saravita-anim2

2025 අප්‍රේල් මස 20 වන ඉරිදා

2025 අප්‍රේල් මස 20 වන ඉරිදා

Latest News - timelapse 406 hours ago

LATEST

ජනපති හා කතානායක පිළිතුරු ලැබෙන තෙක් කාරක සභා සඳහා විපක්ෂ මන්ත්‍රීලා නෑ

calendar_today 2025 ජන 17 - 09:25 remove_red_eye - 413  

පාර්ලිමේන්තුවේ කාරක සභා සඳහා විපක්ෂයේ නියෝජනය වැඩි කරන ලෙස කථානායකවරයා, ජනාධිපතිවරයා දැනුවත් කර ඇති බවත්, ඔවුන්ගේ තීරණය ලැබෙන තෙක් කාරක සභා සඳහා විපක්ෂයේ මන්ත්‍රීවරුන් නම් කිරීම සිදු නොකරන බවත්, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.

පසුගිය වසර 02කට ලංකාවේ ජනගහනය 2,64,950කින් පමණ පහළ වැටී ඇති බැව්, ජන සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද දත්ත අනුව පැහැදිලි වන බව, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන මහාචාර්ය වසන්ත අතුකෝරාල මහතා සමග පෙරේදා (15දා) කරන ලද සාකච්ඡාවකදී සඳහන් කරන ලදී.

Read More

ඉදිරි මාස 06ට අදාළ විදුලි ගාස්තුව අද (17 දා) ප්‍රකාශයට පත්කරන බව මහජන උපයෝගිතා කොමිසම සඳහන් කරයි.

Read More

2025 වසර ආරම්භයත් සමග ගෙවුණු දින 16 තුළ පමණක් වෙඩි තැබීමේ සිදුවීම් 05ක් වාර්තා වීම බරපතල තත්ත්වයක් බවට ආණ්ඩුවට අවධාරණය කරන බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

Read More

බදුල්ල දිස්ත්‍රික්කයේ සමස්ත භූමියෙන් 66%ක් පමණ කුමන හෝ අවදානමකට ලක්වන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ බදුල්ල දිස්ත්‍රික් භූ විද්‍යාඥ හර්ෂණී පෙරේරා මහත්මිය පැවසීය.

Read More

මධ්‍යම පළාත තුළ සිසුන් 30ට අඩු පාසල් 283 ක් තිබෙන බවත් ඉන් පාසල් 100කට වඩා ළමුන් 10 දෙනෙකුට අඩුවෙන් සිටින පාසල් බවට හඳුනාගෙන ඇති බව මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂක නිහාල් අලහකෝන් මහතා මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී පැවසීය.

Read More

මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතාගේ නම අවභාවිත කිරීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය මගින් නිවේදනයක් නිකුත් කර තිබේ.

Read More

ශ්‍රී ලංකාවේ ස්වාධීනත්වය, භෞමික අඛණ්ඩතාව සහ ස්වෛරීභාවය වෙනුවෙන් චීනය කැපවී සිටින බව චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති ජාඕ ලජී (Zhao Leji) මහතා පැවසීය.

Read More

සෞඛ්‍ය අමාත්‍යාංශය සහ සෞඛ්‍ය අමාත්‍යාංශයට අදාළ ආයතන හා නිලධාරීන් ඉලක්ක කරගනිමින් අසත්‍ය, පදනම් විරහිත සහ අදාළ නොවන චෝදනා මාධ්‍ය මගින් එල්ල කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති ආචාර්ය මනුජ් සී වීරසිංහ මහතා ඊයේ (15) කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලදි.

Read More

තප්පරයට ගණ අඩි 5220ක් මල්වතු ඔයට... අනුරාධපුර පූජා නගරයේ ස්ථාන කීපයක් ජලයෙන් යටවේ..... මන්නාරම දක්වා මල්වතු ඔය දෙපස පහත් බිම් වල ජනතාව ප්‍රවේශමෙන්

Read More

ශ්‍රි ලංකාවේ කොරියානු තානාපතිනි මියොන් ලී (Miyon LEE) මහත්මිය අද පෙරවරුවේ බලශක්ති අමාත්‍යවරයාව අමාත්‍යංශ කාර්යාලයේදී හමුවූවාය.

Read More

පල්ලෙකැලේ දුම්බර බන්ධනාගාරයේ සේවයේ නියුතු බන්ධනාගාර නියාමකවරයකුට පුද්ගලයෙකු විසින් මහයියාව නගර සභා ගම්මානය අසලදී පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මහනුවර මූලස්ථාන පොලිසිය විසින් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

Read More

මඩකලපුව දිස්ත්‍රික්කයට අඛණ්ඩව ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් පහත් බිම් සහ ගොවිබිම් දැඩි ලෙස පීඩාවට පත්ව ඇත. මේ නිසා ජනතාවගේ සාමාන්‍ය ජීවිතය සම්පූර්ණයෙන්ම අඩාල වී ඇත

Read More

මඩකලපුව, කාතතාන්කුඩි පොලිස් වසමට අයත් කල්ලඩි, කලෙයිමගල් පාරේ අගුලු දමා තිබූ නිවසකින් නරක් වූ පිරිමි මළ සිරුරක් සොයාගෙන ඇති බව කාත්තාන්කුඩි පොලිසිය පවසයි.

Read More

කොහුවල අද(16දා) පස්වරු 2.30ට පමණ වෙඩි තැබීමක් සිදුව තිබේ.

Read More

ස්ථාවර ශක්තිමත් පාලනයක් හා විනිවිදභාවයෙන් යුතු ආර්ථිකයක් පවතින ශ්‍රී ලංකාවේ ආයෝජනයට පැමිණෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා චීන ආයෝජකයින්ට ආරාධනා කළේය.

