පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය එහි සභාපති ගරු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මියගේ මුලිකත්වයෙන් ඊයේ (21) පාර්ලිමේන්තුවේදී රැස් විය. මේ අවස්ථාව සමගින් සංසදයේ නියෝජ්‍ය සම සභාපතිවරුන් වන පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ චමින්ද්‍රානි කිරිඇල්ල සහ පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්මලී ගුණසිංහ මහත්මින
කුකුළු මස් කොටස් චීනයට අපනයනය සඳහා ශ්‍රී ලංකාවට අවස්ථාව හිමිවී ඇති බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා දන්වා සිටිනවා.
Read Moreබහරේන් රාජ්‍යයේ රැකියා සඳහා සංචාරක වීසා මාර්ගයෙන් ඇතුළුවීම තහනම් කිරීමට එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය විසින් පියවරගෙන ඇති බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි. පෙබරවාරි මස 13 දින සිට ක්‍රියාත්මක වන පරිදි මෙම නීතිය බලාත්මක කෙරේ.
Read Moreපවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මේ වන විට ගොවින් දැඩි අපහසුතාවයකට පත් වීම හේතුවෙන්, තෙත වී මිලදී ගැනීමේ වැඩ පිළිවෙලක් රජයේ මැදිහත්වීමෙන් ආරම්භ කල යුතු බවත් සුළු හා මධ්‍යම පරිමාණ සහල් කර්මාන්තකරුවන් ලෙස තමන්ට ඒ සඳහා රජයට සහාය දැක්විය හැකි බවත් ජාතික සහල් කර්මාන්ත කරුවන්ගේ සම්මේලනයේ ලේකම් ඩබ්ලිව්. ඒ.ආර්.කේ.වික්‍රමාරච්චි පැවසීය.
Read Moreප්‍රවීන ගායන ශිල්පී අනිල් භාරතී මහතා අද (22දා) අභාවප්‍රාප්ත විය.
Read Moreදිවයින පුරා වී ගබඩා පිළිසකර කිරීම් සහ යථාතත්වයට පත් කිරීම් යටතේ දින දෙකකදී ගබඩා 30ක් සකස් කිරීම අවසන් කර තිබෙන බව යුද හමුදා මුලස්ථානය සඳහන් කරයි.
Read Moreකෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් පසුගිය වසර අටක කාලයෙහි ලොකු ලූනු බීජ නිෂ්පාදන ව්‍යාපෘති දහයක් ක්‍රියාත්මක කිරිම සඳහා රුපියල් තිස්තුන් කෝටි, හැත්තෑ එක් ලක්ෂ, හැත්තෑදහස්හත්සිය අනුදෙකක මුදලක් (337,170,792) වැයකොට ඇතත් දේශීය ලොකු ලූනු බීජ නිෂ්පාදනය සියයට 84කින් පහළ ගොස් ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සඳහන් වේ.
Read Moreමහනුවර නාගරික අපජල කළමනාකරණ ව්‍යාපෘතියේ රුපියල් මිලියන 39ක ව්‍යාපෘති අරමුදල් භාවිත කරමින් මිලදී ගෙන තිබූ ලෑන්ඩ් කෲසර් ප්‍රාඩෝ වර්ගයේ සුඛෝපභෝගී ජීප් රථය ව්‍යාපෘතියේ කටයුතු සඳහා භාවිත නොකර ජලසම්පාදන අමාත්‍යාංශයේ ඇමති කාර්ය මණ්ඩලය සඳහා භාවිත කිරීමට ලබාදී ඇති බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සඳහන් වේ.
Read Moreටෙන්ඩර් පටිපාටියකින් තොරව ගව ඝාතකාගාරයක් පවත්වාගෙන යාමට බලපත්‍ර ලබාදීම පිණිස ව්‍යාපාරිකයන් දෙදෙනකු ගෙන් රුපියල් ලක්ෂ 15 ක මුදලක් ලබාගත් බව කියන හිමි නමක අද අත්අඩංගුවට ගත්බව පානදුර උතුර පොලිසිය පවසයි.
Read Moreකොස් ගසක අතු කපමින් සිටියදී, කොස් අත්තක් අධි බලැති විදුලි රැහැනක ගැටීම හේතුවෙන් 15 හැවිරිදි පාසල් සිසුවෙකු ඊයේ (21දා) ජීවිතක්ෂයට පත් වූ බව හුරිගස්වැව පොලිසිය පවසයි.
