පසුගිය කාලයේදී පාලකයන් වී මිලදී ගෙන නොමැති බැවින් සහල් හිඟයක් ඇති වූ බවත්, සහල් මිල හෝ වී මිල පිළිබඳ නැවත අර්බුදයක් ඇති වීමට ඉඩ නොතබන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. ජනාධිපතිවරයා මේ බව පැවසුවේ මොනරාගල පැවති ජනරැළලියක් අමතමිනි.
සිංගප්පූරුවේ සිට පැමිණි රුපියල් කෝටි 10ක වටිනාකමක් සහිත අයිස් මත්ද්‍රව්‍ය හෙවත් (මෙතැම්පටමයින්) තොගයක් රැගත් විදේශීය ගුවන් මගී කාන්තාවක් ඊයේ (04දා) රාත්‍රී කටුනායක ගුවන්තොටුපොළේ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති හරිත මාවත ඔස්සේ පිටතට යාමට තැත් කරමින් සිටියදී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreපුත්‍රයාට විදුලිබල මණ්ඩලයේ රැකියාවක් දීමට මවගෙන් රුපියල් 50,000ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවන්ට වරදකරු කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය ශාන්ත ප්‍රේමරත්න මහතාට වසර හතරක බරපතළ වැඩ සහිත සිරදඬුවම් සහ රුපියල් 10,000ක දඩයක් නියම කරමින් කොළඹ මහාධිකරණය නියම කළ නියෝගය සහ දඬුවම් අභියාචනාධිකරණය අද (05දා) තහවුරු කළේය.
Read Moreගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ පිළිකා ඒකකය වෙනුවෙන් මහල් දහයක නව ගොඩනැගිල්ලක් ඉදිකිරීම සඳහා වන අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම අද (නොවැ 05) දින ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණයේ පිහිටි ආරක්‍ෂක අමාත්‍යාංශයේදී සිදුකරන ලදි.
Read Moreමානසික ව්‍යාකුලතා සහිත දරුවන් පුනුරුත්තාපනය කිරිමේ මධ්‍යස්ථානයක ඉදි කිරිම් සිදු කරන ස්ථානයට පැමිණි ජෙරම් පාස්ටර්වරයාගේ ආරක්ෂක අංශ නිලධාරින් සහ නාවලපිටිය මිපිටිය ගම්වාසින් අතර (05) දින දැඩි උණුසුම්කාරි තත්ත්වයක් ඇතිවිය.
Read Moreජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ රුව ඇතුළත් කරමින් රුපියල් 5000/= නෝට්ටුවක් ව්‍යාජව සකස්කර අන්තර්ජාල සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි.
Read Moreනිත්‍යානුකුල නොවන ලෙසට මෙරටට ආනයනය කරන ලද බි එම් ඩබ්ලිව් වර්ගයේ මෝටර් රථයක කොටස් එකලස් කර වෙනත් වාහනයකට අයත් ලියාපදිංචි අංක තහඩු භාවිතා කර පාවිච්චි කිරීම සම්බන්ධයෙන් ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි.
Read Moreහිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය විසින් සිය ආරක්ෂාව අඩු කර ඇති බවට මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්, රවී සෙනෙවිරත්න මහතා වෙත ලිපියක් යොමු කරමින් සඳහන් කර තිබේ.
Read Moreනව ආණ්ඩුව ආරම්භ කොට දින හතළිස් පහක් ගතවෙද්දී රුපියල් බිලියන 660 රුපියල් බිලියන 680 වත් අතර ප්‍රමාණයක ණයක් ලබාගෙන මේ රටට සිද්ධ කළ දේ වහාම රජය ජනතාවට හෙළි කළ යුතු බව හිටපු ආරක්ෂක රාජ්‍ය අමාත්‍යය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා 05 දින පැවසීය.
Read Moreශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වතාවට අයිස්ලන්ත රාජ්‍යයේ සංචාරකයන් පිරිසක් ශ්‍රී ලංකාවේ සංචාරය සදහා 11/05 උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ.
Read Moreමෝටර් රථ සිද්ධිය සම්බන්ධයෙන් තමන්ව අත්අඩංගුවට ගන්නා ලෙස වැලැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඉදිරිපත් කළ රීට් පෙත්සම ඉල්ලා අස් කරගෙන තිබේ.
Read Moreවිශේෂඥ වෛද්‍යවරයකුට අයත් ත්‍රිකුණාමලය ප්‍රධාන කළේ පෞද්ගලික රෝහලක සිවුවැනි මහලේ දී එම වෛද්‍යවරයාගේ බිරිඳට තියුණු ආයුධයකින් ඇන ඝාතනය කර තිබියදී අද (05) අලුයම සොයා ගත් බව ත්‍රිකුණාමලය මූලස්ථාන පොලිසිය කියයි.
Read Moreහොංකොං ඉන්ටර්නැෂනල් සික්සර්ස් ක්‍රිකට් තරගාවලියේ ශූරයන් බවට පත් වූ ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනට පැමිණ තිබේ.
Read Moreශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රී පුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය ලබා දීමට කටයුතු කළහ.
Read Moreකරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් ආරම්භ කළ වැඩ වර්ජනය අවසන් කර තිබේ.
Read Moreපොළොන්නරුව, මොනරාගල, කෑගල්ල මැතිවරණ දිස්ත්‍රික්කවලට අදාළව ඡන්ද පත්‍රිකාව එක් තීරුවකටත්, අනෙකුත් මැතිවරණ දිස්ත්‍රික්කවලට අදාළව ඡන්ද පත්‍රිකාව තීරු දෙකක් ලෙසටත් මුද්‍රණය කර තිබේ.