Read More

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවරම්කරුවෙකු සහ සංවිධානාත්ම අපරාධකරුවෙකු වන ජනිත් මධුසංක හෙවත් පොඩි ලැසී ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් කරයි.

Read More

මන්නාරම අධිකරණය ඉදිරිපිට අද (16දා) පෙරවරුවේ සිදු කළ වෙඩි තැබීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සිව් දින චීන රාජ්‍ය සංචාරයේ දී මෙරටට හිමි වු විශාලතම ආයෝජනය සනිටුහන් කරමින් හම්බන්තොට ප්‍රදේශයේ නව තෙල් පිරිපහදුවක් ඉදිකිරීමට අදාළව ශ්‍රී ලංකාවේ බලශක්ති අමාත්‍යාංශය සහ චීනයේ සයිනොපෙක් සමාගම අතර ගිවිසුමකට අත්සන් තැබීම අද (16දා) පෙරවරුවේ සිදු විය.

Read More

ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරයෙකු ලෙස තමන්ට හිමිවන දීමනා හා වැටුප් සියල්ලම අපේක්ෂා රෝහලේ නේවාසික රෝගින්ගේ සත්කාරය සඳහා එම රෝහලේ පොදු ගිණුමට බැරකර එම රිසිට්පත පමණක් දීමනාව ලෙස තමන්ට ලබාදෙන්නැයි ඇල්පිටිය ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරයෙකු ප්‍රාදේශීය සභාවේ ලේකම්වරියගෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබේ.

Read More

සැකකරුවන් අතර සංවිධානාත්මක අපරාධ කරුවෙකු සහ පාතාල සාමාජිකයකු වන ඩුබායි රාජ්‍යයේ සැඟව සිට මෙරට මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධවල නියැලෙන කළුබෝවිල අවිශ්ක නැමැත්තාගේ මවද වෙයි.

Read More

සීමාසහිත ලංකා විදුලි (පුද්ගලික) සමාගම, සිය ප්‍රධාන කාර්යාලය සදහා ගොඩනැගිල්ලක් ඉදි කිරීමට 2001 වර්ෂයේදී ඉඩමක් මිළ දී ගෙන තිබුණත් වසර 22 කට අධික කාලයක් එම ඉඩම අපේක්ෂිත කාර්යය සදහා භාවිතා නොකර කුලී පදනම මත ලබාගත් ගොඩනැගිල්ලක් වෙනුවෙන් රුපියල් මිලියන 400 කට අධික මුදල් වැයකර තිබෙන බව ජාතික විගණන මහ ලේකම් කාර්යාලය සිදුකරන ලද විගණන පරීක්ෂණයකදී තහවුරු වී තිබේ.

Read More

ජනප්‍රිය බොලිවුඩ් රංගන ශිල්පී සයිෆ් අලී ඛාන් පිහි ප්‍රහාරයකට ලක්ව රෝහල් ගත කර තිබේ.

Read More

කල් ඉකුත් වූ රියදුරු බලපත්‍රය ට නීතිය ක්‍රියාත්මක නොකර මුදා හැරීම සඳහා පුද්ගලයකුගෙන් රුපියල් 3000/= අල්ලස් මුදලක් ලබාගත් මතුගම මූලස්ථාන පොලිසියේ රථ වාහන අංශයේ සැරයන්වරයෙකු ඊයේ (15) රාත්‍රී අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කියයි

Read More

මන්නාරම අධිකරණය ඉදිරිපිට මාර්ගයේ අද(16දා) පෙරවරු 9.20ට පමණ යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයන් තිදෙනෙකු තුවාල ලබා තිබේ.

Read More

දියවැඩියාව (Type 2) සහ හේතුවක් නොමැතිව අධික රුධිර පීඩනය මෙරට දරුවන් අතර මේ වන විට ඉහළ යමින් පවතින බව, ශ්‍රී ජයවර්ධනපුර වෛද්‍ය පීඨයේ ළමා රෝග පිළිබඳ අධ්‍යයනාංශයේ මහාචාර්ය රුවන්ති පෙරේරා මහත්මිය ප්‍රකාශ කළාය

Read More

පවතින සහල් හිඟය නිසා ඇතැම් ප්‍රදේශවල ලංකා නාඩු සහල් කිලෝවක මිල රුපියල් දෙසිය හැත්තෑව දක්වාත්, දේශීය රතු කැකුළු සහල් කිලෝවක මිල රුපියල් දෙසිය අනූවක් දක්වාත් ඉහළ ගොස් තිබේ.

Read More

නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ ආපනශාලා බත් පතේ හූනකු තැම්බී සිටියදී රෝගියෙකුට හමුවී තිබේ.

Read More

කොළඹ කොටුව මහනුවර සහ ඇල්ල දුම්රිය ස්ථානකේන්ද්‍ර කරගනිමින්පවත්වාගෙන යනඋඩරට දුම්රිය මාර්ගයේ ප්‍රවේශපත්‍ර මාෆියාව හේතුවෙන් විදේශිකයන් දැඩි අපහසුතාවයට පත්වීම මෙන්ම ඒ තුළින් රටේ කීර්ති නාමයට ද හානියක් සිදුවන බව මහා මාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී පැවසීය.

Read More

මහ බැංකු බැඳුම්කරය වැනි වංචාවක් පිරිපහදු නොකළ පොල්තෙල් ගෙන්වීම හරහා වත්මන් ආණ්ඩුව යටතේ සිදුවන බවත්, මෙම වංචාව පසුගිය රජය සමයේ ආරම්භ කර ඇති අතර, වත්මන් රජය යටතේද එය සිදුව ඇති බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා පැවසීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.