saravita-anim2

2025 ජනවාරි මස 21 වන අඟහරුවාදා

2025 ජනවාරි මස 21 වන අඟහරුවාදා

Latest News - timelapse 320 hours ago

LATEST

පාසල් අධ්‍යාපනයේදී සමාජ සන්නිවේදන යෙදවුම් භාවිතයට සීමා පැනවේ

calendar_today 2024 නොවැ 08 - 21:12 remove_red_eye - 380  

පාසල් අධ්‍යාපන කටයුතු සහ සන්නිවේදනයට සමාජ සන්නිවේදන යෙදවුම් භාවිතයේදී සීමා පැනවීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගනී.

පැවති ධාරානිපාත වර්ෂාව සමග අද (08) අට සවස ගල් පර්වත සමඟ පස් කන්දක් කඩාවැටී වැලිමඩ උඩුපුස්සල්ලාව මාර්ගය කෝට්ටගොඩ ප්‍රදේශයෙන් සම්පූර්ණයෙන්ම අවහිර වී ඇතැයි බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසීය.

Read More

නොවැම්බර් 14 දා පැවැත්විමට නියමිත පාර්ලිමේනතු මැතිවරණය හේතුවෙන් එළැඹෙන 13 දා හා 14 දා බස්නාහිර පළාතේ ආදායම් බලපත්‍ර කවුලු වසා දමන බව බස්නාහිර පළාත් සභාව නිවේදනය කරයි.

Read More

වාර්ෂික බලපත්‍ර අලුත් කිරිම සඳහා ඖෂධ නියාමන අධිකාරියට යොමුකළ ඉල්ලුම් පත්‍ර රාශියක් ප්‍රතික්ෂේප කිරිම හේතුවෙන් ඖෂධ හල් රාශියක් වැසි යාමේ අවධානමකට ලක්ව ඇති බව පෞද්ගලික ඖෂධ ශාලා හිමිකරුවන්ගේ සංගමයේ සභාපති සඳහන් කළැයි කියමින් පළ වූ වාර්තා ජනතාව නොමග යවන සුළු බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය පවසයි.

Read More

දේශීය වෙලෙඳ පොලේ මේවන විට පවතින පොල් හිඟය හේතුවෙන් පොල් මිල ඉතාමත් ඉහලට ගොස් ඇත.

Read More

රුපියල් මිලියන එක්ලක්ෂ තිස් දෙදහස් පන්සියයක භාණ්ඩාගාර බැඳුම්කර නිකුතු වෙන්දේසියක් නොවැම්බර් 12 දා පවත්වන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.

Read More

මෙම වසරේ පසුගිය මුල් මාස නවය තුළ පමණක් සිදුවූ රිය අනතුරු 18394 කින් පුද්ගලයන් 1774 දෙනෙකු මියගොස් ඇතැයි පොලිස් රථවාහන මූලස්ථානය කියයි.

Read More

ලොව ආකර්ෂණීය සංචාරක දූපතක් වශයෙන් එක්සත් රාජධානියේ ජනප්‍රියතම සංචාරක සඟරාවක් වන Wanderlus’t විසින් සංවිධානය කරන Wanderlus’t Reader Travel Awards සම්මාන වැඩසටහනේදී වඩාත් කැමති දිවයින සඳහා වන රන් සම්මානය දිනාගැනීමට ශ්‍රී ලංකාවට හැකිව තිබේ.

Read More

මේ මස 14 වෙනි දින පැවැත්වෙන මහමැතිවරණය හේතුවෙන් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති කරන ලද ඉල්ලීම මත අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නොවැම්බර් 13 සහ 14 දිනයන් දිවයිනේ සියලුම පාසල් වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය කියයි. ඒසේම යළිත් 2024-11-18 දින පාසල් ආරම්භ කරන බවද අධ්‍යාපන අමාත්‍යාංශය දන්වා සිටියි.

Read More

බලපත්‍ර සහිතව පුද්ගලයන් ලබාගෙන ඇති ගිනි අවි හා පතොරොම් ඒ පිළිබඳව සංගණනයක් කිරිම සඳහා තාවකාලිකව රජයට භාර දීමට දී තිබූ කාලය දිගු කිරීමට ආරක්ෂක අමාත්‍යාංශය තිරණය කර තිබේ.

