saravita-anim2

2025 පෙබරවාරි මස 26 වන බදාදා

2025 පෙබරවාරි මස 26 වන බදාදා

Latest News - timelapse 364 hours ago

LATEST

මඩේ එරුණු ඇතින්න සතියකට පසු මියයයි‍

calendar_today 2024 දෙසැ 04 - 17:21 remove_red_eye - 440  

වව්නියාව කුඩාකච්චකොඩිය ප්‍රදේශයේ පිහිටි කුඹුරක මඩේ එරීම හේතුවෙන් දැඩි සෙයින් දුර්වලව සිටි ඇතින්න සතියකට පසුව අද (04) දින මිය ගොස් ඇතැයි වව්නියාව වනජීවි නිලධාරී කර්යාලය පැවසීය.

මෙරට සෞඛ්‍ය සේවාව තුල ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුලු අන්තර්ජාතික සංවිධාන දැනට මෙන්ම ඉදිරියට ද ක්‍රියාත්මක කරනු ලබන ව්‍යාපෘතීන් නිසි ඇගයීමට ලක්කර පුළුල් පහසුකම් සපයමින් නවීන තාක්ෂණයද භාවිතා කර මනා කළමණාකරණයක් තුලින් වඩා ඵලදායි ප්‍රතිඵල අත්කර ගැනීමට හැකි සැළැස්මක් සකස් කිරීමට පියවර ගනිමින් සිටින බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

Read More

රට තුළ පවතින පොල් මිල අර්බුදයට විසඳුමක් ලෙස ඉදිරි සති 2ක ඇතුළත සතොස හරහා පොල් ගෙඩි මිලියනයක් බෙදාහැරීමට රජය තීරණය කර තිබේ.

Read More

හොරොව්පොතාන රජයේ රෝහලට මාස ගණනකට පෙර අසනීප තත්වයනේ පසුවන වයෝවෘද්ධ මවක් ඇතුලත් කර කර තිබිණි. මෙම අසනීප මව බැලීමට කිසිවෙකු පැමිණ නැති අතර දරුවන් පස් දෙනෙකුගේ මවක් වූ ඇය පසුගිය දා කාත් කවුරුත් නොමැතිව රෝහල තුලම අවසන් සුසුම් හෙලීය.

Read More

ලබන වසරේ පළමු කාර්තුව තුළ පනත් කෙටුම්පත් 03ක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අධිකරණ අමාත්‍ය නීතීඥ හර්ෂණ නානායක්කාර මහතා පැවසීය.

Read More

විදුලිසැර වැදීමකට ලක්වීමේ දැඩි අවධානමකට ලක්ව ඇති තවත් දළ ඇතකු සම්බන්ධයෙන් මහඉලුප්පල්ලම ප්‍රෙද්ශයේන් වාර්ථාවේ.

Read More

අධි ආරක්ෂිත බුස්ස බන්ධනාගාරයේ රෝහල් පරිශ්‍රයේ සහ බන්ධනාගාර පරිශ්‍රය තුළ තිබී දුරකතන උපාංග තොගයක් ඊයේ (3දා) සොයා ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය කියයි.

Read More

ශ්‍රී ලංකා වෛද්‍ය සභාව එහි සේවකයින්ට සේවය කරන ලද වසරකට මාසය බැගින් 2007 වර්ෂයේ සිටම පාරිතෝෂික ගෙවා තිබෙන බව ශ්‍රි ලංකා වෛද්‍ය සභාව සම්බන්ධයෙන් වූ 2023 විගණන වාර්තාවේ සදහන් වේ. 1983 අංක 12 දරණ පාරිතෝෂික ගෙවීම් පනතට අනුව සේවකයින් සදහා පාරිතෝෂික ගෙවීමේදී සම්පූර්ණයෙන් සේවය කරන ලද එක් එක් වර්ෂය සදහා මාස ½ ක වැටුපට සමාන මුදලක් පමණක් පාරිතෝෂික ගෙවිය යුතු බවද එම විගණන වාර්තාව මගින් පෙන්වා දී තිබේ.

Read More

මෙරට මරණ සංඛ්‍යාවෙන් 85 % ක් සිදුවන්නේ බෝ නොවන රෝගයකින් බව මාතලේ දිස්ත්‍රික් බෝ නොවන රෝග පාලන ඒකකය භාර වෛද්‍ය නිලධාරී සමාලා කෝට්⁣ටෙගොඩ මහත්මිය පවසයි .