Read Moreජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කරගත් ගිවිසුමෙහි සංශෝධන කිහිපයක් සිදු කර ඇති බවත්, ඉදිරි කාල සීමාවෙහිදී කළ හැකි ගැලපීම් සමාලෝචනය කර තවදුරටත් සහන ලබා දීමට සුදුසු වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට රජය කැපවී සිටින බවත් මුදල් සහ ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා පැවසීය.
Read Moreඓතිහාසික සබරගමුව මහ සමන් දේවාලය සතු භාණ්ඩ වට්ටෝරු පොතේ ඇත් දළ යුගළ දෙකක ඌනතාවයක් ඇති බවට බෞද්ධ කටයුතු කොමසාරිස් විසින් පැමිණිල්ලක් යොමු කර ඇතයි රත්නපුර කොට්ඨාශ අපරාධ විමර්ශණ කාර්යාංශය පවසයි
Read Moreඉන්දීය ණය ආධාර යටතේ උතුරු දුම්රිය මාර්ගයේ මහව සහ අනුරාධපුර අතර කොටස නවීකරණය කිරීමේදී ආබාධිත සහිත පුද්ගලයන්ට ප්‍රවේශ පහසුකම් නොසලසා ආබාධිත පුද්ගලයින් නොසලකා හැර, එම දුම්රිය මාර්ගය නිසි ප්‍රමිතියකින් තොරව, ඉදිකර ඇති බවට චෝදනා කරමින් ආබාධ සහිත කාන්තාවන්ගේ සංගමය අනුරාධපුර මහාධිකරණයට ඉදිරිපත් කල පෙත්සමක් සලකා බැලූ අනුරාධපුර මහාධිකරණ විනිසුරු නලින්ද හේවාවසම් මහතා ප්‍රවාහන මහා මාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා සහ දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා ඇ
Read Moreමේ වන විටත් රටින් පිටතට ගෙන ගොස් ඇති වත්කම් රාජසන්තක කර නැවත රජයට පවරා ගැනිමට අදාළව අපරාධයකින් උත්පාදිත දෙය පිළිබඳ පනත් කෙටුම්පතට නීතිපති නිශ්කාශනය ලැබී තිබේ.
Read Moreසියලු දෙනාට අධ්‍යාපනය ලබා දීමේ අරමුණින් ක්‍රියාත්මක පාසල් පෝෂණ වැඩසටහන වන පාසල් සිසුන්ට දිවා ආහාර වේල ලබාදීමේ වැඩසටහනට කැබිනට අනුමැතිය ලැබී තිබේ.
Read Moreරුපියල් තුන් කෝටි හැට හතර ලක්ෂ අසූ දහසක් වටිනා ’’හෂීෂ්’’ සහ ’’කුෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන විත් , කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි විදේශිකයෙකු 01/21 දින දහවල් ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
Read Moreමධ්‍යම පළාතේ පවතින අධික වර්ෂාව හේතුවෙන් ගල් පෙරළීම ඇතුලුව අවදානම් තත්ත්වය නිසා මහනුවර මහිංගණය ප්‍රධාන මාර්ගය තව දුරටත් රාත්‍රී කාලයේ වසා දැමීමට පියවර ගත් බව මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා පවසයි.
Read Moreමම හිතනවා මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිවරයාට මේක තේරුම් ගන්න පුළුවන් ඇති කියලා. කියනකම් ඉන්න දෙයක් නෑ යන්නයි තියෙන්නේ. එක්කෝ ඒක ගෙවාගෙන ඉන්න පුළුවන්.එතුමාට කරදඩු උස්වුණ දරුවන් තිදෙනෙක් ඉන්නවා. එයාලට තමන්ගේ අම්මා තාත්තා බලාගන්න පුළුවන්. මේක සියලුම හිටපු ජනපතිවරුන්ට අදාළයි”
Read Moreකාර්ය මණ්ඩලය හා පහසුකම් ප්‍රමාණවත් නොවීම හේතුවෙන් පසුගිය ආණ්ඩුව විසින් මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහලේ ආරම්භ කරනු ලැබූ මහාචාර්ය ඒකකය ඉන් ඉවත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.