Read Moreමිල්කො ආයතනය මෙතෙක් ඉපයූ වැඩිම ආදායම ඔක්තෝබර් මාසයේදී වාර්තා කර තිබේ. ඒ අනුව ඒ මාසයේදී රුපියල් මිලියන 2,019ක ආදායමක් උත්පාදනය කර ඇත. ඊට හේතුව වී ඇත්තේ එම ආයතනය කිරිපිටි නිෂ්පාදනය ඉහළ දැමීම බව මිල්කො ආයතනයෙන් අප කළ විමසීමකදී පැවසුවේය.
Read Moreමෙවර සාමාන්‍ය පෙළ විභාගය සදහා පෙනී සිටීමට නියමිත මාතර අනුර විද්‍යාලයිය දරුදැරියන් වෙනුවෙන් උදෑසන 5.30 ට පාසල ආරම්භ කර පැය දෙකක් වැඩිපුර අධ්‍යාපනය ලබාදීමට එහි ගුරුවරු කැපවීම අගය කල යුත්තකි.
Read Moreකරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් අද (05දා) පෙරවරු 08 සිට අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ.
Read Moreවිදුලිබල පනත අනිවාර්යයෙන්ම සංශෝධනය වන බවත් රජයට අයත් බලාගාර, සම්ප්‍රේෂණ හා බෙදාහැරීම් ජාලය කිසිසේත් පෞද්ගලීකරණය නොවන බවත් ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.
Read Moreඑළඹෙන උත්සව සමයට පෙර රජය මැදිහත් වී දේශීය පිටි සමාගම් දෙකෙහි තිරිඟු පිටි මිල සහ ආනයනික මාගරින් මිල අඩු කරන්නේ නම් පාන් ගෙඩියක් රුපියල් 100කට හා කේක් කිලෝවක් රුපියල් 800ත් 900ත් අතර මිල අඩු කිරීමක් සිදුකරන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා පැවසීය.
Read Moreදකුණු කොරියාවේ පැවති ආසියානු නිරූපන ශිල්පි තරගාවලියේ දී ( Asian Model Festival ) ආසියාවේ හොදම නිරූපන ශිල්පිනියට හිමි ෆේස් ඔෆ් ඒෂියා ( Face of Asia ) සම්මානය දිනා ගත් ශ්‍රී ලාංකික නිරූපන ශිල්පිනී ජුලියා සොනාලි කලුආරච්චි11/03 දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියාය .
Read Moreපාස්කු වාර්තා සහ ණය ගැනීම පිළිබඳව තමන් සමග ප්‍රසිද්ධ විවාදයකට පැමිනෙන්නැයි විජිත හේරත් ඇමතිවරයාට සර්වජන බලය කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක සහ පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා අභියෝග කලේය. ඒ මහතා මේ බව සදහන් කර සිටියේ අද පෙරවරුවේ පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුව හා එක් වෙමිනි. පිවිතුරු හෙළ උරුමය නායකයා එහිදී වැඩිදුරටත් මෙසේ අදහස් දැක්වීය.
Read More2024 නොවැම්බර් මස 2 දින ඉවත් කිරීමට නියමිතව තිබූ රුපියල් 50 ක් වූ සීනි බද්ද නැවත පැණවීම, දුප්පත් මිනිසාට අල්ලට සීනි ටිකක් ලෙව කා තේ කෝප්පයක් බීමට තිබූ අවස්ථාවත් අහිමි කිරීමක් යැයි මාතලේ සමගි ජනබලවේගය දිස්ත්‍රික් නායිකා රෝහිණී කවිරත්න පවසයි.
Read Moreරුපියල් කෝටි තුනකට අධික බදු මුදල් රජයට ගෙවීම පැහැර හැරී බවට චෝදනා කරමින් ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසමේ හිටපු සභාපතිවරයකු සහ පසුගිය ජනාධිපතිවරණයේ ජනාධිපති අපේක්ෂකයෙකු වූ ජනක රත්නායක මහතාට සහ ඔහුගේ බිරිඳට එරෙහිව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා හමුවේ නඩු පැවරීය.
Read Moreඉන්දියාවේ උත්තර්කාන්ද් ප්‍රාන්තයේ සිදු වූ බස් රථ අනතුරකින් පුද්ගලයන් 36 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
Read Moreසංචාරක පාකිස්තාන කණ්ඩායමට එරෙහිව පැවති පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් කඩලු 2ක ජයක් අත් කර ගැනීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම අද සමත් විය.
Read Moreදැනට වසර 10කට පමණ පෙර මේ දරුවන්ගේ අම්මා මියගියා. ඒ වනවිටත් මගේ මල්ලී මේ දරුපවුල අතහැර ගිහින් හිටියේ. අම්මත් තාත්තත් නැති මේ දරු දෙදෙනා මගේම දරුවන් වගේ මම හදා ගත්තා.
Read Moreවර්ෂ 2023 දී 70% ක් සහ 2024 වසරේදී 80% ක් වශයෙන් ශ්‍රී ලංකාවේ පාසල්වල දරු දැරියන් සඳහා පරිත්‍යාග කර ඇති බවත් 2025 වර්ශය සඳහා එම ප්‍රමාණය සියයට සියයක් දක්වා වැඩිකරන බවටත් තානාපතිවරයා වැඩිදුරත් පවසා සිටියේය.
Read Moreවිදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීමට දිනයක් වෙන් කරවා ගැනීම අද(04දා) සිට මාර්ගගත ක්‍රමයට සිදු කරන බව ආගමන විගමන පාලක ජනරාල් (වැඩබලන) බී. එම්. ඩී. නිලුෂා බාලසූරිය මහත්මිය පැවසීය.
Read More