Read More

කුරුණෑගල ප්‍රදේශයේ පවත්වා ගෙන ගොස් තිබූ පිරමීඩ් මූල්‍ය ආයතනයක් මගින් තැන්පත්කකරුවන්ගේ රුපියල් කෝටි 1,000 ක පමණ මුදල් ප්‍රමාණයක් වංචා කර , රටින් පළා ගොස් සිටි පුද්ගලයෙකු සහ එම මූල්‍ය සමාගමේ අධ්‍යක්ෂවරියක ලෙස කටයුතු කළ ඔහුගේ බිරිඳ 11/08 දින අලුයම කටුනායක ගුවන් තොටුපොළේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .

Read More

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් පිරිසක් ලබන 14දා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා ශ්‍රී ලංකාව අතර ක්‍රියාත්මක විස්තීර්ණ මූල්‍ය පහසුකම හා මීළඟ ණය වාරිකය මෙන්ම මීළග සමාලෝචනය පිළිබදව සාකච්ඡා කිරීමට මෙම කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබේ.

Read More

ශ්‍රී ලංකාවට අලුතින් පත්ව පැමිණි තානාපතිවරු දෙදෙනෙක් අද (07) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත නිල වශයෙන් සිය අක්තපත්‍ර භාර දුන්හ.

Read More

හෙරොයින් කිලෝ 22ක් අත්අඩංගුවට ගැනීමේ පොලිස් මෙහෙයුමකදී වෙඩිවැදී මියගිය බව කියන පාතාල කල්ලි සාමාජික මාකඳුරේ මධුෂ් නමැත්තාගේ මරණය සම්බන්ධයෙන් කරන විමර්ශන රහස් පොලිසියට පවරන්නැයි ඔහුගේ බිරිඳ කළ ඉල්ලීමක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නාක මහතා අද (07) ප්‍රතික්ෂේප කළේය.

Read More

වර්තමානයේ බොහෝ දේශපාලනඥයන් හැකි පමණින් සද්ද දමමින් ජනතාවගේ අවධානය දිනා ගැනීම සඳහා කටයුතු කරන බවත්, කෙසේ වෙතත් තමා එවැනි දේශපාලනයක නිරත නොවන බවත්, එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් මහ මැතිවරණ අපේක්ෂක රුවන් විජයවර්ධව මහතා පැවසීය.

Read More

ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගම ආහෝසි කිරීමට අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධුරයට පත්වීමත් සමග කටයුතු කර ඇති බවත්, මෙලෙස ත්‍රිපෝෂ සමාගම අහෝසි කිරීමට හේතුව කුමක්ද යන්න පිළිබඳ වර්තමානයේ ගැටලුවක් මතුව තිබෙන බවත්, ජන අරගල සන්ධානයේ මහ මැතිවරණ අපේක්ෂක පුබුදු ජයගොඩ මහතා පැවසීය.

Read More

පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව ඡන්දය ප්‍රකාශ කිරීමට ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් මේ මස 12වන දින සිට විශේෂ බස් සේවා ක්‍රියාත්මක කරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සඳහන් කරයි.

Read More

වත්මන් ආණ්ඩුව පසුගිය සති හයට පමණක් රුපියල් ට්‍රිලියන 1.162ක් ණය ලබාගෙන ඇතැයි පිවිතුරු හෙළ උරුමය නායක සර්වජන බලය කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක නීතීඥ උදය ගම්මන්පිල මහතා පවසයි. ඒ මහතා මේ බව සදහන් කර සිටියේ අද දින (2024.11.07) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

Read More

2024 ඔක්තෝබර් මාසයේ දී ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම් හි කැපීපෙනෙන ඉහළ යාමක් වාර්තා වී තිබේ.

Read More

තමා ආරාධනා කළ විවාදයට පැමිණීම පිළිනොගනිමින් අමාත්‍ය විජිත හේරත් මහතා රට හමුවේ අසත්‍ය ප්‍රචාරය කරන බවට පිළිගෙන ඇති බව සර්වජන බලයේ මහ මැතිවරණ අපේක්ෂක උදය ගම්මන්පිල මහතා පැවසීය.

Read More

එළැඹෙව 11 වැනිසා මධ්‍යම රාත්‍රියෙන් මහ මැතිවරණයට අදාළ ප්‍රචාරන කටයුතු අවසන් වන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.