Read More

2024 ඔක්තෝම්බර් මාසයේදී වෙළඳ භාණ්ඩ අපනයන කාර්ය සාධනය ඇමෙරිකානු ඩොලර් මිලියන 1,097.1 ක් වූ අතර එය 2023 ඔක්තෝබර් මාසයට සාපේක්ෂව 18.22% ක වර්ධනයක් ෙපන්නුම් කරන බව ශ්‍රී ලංකා රේගුව නිකුත් කළ තාවකාලික දත්තවලට අනුව පෙන්වයි.

Read More

නොවැම්බර් මාසයේදී ශ්‍රි ලංකාවට සංචාරකයන් 184 158ක් පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. මෙය 2023 වාර්තා වූ 151 496ක් වූ අගය සැසදීමේසී සියයට 21.5ක වර්ධනයකි.

Read More

ආගමන විගමන දෙපාර්තමේන්තුවට විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර (ඊ-විදේශ ගමන් බලපත්‍ර) මිලියන 5ක් මිලදී ගැනීම සඳහා පසුගිය පාලන සමයේ ටෙන්ඩරය පිරිනමා තිබෙන ආකාරය පිළිබඳව ජාතික ප්‍රසම්පාදන කමිටුව විමර්ශනයක් ආරම්භ කර ඇතැයි නීතිපතිවරයා අභියාචනාධිකරණයට පෙරේදා (02ද) දැනුම් දුන්නේය.

Read More

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් කල් දැමූ උසස් පෙළ විභාගය අද (04දා) සිට ආරම්භ වන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

ඇල්ල සිට කොළඹ කොටුව බලා ගමන් ගත් ඇල්ල ඔඩිසි සංචාරක දුම්රියේ ගමන් ගත් ඉරාන ජාතික විදේශික සංචාරක කාන්තාවක සෙල්ෆි ජායාරූප ගැනිමට යාමෙදි ඔහිය ඉදල්ගස්හින්න දුම්රිය ස්ථාන අතර අංක 20 දුම්රිය බිංගෙයි ගැටී දුම්රියේ න් ඇද වැටී බරපතළ තුවාල ලබා නුවරඑළිය රෝහලට ඇතුළත් කළ බව හපුතලේ පොලිසිය පවසයි .

Read More

2024 නොවැම්බර් මාසයේ දී ශ්‍රී ලාංකිකයන් 22685 දෙනෙකු ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී රැකියා සඳහා විදේශගත වී ඇත. 2024 වර්ෂයේ නොවැම්බර් මාසය අවසන් වනවිට ගෙවුණු මාස 11 තුළ පුද්ගලයන් 291‚267 රැකියා සඳහා විදේශගත වී තිබෙන අතර එය 2023 වර්ෂයට සාපේක්ෂව 6.9% ක ඉහළයෑමකි. ඒ අනුව 2023 වර්ෂයේ ජනවාරි සිට නොවැම්බර් දක්වා පුද්ගලයන් 274‚265 දෙනෙකු රැකියා සඳහා පිටත් වී ඇත.

Read More

එම සමාගම පවසන්නේ ජාත්‍යන්තර වෙළෙඳපොළෙහි LP ගෑස් මිල වැඩිවී තිබුණද ජනතාවට සහන දීමේ අරමුණින් ගෑස් මිල වැඩි නොකිරීමට තීරණය කළ බවයි.

Read More

පාසල් ලිපි ද්‍රව්‍ය ලබා ගැනීම සඳහා පාසල් ළමුන්ට දීමනාවක් ලබා දීමට රජය තීරණය කර තිබේ.

Read More

රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව සහ දේශීය ඖෂධ නිෂ්පාදකයින් වෙතින් අත්‍යවශ්‍ය වෛද්‍ය සැපයීම් ප්‍රසම්පාදනය සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

Read More

කොත්මලේ ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමට සමගාමීව එහි මඩ සොරොව්ව අද (03) විවෘත කිරීමට පියවර ගත් බව ජලාශය භාර ඉංජිනේරු අනුර සෙනෙවිරත්න මහතා පැවැසීය.

Read More

රූබික් කියුබ් 1200 ක් භාවිතා කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ රුව නිර්මාණය කොට ’’ චෝලන් ’’ ලෝක වාර්තාවක් තැබීමට වයස අවුරුදු 11දරුවෙකු සමත්විය.

