු සංචාරය කිර‍ි‍ට නියමිත ප්‍ර දේශවල සිටින වීදි සුනඛයින් හා යාචකයින් ඉවත් කිර‍ිමට කටයුතු කරන බවට පළවන වාර්තා අසත්‍ය බව පොලිස් මූලස්ථානය කියයි.

Read More

එක්සත් ජනපද නව තීරු බදු ක්‍රමය පිළිබඳව ගතයුතු ක්‍රියාමාර්ග සොයා බලා රජයට නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පත් කළ කමිටුව සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් ඊයේ (03) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු විය.

Read More

දිවයිනේ බොහෝ ප්‍රෙදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

අලුත් අවුරුදු සමයේදී මගී ජනතාවට අවශ්‍ය වන පරිදි බස් සේවා පවත්වා ගෙන යන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සඳහන් කරයි.

Read More

මේ වසරට අදාළ පහ වසර ශිෂ්‍යත්ව විභාගය අගෝස්තු මස 10වන දින පැවැත්වීමට සැලසුම් කර තිබෙන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

ගාල්ල මහ නගර සභාව මගින් හිටපු නාගරික මන්ත්‍රීවරුන් 22දෙනෙකු සඳහා රුපියල් දහතුන් ලක්ෂ අනූදහස් අටසිය අනූඑකක් (1,390,891) වටිනා ලැප්ටොප් සහ ටැබ් පරිගණක 22ක් ලබා දී තිබුණද, එම උපකරණ නැවත නගර සභාව වෙත භාරදී නොතිබූ බව ජාතික විගණක කාර්යාලය මගින් අප්‍රේල් මස 02වැනි දින නිකුත් කර ඇති නවතම විගණක වාර්තාවකින් අනාවරණය වී ඇත.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.