Read Moreදවුලගල පොලිස් වසමේ හපුගහයට තැන්න ප්‍රදේශයේදී 18 හැවිරිදි පාසල් සිසුවියක පුද්ගලයෙකු විසින් පැහැරගෙන යාමේ සිද්ධියවු දිනයේදී පොලිසිය නිසි ලෙස රාජකාරී නොකිරීමේ චෝදනා මත එම පොලිස් ස්ථානයේ එදින වැඩ බලන ස්ථානාධිපතිවරයා වශයෙන් කටයුතු කළ නිලධාරියාගේ වැඩ තහනම් කොට කාන්තා ප්‍රධාන පොලිස් පරීක්ෂකවරියක සහ උප පොලිස් පරීක්ෂකවරයෙකු ස්ථාන මාරු කිරීමට පියවර ගෙන තිබේ.
Read Moreඅනුරාධපුර පොලිස් වසමේ ගල්වල හන්දිය ප්‍ර දේශයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාදන් මහතා රථ වාහන රාජකාරී යෙදී සිටි රථවාහන නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් රථ වාහන නීතියට අනුකූල නොවී ක්‍රියා කිරීම සම්බන්ධව ශ්‍රී ලංකා පොලීසිය විසින් විමර්ශනයක් ආරම්භ කර තිබේ.
Read Moreපොලොන්නරුව ප්‍රදේශයට නොකඩවා ඇදහැලේන වර්ෂාවෙන් සුංගාවිල සොමාවතිය චෛත්‍යය මාර්ගයේ ජලයෙන් යටව් ඇති අතර සෝමාවතී චෛත්‍යය පුජා භුමියේද ජලයෙන් යටව් තිබේ.
Read Moreශ්‍රී ලංකා මහ බැංකුව විසින් විමර්ශනයන් පැවැත්වීමෙන් අනතුරුව ආයතන 1988 අංක 30 දරන බැංකු පනතේ 83 (ඇ) වගන්තිය උල්ලංඝනය කරමින් තහනම් පිරමීඩාකාර යෝජනා ක්‍රම පවත්වා ඇති බවට නිර්ණය කර ඇති අතර, එකී ආයතන මහ බැංකුව විසින් ප්‍රකාශයට පත්කර තිබේ.
Read Moreඋතුරු අර්ධ ගෝලයේ සිට ශීත කාලයේදී සමකය ආසන්න රටවලට පියාසර කරන short-eared owl (Asio flammeus) හෙවත් කෙටි කන් බකමූණෙකු, වර්ෂ ගණනකට පසු මෙරට අහසෙහි නිරීක්ෂණය වී තිබේ.
Read Moreහිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා ප්‍රකාශයක් ලබා දීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණ තිබේ.
Read Moreවිදුලි බිල අඩු වීමට සාපේක්ෂව භාණ්ඩ මිල අඩු වීම ඉදිරි සති දෙකෙන් පසු සිදුවන බව, සමස්ත ලංකා කුඩා කර්මාන්තකරුවන්ගේ සංගමය සඳහන් කරයි.
Read More2025 වර්ෂයේ ජනවාරි 02 වැනි සතිය වන විට ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල ණය ප්‍රමාණය ඒක පුද්ගල ආදායම ඉක්මවා ගොස් ඇති බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යයන පිළිබද මහාචාර්ය වසන්ත අතුකෝරාල මහතා සමග කළ විමසීමක දී ඔහු විසින් අනාවරණය කරන ලදී.
Read Moreශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් සේවක අතිරික්තයක් පැවති අංශවල සේවකයින් සදහා 2023 වර්ෂයේදී අතිකාල දීමනා වශයෙන් දෙසීය අනූකෝටි හය ලක්ෂ හැත්තෑනව දහස් දෙසීය අසූ අටක මුදලක්( 2,920,679,288) ගෙවා ඇති බව ජාතික විගණන වාර්තාවක සදහන් වෙයි.
Read Moreශ්‍රී ලංකා මහ බැංකුව සහ චීන මහජන බැංකුව අතර 2021 වසරේ දී අත්සන් කළ ද්විපාර්ශ්වික මුදල් හුවමාරු ගිවිසුම, මුල් ගිවිසුමේ දක්වා ඇති නියමයන් සහ කොන්දේසිවලට යටත්ව තවත් වසර තුනක (03) කාලයක් සඳහා 2024 දෙසැම්බර් මාසයේ දීදීර්ඝ කරන ලද බව මහ බැංකුව නිවේදනය කරයි
Read Moreවර්තමාන ආණ්ඩුවේ දින 100 ප්‍රගති වාර්තාව දෙස බැලූ විට සාර්ථකත්වයට පත් නොවී ඇති බවත්, එමෙන්ම ආණ්ඩුවේම මැති ඇමතිවරු සෑහීමකට පත්ව නොමැති බවත්, සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පැවසීය.
Read More