Read More

පාර්ලිමේන්තුවේ විපක්ෂයේ මන්ත්‍රීවරයෙකුට තවත් විපක්ෂයේ මන්‍ත්‍රීවරයෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කථානායක ආචාර්ය අසෝක රන්වල මහතාට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

Read More

2023 වසරේ පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා කැඳවන ලද නාමයෝජනා ආපසු කැඳවීමටත් නව නාම යෝජනා කැඳවීමටත් අවශ්‍ය විධිවිධාන සැලසීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.මේ අනුව පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පක් සකස් කිරීම සඳහා නීති කෙටුම්පත් සම්පාදකට 2024/09/02 පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීහේ තීරණය කර තිබේ.

Read More

ජංගම දුරකථනයක් සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් දුර දිග යාම හේතුවෙන් 17 හැවිරිදි ඥාති සහෝදරයෙකු එල්ල කල පිහි පහරකින් 26 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධියක් ඔයා මඩුව පොලිසිස් වසමෙන් වාර්තාවේ.

Read More

රත්නපුර පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය වෙක පවුල් ආරවුලක් සම්බන්ධව පැමිණිල්ලක් කිරිමට පැමිණ ඇති බිරිඳක් සහ පුරුෂයෙකු අතර අදාල පැමිණිල්ල සම්බන්ධව සාකච්ජා කරමින් සිටින අවස්ථාවේදි බිරිඳ යයි කියන කාන්තාව විසින් පුරුෂයාට පිහියකින් ඇන ඇති බවත් පසුව මෙම කාන්තාව අත් අඩංගුවට ගත් බව පොලිසිය පවසයි

Read More

රාජ්‍ය ආයතනවල භාවිත වන ඇතැම් අධි සුඛෝපභෝගී වාහනවල නඩත්තු හා ඉන්ධන සඳහා වැය වන අධික පිරිවැය සැලකිල්ලට ගෙන එවැනි අධි සුඛෝපභෝගී වාහන අපහරණය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. එසේ වාහන අපහරණය කිරීම රජයට වඩාත් ඵලදායි වනු ඇති බවටද සැලකිල්ලට ගෙන තිබේ.

Read More

රාජ්‍ය සේවයේ නියතු සංවර්ධන නිලධාරීන්, ආශ්‍රිත සේවාගණවල නිලධාරීන් රාජ්‍ය සේවයට ඇතුළත් වීමට මූලික සුදුසුකමක් ලෙස උපාධිය සලකා නොබලන නමුත් උපාධියක් සහිතව රාජ්‍ය සේවයේ විවිධ තනතුරුවල දැනටමත් ඇතුළත්වී සිටින නිලධාරීන් හා රාජ්‍ය සේවයට ප්‍ර වේශ වීමට අපේක්ෂාවන් සිටින උපාධිධාරීන් ආශ්‍රිතව පවතින ගැටලු හඳුනාගෙන නිරාකරණය කිරීමට අමාත්‍ය කමිටුවක් හා නිලධාරී කමිටුවක් පත්කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

Read More

මහනුවර දුම්රිය ස්ථානයේ සේවයේ නියුතු දුම්රිය මාර්ග අංශයේ සේවකයෙකු මහනුවර දුම්රිය ස්ථානය තුළදී දුම්රියක ගැටී මිය යාමේ සිද්ධියක් වාර්තා වේ.

Read More

පසුගිය දිනවල පැවති අයහපත් කාලගුණය හේතුවෙන් ඇති වී ඇති ආපදා තත්ත්වය පිළිබඳ සභාව කල්තැබීමේ විවාදයක් හෙට (04) ප.ව 5.30 සිට ප.ව 9.30 දක්වා පැවැත්වීමට අද (03) පාර්ලිමේන්තුවේදී කථානායක ආචාර්ය අසෝක රන්වල මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පක්ෂ නායක රැස්වීමේදී තීරණය වී තිබේ.

Read More

දේශීය වෙළඳපොලේ දැනට පවතින නාඩු සහල් හා අනෙකුත් සහල් වර්ග හිඟය මෙන්ම පසුගිය දිනවල පැවැති අධික වර්ෂාපතනය හේතුවෙන් වී වගාව සඳහා සිදුවී ඇති හානිය සැලකිල්ලට ගනිමින් සහල් ආනයනය කිරීම සඳහා දැනට පවතින සීමාවන් තාවකාලිකව ඉවත් කිරීමේ යෝග්‍යතාව අමාත්‍ය මණ්ඩලය විසින් සලකා බලා තිබේ.

Read More

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය තුළ පොල් ගෙඩියක තොග මිල රුපියල් 150කට අලෙවිවනු දැක ගැනීමට හැකි විය එම පොල් සිල්ලර වෙළඳපොලේ එක ගෙඩියක් රුපියල් 180කට අලෙවිවීම විශේෂත්වයකි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.