Read More

වී අලෙවි මණ්ඩලය විසින් 2021/2022 මහ කන්නයේ දී වි අස්වනු මිලදී ගැනීම සඳහා ලංකා බැංකුවෙන් ලබා ගත් ණය මුදලින් 2023 වර්ෂයේ සැප්තැම්බර් මස 20 වන දින වන විටත් රුපියල් තිස් හත්කෝටි විසි හතර ලක්ෂ අට දහස් හැට හතක මුදලක් ලංකා බැංකුවට (372,408,067) ගෙවීමට ඇති බැව් ජාතික විගණන කාර්යාලය ම`ගින් නොවැම්බර් මස 05 වන දින නිකුත් කර ඇති නවතම විගණන වාර්තාවක සඳහන් වේ.

Read More

සංචාරක එංගලන්ත කණ්ඩායමට එරෙහි තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය තරග දෙකට බිංදුවක් ලෙස ජය ගැනීමට බටහිර ඉන්දීය කොදෙස් කණ්ඩායම ඊයේ (06දා) සමත් විය.

Read More

විශ්ව විද්‍යාල සඳහා 2022/2024 සහ 2021/2022 අධ්‍යයන වර්ෂ 02 සඳහා සිසුන් ඇතුළත් කිරීමෙන් පසු පැවති පුරප්පාඩු වෙනුවෙන් නැවත සිසුන් ඇතුළත් කිරීමට කටයුතු කර නොතිබීම හේතුවෙන් එම අධ්‍යයන වර්ෂ දෙකේ දී පමණක් සිසුන් 2941 විශ්ව විද්‍යාල ප‍්‍රවේශය එම සිසුන්ට අහිමි වී තිබූ බව ජාතික විගණන කාර්යාලය මගින් නොවැ. මස 05 වන දින නිකුත් කර ඇති නවතම විගණන වාර්තාවක සඳහන් වේ.

Read More

අ.පො.ස උසස් පෙළ 2024 විභාගය නොවැම්බර් 25 දින ආරම්භ වී දෙසැම්බර් 20 දක්වා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

Read More

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා බලය ලබා ගත්තේ වැට් අඩු කරනවා කියලා. බදු අඩු කරනවා කියලා. සහනාධාර දෙනවා කියලා .ඉන්ධන මිල අඩු කරනවා කියලා. නමුත් මේ වනතෙක් ඒවා කිසිවක් කෙළේ නැහැ. ඔහු රට හමුවේ තිබෙන සැබෑ ප්‍රශ්නය වන ආර්ථික අර්බුදය ගැන කතා කරන්නේ නැහැ. . ඔහුට මා කියනවා රටේ සැබෑ තත්ත්වය වසන් කරලා සිල්ලර දේශපාලනයක් කිරීමෙන් වැඩක් නැහැ කියලා. එයින් සිදු වන්නේ රට තවත් අගාධයට ඇඳ වැටීමයි. ජාතික ජන බලවේගයට ජන්දය දුන් ජනතාවට මේ බව දැන් වැටහෙන්නට පටන් ගෙන

Read More

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලොහාන් රත්වත්තේ මහතා සහ ඔහුගේ බිරිඳ යළි ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අද (07දා) අධිකරණය නියෝග කළේය.

Read More

ජාතික ජනබලවේගය නියෝජනය කරන වෛද්‍ය නලින්ද ජයතිස්ස පසුගියදා කලුතර දිස්ත්‍රක්යේ හිටපු පාර්ලිමේන්තු මැති ඇමතිවරැන්ට අභියොගයක් කරමික් මෙසේ කියා සිටියේය.

Read More

පැවති මැතිවරණ වලට සාපෙක්ෂව 2024 මහ මැතිවරණයේ ලැබෙන පැමිණිලි වල අඩුවක් ඇති බව හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

Read More

පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව පසුගිය දිනවල තැපැල් ඡන්දය සලකුණු කිරීමට නොහැකි වූ පිරිස් සඳහා අද (07දා) සහ හෙට (08දා) තැපැල් ඡන්දය භාවිත කළ හැකි බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි. මේ අනුව මෙම දින 02 තුළදී තමන්ගේ සේවා ස්ථානය පිහිටි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලදී තැපැල් ඡන්දය සලකුණු කළ හැකිය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.